Wednesday, December 31, 2014

දකුණු අවකාශයේ අනාගතය ජවිපෙටත් හෙළ උරුමයටත්

ප්‍රතිගාමීත්වය ප්‍රගතිශීලිත්වය බවටත් ප්‍රගතිශීලිත්වය ප්‍රතිගාමීත්වය බවට පත්වීමටත් ගතවන කාලය ඉතාමත් කෙටි නිසා ලංකාවේ දේශපාලනය පිළිබඳව කරන විශ්ලේශනයන් අස්ථිකරණයට මත්තෙන් යල් පැනීමක් සිදුවන මොහොත කැපී පෙනෙන්නකි. මේ නිසා සක්‍රීය දේශපාලන බලවේගවල චලනය හා උපාය උපක්‍රම හැඩ ගැසෙන ආකාරය අප හිතන හා යෝජනා වෙන ආකාරයට වඩා හාත්පසින්ම වෙනස් වන්නේ ලාංකීය ගතිකත්වය ලංකාවටම ආවේනික නිසාවෙනි.

පවත්නා දේශපාලන සමාජ චලනයට අනුව හා එහි රඟ දැක්වෙන ජවනිකාවන්ට අනුව අධිනිෂ්චිත දයලෙක්තිකය තේරුම් ගෙන ඇති මහ මොළ කරුවා වන්නේ චම්පික -රතන හෙළ උරුමයයි. උපාය හා උපක්‍රම අතින් ද, නුවනක්කාරකම අතින් ද පරිණත බවක් පෙන්නුම් කරමින් ජාතිවාදී දේශපාලනය ජාතිකවාදී දේශපාලනයට විපරිවර්තනය කර ගනිමින් හීන් සීරුවේ සිය දිශාව දයලෙක්තිකව මෙහෙයවීමේ දේශපාලනික ඥාණය පෙන්නුම් කිරීම මෙම ජනාධිපතිවරණ ක්‍රියාවලියේ කැපී පෙනෙන ලක්ෂණයක් වන අතර ඔවුන්ව ඔවුන්ටම සාපේක්ෂක අර්ථයෙන් සැසඳීමේ දී ප්‍රතිගාමිත්වයේ සිට ප්‍රගතිශීලී හැඩයකට වෙස්මාරු කිරීමක් ලෙස සඳහන් කළොත් නිවැරදිය. අනාගතයේ දී ලංකාවට නායකත්වය දිය හැකි ජාතිකවාදී නායකයා චම්පික වීමට ජන මනස පරිවර්තනය වීම සාධාරණය වීමට ඇති එකම වැදගත් කාරණය වන්නේ මහින්ද රාජ පක්ෂ පරාජය කිරීමේ වැදගත්කම තේරුම් ගනිමින් අධිනිෂ්චිත මොහොතේ නාඩිය චම්පික- රතන හඳුනා ගැනීමින් අල්ලා ගැනීමය.

මෙම මැතිවරණ සටනින් මහින්ද නැවත ජයගත්ත ද චම්පිකගේ දේශපාලනය ඉදිරියට පවතින්නට ඉඩකඩ ඇති අතර ජාතිවාදයෙන් ඔබ්බට ගොසින් ජාතිකවාදයට විතැන්ව දෙමළ ජනයාගේ ගැටලුව දෙස පැවැති ස්ථාවරයට වෙනස් නම්‍යශීලී ප්‍රතිපත්තියක් ගෙන ගිය හොත්, අනාගත දේශපාලන සිතියම සිනාරියෝ ගත වීමට නියමිතව ඇත්තේ චම්පික වටාය. ඔහු මෑත පරපුරේ තරුණ දේශපාලනඥයයෙකු ලෙස අන් හැමටම වඩා පරිණත හා විචක්ෂණබවත් පෙන්නුම් කරමින් ලංකා සමාජය තේරුම් ගෙන ඇති චරිතයකි. එය එසේ වීමේ දී, එවැනිම අරමුණක දිශාගත වන ජවිපෙට, ඇති ප්‍රබල ප්‍රතිවිරෝදී සටන ඇත්තේ රනිල් හෝ මහින්ද නොව මෛත්‍රී සංධානය අතරෙන් ඇතිවන මෙම බලවේගයන් සමඟය‍. අනෙක් අය ගැන ද කිව යුත්තේ එයමය.

අනෙක් අතට දමිල ජනයාගේ ගැටළුව අරභයා චම්පිකලාගේ ආස්ථානය අනෙක් වාමාංශික පක්ෂ වන ජවිපය හෝ පෙසපෙන් වෙනස් වන තැන එතරම්ම පැහැදිලි නැති නිසා ලංකා දේශපාලනය තවමත් කැරකෙන්නේ ජාතිවාදය හා ජාතිකවාදය අතරය. ජාතිවාදය හා ජාතිකවාදය අතර ඇති වෙනස ඉතා සියුම් වුවත් අවසානයේ දී ජාතිකවාදයද ජාතිවාදය වන්නේය. මේ බව ඉතා මැනවින් පැහැදිලි කරන කුඩා පොතක් වන ජාතිභේදවාදය හා ඉන්දීය ඉතිහාසය ලිවීම තුල රොමිලා තපාර්, හර්බන්ස් මුඛියා හා බිපාන් චන්ද්‍රා යන ඉතිහාඥයින් තිදෙනා පැහැදිලි කරති. මේ නිසා කුමන මාක්ස්වාදී න්‍යායන්ගෙන් හා ලිබරල් ධනවාදී විවේචනයන්ගෙන් රොටිය පුච්චන්නට හැදුවත්, ජාතිකවාදය මුසු වූ පිටි ගුලිය එකක්මය. ඒ අනුව ගත්විට දේශපාලනයේ ඉදිරිගාමී පියවර තබා ඇති තුන්වැනි බලවේගයේ ප්‍රමුකයා වන්නේ ජාතික හෙළ උරුමයයි එය මීට පෙර පෙන්නුම් කළ ද රාජපක්ෂ පවුල් පාලනය තුල දිය වෙමින් යන්නට නියමිත මොහොතේ දී ඔවුන් එය හඳුනා ගත්තකි.

මහින්දගෙන් වෙන් වී විපක්ෂය හා සන්ධානගත වීම හා එහි බල ව්‍යුහයන්ට එකතුවීම පිළිබඳ ජවිපෙට තරම් සදාචාරාත්මක හේතු නොමැති නිසා දේශපාලනික චලනයන්වලදී නිදහස්ව තීන්දු තීරණ ගැනීමට හැකියාව ඇතිකම ඔවුන්ට ඇති එක වාසියකි. ඔවුන්ට ගැටලුවක් නැති තැන ගැටලුව ඇතිවිය හැක්කේ ඔවුන්ට ගැටලුවක් සේ හැඟෙන්නට ගන්නවුන්ටය. එම තත්ත්වය මෙම පොදු අපේක්ෂක සංධානයේ යම් කොටස්වලට දැනුනේ වුව ද, සරළව තේරුම් ගන්නට ඇත්තේ මෛත්‍රී සංධානය යනු ඌරාගේ මාළු ඌරගේ ඇඟේ තියා කැපීම වැනි දේශපාලනික උපක්‍රමයකි. එසේ නැතිව මෙකී පොදු සංධානය විෂ්ලේෂණය කිරීමට විශේෂ රසායනාගාර අවශ්‍ය නැත. ශුද්ධවන්තයින් කවුරුදැයි හාරා ඇවිස්සිය යුතු නැත. ප්‍රතිපත්තිද පිළිබඳ විශ්වාසය තැබිය යුතු ද නැත. එය වෛශ්‍යාවන්ගෙන් පතිවත බලාපොරොත්තුවන්නාක් වැන්නකි.නමුත් ඉතා වැදගත්ම පියවර මහින්ද පරාජය කිරීමය.

පොදු විපක්ෂයේ සෙසු පාර්ශව වලට ශක්තිමත් දෘෂ්ටිවාදයක් නොමැති නිසා මෙම කුඩා කෙටි කාලය තුල දී පවා ඔවුන් සිය හැකියාව ප්‍රකට කරමින් කියන්නේ එයමය. එහෙත් ඔවුන්ව පරාජය කිරීමට මහින්දව දිනවීම හෝ ඊට වක්‍රව සහාය දීම දේශපාලනිකව අවස්ථාවාදී ප්‍රතිගාමිත්වයකි. ඒ වෙනුවට කළ හැකි වන්නේ විවෘතව ඇති අවකාශයට ඇතුලු වීමය.

ජවිපේ

මෙවර ජනාධිපතිවරණයේ දී ජවිපය විසින් පියවරක් ඉදිරියට ගෙන ඇතැත් තමන්ටම පරාවළල්ලක් වූ අතීත අගතීන්ගෙන් කම්පනයට පත්කොට විචිකිච්ඡාවකට පත්ව ඇත. ඒ අනුව ජවිපේ මෙම මැතිවරණයේ දී මහින්ද ට විරුද්ධව ප්‍රබල සටනක කියැලුණ ද ඔවුන් දේශපාලන පක්ෂයකට වඩා සිවිල් සංවිධානයක් ලෙස ක්‍රියා කිරීම පෙන්නුම් කරයි.

ඒ අනුව ජවිපෙ දේශපාලනික පක්ෂයක් ලෙස සිටිනුයේ හෙළ උරුමයට පිටු පසිනි. එය එසේ වන්නේ අධිනිෂ්චිත මොහොතේ අන්තර්ගත කොටස් කාරයෙක් නොවී, නැවතවරක් අනුන්ගේ ගිණුමකට මුදල් දැමීම සිදුකරමින් සිටිනු විනා තමන්ට සෘජු තීරණයකට පැමිණීමට නොහැකි දෘෂ්ටිවාදය විසින් හිරකිරීමය. මෙය මාක්ස්වාදී සාහ්ත්‍යෙය් ෆොයබා තීසිසය සිහි කරමින් කරන කොළොප්පමක් ද විය හැකිය. එහෙත් වරක් දෙවරක් නොව වාර ගණනක් සිදු කර ඇති නිසා මෙම අවස්ථාවේ පිටත සිටීම කිහිප ආකාරයකින්ම ජවිපේට දේශපාලනිකව අවාසි ගෙන දිය හැකි අතර එය ඛේචවාචකයක් මෙන්ම විගඩමක් ද වන්නේය.

මන්ද ඔවුන් බලාපොරොත්තුවන හැරවුම කිරීමට අවශ්‍ය විස්වාසය පිටත සිට නොලැබීමය. මේ නිසා ඔවුන් අවසාන මොහොතේ හෝ කළ යුතු හා ගත යුතු තීන්දුව වන්නේ ඇතුලට ගොස් “ඇත- නැත,, කොටස් කරුවෙකු වීමෙන් සිය දේශපාලන ඉදිරියට මුහුණ දීම මිසක සමාජ අධිනිෂ්චිතයේ අනු පූරක කුලකයක් නොවීමය. අනෙක් අතට දූෂණයෙන් තොර යහපාලනය සම්බන්ධයෙන් ඉතා අවංකබවක් පෙන්නුම් කරන ජවිපයට ලැබෙන වලංගුභාවය හෙළ උරුමයට වඩා එහාට ගෙන යා හැකි වන්නේ ඔවුන්ගේ බිම් මට්ටමේ දේශපාලනය තවමත් ශක්තිමක් නිසාය. කම්කරුවන් හා වැඩකරන ජනතාවට අවශ්‍ය කරන ප්‍රතිසංස්කරණීය අයිතිවාසිකම් සඳහා ඇතුල සිට බලපෑමි කරමින් ඔවුන්ගේ අයිතිවාසිකම් හා නිදහස සඳහා සටන් කළ හැකි වනු ඇත.

දැනටමත් සිය පාක්ෂික ඡන්ද දායකයා ඔවුන්ගේ ව්‍යංගාර්ථවත් කාව්‍ය වටහා ගෙන ඇති අතර ඔවුන් රාජපක්ෂට විරුද්ධව ඡන්දය භාවිතා කරන අතර එම ඡන්දය භාවිතවීම කිසිදු ලෙසකින් හෝ වමේ පොදු අපේක්ෂකයාට නොලැබෙනු ඇත. එසේම අරමුණ වන්නේ මහින්ද පරාජය කිරීම නම් එය එයට ප්‍රමාණාත්මක ඡන්ද ලැබීමට හැකියාවක් ඇත්තේ ඇතුලට යෑමෙන්ය. එය වනාහී සිය පාක්ෂික ඡන්ද නොව පාවෙන නැතිනම් අලුත් ඡන්දය. ඒ වගේම ජවිපේ අවසානයේ හෝ පොදු විපක්ෂයට ඇතුල් වීම සංකේතීයව මෙන්ම භාවිතාවෙන් ද ඉතා වැදගත් වන්නේ ඔවුන් බිම් මට්ටමේ ප්‍රචාරණයේ යෙදෙන ප්‍රධාන කණ්ඩියමක් නිසාය. මෛත්‍රී පෙරමුණ එය තේරුම් නොගත්තේ උවද ජවිපේ තේරුම් ගනිමින් ඇතුලට පැමිණ සිවිල් සමාජ කාර්යය කරන්නට හැකි නම්, පක්ෂයක් ලෙස අනාගතයේ සවිමත් වීමට හැකිවනු ඇත.

