Saturday, May 31, 2014

අනුරගෙන් ලිබරල් සන්ධානයක්

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුවේ ඇමැතිවරු 8 දෙනෙකු හා එජාපයේ මන්ත්‍රීවරු10 දෙනකු සමඟ නව දේශපාලන සන්ධානයක් ගොඩ නැගීම සඳහා රහස් සාකච්ඡාවක් පවත්වා ඇති බව ඉරිදා(01) මව්බිම හා සිලෝන් ‍ටුඩේ පුවත් පත් වාර්තා කර ඇත.

මීට මාස දෙකකට පෙර මෙම සාකච්ඡා ආරම්බ කෙරී ඇති අතර ඉදිරි මහ මැතිවරණය හා ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන මෙම නව සන්ධානය පිහි‍ටුවීමට අරමුණු කොට ඇති බවත් සඳහන්ය. මෙම සන්ධානයේ නායකත්වය අනුර කුමාර දිසානායකට හිමිවනු ඇති බවත් වාර්තාවේ.

කෙසේ නමුත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ප්‍රතිපත්තීන් නව නායකත්වය සමඟ යම් වෙනස්කම් වලට භාජනවීමත් එජාප හා ශ්‍රීලනීප මැති ඇමැතිවරුන්ගේ ද එකතුවක් වීමත්, මේ නව සන්ධානය ජනප්‍රියවාදී ප්‍රගතිශීලී ලිබරල් ප්‍රතිපත්තීන්ගෙන් යුතු වීමට බොහෝ දුරට ඉඩ තිබේ.

Thursday, May 29, 2014

අද මාධ්‍ය මර්දනය කරන්න නීතිය හා අනීතිය භාවිතාවට ගනිමින් සිටිනවා - පුබුදු ජයගොඩ

ද ඉන්ඩිපෙන්ඩට් ඩොට් එකේ වෙබ් අඩවිය අවහිර කරමින් විදුලි සංදේශ නියමන කොමිසම විසින් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට බාධාකරමින් සිටින බවත් මීට පෙර පුවත්පත් හෝ වෙබ් අඩවි ආවරණය කිරීම සදහා අධිකරණ බලය පොලීසිය යන ආයතනයන් මගින් සිදු කළත් අද අධිකරණ නෑ චෝදනා නෑ පැමිණිලි නැතිව දේශපාලන බලය භාවිතා කරමින් විදුලි සංදේශ නියාමනය කොමිසම හරහා අදාළ අන්තර්ජාල සේවා සපයන සමාගම්වලට කතා කොට ඒ හරහා වෙබ් අඩවි නතර කිරීමට ක්‍රියා කරනු ලබන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ සදහන් කර සිටී.

අද වෙබ් අඩවි තහනමට එරෙහිව මානව හිමිකම් කොමිසම ඉදිරියේ පැමිණිලි කිරීම සදහා සහභාගී වෙමින් අදහස් දැක්වූ ප්‍රචාරක ලේකම්වරයා සදහන් කර සිටියේ 20 වෙනිදා ද ඉන්ඩිපෙන්ඩන්ට් වෙත පිවිසීම සමාගම් දෙකක් විසින් අවහිර කරන අතර 23 වන දා වන විට ඒ සදහා අනෙකුත් ආයතනයන්ද එකගව මෙම වාරණය ක්‍රියාත්මක කරනවා.

නමුත් ගැටලුව වන්නේ මෙවැනි වාරණයක් සිදුකිරීමට ආණ්ඩුව කටයුතු කළේ කුමක් පදනම්ව ද කියන කරුණ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් හෝ නොමැතිවයි මෙවා සිදුකරමින් පවතින්නේ. ඒ අනුව එක පැත්තකින් නීතියත් අනෙක් පැත්තෙන් අනීතියක් භාවිතා කරමින් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට බාධාකරමින් සිටින බවද සදහන් කර සිටියේය. 

