Thursday, April 3, 2014

රැවුලද? කැඳද?

රහස් පරීක්ෂකයෙකුගේ අත්වැස්මක් හිස් පතොරොම් කොපු අතර වැටී ඇති මේ ඡුායාරූපය පසුගිය සතියේ දී ලෝක මාධ්‍ය තුළ බෙහෙවින් ජනප‍්‍රිය විය. මෙය කැමරාවට හසු වූයේ ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර මැතිවරණ කොමසාරිස් කාර්යාලයට එල්ල වූ මරාන්තික ප‍්‍රහාරයෙන් පසුවය. ප‍්‍රහාරයට පැමිණි මූලධර්මවාදීන් පස් දෙනකු හා පොලිස් භටයන් දෙදෙනකු වෙඩි හුවමාරුවේ දී ජීවිතක්ෂයට පත් විය. ඇෆ්ගනිස්තාන ජනතාව ඉදිරියේ තෝරා ගැනීමට දී තිබෙන්නේ එක්කෝ ආගමික මූලධර්මවාදයයි. නැතිනම් ඊනියා ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නමින් වෙස් ගන්වා ඇති නව ලිබරල් ධනවාදයයි. ඇෆ්ගනිස්තානයේ මැතිවරණ කඩාකප්පල් කරන මූලධර්මවාදීන්ගේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීත්වය ගැන කතා බහ තුළ නැසී යන්නේ මේ නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදය නම් වංචාව හරහා ජනතාවගේ අයිතීන්ට කරන විනාශයයි. පසුගාමීත්වයට එරෙහිව වෙළෙඳපොළ ධනවාදයත් වෙළෙඳපොළ ධනවාදයට එරෙහිව පසුගාමීත්වයත් යෝජනා කරන උගුල වෙනුවට තුන්වන මාවතක් අවශ්‍යව ඇත්තේ ඇෆ්ගනිස්තානයට පමණක් නොවේ. අපට ද එය අදාළය.

0 comments:

Post a Comment