එබැවින් මහින්ද පාරාජය කිරීමේ එක් ප්‍රබලයෙකු ලෙස පිටත සිටින ජවිපය ඇතුලට පැමිණීම මෙම අවස්ථාවේ දී අතීතයේ කළ දේට වඩා මුළුමනින්ම වෙනස් වන්නකි. සදාචාරාත්මකවද, තමන්ගේ දෑතේ ශක්තියෙන් බලය ලබාදුන් එම ඒකාධිපතියා තමන් විසින්ම පාරජය කර දී සමාජය නිදහස් කිරීම පැරණි පාපයෙන් ද ගැලවීමට හැකි වනු ඇත. දෙවැන්න මෛත්‍රී සංධානය පටන් ගත් ආකාරයේ අවංකකමක් පෙන්නුම් නොකරන බැවින්, ඒ සඳහා බලපෑම් කිරීමට හා ජාතිකවාදී දේශපාලනයේ අවකාශය ප්‍රයෝජනයට ගත හැකි වන්නේ ඇතුලත සිටීමෙන් පමණි. තුන්වැන්න, එලියේ සිටීමෙන් යම් හෙයකින් රාජපක්ෂ නැවත බලයට පැමිණිය හොත් සිදුවන්නේ කුමක්දැයි ඇස්තමේන්තු කරගත යුතුය. හුස්ම ගැනීමට පවා ඉඩක් නොදෙන්නට මහජන මතය තමාට දී ඇති බව දැනටද සිතා සිටින රාජපක්ෂ පවුල ජවිපයට තනිව දේශපාලනය කිරීමට ඉඩක් නොතබනු ඇත. එවිට අනාගතයේදී නැවත එකතු වන්නට වන්නේ අද සිටින විපක්ෂය සමගමය. එම ඡන්ද දායකයා සමඟය. බොහෝවිට ඊටත් අඩු පිරිසක් සමගය. එසේම ජවිපේ ආස්ථානය ඔවුන්ගේ සම්මුතීන්ට අනුව හා බහුතර තීරණයක් වන්නේ නම් එය සාධාරණය වන්නේ කෙසේදැයි කල්පනා කළ යුතුය. ඒ අනුව මෙලෙස උපකල්පනය කළ හැකිය.

සන්ධාන ගත නොවී තනි පක්ෂයක් ලෙස දේශපාලන බලය ලබා ගැනීම.

මැතිවරණ දේශපාලන ක්‍රමයේ විකාශය දෙස බැලීමේ දී නිදහසින් පසුව කාලයේ දේශපාලන පක්ෂ හා බලය ලබා ගැනීම දෙස බැලූ විට කැපීපෙනන ලකුණක් වන්නේ බහු පක්ෂ ක්‍රමයකට ලංකා දේශපාලනය ගමන් කිරීමය. කිසිදු පක්ෂයකට තනිව බහුතර ඡන්ද ලබා ගැනීමට නොහැකි සංයුතියකින් යුක්තවීම මගින් ලංකා දේශපාලනයට හා ප්‍රජාතන්ත්‍රවාදයට බොහෝ අවස්ථාවන් විවර කරනු ඇත්තේ විවිධත්වය තුල සම්මුතිය යන මූලධර්මය භාවිතයට ගතහැකි ප්‍රතිපත්ති තුලින් ක්‍රියා කිරීමටය.

මෙයින් එපිටට ගොසින් තනි පක්ෂයක් ලෙස ලංකා දේශපාලන බලය ලාබා ගන්නේ නම් එය කළ යුතු වන්නේ මැතිවරණ ක්‍රමයෙන් පිටතදීය. මහජන අරගලයකට නායකත්වය දීමෙන්ය. න්‍යායත්මකව එසේ කල්පනා කිරීම හා එසේ කිරීමට සූත්‍රගත කිරීමට සැලසුම් තිබෙන්නේ නමුත්, එයට පවා නායකත්වය දිය හැකි වන්නේ ජනතාව තුල විශ්වාසය දිනා ගැනීමට හැකිනම් පමණය. එසේම දේශපාලන විද්‍යාව ආර්ථික විද්‍යාවක් නම් පමණය. මන්ද ආර්ථික විද්‍යාවේදී සෙසු සාධක විචල්‍ය ලෙස සලකා අදාල සාධකය ගැන පමණක් ගණන් හැදීමය. එය මහින්ද රාජපක්ෂ පිළිබඳව 2005 දී ජවිපය හා එල්ටීටීය ගණන් හැදීම වැනිය. 2015 දී තවත් සමහරු ගණන් හැදීම වැනිය.

විමල්, කළුසල්ලි සුදු කර ගත් හැටි! මෙන්න සාක්ෂි !! ජවිපෙ සිටියදීත් දූෂිතයෙක් !!

ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්වරයාව සිටියදීත් නීත්‍යානුකූල නොවන ආකාරයට මුදල් උපයා ඇති බව හෙළිවේ.

මොහු 2006 වසරේ සිට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමඟ රහස් ගනුදෙනු පැවැත්වූ බව හෙළිවීම නිසා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්කරනු ලැබුවේ 2008 වසරේ අප්‍රේල් මාසයේදීය.

එතෙක් ඔහු ජවිපේ ප්‍රචාරක ලේකම් හා පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ලෙස කටයුතු කරනු ලැබුවේය.

පාර්ලිමේන්තු වැ‍ටුප පවා නොගන්නා ඉතා පරමාදර්ශී මහජන නියෝජිතයකු ලෙස පෙනී සිටි විමල් වීරවංශ මෙලෙස අයතා ගනුදෙනු වල නිරතව මුදල් උපයා ගත් බව සාක්ෂි සහිතව අපට හෙළිකරන්න හැකිවන්නේ 2007 වසරේ සිට 2012 දක්වා සිදූ කූට ගනුදෙනුවක් මඟිනි.

මෙම කූට ගනුදෙනුවට වීරවංශ වෙනුවෙන් ඉදිරිපත්වන්නේ ඔහුගේ විවාහක බිරිඳ වන ශෂී වීරවංශ ය. වීරවංශ එවකට පූර්ණ කාලීන ජවිපෙ සාමාජිකයකු වූ බැවින් බිරිඳ හා දරුවන් දෙදෙනාගේ විය පැහැදම් සොයා ගත්තේ මාවරමංඩියේ පවත්වාගෙන ගිය සංනිවේදන සේවා (කොමිනිකේෂන්) ආයතනයක් පිහිටෙනි. දුරකතන පණිවිඩ සේවා හා පරිගනක දෙකක් යොදවාගෙන යතුරුලියන සේවා ආදිය එහිදී සිදු කෙරිනි. එය පවුලේ නඩත්තුවට ප්‍රමාණවත් මුදලක් සොයා ගත්තා මිසක කෝටි ගනනිත් තබා දහස් ගනනින්වත් ලාබ ඉපයූ ආයතනයක් වූයේ නැත.

එහෙත් ශෂී වීරවංශ 2007 වසරේදී මේ කූට ගනුදෙනුව කරන්නේ මිලියන් ගනන් වලිනි. ඒ ද කළු සල්ලි වලිනි. ජවිපෙ පූර්ණකාලීන සාමාජිකයකුව සිටියදී ඒ උපයා තිබුණේ කෙසේද යන්න රහසකි. ජවිපෙ පූර්ණකාලීන සාමාජිකයකුව සිටියදී ඔව් ඔහුව පක්ෂයෙන් නෙරපීමේදී පක්ෂ අරමුදල් වංචා කල බවට චෝදනාවක් එල්ලවී තිබුණු බවක් වාර්ත නොවෙතත් රාජපක්ෂ පවුල සමීපව ඇසුරු කර තිබිණි. අද වීරවංශට රාජපක්ෂ පවුල අත හැරීමට නොහැකිව ඇත්තේ මේ අයථා ගණුදෙනු ගෙන සහසුද්දෙන් රාජපක්ෂවරු දන්නා නිසා බවට සැකයක් නැත. මේ අවධියේම බත්තරමුල්ල ප්‍රදේශයේ රුපියල් කෝටි හතරක මුදලක් වැය කර සුපිරි නිවසක් ගොඩනැගූ බවද වාර්තා විය. එමෙන්ම මාසික විදුලි බිල රුපියල් ලක්ෂය ඉක්මවන තරමේ අධි සුඛෝපභෝගී ජීවිතයක් ඔහු ගත කරමින් සිටින බවත් වාර්තා වී තිබේ.

එමෙන්ම පසුව සුදර්මා, හුළුගල්ලේ සමඟ අනියම් සම්බන්ධයක් පැවැත්වූ බවට ඇයගේ සැමියා විසින්ම හෙළි කරනු ලැබීය.ඒ කෙසේ නමුත් ශශී වීරවංශ පසුගිය කාලයේ සමීපව ඇසුරු කළ ප්‍රකට චරිතයකි, සුදර්මා නෙත්තිකුමාර, ඇය සලාකා සමූහ ව්‍යාපාරයේ හිමිකරු වූ ගාමිණි නෙත්තිකුමාරගේ විවාහක බිරිඳය. සලාකා කැසිනෝ ව්‍යාපාරය හා තවත් කූට මූල්‍ය ගනුදෙනු ‍රැසක් මෙම ව්‍යාපාරය හා බද්ධව ගෙන ගිය බවට චෝදනා එල්ල විය. පසුගිය කාලයේ ජාතික ආරක්ෂක මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂකවරයා වූ ලක්ෂ්මන් හුළුගල්ලේ මෙම ව්‍යාපාර සඳහා රාජ්‍යයේ ආරක්ෂාව ලබාදීමත් ඒ සඳහා අනියමින් උදව් උපකාර කළ බවත් හෙළිව තිබේ.

කෙසේ නමුත් සුදර්මා නෙත්තිකුමාර 2007 වසරටත් පෙර විමල් වීරවංශගේ සමීප හිත්වතියකි. ශෂී වීරවංශ සුදර්මාව හඳුනා ගන්නේ ඒ අතර තුරය. මේ මිත්‍රත්වය මත වීරවංශ යුවල තමන් සතුව ඒ වෙනකොට තිබූ මිලියන් ගන්නක අයුතු මුදල් කන්දරාවක් ආයොජනය කිරීම සඳහා ( එනම් කළු සල්ලි සුදු කිරීම සඳහා ) සුදර්මාට බාර දෙනු ලැබීය. ඊට මැදිහත් වූයේ ශෂී වීරවංශය.

ඒ අනුව ශෂී වීරවංශ 2007 වසරේදී සුදර්මා හමුවී තමන් සතුව විශාල මුදල් ප්‍රමාණයක් තිබෙන බවත් ඒවා බැංකුවල හෝ මූල්‍ය ආයතනවල හෝ තැන්පත් කිරීමට ගිය හොත් විවිධ ප්‍රශන වලට මුහුණ දීමට සිදුවන බවත් එම මුදල් පොලියට දී ආදායමක් ලබා ගැනීමට අවස්ථාව සලසා දෙන මෙන් ඉල්ලා තිබේ . ඊට පසුව ශෂී වීරවංශ විසින් විටින් විට ලක්ෂ ගනනින් එම මුදල් සුදර්මාට ලබා දී තිබේ. සුදර්මා ද පසුව එම මුදල් නැවත පොලී සමග ගෙවීමටද කටයුතු කර ඇත.

එසේම ටෙලි නාට්‍ය නිශ්පාදනය සඳහාද ශෂී වීරවංශ මෙම කළු සල්ලි ආයොජනය කර තිබේ. ඒ අතර තුරදී 2012 වසරේදී 'භාර්යාවෝ ' ටෙලි නාට්‍ය නිශපාදය කිරීමට ගොස් වූ වෙනත් පෞද්ගලික ආරවුලක් මත සුදර්මා හා ශෂි විරසක විය. ඉන් පසුව සුදර්මා සමඟ වූ බද්ධ වෛරය නිසා ශෂී වීරවංශ විසින් වෙනත් පුද්ගලයකු යොදවා සුදර්මා මිලියන 6ක් ලබා ගෙන ඒ ආපසු ලබා නොදුන් බවට අසත්‍ය පැමිණිල්ලක් ගොනු කර තිබිණි. ඉන් බලාපොරොත්තු වූයේ විමල් වීරවංශගේ දේශපාලන බලය යොදවා සුදර්මාව රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමය.

එහෙත් පොලීසිය මෙම සිදුවීමේ සත්‍යය සොයා ගැනීමට සමත් වූ අතර එහිදී වීරවංශලාගේ කළු සල්ලි සුදු කිරීමේ ජාවාරමද හෙළිවිය. ඒ වලක්වා ගැනීමට වීරවංශට නොහැකි වූයෙන් අපට ඒ මෙසේ හෙලි කිරීමට හැකි විය.

මීට අදා ලිපි ලේඛන කිහිපයක් පහත දැක්වේ,





Tuesday, December 30, 2014

ජනපතිගේ කීර්තිනාමය කෙළෙසුනැයි රෝහණ වීරසිංහ හඬා වැටේ

හම්බන්තොටදී හා කුරුණෑගලදී කලාකරුවන් පිරිසකට නාමල් රාජපක්ෂ විසින් මෙහෙයවන නිල්බලකා මැර කල්ලිය විසින් එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ජනාධිපතිවරයාගේ සංගීත උපදේශක රෝහණ වීරසිංහ තව දුරටත් මෙම ප්‍රහාරකයන් ආරක්ෂ කිරීමට ඉදිරිපත්ව තිබේ. ඔහුට තිබෙන වේදනාව තමන්ගේ ජීවීතේ වැඩිම කාලයක් තමා සමඟ එකට වැඩ කළ මිතුර වන ලක්ෂ්මන් විජේසේකරට හා එම දියනියට හෝ තමාගේම දරුවන් වැනි වූ තරුණ කලාකරුවන්ට එල්ල කළ ප්‍රහාරය නොවේ. මේ මෘග පාලනය මෙහෙයවන ජනාධිපති රාජපක්ෂගේ "කීර්ති නාමය"කෙළසීම ගැනය.

වීරසිංහ පවසන්නේ ජනාධිපතිවරයාගේ කීර්ති නාමයට බරපතළ හානියක්‌ සිදු කොට ජයග්‍රාහණය කිළිටි කිරීම අවාසනාවන්ත තත්ත්වයක්‌ බව ය.

ඔහු විසින් නිකුත් කර ඇති නිවේදනයේ මෙසේද සඳහන් වේ.'

කලාකරුවන් පිරිසකට හම්බන්තොටදී හා කුරුණෑගලදී සිදුකර ඇති ප්‍රහාරයන් අප සංවිධානය පිළිකුලෙන් යුතුව තරයේ හෙළා දකින අතර මේ නින්දිත ප්‍රහාරයට ලක්‌ වූ කලාකරුවන් වෙත අපගේ හෘදයාංගම කනගාටුව ප්‍රකාශ කර සිටිමු.

මෙවැනි අඳ බාල ක්‍රියාදාමයන්ගෙන් අතිගරු ජනාධිපතිතුමන්ගේ කීර්ති නාමයට සිදුවන බරපතළ හානිය හා එතුමන්ගේ නියත ජයග්‍රහණය කිළිටි කිරීම පිළිබඳව මේ මැර කල්ලිවලට අබැටකුදු හෝ අවබෝධයක්‌ නොතිබීම අවාසනාවන්තය. ඕනෑම අයෙකුට තම දේශපාලන මතය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමේ අයිතියට බාධා කිරීම අප කිසිසේත් අනුමත නොකරමු. මේ නොහොබිනා නොහික්‌මුණු ක්‍රියාදාමයන් සිදුකරන මැරයන් පිළිබඳව නීතිය අකුරටම ක්‍රියාත්මක කොට නිසි දඬුවම් ලබාදීමට කටයුතු කරනමෙන් ජනාධිපති තුමන්ගෙන් අපි ඉල්ලා සිටිමු.'

ඊයේ නිලබලකාය විසින් පැවැත්වූ මාධය හමුවකදී ඊට නිල් බලකාය වෙනුවෙන් අදහස් දැක්වූවන් මෙම ප්‍රහාරය ඔවුන් විසින් සිදු නොකල බව පැවැසූවද එම හමුවෙන් පසුව නිල් බලකාය වෙනුවෙන් එම මාධ්‍ය හමුවට සහභාගී වූ පළාත් සභ මන්ත්‍රී සුසාර දිනාල් මාධ්‍යවේදීන් හමුවූ පවසා තිබුණේ එම ප්‍රහාරය නිල බලකාය විසින් එල්ල කළ බව තමන් පිළිගන්නා බවත් 'මුන්ට කොච්චර කිව්වත් අහන්නේ නෑ, හැමතැනම ගහනවා.." යන්නත්ය.

ඒ කෙසේ නමුත් රෝහණ වීරසිංහලා දැන දෙනම මෘග පාලනයක් ආරක්ෂා කිරීම වෙනුවෙන් මෙතරම් පහත් ලෙස පෙනී සිටිම ලැජ්ජා සහගතය.

Saturday, December 20, 2014

විමුක්ති දේශපාලනයට ෂෝට් කට් නැත

ඒ යුද්ධය උග්‍ර ලෙස ඇවිලෙමින් තිබූ කාලයයි. ජනතා විමුක්ති පෙරමුන යුද්ධය තුල ස්ථානගත වී සිටියේ යුද්ධයට අනුග්‍රහය දක්වන පක්ෂයක් ලෙසය. දේශහිතෛශී ජාතික ව්‍යාපාරය සහ මානෙල් මල් ව්‍යාපාරය ගොඩ නගා දකුනේ සමාජය තුල එල්ටීටීඊ විරෝධී යුද්ධය සුජාතකරනය සදහා ජවිපෙ සක්‍රීය ලෙස දායක වෙමින් සිටියේය. එම කාලයේදීම ජවිපෙට අනුබද්ධ සමාජවාදී ශිෂ්‍ය සංගමය ජාතික ගැටලුව පිලිබද ලෙනින්ගේ කෘතියක් ප්‍රකාශයට පත් කලේය. එම කෘතියට පිලිතුරු ලෙස එවකට එක්ස් කන්ඩායම‍වෙනුවෙන් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ‘ජවිපෙ, ජාතික ගැටලුව සහ මාක්ස්වාදය’ යන හිසින් දීප්තිමත් පොත් පිංචක් රචනා කලේය. ඔහු එහිදී ප්‍රශ්න කලේ සමාජවාදී ශිෂ්‍ය සංගමය සිය ප්‍රකාශන තුල යොදා ගන්නා ‘මාක්ස්වාදී භාෂාවත්’ එම සංවිධානයේ මවු පක්ෂය වන ජවිපෙ ප්‍රසිද්ධ දේශපාලන තලයේදී යොදා ගන්නා ජාතිවාදී භාවිතාවත් අතර පරස්පරයයි.

වසර 2014 එලැඹී ඇත. එලැඹෙන ජනාධිපතිවරනයේදී මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව පෙරලා දැමීම සදහා ‘පොදු අපේක්ෂකයෙක්’ ලෙස මාදුලුවාවේ සෝභිත හිමි ඉදිරිපත් කල යුතු බවට සංවාදයක් මේ වනවිට ගොඩනැගී තිබේ. මෙම සංවාදයේ මුඛ්‍ය ප්‍රකාශකයෙක් වන්නේ ආචාර්ය දේවසිරිය. දකුනේ දේශපාලනය තුල හෙජමොනික ප්‍රවර්ගයන් වන සිංහල ජාතිකවාදයේත් නව ලිබරල්වාදයේත් පරාමිතීන්ගෙන් මිදුනු විකල්ප දේශපාලනයක් සදහා සෝභිත හිමිගේ අපේක්ෂකත්වයෙන් අවකාශ විවර වෙනු ඇති බවට නිර්මාල් සිය මුහුනු පොත් සටහනකදී සදහන් කොට තිබුනි. මීට සමාන ආකාරයකින් ප්‍රකට වාමාංශික බුද්ධිමතෙක් වන ආචාර්ය කුමාර් ඩේවිඩ් කාලාන්තරයක් තිස්සේ සෝභිත හිමිගේ අපේක්ෂකත්වයට පක්ෂව කරුනු දක්වමින් සිටී.

දකුන තුල එල්ටීටීඊ වි‍රෝධී ආස්ථානයක් ගෙන සිංහල ජාතිකවාදය සමග සන්ධානගත වීමෙන් ජවිපෙ එවකට අපේක්ෂා කලේ කුමක්ද? ජවිපෙ පැත්තෙන් ගත් විට එය බලය සදහා ෂෝට් කට් එකක් විය. රනිල් වික්‍රමසිංහ හා චන්ද්‍රිකා කුමාරතුංග යන ප්‍රධාන පක්ෂ වල නායකයින් දෙපලම එල්ටීටීඊය සමග සාකච්ඡා පැවැත්වීම සිය ප්‍රවේශය කරගෙන තිබූ තතු යටතේ සිංහල ජාතිකවාදය 2002-1004 යුගයේ හිස නැති කවන්ධයක් බවට පත්වී තිබුනි. ජවිපෙ ආමන්ත්‍රනය කලේ එම රික්තකයටයි. ජවිපෙ අභ්‍යන්තර කතිකාව අනුව යුද්ධයට පක්ෂය සහය දුන්නේ සමාජවාදයට ඇති බාධාවක් වන එල්ටීටීඊය ඉවත් කර දැමීමටය. ජවිපෙ සාමාජිකත්වයට ඒ අනුව සභාග දේශපාලනයත් සිංහල වර්ගවාදය සමග සන්ධානගත විමත් ‘උතුම් අරමුනක්’ වෙනුවෙන් ගනු ලැබූ උපක්‍රමික ක්‍රියාමාර්ගයක් විය.

රාජපක්ෂ රෙජිමයේ අත්තනෝමතික ක්‍රියාකාරීත්වය ඉදිරියේ අද වන විට බොහෝ වාමාංශිකයන් කරමින් සිටින්නේද එක්තරා ආකාරයකින් දේශපාලන ෂෝට් කට් සෙවීමකි. රාජපක්ෂ ආන්ඩුව අධිකාරිවාදී තන්ත්‍රයක් බවට පත්වී තිබෙන අතර ජනයාගේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන්ට එල්ල වන ප්‍රහාර දිනෙන් දින උත්සන්න වෙමින් ඇත. මෙම නපුරේ ‘හේතුව’ ලෙස දැන් ජනප්‍රිය ලෙස උපුටා දැක්වෙන්නේ විධායක ජනාධිපතිධූරයයි. මාදුලුවාවේ සෝභිත හිමිගේ සාධාරන සමාජයක් සදහා වූ ව්‍යාපාරයේ කේන්ද්‍රීය තේමාව වන්නේත් විධායක ජනාධිපතිධූරය ‍අහෝසි කිරීමය. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ගැන අවංක හැගීමකින් යුක්ත මධ්‍යම පංතික වෘත්තිකයන් හා බුද්ධිමතුන් කවයක් මෙම ව්‍යාපාරයට සහයෝගය දෙමින් සිටී.

මෙම ලිබරල් බුද්ධිමතුන්ගේ ප්‍රශ්නය නම් සමාජයේ පවතින මහා ගරාවැටීම ගැන ප්‍රශ්නය සමාජ ක්‍රමය පිලිබද ප්‍රශ්නයක් ලෙස නොව හුදෙක් ආන්ඩු ක්‍රමය පිලිබද ප්‍රශ්නයක් ලෙස ගැනිමය. අධිකාරිවාදී පාලන රටාව වූ කලී ’77 න් පසු මෙරට තුල බලාත්මක වන නව ලිබරල් ධනවාදී සංවර්ධන මොඩලය සමග වෙන් කල නොහැකි ලෙස ගැටගැසී තිබෙන්නකි. සමාජය තීව්‍ර ලෙස වෙලදපොලකරනය කරමින්, සමාජ අසමානතාවය තීව්‍ර කරමින් ක්‍රියාත්මක වන මෙම සංවර්ධන මොඩලය තුල අසහනයට පත් වන ජන කොටස් වලට එරෙහිව මර්දනය යොදාගැනීමට සිදුවීම අනිවාර්යයකි. උදාහරනයක් ලෙස ප්‍රාග්ධනයට ඉඩදීම සදහා වනාතමුල්ලේ පැල්පත් නිවාස ශුද්ධ කල යුතුය. එහිදී එම ජනයා පලවා හැරීම සදහා බලහත්කාරය යොදාගැනීමට සිදුවේ. විධායක ජනාධිපති වෙනුවට කැබිනෙට්ටුව විධායක බලතල හෙබවූවා කියා එම බලහත්කාරයේ වෙනසක් සිදුවන්නේ නැත. සමාගම් වල ආයෝජන වලට ඉඩ දෙනු වස් මධ්‍යම ඉන්දියාවේ ආදිවාසී ගෝත්‍රික ජනයා බලහත්කාරයෙන් පලවා හරිමින් සිටින්නේ පාර්ලිමේන්තු ආන්ඩු ක්‍රමයක් අනුගමනය කරන ඉන්දීය රාජ්‍යයයි.

එම නිසා ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලන තන්ත්‍රය පෙරලා දැමිය හැකි ස්ථිර මාර්ගය වන්නේ නව ලිබරල් ධනවාදී සංවර්ධන මොඩලය පිලිබද ප්‍රශ්නය සමග එකට ප්‍රජාතන්ත්‍රවාදය ගැන ප්‍රශ්නය ගැනීමය. එසේ නොකලහොත් සිදු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ප්‍රශ්නය දඩමීමා කරගෙන එක් පඹයෙක් වෙනුවට වෙනත් පඹයෙක් බලය ඩැහැ ගැනීමය. සෝභිත හිමි යම් හෙයකින් ‘පොදු අපේක්ෂකයා’ වේ නම් එහි වාසිය සෘජුව හිමි වන්නේ එවැනි පොදු ව්‍යාපාරයක ප්‍රධාන සංරචකය ලෙස ක්‍රියා කරන ප්‍රධාන විපක්ෂ බලවේගය වන එක්සත් ජාතික පක්ෂයටය.

වාමාංශය ඉදිරියේ තිබෙන අභියෝගය වූ කලී නව ලිබරල් ධනවාදයටත් ඒ සමග ගැටගැසී තිබෙන අධිකාරිවාදී රාජ්‍යයටත් එරෙහිව පීඩිත ජනයා සංවිධානය කිරීමය. ද්විපක්ෂ ක්‍රමයකට හුරු වී සිටින සමාජයක් තුල එවැනි විකල්ප දේශපාලන දහරාවක් ගොඩනැගීම පහසු කටයුත්තක් නොවේ. එවැනි මහන්සියක් නොදරා සමාජයේ යම් ස්ථාපිත බල ව්‍යුහයක් සමග සම්මුතියකට යාම පහසුය. එහෙත් 2004-2009 ජවිපෙ අත්දැකීම මනාව පෙන්නුම් කරන්නේ එවැනි සම්මුති තුලින් අවසානයේ අපේක්ෂිත අරමුනට වඩා හාත්පසින්ම වෙනස් ප්‍රතිඵලයක් උද්ගත වන ආකාරයයි. විමුක්ති දේශපාලනයට ෂෝට් කට් නැත. මේ වූ කලී සියලු වාමාංශිකයෝ තරයේ සිහි තබාගත යුතු දේශපාලන පාඩමකි.

Posted by Ramachand

ජවිපෙ කියන්නේ මාව ජනාධිපති කරන්න කියලයි – නාගමුව

ජනතා විමුක්ති පෙරමුණ නොකියා කියන්නේ ඉදිරි ජනාධිපතිවරණයේදී තම පක්‍ෂය දිනවන ලෙස බව පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය පවසයි.

‘ජවිපෙ කියන විදියට මහින්ද ස්ටෝර්ස් එකේ කල් ඉකුත් වුණු බඩු තියෙනව නම් සිරිසේන ස්ටෝර්ස් එකේ තියෙන්නේ ෂුවර් නැති බඩු නම් ජනතාවට බඩු ගන්නත් තැනක් තියෙන්න එපායැ. කන්නෙ නැතිව ඉන්න බෑනේ. ඒ නිසා ගන්න තියෙන්නේ නාගමුව ස්ටෝර්ස් එකෙන්ම තමයි’ යයිද එම පක්‍ෂයේ මෙවර ජනාධිපති අපේක්‍ෂක දුමින්දු නාගමුව මහතා සදහන් කරයි.

Sunday, December 14, 2014

The Significance Of FSP Candidacy In The Eighth Presidential Election

Sumanasiri Liyanage
Mahinda Rajapaksa has to face his erstwhile colleague in the cabinet and the General Secretary of the SLFP, former Minister of Health, Maithripala Sirisena at the forthcoming presidential election. Since many parties including the main opposition party, UNP, and civil society organizations have already decided to back Maithripala’s candidacy, he has now emerged as the main contender to the incumbent president.

Janatha Vimukthi Peramuna, one of the leading left parties has announced that it will boycott the presidential election although rumors are in the air that its central committee wanted Anura Kumara Dissanayake, de facto leader of the parliamentary opposition to contest. It is in this context marked by the absence of JVP in the presidential race in spite of a 200% increase in its vote at the Uva Provincial Council election held some time ago, that the breakaway group of the JVP, Frontline Socialist Party (FSP) decided to field a candidate representing the social left in Sri Lanka that at the moment is not numerically very strong.

Duminda Nagamuwa
Having been encouraged by the Syriza (Coalition of the Radical Left) experience in Greece, FSP tried hard to unite all left parties, groups and individuals to field a common candidate of the social left with a minimum but transitional left democratic program at the next presidential election. Well FSP does not claim that the left front it had initiated is Syriza in Sri Lanka; but it seems to me it is Syriza in the making. Whether it will mark a significant moment in Sri Lankan political history is yet to be seen. Nonetheless, this moment is and will become significant and relevant as FSP led social left in its manifesto have raised so many important questions that two principal contenders have refused so far to raise. Most importantly, when both fronts are ideologically dominated Sinhala-Buddhist (UPFA by Bodu Bala Sena and Maithri front by Jathika Hela Urumaya) elements, FSP left front appears to be the most effective secular political formation in the next election. Hence, my submission in this article is that the FSP led social left front poses the real opposition to the Mahinda Rajapaksa regime both in its program and in its practice.

Sri Lanka needs a strong social movement to counter three main trends in its recent history, namely, towards authoritarianism, towards economic policy framework that is biased towards the interests of the upper classes and layers of the society, and towards majoritarianism. Although these three trends emerged prior to MR coming to power, they have consolidated and strengthened under his regime due to multiple reasons.

What is relevant to my present submission is to look at the question of what social movements were actively engaged against the MR regime and its policies and actions. I recognize two counteracting forces in Sri Lankan society that questioned policies and actions of the MR regime. The first group, primarily urban, posed the issue of democracy, rule of law and good governance in their orthodox meanings. The most important group in this category was the Sri Lanka Lawyers’ Association that came forward strongly against the removal of the Chief justice, Dr Shirani Bandaranayaka. It organized many fora to discuss the matters that fell within its purview. Later, Citizen Forum also raised similar issues with strong political orientation. These views had been finally crystalized in the movement for Just Society led by Rev Maduluwave Sobhitha raising two main demands, (1) abolition of the executive presidential system and (2) reactivation of the 17thAmendment by repealing 18th Amendment to the Constitution. These protests by these groupings received so much attention by the media partly because of their elitist character.

The second opposition against the MR regime came from subaltern movements. There are four groups, (1) student movement; (2) trade unions and workers’ movements; (3) protests by peasants and rural masses; and (4) movements by numerically small nations and ethnic groups. Second and third movements were scattered and sporadic. The same can be applied to the fourth movement after militarily defeating the LTTE in 2009. Hence the consistent opposition to the government, especially against its policies on education, has been guided by the Inter-University Student Federation (IUSF). IUSF launched many a struggle in the recent past against cuts of student subsidies, educational reforms, commodification of education and so on. It is interesting and encouraging to note that IUSF was able to defeat government plans to reform education by encouraging private investments to enter into the field of education with the motive of profit. In the last year or so, it won almost all its struggles. The IUSF while struggling for free education also widened the democratic space that the elitist groupings failed to achieve. I remember very well when the march in Colombo city by the IUSF was banned by a court order at the request of the Police, Najith Indika, IUSF President decided to defy the order and continue the march. It proved to be a great victory. The following week, a district judge warned the police not to come forward with such requests. This, in my view, was a most significant victory for the democratic movement in Sri Lanka and all credit should go to IUSF.
The other subaltern movements that were capable of forcing the MR government to retreat include the anti-pension scheme by private sector employees in Free Trade Zone, peoples’ movement against water problem at Rathupaswala, protests by slum people against forcible eviction from their houses, peasants’ opposition to seed and water bills and micro opposition by villagers on their problems.

Maithripala Sirisena announcing his candidacy as a common opposition candidate informed us his program is limited to the abolition of the executive presidency and the reactivation of the 17th Amendment. In this sense his electoral program is based on the demands put forward by the elitist movement. There is no doubt that these are demands are important; but the program built on these demands are necessary but not sufficient to face or counter three major trends in Sri Lankans polity, society and economy. In contrast, FSP’s program is based on the struggles by various social elements in the past ten years taking issues raised by them in its entirety, in other words, confronting the MR candidacy by challenging it with a comprehensive program. Most significantly, the program includes swayan paalana by numerically small nations and protection of whatever the rights they have won, like 13th Amendment although they informed that they are not happy about it.

Last but by no means least I wish to point out something which is, in my view, of great importance. To signify the importance of the IUSF led protests against MR regime, FSP led left front have chosen to field as its candidate a former IUSF leader (there is a minimum age limit to contest in the presidential election – both the present leader of the IUSF and his immediate predecessor are under age), Comrade Duminda Nagamuwa who has led many a struggle on many a front. He is young and can lead many struggles in future.

By Sumanasiri Liyanage -
*The writer is the co-coordinator of the Marx School.

වමෙි විකල්පය කියන්නේ මොකක්ද?

අපි අවුරුදු ගණනක් එජාපයටයි, ශ්‍රී ලනිපය, ප්‍රමුඛ සන්ධාන වලටයි පාලන බලය දෙන්න එක තැන කරකැවුණා. නමි වෙනස් වුණාට, මුණු වෙනස් වුණාට මෙි දෙකේම තිබෙන්නේ එකම ප්‍රතිපත්තියක්. ඒ.

# සියල්ල විකුණන,මිල කරන, අපිව සුරාකන නව ලිබරල් ධනවාදය.

# ඒ වගේම නව ලිබරල් ධනවාදය පවත්වාගෙන යාම වෙනුවෙන් ජාතිවාදය - ආගමිවාදය භාවිතා කරලා අපව මුලා කරන එක.

දෙපැත්තෙන් කොයි පැත්ත ආවත් අපේ ජීවිතේ ප්‍රශ්න වෙනස් වෙන්නේ නෑ. වාමාංශික විකල්පයක් කියන්නේ මුණු මාරු කරනවා වෙනුවට අපේ ජීවිත වෙනස් කර ගන්න දේශපාලනයක්.

ඇත්තටම මෙි දෙකම එකමද?
# මෙි දක්ෂිණාංශික පෙරමුණු දෙකේම කතාව එකයි. පුද්ගලයොත් එකයි...

# උදාහරණයක් විදිහට දැන් මහින්දට සහය දෙන ගොඩක් අය කලින් මහ මැතිවරණයේදී එජාපයෙන් තරග කළ අය. මෛත්‍රී කලින් හිටියේ ඒ පැත්තේ. දැන් පොදුයි කියන අපේක්ෂකයත් ඇතුලුව විපක්ෂයේ ඉන්න බොහෝ අය. මෙි දෙකේ ප්‍රතිපත්ති විතරක් නෙමෙයි මුණුත් එකයි. හැමදාමත් අපි මෙි බොරුවට රැවටිලා ඉගුරු දීලා මිරිස් ගත්තා.ආයේ මිරිස් දීලා ඉගුරු ගත්තා.

# තව දුරටත් රැවටෙන්න බෑ. ඒ වෙනුවට වෙනස් ප්‍රතිපත්තියක් ජයග්‍රහණය කරන්න ඔින...

මොකක්ද ඒ වෙනස් ප්‍රතිපත්තිය?
අපි උදාහරණ කීපයක් ගනිමු.

# දැනට බලය ලබා ගැනීමට බලන් ඉන්න ධනපති පන්තියේ කණ්ඩායමි මොනවද කියන්නේ?
මෙි ඒකාධිපති විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යනබව එක් කණ්ඩායමක් කියද්දී අනිත් කණ්ඩායම පාර්ලිමෙින්තුවට බලය පවරලා අගමැතිව මුදුනට ගේන්න කතා කරනවා. බලය ජනාධිපති අතේ තිබුණත් අගමැති අතේ හෝ කැබිනටි එක අතේ තිබුණත් අපේ ජීවිතවල ඉරණම එකමයි. ඒක අපි 1948 සිට විවිධ වර්ගයේ ව්‍යවස්ථා හරහා අත්දැක තිබෙනවා.

# වම විදියට අපි ඉදිරිපත් කරන්නේ සියලු පීඩිත ජනතාව පාලනයට හවුල්වෙන රාජ්‍ය බලය ජනතාව විසින් අභ්‍යාස කරන ක්‍රමයක්.

# ආර්ථිකය ගත්තාම ධනපති පක්ෂ සහ සුලු ධනපති හැමදෙනාම කතා කරන්නේ ජාතික නිෂ්පාදනය වැඩි කරන ක්‍රම ගැන. ඒක හරියට ධනපතීන්ගේ පිගානට වැඩිපුර කෑම බෙදුවොත් ශ්‍රමිකයාට ලැබෙන ඉදුල් ප්‍රමාණය වැඩි වෙනවා කියල කියනවා වගේ.

# වම අවධානය යොමු කරන්නේ ආර්ථිකයට දායක වන ශ්‍රමය වගුරන පොදු ජනතාවට ප්‍රතිලාභ හිමිකර දෙන ආර්ථිකයක් නොව විෂමතාවය තුරන් කිරීම සදහා වන සාධාරණ ආර්ථික ප්‍රතිපත්තියක් වම ඉදිරිපත් කරනවා.

Christeen Rajamuni

Thursday, December 11, 2014

සහොදරවරුනි පරිස්සමෙන්

Anura Kumara JVP
ජවිපෙ නායක අනුර දිසානායක සහෝදරයා පසුගිය දා රිය අනතුරකට ලක්වීය. මෙම අනතුර පිළිබඳ විවිධ වෙබ් අඩවි හා ෆේස්බුක් පිටු අතර වාර්තා පලවිය. ඒවාට ප‍්‍රතිචාරද බොහොම තිබුණි. එම සිදුවීමත් එහිදී ආ ප‍්‍රතිචාරත් අවධානයට ලක්කළ යුතු යැයි හැෙඟ්. පාක්ෂිකයන්, හිතවතුන්, සතුරන් යන සියළු දෙනා මෙහිදී ප‍්‍රතිචාර දක්වා තිබෙණු දක්නට ලැබූණි. ඒවා අතර ‘අනුර සහෝදරය අප ඔබ සමඟයි! , ඔබට ඉක්මන් සුව !, ඔබට දෙවි පිහිටයි !’ ආදී ලෙසින් වූ ප‍්‍රත්චාර මෙන්ම ‘පේනවා නේද මෙයාගේ වාහනේ’ ආදී ලෙස වූ ප‍්‍රතිචාරද තිබූණි.

ඔහු රෝහල් ගත කල සිටි දින කීපය තුළ දේශපාලන පක්ෂ නායකයින් කිහිප දෙනෙක් සුවදුක් විමසීමටද පැමිණි තිබුණි. තවත් තැනක දක්වා තිබුණේ ඔහු පාර්ලිමේන්තුවේ ‘රතු සිංහයා’ ලෙසයි. කලක් පිළිප් ගුණවර්ධනටද ‘බොරලූගොඩ සිංහයා’ යන නම පටබැඳී තිබුණි. ඔහුගේ පුත් දිනේෂ් ගුණවර්ධනද පීඩිතයින් සන්නද්ධ වීම් බැහැර කරන, ‘සන්නද්ධ ආණ්ඩුවක’ ආමාත්‍ය විප්ලවවාදියෙක් ය. කෙසේ වුවත් මේ සිදු වීමෙන් ගලා ආ විවිධ දේශපාලන අදහස් දෙස අවධානයකින් බලන්නන්ට නැවත වරක් ජවිපේ යමින් තිබෙන ගමනේ අනතුර පෙනේ.

කලක් විමල් වීරවංශ සිය අසහාය නායකයා ලෙස ඔසවා තබාගෙන යාමේන් මුහුණු දුන් අනතුර සුළුපටු නොවේ. තවමත් එහි කැළැල් මැකි ගොස් නැත. වීරවංශගේ කරනමේන් පසු ජවිපෙ සංවිධාන දේහය දෙදරුවේ නැතත් එහි බහුජන දේහය දෙදෙරා ගියේය. අනුරගේ රිය අනතුර ඇසූ සැනින් අයෙකුට වහා සිතෙන්නේ එය ආණ්ඩුවේ සැලසුමක්ද කියාය. මන්ද වත්මන් පාලන තන්ත‍්‍රයට එවැනි හදිසි අනතුරු පිළිබඳ කුප්ප‍්‍රකට ඉතිහාසයක් ඇති නිසාය.

ඔහු වෙනුවෙන් ගලා ආ ප‍්‍රතිචාර දෙස මෝහනය නොවී බැලූ විට හිතවතුන් හා ඡුන්ද දායකයින් සමහර විට සාමාජකයින්ද ජවිපෙ වටා පෙල ගැසී ඇත්තේ කුමන මනෝ ලෝක වල සිටදැයි හොඳින් පැහැදිලි වේ. ඔවුන්ගේ ගැලවුම්කරුවා ‘අනුර’ය. ඔවුන්ගේ රතු සිංහයා ‘අනුර’ය.

දේශපාලන ව්‍යාපාර වලට නායකයින් අවශ්‍ය නොෙවි යැයි මින් අදහස්් නොකරේ. නායකයන් සමහර දේවල් වේගවත් කරයි. තවත් විටක අඩාල කරයි. නායකයන් සෑම යුගයකදීම සෑම තැන්හිදීම සිට ඇත. ඉදිරියටත් අවශ්‍ය වනු ඇත. වරක් ට්‍රොස්කි ප‍්‍රකාශකලේ ලෙනින් විදේශකයකදී මිය ගියේ නම් රුසියන් විප්ලවයේ රේඛා බෙහෝ වෙනස් වීමට ඉඩ තිබූ බවයි. එහෙත් සෑම විටම විප්ලවවාදී ව්‍යාපාර නායකයින් හා ව්‍යාපාරය අතර තුලනය රැුක ගත යුතුය. එය අයෙක්ට සුත‍්‍රයකින් ඉදිරිපත් කල නොහැක. එහෙත් දේශපාලන ව්‍යාපාරයක අත්දැකීම් සහිත වුන්ට මේ පිළිබඳ ඉවක් තිබිය යුතුය.

යම් හෙයකින් අනුරට අනතුරක් සිදුවුවා නම් පක්ෂයේ මුළු ව්‍යාපෘතියටම කොපමණ බලපෑමක් සිදුවේද? එය එතරම් හොඳ තත්වයක් නොවේ. පුද්ගල නායකත්වය පමණට වඩා ඉස්මතු කිරීමෙන් පුද්ගලයාත් ව්‍යාපාරයත් දෙකම අනතුරේ හෙලයි. එමෙන්ම ව්‍යාපාරයේ පැවැත්ම පුද්ගලයා මත පරදු තබයි. එවිට පුද්ගලයන්ට ව්‍යාපාර සිය අල්ලේ නටවන්නට බලයද ලැබේ. එමෙන්ම පුද්ගලයා විසින් හානියක් කලොත් ව්‍යාපාරයම අන්ධකාරයට පත් වේ. එමෙන්ම පුද්ගලයාට හානියක් සිදුවුවහොත් වන්නෙද් ඒ ටිකමය.

ස්වයං මෝහනයට පත්වන ‘ළමයින්ට’ මෙහි අඳුරු පැත්ත නොපනේ. මෙවැනි දේශපාලන භාවිතාවන්ට ඇතුල් වන්නට සිදු වන්නේ ඇටිකෙහෙල් කෑ උගුඩුවාට සිදු වූ දෙයයි. අනතුරින් පසුවද සිදු වූයේ තවත් ඔහු උත්කර්ශයට නැඟීමය. සහොදරවරුනි පරිස්සමෙන් අපට ඔවුන්ට කිව හැක්කේ එපමණකි.

Saturday, December 6, 2014

වත්මන් පාලනය ප්‍රජාතන්ත්‍රවාදයට බරපතළ තර්ජනයක්‌! - වමේ පොදු අපේක්‍ෂක දුමින්ද නාගමුව සහෝදරයා

වමේ පක්‍ෂ කීපයක එකමුතුවෙන් නිර්මාණය වූ "වමේ එකමුතුව" සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂක දුමින්ද නාගමුව මහතා සමග "දිවයින ඉරිදා සංග්‍රහය" කළ සාකච්ඡාවකි.

ප්‍රශ්නය - පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය වමේ පෙරමුණ නිර්මාණය කර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට තීරණය කළේ ඇයි.?

පිළිතුර - රට බරපතළ අර්බුදයකට ව්‍යසනයකට ගොස්‌ ඇති බව රට පාලනය කළ ප්‍රධාන පක්‍ෂ දෙකේ අවසන් ශේෂ පත්‍රය දෙස බැලූ කළ ඉතා පැහැදිළියි. අප රට ආර්ථික දේශපාලන අතින් අධිරාජ්‍ය ගැති ප්‍රතිපත්තියකට හැරවිලා. එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ගොස්‌ රජය රටේ ජනතාවට මර්ධනය එල්ල කර තිබෙනවා. රට තුළ ජාතිවාදී ගිනිදැල් ඇවිලිලා. මිනිසුන්ගේ සමාජ ජීවිතය ඇහිරිලා. උනුන් ඇන කොටා ගන්නා සමාජයක්‌ රට තුළ ඇති වෙලා. මෙම ප්‍රශ්නයට ප්‍රධාන පක්‍ෂ දෙකට උත්තර නැහැ වගේම ඔවුන් මෙම ප්‍රශ්නවලට උත්තරයත් නෙවෙයි. අපගේ ඉදිරිපත්වීම එම ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමටයි.

ප්‍රශ්නය - වමේ දේශපාලන පක්‍ෂ ප්‍රධාන දේශපාලන ධාරාවේ ඇති පක්‍ෂ තරම් සවිශක්‌තිමත් නොමැති බව පසුගිය මැතිවරණයන් තුළින් පෙන්නුම් කර තිබෙනවා. එම තත්ත්වය තුළ ඔබ පෙරමුණෙන් අරමුණු සාක්‍ෂාත් කර ගන්නේ කෙසේද?

පිළිතුර - වමේ පක්‍ෂ ශක්‌තිමත් නොමැති බව අවධාරණය වෙලා තිබෙන්නේ. මැතිවරණ ධාරාවේ ප්‍රශ්නයකින් නෙමෙයි. මිනිසුන් ගේ මත හැදීමේ සහ එයට අනුව අදහස්‌ හැදීමේ ක්‍රියාවලිය තුලින් මිනිසුන්ව පාලනය කරමින් තමයි මෙම ක්‍රමය පවත්වාගෙන යන්නේ. ඒ නිසා තමන්ගේ වමේ ප්‍රශ්නය විස¹ ගැනීම පිළිබඳ අදහස සමාජය තුළ දුර්වල වෙලා. 90 දී සෝවියට්‌ කඳවුරු බිඳ වැටීම. පසුගිය දශක දෙක තුළ සමාජවාදය පිළිබඳ සාකච්ඡා බිඳ වැටීම වැනි කරුණු එයට බලපා තිබෙනවා. පොදුවේ දුර්වලවී තිබෙන්නේ වමේ මතවාදයයි. එම දුර්වල තැන් නැවත ප්‍රතිනිර්මාණය කිරීම වෙනුවෙන් මෙම මැතිවරණය අප වේදිකාවක්‌ කර ගන්නවා.

ප්‍රශ්නය - පන්ති දේශපාලනය මතු කර ගන්න තිබෙන හොඳම වේදිකාව මැතිවරණයද?

පිළිතුර - නැහැ. මැතිවරණ සටන් බිම කියන්නේ ප්‍රධාන දේශපාලන පක්‍ෂවලට අවශ්‍ය ලෙසට සලසා ගත් සටන් බිමක්‌. කවුද වැඩියෙන් සල්ලි පොම්ප කරන්නේ. කාටද වැඩියෙන් මාධ්‍ය බලය තියෙන්නේ යන කරුණු මතයි. ඡන්ද ප්‍රතිඵල තීරණය වන්නේ එවැනි තරග බිමක වමට මහා බලයක්‌ ගන්න හැකිවේ යෑයි අප හිතන්නේ නැහැ. නමුත් ඒ වෙනුවට වෙනත් සටන් බිම්වලට පාලකයන් කැඳවීම සඳහා අප සටන් බිමට එනවා.

ප්‍රශ්නය - මේ තුළින් ගම්‍ය වන්නේ වමේ පෙරමුණ ජනාධිපතිවරණයක්‌ බලාපොරොත්තුවෙන් නොසිටින බවයි.

පිළිතුර - අපේ ජයග්‍රහණය වමේ මතය රටට ඉදිරිපත් කිරීමයි. එම දේශපාලන පියවරෙන් මතුවන ඉඩකඩ භාවිතා කරමින් ඉදිරියේ මතුවන දේශපලන අර්බුදයට තියුණු දේශපාලන මැදිහත්වීමක්‌ කිරීම අපගේ අරමුණයි.

ප්‍රශ්නය - රටේ ජනතාව වමේ දේශපාලනය වටා ගොනුකර ගැනීමට නොහැකිවී ඇත්තේ එහි නායකයන්ගේ හා ක්‍රියාකාරින්ගේ දුර්වලතා නිසා නොවේද?

පිළිතුර - එම ප්‍රතිඵලයට අදාල පැති කිහිපයක්‌ තිබෙනවා. ධනපති පාලකයෝ ඔවුන්ගේ මතය පීඩිත පන්තිය වෙත යොමු කිරීමට යටත්වෙලා තිබෙනවා. ඒ වගේම ජීවිතයත් සංවිධානය කළ යුතු දේශපාලන පක්‍ෂ පසුගිය කාලය තුළ දුර්වලවී තිබෙනවා. එම නිසා පීඩිත ජනතාවගේ දේශපාලන විග්‍රහය මොටවී තිබෙනවා. අනෙක්‌ කාරණය මෙම තත්ත්වයෙන් මිදීමට ජනතාවගේ මැලිවීමක්‌ දක්‌නට තිබෙනවා. මෙම පැති තුනේම ප්‍රශ්න තිබෙනවා. වටේ දේශපාලන උපක්‍රමවල ප්‍රශ්නයක්‌ තිබීමත් මෙම තත්ත්වයට හේතුවක්‌ වෙලා.

ප්‍රශ්නය - එම උපක්‍රමවල ප්‍රශ්නය කුමක්‌ද යන්න වමේ පෙරමුන හඳුනාගෙන තිබෙනවාද?

පිළිතුර - අනිවාර්යයෙන්ම අප හ\qනාගෙන තිබෙනවා. පැරණි සමාජවාදි කඳවුර තුලින් මතු වූ අඩුපාඩුකම් අප හඳුනාගෙන තිබෙනවා වගේම ඇගයීමකට ලක්‌කර තිබෙනවා. ඒ නිසා තමයි පෙරටුගාමී සමාජවාදී නිර්මාණය වුණේ. නමුත් ජනතා විමුක්‌ති පෙරමුණට බැරි වෙලා තිබෙනවා සත්‍යවාදයෙන් ගැලවීමට පැරණි සමසමාජ පක්‍ෂය, කොමියුනිස්‌ට්‌ පක්‍ෂය කළ වැඩේ තමයි වෙන විදියකට ජනතා විමුක්‌ති පෙරමුණ අද සිදු කරමින් තිබෙන්නේ.

ප්‍රශ්නය - ජනාධිපතිවරණයට අදාල ප්‍රතිපත්ති ප්‍රකාශයක්‌ ඉදිරිපත් කරනවාද?

පිළිතුර - ඔව් අප එය ඉදිරියේදී ජනතාව අතට පත් කරනවා. මූලික වශයෙන් ආර්ථික රාජ්‍ය පාලනය හා ජාතික ගැටලුව සම්බන්ධයෙන් අදාල අපගේ ප්‍රතිපත්ති එහි ඇතුළත්. බහුතර ජනතාවක්‌ ඉතා සුළුතර දේශපාලකයන් පිරිසකට හා පක්‍ෂ කිහිපයකට නතුවී තිබෙනවා. ඔවුන් පවත්වාගෙන යන්නේ බහුතරයට අවශ්‍ය ක්‍රමයක්‌ නෙමෙයි. බලය සුළුතරය අතර මධ්‍යගත කර ගන්නේ කෙසේද යන්න බලය සම්බන්ධයෙන් ඔවුන් කල්පනා කරනා කාරණයයි. නමුත් සමාජවාදී පාලකයන් කියන්නේ පීඩිත ජනතාවගේ පාලනයක්‌ පරමාධිපත්‍ය බලය මිනිස්‌සු අභ්‍යාසයක්‌ ගන්න ක්‍රමයක්‌.

ප්‍රශ්නය - සමාජවාදී පාලනයක ව්‍යවස්‌ථාව හැදෙන්නේ කෙසේද

පිළිතුර - එය සැකසෙන්නේ රටේ ජනමත විචාරයකට යොමුකරලයි. අප දැන් පාලනය වන නීති 1972, 1978 නීති එකක්‌වත් රටේ ජනතාවගෙන් ව්‍යවස්‌ථාකින් සම්මත කර ගත් ඒවා නෙමෙයි. නීතිය නොදැන සිටීම නිදහසට කරුණක්‌ නෙමෙයි කීවත් අපි හදපුවත් සම්මත කරගත්ත එකක්‌වත් නෙමෙයි. නමුත් සමාජවාදී කාලයක්‌ තුළ නීති සකසන්න ජනතාවගේ අදහස්‌ විමසනවා. ජනතාව ඉදිරියට නැවත එය ඉදිරිපත් කරනවා.

ප්‍රශ්නය - ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව රට තුළ නිරන්තරයෙන් කථාබහට ලක්‌වෙනවා. මේ කතා බහ තුළ ප්‍රජාතන්ත්‍රවාදය නිසි ලෙස හඳුනාගෙන ඇතිද යන්න ඔබ සිතනවාද?

පිළිතුර - වත්මන් පාලනය තුළ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ බරපතල කාරණයක්‌ එල්ලවී තිබෙනවා. මෙය ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්‌ඩුවක්‌. නමුත් ඇතැමෙක්‌ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ තමන්ට අහිමිවී ගිය ප්‍රජාතන්ත්‍රවාදය ගැනයි. එම ප්‍රශ්නය එක සීමාවකට පටු කරන්න ඔවුන් උත්සාහ කරනවා. විපක්‍ෂය කියන ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරනවා කියන ව්‍යාපෘතිය ගැන අපට විශ්වාසයක්‌ නැහැ. මේ සියල්ල සිදුවන්නේ තම තමන්ගේ පුද්ගලික අරමුනු වෙනුවෙන්. ප්‍රජාතන්ත්‍රවාදය ඉදිරියට දමා ගෙන මේ සිදු කරන්නේ දේශපාලන උගුලක්‌. ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදී කාරණය ජනතාවට අදාලව මීට වඩා බරපතලයි.

ප්‍රශ්නය - ඔබ පෙරමුණ වමේ පෙරමුණ ලෙස හැඳින්නුවත් වමේ පක්‍ෂය බහුතරයක්‌ ඔබ පෙරමුණ සමග නැහැ නේද?

පිළිතුර - වමේ පක්‍ෂ කියන ගොඩක්‌ පක්‍ෂ මේ වෙලාවේ ප්‍රධාන කඳවුරු දෙකෙන් එකකට තුරුළු වෙලා ඉන්නේ. සමහරු තුරුළු වෙන්න බලාගෙන ඉන්නවා. සමහරු තුරුල්වෙන්න බැරිව දුකෙන් ඉන්නේ. ඒ තුළ අප සැබෑ වම වෙනුවෙන් පෙනී සිටිනවා.

ප්‍රශ්නය - පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නියමිතව සිටි කුමාර් සහෝදරයාට මොකද වුණේ?

පිළිතුර- කුමාර සහෝදරයාව පැහැර ගත්තේ, රටින් පිටුවල් කළේ මේ ආණ්‌ඩුවයි. ලලිත් කූගන් සහෝදරවරු තවමත් අප අතරට එවා නැහැ. අප බරපතළ මර්ධනයකට මුහුණ දුන්නා. අප කුමාර් සහෝදරයව ගෙන්වා ගන්න උත්සාහ කළා. එහෙත් ඒ සඳහා යම් යම් බාධාවන් තිබෙනවා. එම බාධාවන් ඉවත්කර ගත් පළමු මොහොතේම අප ඔහුව මෙහි ගෙන්වා ගන්නවා.

ප්‍රශ්නය - කුමාර් සහෝදරයා වෙනුවට නාගමුව සහෝදරයා ජනාධිපතිවරණ සටනට පැමිණ පැමිණ තිබෙනවා. ඒ සඳහා පැමිණීමට ඔබට ඇති සුදුසුකම කුමක්‌ද?

පිළිතුර - පුද්ගලයකු ලෙස ඇති සුදුසුකමට වඩා වැදගත් දේශපාලන ප්‍රතිපත්තිය සහ වැඩපිළිවෙලයි. අපට ඇති සුදුසුකම එයයි.

සාකච්ඡා කළේ - සිරිමන්ත රත්නසේකර
දිවයින - ඉරිදා සංග්‍රහය

Thursday, December 4, 2014

දුප්පත් ජවිපෙ දුප්පත් මඩවලින් ඇනගනී

ජනතා විමුක්තිපෙරමුණෙහි නියොජිතයින් විසින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය පිලිබඳව මඩ ප්‍රචාරයක් දියත්කරමින් සිටී. මෙහි දැක්වෙන්නේ එම මඩ පෝස්ටුවයි.

පසු සටහන - 

දෙසැම්බර් 9 රැලියට නුගේගොඩ එළිමහන් රංග පීඨය පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ලබා ගැනීම ගැන ජ.වී.පෙ. විසින් මඩ ප්‍රචාරයක් ගෙන යමින් තිබෙනවා. මේ පැහැදිලි කිරීම කරන්නේ ඒවා කවුරුත් විශ්වාස කරයි කියලා හිතන නිසා නෙවෙයි. ජ.වී.පෙ. ප්‍රතිපත්තිමය විවේචනයක් තබා මඩක්වත් නිවැරදිව ඉදිරිපත් කිරීමට අසමත් වීමට මේක හොඳ උදාහරණයක් නිසා.

මේ දිනවල නුගේගොඩ එළිමහන් රංග පීඨය කවුරුත් වෙන් කර නැති බවත් නත්තල් පොලක් නොපැවැත්වෙන බවත් ඕනෑම කෙනෙකුට කෝට්ටේ මහා නගර සභාවෙන් විමසා හෝ එතනට ගිහින් තහවුරු කර ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අනෙක් අවුරුදු වල දෙසැම්බර් 1වැනිදා සිට 31 වැනිදා දක්වා එතන ව්‍යාපාරික කටයුතු වලට ලබා දෙන නිසා රැස්වීම් වලට නොදෙන සම්ප්‍රදායක් තිබුනා.(2වැනිදා සිට නෙවෙයි.) නමුත් මැතිවරණ කාලයකදී එම සම්ප්‍රදාය වෙනස් කරනවා. ජ.වී.පෙ. ත් 1වැනිදා එතැන රැස්වීමක් පැවැත්වුවා. එක ගත්තෙත් මහින්දට කියලාද දන්නේ නෑ. අපිටනම් තැන වෙන්කර ගන්න අවම වශයෙන් නගරාධිපතිවත් හමු වෙන්න අවශ්‍ය වුනේ නෑ. අනෙක් අයටත් එහෙමයි. නගර සභා නිලධාරීන්ගෙන් වෙන් කර ගන්න පුළුවන්. දෙන්න බෑ කිවුවොත් මැතිවරණ කොමසාරිස්ට බලය තිබෙනවා කලින් කළ වෙන් කිරීම් අවලංගු කර පක්ෂ වලට ස්ථාන ලබා දෙන්න. ඌව පළාත්සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය රැස්වීම් සඳහා පිට්ටනි ගත්තේ එහෙමයි. 

මෙවර ජනාධිපතිවරනයේදී මෛත්‍රීට සහය නොදෙන, එ.ජා.ප. ආණ්ඩුවක් හදන්න සෘජුව හෝ වක්‍රව මැදිහත් නොවන අය මහින්දට සහය දෙනවා කියලා මඩ ගැසීම තුන්වන දේශපාලන ප්‍රවේශයක් විශ්වාස නොකරන, තිබෙන්නේ එ.ජා.ප. සහ ශ්‍රී.ල.නි.ප. දේශපාලනය පමණයි කියලා හිතන බංකොලොත් දේශපාලනයක ප්‍රතිපලයක්.(1994දී ජ.වී.පෙ. වෙනම මැතිවරණයට ඉදිරිපත් වන විටත් ඒක එ.ජා.ප.යට වාසි දීමක් කියලා චෝදනාවක් ආවා.) ඒ තර්කයට අනුව වමට කරන්න තිබෙන්නේත් ඒ දෙකෙන් එක පැත්තකට හේත්තුවන පන්ති සහයෝගීතා දේශපාලනය විතරද? අද ජ.වී.පෙ. ඒ ගොහොරුවට වැටිලා ඉවරයි කියලා මේ අවලාද වලින්ම පේනවා. 

සමාජයක් විදියට අපට ගැලවීමක් තිබෙන්නේ මේ ධනපති කඳවුරු දෙකෙන් එකක් වරින් වර වැළඳ ගැනීමේ නෙවෙයි, වමේ විකල්පයක් සඳහා සමාජ මතයක් ශක්තිමත් කිරීමෙන්. මේ සියලු ද්වේශසහගත අවලාද මැදත් අපි ඒ වෙනුවෙන් වෙහෙසෙමු.

Tuesday, December 2, 2014

අපි එන්නේ වමේ මතයක් ගොඩනගන්න - දුමින්ද නාගමුව

එළැඹී ඇති ජනාධිපතිවරණය හමුවේ විවිධ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් ඊට මුහුණ දෙන ආකාරය පැහැදිලි කරමින් තිබේ. පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු වාමාංශික පක්ෂ විසින් පසුගිය දා සිය එළැඹුම ප‍්‍රකාශයට පත් කරන ලදී. ‘වාමාංශික පොදු අපේක්ෂකයා’ වශයෙන් පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව සමඟ ‘ජනරළ‘ ඉරිදා සංග්‍රහය කළ සංවාදයයි මේ.

වමේ පොදු අපේක්ෂකයෙක් හැටියට මේ ජනාධිපතිවරණයට ආවේ ඇයි?

අපි හිතනවා සමාජය මුහුණ දීලා තිබෙන සමාජ ආර්ථික ප‍්‍රශ්නවලට විකල්පය තියෙන්නේ වමෙන් කියලා. සමාජවාදී සමාජ ක‍්‍රමයක් ඇතුළේ කියලා. ඒ සඳහා කරන අරගලයක් තියෙනවා. ඒ සඳහා වෙච්ච දේශපාලන කි‍්‍රයාකාරීත්වයක් අවශ්‍යයි කියන ස්ථාවරයේ ඉදිමින් තමයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය නිර්මාණය කරන්න මැදිහත් වුණේ. මෙහිදිත් ඒක මූලික වුණා. අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ පහුගිය කාලයේ අපි යම් යම් කි‍්‍රයාකාරකම්වල එකට හිටියා. ඒ හැම අවස්ථාවකම එකට වැඩකරපු දේශපාලන පක්ෂ සියල්ලටම අදහසක් තිබුණා වමේ මතයක් ශක්තිමත් කරන්න ඕන කියලා.

මේ රටේ දුක් විඳින මිනිසුන් වැඩ කරන පීඩිත ජනතාවගේ බලයක් ස්ථාපිත කරන දේශපාලන වගකීමක් අපට තියෙනවා. ඒ නිසා තමයි අපි හිතුවේ ජනාධිපතිවරණයට වමේ පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න ඕන කියලා.

ඔබ මහින්දගේ පාලනය දකින්නේ කොහොමද?

2005න් පස්සේ ඇතිවුණු පාලනයේ සහ එතෙක් තිබිච්ච පාලනයන්ට වෙනස්කමකුත් තියෙනවා. ඒ වගේම පොදුකමකුත් තියෙනවා.

පොදු ස්වභාවය ගත්තොත් 1977ට පස්සේ ලංකාවෙ ක‍්‍රියාත්මක වුණ නවලිබරල් ධනවාදී ආර්ථික ප‍්‍රතිපත්ති. ජේ. ආර්. ජයවර්ධන මේක කි‍්‍රයාත්මක කරන්න පටන් ගත්තා. ඉතා වේගයකින් ඒකට අවශ්‍ය කරන ප‍්‍රතිසංස්කර ඒකට අවශ්‍ය කරන පාලන ව්‍යූහයක් හැදුවා. ඒ ප‍්‍රතිසංස්කරණ ගෙනල්ලා ජේ. ආර්. ජයවර්ධන ගෙනාපු ආර්ථික ප‍්‍රතිපත්තිය කියා විශාල ගැටලූ ඇතිවුණා. ඒ තුළ ආර්ථික ආර්බුදය, ඒ දේශපාලන අර්බුදයක් ප‍්‍රකාශ වුණා. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විරුද්ධව විශාල ජන රැල්ලක් ඇතිවුණා. ඒත් 1994පත් වුණු පොදු පෙරමුණු අවසානයේ පාර්ලිමේන්තුව තුළ දී මන්ති‍්‍ර ධුර එකකින් දෙකකින් තමයි ඔවුන් බලය පවත්වගෙන ගියේ. ඊට පස්සේ ආපු ආණ්ඩුවලට මේ ප‍්‍රතිසංස්කරණ කි‍්‍රයාත්මක කිරීමේ උවමනාව තිබුණත් ඒ බලාපොරොත්තු වෙච්ච වේගයෙන්ම කි‍්‍රයාත්මක කරන්න බැරිවුණා. හැබැයි 2009යුද්දේ අවසන් වීමෙන් පස්සේ මතුවෙච්ච දේශපාලන තත්වයක් තියෙනවා. එය අවසන් වීමෙන් පස්සේ රට ඇතුලේ යම් දේශපාලන පෙළ ගැස්මක් ගොඩනඟා ගන්න ආණ්ඩුව සමත් වුණා. මේකට එක පැත්තකින් යුද්දෙ පාවිච්ච් කළා. ඒක ඇතුලේ පාර්ලිමේන්තුව තුළ 3/2බලයක් ගොඩනඟා ගත්තා. එතනින් පස්සේ ජයවර්ධන ගෙනිච්ච වැඩපිළිවෙළම දෙවැනි පරිච්ෙඡ්දය අත ගහන්න හැකිවුණා. ඒ නිසා රාජපක්ෂ පාලනය අපි දකින්නේ ඒ දෙවැනි කාල පරිච්ෙඡ්දය තුළ නව ලිබරල් ධනවාදී ප‍්‍රතිසංස්කරණ ගණනාවක් කි‍්‍රයාත්මක කරමින් ඉන්න ආණ්ඩුවක් විදිහට. විසි අවුරුදු සැලැස්මක් ගෙනල්ලා විවිධ ක්ෂේත‍්‍රවලට අදාළව කි‍්‍රයාත්මක කරමින් ඉන්නවා.

නැවතට වටයකින් ලෝකයේ අධිරාජ්‍යවාදී වුවමනාවන්ට බහු ජාතික සමාගම්වල අවශතාවලට රට සූදානම් කරමින් පසුවෙන යුගයක් මේ තියෙන්නේ. නිසා මේ වනකොට රට විශාල ණය කන්දකට යට කොට හමාරයි. ඒ නිසා නැවතත් දැවැන්ත දේශපාලන ආර්ථික අර්බුදයකට රට ගමන් කරමින් තියෙනවා. ඒක නිසා ඇතිවන ජනතා නැඟිටීම් වැළැක්වීම සඳහා විශාල මර්දනයක් කි‍්‍රයාත්මක වෙමින් තියෙනවා.

මේ මොහොතේ දේශපාලනයේ අවධානය තියෙන්නේ ව්‍යවස්ථාදායකය යටපත් කර විධායකය බලවත් වීම ගැනයි. එහෙම තියෙද් දී වමේ අපේක්ෂකයාගේ භූමිකාවකට ඉඩක් ලැබෙයිද?

අපි කලින් පැහැදිලි කරගත්තා වගේ ජනතාව දෘෂ්ටිවා දී, මතවා දී වසඟයට අවනත කර පාලනය කිරීමට මැදිහත් වෙනවා. එක පැත්තකින් මර්දනය සමාජයට මුදා හැරලා තියෙනවා. ඒ මර්දනයට මුහුණ දෙන කොටස් තුළ විරෝධය හා උද්වේගය මතුවෙමින් තියෙනවා. ප‍්‍රජාතන්තවාදය සඳහා විශාල දේශපාලන අවශ්‍යතාවක්, උද්යෝගයක් මතුවෙලා තියෙනවා.

විශේෂයෙන්ම පහුගිය කාලේ තමිල් කතාකරන ජනතාව තුළ ඒ දේශපාලන අභිලාෂය වර්ධනය වෙලා තියෙනවා. ඒ වගේම ශිෂ්‍ය ව්‍යාපාරයේ අරගල තුළ අධ්‍යාපනයේ නිදහස පිළිබඳ, ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ දේශපාලන අභිලාෂයන් වර්ධනය වෙලා තියෙනවා. සටන් කරන වෘත්තීය සමිති හා පොදුවේ කම්කරු ව්‍යාපාරය තුළ උද්යෝගයක් මතුවෙලා තියෙනවා.

දැන් ඒ පීඩිත ජන කොටස් අතර තිබෙන වැඩෙන දේශපාලන මතය එක් කණ්ඩායමක දේශපාලන අභිලාෂයන් වෙනුවෙන් යොදා ගන්න හදනවා. තවත් ධනේශ්වර ව්‍යාපෘතියක් සඳහා ඒ සටන්කාමීත්වය යොදාගන්න යන අය, හැම වෙලාවකදීම පීඩිතයන් අතර ඇති උද්යෝගය මේ හා සාකච්ඡුාව සීමා කරනවා. ඒ අයට ඕන මේ සංවාදය බලය හුවමාරු කිරීමේ සීමාවක නතර කරගන්න. මෙතන තියෙන ප‍්‍රශ්නය, විධායක ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර තුලනයක් ඇති කරන එක විතරද?

ව්‍යාවස්ථාදායකය කාගේ උවමනාවන්ද ඉටුකරන්නේ කියන එක. ඒ ව්‍යස්ථාදායකය ඉටු කරන්ණේ මේ රටේ සාමාන්‍ය ජනතාවගේ උවමනාවන්ද? මේ රටේ පීඩිතයන්ගේ උවමනාවන්ද? මේ දෙක අතර සංවරණය හා තුලනය ගොඩ නැඟුනාම සේරම හරිද?

වැලිවේරියේ ජනතාව පිරිසිදු වතුර ඉල්ලලා සටන් කරද්දි, නිරායුද මිනිස්සුන්ට වෙඩි තබනවා. ඒ තීරණය ගන්නේ ජනාධිපති, ආරක්ෂක ඇමැති වශයෙන් ඔහු තමයි සියලූ තීරණවලට මැදිහත් වෙන්නේ. වේදිකාවට ගෙන්නෙ නැති කොටසක් මේ ප‍්‍රශ්නෙ තියෙනවා. ඒක තමයි ඇත්තටම මේ රටේ පීඩිත ජනතාව සාතිශය බහුතරයක් මුහුණ දී තිබෙන මහා බරපතළ ප‍්‍රශ්නය. ඒ ප‍්‍රශ්නේ ගන්නේ නැතුව ව්‍යුහවලට බලය නතුකර ගැනීමේ, බලය තුලනය කරගැනීමේ, සාකච්ඡාවකට සීමා වෙනවා. සාකච්ඡාවේ දේශපාලන පටු බවක් තියෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ සාකච්ඡාවෙ බාගයක්වත් එතන නෑ. ඒක අරික්කාල් ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් විදිහට තමයි අපි සලකන්නේ. නමුත් ඒ සීමාව අභිබවා යා යුතු ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගලයක් අපට තියෙනවා.

මොන ප‍්‍රජතන්ත‍්‍රවාදී අරගලයක් ගැනද ඔබ මේ කියන්නේ?

පැහැදිලිවම අපි මේ කතා කරන්නේ නිර්ධන පන්තියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන. සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, එහෙම නැත්නම් සම්පුර්ණ ප‍්‍රජාතන්තවාදය පිළිබඳ ප‍්‍රශ්නය ගැනයි අපි කියන්නෙ. ඒ සාකච්ඡාව ගන්නෙ නැතුව බොහෝ දෙනෙක් කැමතියි අර කලින් කියපු විදියට ප‍්‍රජතන්ත‍්‍රවාදය පිළිබඳ ප‍්‍රශ්නෙන් අරික්කාලක් විතරක් ගන්න.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නෙ මැතිවරණවලටයි ජනතාව ඡන්දය ලකුණු කරන එකටයි නෙවෙයි. එක කණ්ඩායමකට බලය මාරු කරන එක ගැන නෙවෙයි අපට ප‍්‍රශ්නෙ තියෙන්නෙ. ජනතාවගේ අභිලාෂයන් සහ ඒවා සකී‍්‍රය කිරීමේ ක‍්‍රියාදාමයයි ප‍්‍රජාතන්ත‍්‍රවාදය. ඒ සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන තමයි අපේ අරගලය තියෙන්නෙ.

මේ වනවිට මහින්ද රාජපක්ෂ පාලනය ෆැසිස්ට් තත්වයක් කරා වර්ධනය වෙමින් තිබෙවා. එවැනි පරිසරයක සියලූ දෙනා එක්ව එම තත්වය පරාජය කිරීමට කටයුතු කළ යුතුයි නේද?

මහින්ද රාජපක්ෂගේ තුන් වැනි ධුර කාලයක් කියල කියන්නේ පැහැදිලිවම බරපතළ මර්දනයක් කැඳවන කාල පරිච්ෙඡ්දයක් වෙන්න පුළුවන්. ඒ සඳහා බලපාන සමාජ තත්වයක් ඇතුලේ තමයි අපි ඉන්නේ. මේ ආර්ථික අර්බුදය විසින් ජනතාවගේ අරගල පැන නඟිනවා. ඒ සටන් පැන නඟද්දි ඒවා මර්දනය කිරීම සඳහා අවශ්‍ය කරන පුර්ව සූදානම් කිරීම් කරනවා. දැවැන්ත මුදලක් වෙන්කරලා විශාල මර්දන යාන්ත‍්‍රණයක් හදමින් සහ නඩත්තු කරමින් තියෙනවා. ආරක්ෂක වැය ශිර්ෂය සඳහා අය වැයෙන් බිලියන ගාණක් වෙන් කරනවා. ඒ මර්දන යන්ත‍්‍රය හදන්නේ ඉදිරියේ දී මතුවෙන්න නියමිත දේශපාලන අරගල මර්දනය කිරීම සඳහා. අනිත් පැත්තෙන් එවැනි මර්දනයක්, ඒකාධිපති වියරුවක් එන්නෙ ඇයි? නිකන් ආශාවට කවුරුවත් මර්දනයට ප‍්‍රවේශ වෙනවා නෙමේයි. ඒ අර්බුදය මතුවෙන්නේ වර්ධනය වන තත්වයන් තුළ.

සමාජයේ එක් එක් බලවේගයන්ගේ අවශ්‍යතාවන් ඉෂ්ට කරගන්න පාලනයකට බැරිවුණාට පස්සේ ඒ අවශ්‍යතා වෙනුවෙන් සටන් පැන නඟිනවා. මේ සටන් මර්දනය කරමින් තමයි ඒකාධිපතිවාදයක් ගොඩ නැෙඟන්නේ. මහින්ද රාජපක්ෂ වෙනුවට වෙන කෙනෙක් ගොඩනැඟීමෙන් ඒ ප‍්‍රශ්නය විසඳෙන්නෙ නෑ. එහෙම වෙනවා කියනවා නම් ඒ කියන අය වසන් කරන යමක් තියෙනවා. වසන් කරන සමාජ ආර්ථික ගැටලූ විසඳන්න නම් සමාජ ආර්ථික පරිවර්තනයක් ඕන වෙනවා. ඒක අමතක කරලා වෙනත් කණ්ඩායමකට බලය මාරු කළාම මර්දනය හෝ අත්තනෝමතික වියරුවක් ඇතිවෙන හේතුව අහෝසි වෙන්නෙ නෑ.

දැනටමත් මැතිවරණ ප‍්‍රචාර ආරම්භ කර ඇති මහින්දගෙයි මෛති‍්‍රපාලගෙයි තරගයක දී වම දිනවන්න කියලා කියන්නෙ කොහොමද?

ජනාධිපතිවරණයක දී ප‍්‍රධාන අවධානය එන්නේ ප‍්‍රධාන අපේක්ෂකයෝ දෙන්නෙකුටනේ. එවැනි අභියෝගයකට මුහුණ දීමේ අමාරුකමක් තියෙනවා. නමුත් අපි හිතනවා. මේකට විකල්ප දේශපාලන අවකාශයක්, දේශපාලන විකල්පයක් තියෙයි කියලා. ඒ නිසා අපි උත්සාහ කරන්නේ අන්න ඒ දේශපාලන මතය සමාජගත කරන්න. ඒ දේශපාලන අදහස සමාජයට ගෙන්න. ඒ දේශපාලන අවකාශය පාවිච්චි කරන්න. මේ සමාජය ගමන් කරමින් සිටින තැන සම්බන්ධයෙන් අදහසක්, මේ දේශපාලන අවස්ථාව පාවිච්චි කරලා දෙන්න.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ දී වැදගත් වෙන්නෙ අපිට ලැබෙන පංගුව, අපිට ලැබෙන ඡන්ද ප‍්‍රමාණය මත නෙවෙයි. ජයග‍්‍රහණය තීරණය වෙන්නේ. වමේ මතයක් නැතුව මේ දේශපාලන මොහොත තල්ලූවී යාම වැළැක්විය යුතුයි. මේ අවස්ථාව වමේ මතයක් ඉදිරිපත් කරමින් විකල්පය තියෙන්නේ වමේ කියන අදහස සමාජයට ඉදිරිපත් කිරීමෙන් තමයි දේශපාලන ජයග‍්‍රහණයක් ලැබෙන්නෙ.

නවලිබරල් ධනවාදී ප‍්‍රවේශය තුළින් ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ ඉටු කරගැනීමට හැකියැයි මතයකුත් ප‍්‍රකාශ වී තිබෙනවා නේද ?

මට හිතෙන්නේ ඔබ අහන්නේ නිම නොවූ ධනේශ්වර කර්තව්‍යයන් පිළිබඳව. ධනවාදයේ උත්පාත අවදියේ ධනපති ක‍්‍රමයට ඕන වුණා එතෙක් තිබුණු සමාජයේ සියලූම බෙදීම් අහෝසි කර එකවර නිශ්පාදනය සඳහා මහා බලවේගයක් කැඳවන්න.

ගැහැණු පිරිමි කියලා තිබුණ වෙනස්කම් සහ කාන්තා පීඩනය අහෝසි කරන්න. නැත්නම් කුල ප‍්‍රශ්නය අහෝසි කරන්න. රදල වැඩවසම් ක‍්‍රමයේ රදලයන්ට තිබුණු මහා බලයක් අහෝසි කරන්න. ඔන්න ඔය කියන සමාජ ආර්ථික හේතු නිසයි. ධනේශ්වර විප්ලවවලදී ඒ ප‍්‍රතිසංස්කරණ අවශ්‍යතා පැන නැඟුනේ. හැබැයි ඒ අරමුණු වෙනුවෙන් දේශපාලන වශයෙන් ප‍්‍රබල මතයකුත් ගොඩ නැගුවා. ඒ වෙනුවෙන් ලිබරල්වාදීන් හිටියා. සාධාරණන්වය, යුක්තිය, සමානාත්මතාවය මේව තමයි සටන් පාඨ වුණේ. දියුණු ධනේශ්වර රටවල්වල විශාල ප‍්‍රමාණයකට මේ පරිවර්තනය සිද්ධ වුණා. හැබැයි අපි වගේ පසුගාමී ධනේශ්වර සංවර්ධනයක් සහිත රටක ඒ දේ සිද්ධ වුණේ නැහැ. ඉතිරි කරපු ප‍්‍රශ්න ගොඩක් තියෙනවා.

ඒ ප‍්‍රශ්න නැවත විසඳීම සඳහා අවශ්‍ය කරන ආර්ථිකමය දැක්මක් ආර්ථිකමය සුදානමක්වත් ඒකට අවශ්‍ය කරන දේශපාලන මතවාදී සුදානමක්වත් නැහැ. ඒ නිසා දැන් මේ ඉන්න ධනපතියන්ට ධනපති කොටස්වලට ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධයෙන් එහෙම නිම නොවූ කර්යයක් ඉෂ්ට කිරීමේ හැකියාවක් නැහැ. හැබැයි, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධ ඉල්ලීම් ප‍්‍රතිසංස්කරණ සඳහා වන අවශ්‍යතාව හෝ ඒවා ඉල්ලා සිටින එක, ඒ වෙනුවෙන් සටන් වදින එක අපි බැහැර කරන්නේ නැහැ. අපි ඒ වෙනුවෙන් සටන් වදිනවා. මොකද ඒ සටන හරහා තමයි යම් දවසක සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනාගැනීම දක්වා අරගලයකට පීඩිත පන්තිය ගේන්න පුළුවන්. පීඩිත පන්තිය විසින් තම අතීත අභිලාෂයන් හඳුන ගන්නේ මේ සටන ඇතුලේ. ඒ නිසා ඒ සටන අත්‍යවශ්‍යයි.

විධායකය විසින් අත්තනෝමතිකභාවයක් ගොඩනඟනවිට ව්‍යවස්ථාදායකය යොදවා එය තුලනය කිරීම කළ හැකි බවට වන මතය ගැන ඔබේ අදහස?

ලෝකයේ වෙච්ච ධනේශ්වර විප්ලවවලින් මේ අදහසට ආවෙ. විශේෂයෙන්ම ප‍්‍රංශ විප්ලවය. අමෙරිකාවේ වෙච්ච නිදහස් අරගල වලින් විශාල බලපෑමක් කළා. ඒවගෙන් ගෙනාපු මතය අනුව ජනතාවට තමයි පරමාධිපත්‍ය තියෙන්නේ. ජනතාව කාලෙන් කාලෙට ජනතා පරමාධිපත්‍ය පවරනවා කියන එක තමයි ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආකල්පවලින් ගෙනාපු අදහස. පාර්ලිමේන්තු හැදෙන්නේ ඒකට අනුව.

එතනින් ආපු ඉදිරි පියවර විධායකය ව්‍යවස්ථාදායකය අධිකරණය මේවගේ ආයතනවලට තමයි ජනතා පරමාධිපත්‍ය පවරන්නේ. ව්‍යවස්ථාදායක බලයක් නියෝජිතකයන්ට පවරලා දෙනවා. ප‍්‍රශ්නෙ තියෙන්නේ මේ දෙන බලය නැවත ගන්න නැවත අගයන්න හැකියාවක් නෑ. ජනතා පරමාධිපත්‍ය නැමති බලය ජනතාවට හිමිවෙන විදිහට නෙමෙයි මේ ආකෘතිය හැදිලා තියෙන්නේ. අවුරුදු 5කට පාරක් ලොකු මතවාදී බලපෑමක් කරලා. මිනිස්සුන්ගෙ ඔලූ කරකවලා ලොකු බලයක් හදනවා. ඊට පස්සේ ඡන්ද ගන්නවා. ආණ්ඩු හදනවා. නැවත නැවත ඒ ආණ්ඩුවලට රිසි සේ පාලනය ගෙන යනවා. ඒ පාලනයට අදාළ මූලික නීති සහිත ව්‍යවස්ථාව ගෙනැල්ලා තියෙන්නේ මිනිසුන්ගේ අනුමැතියකින් නෙමෙයි. 78ව්‍යවස්ථාව ගත්ත් 72එකක්වත් ජනතාවට ඉදිරිපත් කරලා. ජනමතය විචාරණයකින් ජනමතය විමසීමකින් නෙමෙයි.

පරමාධිපත්‍ය බලය පාලනය වෙන විදිහකට මේ සමාජයට ක‍්‍රමවේදයක් ගේන්න ඕන. එහෙම පාලනයක් සඳහා වූ ඉල්ලීම් පදනම් කරගත්ත අරගලය දැන් පටන් ගන්න ඕන. එතකොට එහෙම පාලනයක් හදන්න පුළුවන්වන්නේ ජනතාවට හිමි දේශපාලන බලයක් තුළ.

විධායක ජනාධිපති ක‍්‍රමය පාර්ලිමේනතුවට වගකියන අගමැති ධුරයක් දක්වා සංශෝධනය කළ හැකි බව විපක්ෂයේ පොදු අපේක්ෂකයා විසින් කියනු ලබනවා. ඒ ගැන එකඟද?

විපක්ෂයේ පොදු අපේක්ෂකයා තාම ආව විතරයිනේ. ගායකයා තාම වේදිකාවට නැග්ග විතරයි. සින්දුව කියලා නැහැ. ඒ නිසා ඒ ගොල්ලෝ ඒගොල්ලන්ගේ ප‍්‍රතිපත්තිය ඉදිරිපත් කරන්න ඕන. ප‍්‍රතිපත්ති ඉදිරිපත් කළාම අපිට කියන්න පුළුවන් මොකක්ද කරන්නේ කියලා.

හැබැයි දැනට ආපු ඉගි බිගි තියෙනවා. ඒ කවුරුවත් එක අදහසක ඉඳලා නෙමෙයි කතා කරන්නේ. උදාහරණයක් විදියට හෙළ උරුමය මේකේ පොඩි පොඩි කෑලි ටිකක් කියනවා. විධායක බලය අයින් කළාම ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඔපමට්ටම් කරන් යන්න පුළුවන් කියලා හිතනවා. තවත් සමහරු කියනවා විධායක ක‍්‍රමයම අහෝසි කරන්න ඕන කියලා. ඉතින් මේ සියලූ දෙනාම එකතු වුණත් මොකක්ද කියන්නේ කියලා හරියට තේරෙන්නේ නැහැ.

වමේ පොදු අපේක්ෂකයකු වෙනුවෙන් එකතු වී සිටින පක්ෂ හා සංවිධාන මොනවද?

අපි දැනට සාකච්ඡා කරලා තියෙනවා, නව සමසමාජ පක්ෂය විදිහට සහාය ලබා දෙනවා. සමාජවාදි පක්ෂය, ප‍්‍රැක්සිස් සාමූහිකය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂය, ඒ වගේම අපි තව සංවිධාන ගණනාවක් එක්ක සාකච්ඡා කරන්න නියමිතව තියෙනවා.

විපක්ෂයේ අපේක්ෂකයා ලෙස ප‍්‍රකාශයට පත්කළාට පසුව ඇතිව තිබෙන නව තත්වයක් ගැනත් සලකමින් වාමාංශික පක්ෂවල තීරණය ගැන ඉදිරියේදි නැවත සලකා බලනවද?

පැහැදිලිව අපි ගත්ත තීරණ මේ නව වෙනස්කම්වලට අදාළව වෙනස් කළ යුතු නෑ. අපි කරගෙන ආව සංවාදය දැන් තාර්කික වෙලා තියෙනවා. ආණ්ඩු බලය හිමි පක්ෂයේ හිටපු ලේකම්වරයා දැන් ඔවුන්ගේ පක්ෂයෙන් ඉවත් වෙලා විපක්ෂ අපේක්ෂකයා විදිහට ඉදිරිපත් වීමෙන් ආණ්ඩුවට අර්බුදයක් තියෙනවා. ඕක හැමදාම වෙච්ච වැඩක්, ඕක ඒතරම් දෙයක් නොවෙයි කියල ආණ්ඩුවේ කට්ටිය කිව්වට ප‍්‍රශ්නයක් තියෙනවා. ආණ්ඩුවෙන් ඇවිත් ඔවුන් පවත්තපු පළමු වැනි මාධ්‍ය සාකච්ඡාවත් වාරණය කරන්න, එක ජනතාවට පේන්නෙ නැතිවෙන්න කටයුතු කරන්නයි ආණ්ඩුව උත්සාහ කළේ. දෙවනුව ගත්තොත් එහෙම මේ පොදු අපේක්ෂකයා විදිහට ඉදිරිපත් වන කණ්ඩායම ප‍්‍රතිපත්තිමය වශයෙන් ඉදිරිපත් කරන්නෙ මොනවද? ඔවුන්ගේ දේශපාලන භාවිතාව ඇතුලේ වගේම පහුගිය කාලෙත් ඔවුන් එකිනෙකා කෙරෙහි දක්වපු අදහස් තිබෙනවා. ඔවුන් එකිනෙකා කෙරෙහි කියපු දේවල් අනුව, මෙවැනි පෙරමුණක් ඇතුලේ ඒවා කොහොමද සමහන් කර ගන්නේ වෙනස් ප‍්‍රතිපත්ති සහිත අයත් ඉන්නවා. ඒ නිසා ප‍්‍රශ්නයක් තියෙනවා. දැන් ජනතා විමුක්ති පෙරමුණ වගේ පක්ෂ ලොකු අර්බුදයකට ගිහිල්ලා තියෙනවා. අන්තිමට ජවිපෙට කියන්න වෙලා තියෙන්නේ බාගේ තීරණයක්. දැන් හෙට මොනවා කියයිද දන්නෙ නැහැ. මහින්දව පරද්දන්න ඕන කියලා ඉතිරි කෑල්ල කියන්නේ නැහැ.

අපි වමේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න ඕන කියලා තීරණයක් ගත්තා. ඒ තීරණයට අනුව කටයුතු කළා. දැන් අපිට තියෙනවා අවස්ථාවක් ඒ සඳහා සමාජයට මතයක් ගෙනියන්න. ඒ සඳහා සමාජ මතය අපි ආයෝජනය කරන්නේ දිගුකාලීන වාම ව්‍යාපෘතියක් වෙනුවෙන්. වමට බලයක් හදනවා කියන එක පහසු දෙයක් නෙමෙයි. විශේෂයෙන් 1990සෝවියට් කඳවුර බිඳ වැටුනට පස්සේ එක් පැත්තකින් මේ මතය අතහැරුණා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ කළ මැදිහත් වීම ඇතුලෙත් වමේ මතය දුර්වල වීමේ දිසාවට තමයි ගමන් කරමින් තිබුණේ. ඒ නිසා දැන් ජනතාව තුළත් විකල්පයක් තියෙනවාද කියන සැකයක් ඇතිකරලා තියෙන්නෙ.

ජනතාව එක කණ්ඩායමකට කාන්දමක් වගේ ඇලෙනවා. ඒක එපා වෙලා ඈත්වෙලා වෙනත් කාන්දම් කණ්ඩායමක ඇලෙනවා. මේ කාන්දම් දෙකේ ඇලෙනවා ඇරෙන්න වෙන මොනවා හරි විකල්පයක් තියෙනවාද කියන ප‍්‍රශ්නයත් ජනතාවට තියෙනවා. පහුගිය දශක දෙක ඇතුලේ සමාජය තුළ වම අවලංගු කරපු නිසා, ඒ භූමිකාව නැති කරපු නිසා, එහෙම භූමිකාවල් ගොඩන ගන එක පහසු නැහැ. අපි හිතනවා දිගුකාලීනව කරන්න ඕන දේ ඒක. අද මේ අදහස තේරෙන්නේ නැති අය හෙට මේක තේරුම් ගනියි. මේ බොහොම පැහැදිලිව අපි ගත්තා තීරණයක්. ඒ ගත්ත තීරණය මත හිඳිමින් සමාජයට වමේ මතයක් ගෙන යමින් විකල්ප සමාජ කතාබහක් ඇති කරන්න අපි කටයුතු කරනවා. 

සංවාදය - සපුමල් කොඩිතුවක්කු 
ජනරළ ඉරිදා සංග්‍රහය 2014.11.30

Monday, December 1, 2014

අහෝ..! අවසාන ජවනිකාව නැරඹීමට පෙර ඒ සට්ටැඹියන් දෙදෙනාම යන්න ගියෝය..!

මෘග චෞර ඒකාධිපති පාලකයන් වෙනුවෙන් කෙතරම් සට්ටැඹි කම් කළද මරණය වැළකිය නොහැක යන ලෝක ධර්මතාවය සනාථ කරමින් දිගු කලක් තිස්සේ රාජපක්ෂ රෙජීමය වෙනුවෙන් පට්ටපල් බොරු සහිත වන්දිභට්ට ස්තෝත්‍ර ගයමින් ජනතාව මුලා කළ තවත් සට්ටැඹි ජඩමාධ්‍ය කාරයෙක් මීට සුළු මොහොතකට පෙර මිය පරලොව ගොස් තිබේ. 

ඔහු නම් අයිටීඑන් ජඩමාධ්‍ය නාලිකාවට දිනපතා විමසුම නමින් දේශපාලන පිටපතක් ලියූ මහින්ද අබේසුන්දර ය. මිය යෑමට පෙර අංශභාග රෝගයට ගොදුරුව සිටි ඔහු එලෙස සිටියදී ද වන්දිභට්ට රචනය ලියා අයිටීඑන් නාලිකාවට යැවීමට අමතක නොකෙළේ ය. මිය යන විට ඔහු 75 වන වියේ පසුවිය.