එසේම මානව හිමිකම් කොමිසම හමුවට අපි මේ පැමිණිලි ඉදිරිපත් කළත් එවා ක්‍රියාත්මක වේද යන ගැටලුව පවතිනවා. මොකද මහජන දේපල කෝටි ගණනින් වියදම් කරමින් මෙවැනි ව්‍යුහයන් පවත්වාගෙන ගියත් එයින් ජනතාවට සේවයක් නොවන බව පැහැදිලියි. නිර්දේශ ඉදිරිපත් කිරීමේ බලයක් මිස ක්‍රියාමාර්ග ගැනීමේ බලයක් මානව හිමිකම් කොමිසමට නොමැති බව මේ ආයතන ප්‍රධානීන්ද ප්‍රකාශ කර සිටිනවා යැයි ද පුබුදු ජයගොඩ වැඩිදුරටත් සදහන් කර සිටියේය.

ජවිපෙ 89/90 තමන්කල ඝාතන වලට සමාව ඉල්ලයි!

පලමුව අප අපේ ගෞරවය ජවිපෙ නායක අනුර කුමාරට මේ සමග පල කරන්නෙමු. මන්ද දේශපාලනයේ දී ඒ සදහා මිනිසකුට පොදු අරමුනක් වෙනුවෙන් මිනී මැරීමට වඩා එය වැරදි බව දැකීමට කොන්දක් අවශ්‍ය නිසාය. මන්ද අප පසු ගිය කාලයේම දුටුවේ සාදූහික ක්‍රියාකාරකම්වල වගකීම් පැහැර හිමින් සිටින අම්බ තක්කඩියෝය. එවැනි පසුබිමක අනුර පෙන්නූ ඉදිරි පියවර ඇත්තෙන්ම සාදනීය වේ.

ඒ වගේම මෑතදී සිදුවූ පෙරටු ගාමීන්ට පහර දීම , මිනීමරැවන්ට නිල්මානෙල් පැලදවීම, දෙමළ ජනයා ගේ අයිතීන් ඉල්ලීම බෙදුම් වාදය ලෙසදැකීම වැනි වාම මතවාදයක මූලික කරුනු වැරදි ලෙස අර්ථ දැක්වීම වැනි ක්‍රියාධාමයන් ද නැවත සලකා බැලීමට කාලය පැමින ඇතිබව කිව යුතුය.

Wednesday, May 28, 2014

ජවිපෙන් 6000ක් ඝාතනය වුනා එයට සමාව අයදිනවා - අනුර

1989 -90 භීෂණ සමයේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදු කරන ලද 6000කට අධික ඝාතන වලට ජනතාවගෙන් සමාව අයදින බව ජනතා විමුක්ති පෙරමුණේ නව නායක අනුර කුමාර දිසානායක ඊයේ (27) ලන්ඩන් නුවරදී ප්‍රකාශ කළේය.

ජවිපෙ නායකයා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ ලන්ඩනයේ බීබීසී මූලස්ථානයේ ‘බීබීසී සංදේශය' වැඩ සටහනේ මාධ්‍යවේදී සරෝජ් පතිරණ සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

තම පක්ෂය 1983 වසරේ එවක පැවති එජාප රජය විසින් තහනම් කිරීමෙන් අනතුරුව අවසානයේ අවි අතට ගැනීම දක්වා සිදුවීම් වර්ධනය වූ ආකාරය පිළිබඳව පැහැදිලි කර දී ඇති ජවිපෙ නායකයා තම පක්ෂය අතින් සිදුවූ ඝාතන සම්බන්ධයෙන් තම ශෝකය සහ කම්පනය එම පවුල් වෙත දන්වා සිටින බව සඳහන් කර සිටියේය.

මෝඩිගේ කැබිනට්ටුවේ 14ක් අපරාධකාරයෝ

ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිංග් මෝඩිගේ ආණ්ඩුවේ කැබිනට්ටුව පසුගියදා පත් කරන ලද අතර එහි සාමාජිකයින් සංඛ්‍යාව 24කි. ඉන්දීය පුවත් සේවා වාර්තා කරන ආකාරයට මෙම 24 දෙනාගෙන් 14 දෙනෙකුටම ඉන්දීය අධිකරණයෙහි අපරාධ නඩු පැවරී ඇත.

කැබිනට්‌ මණ්‌ඩලයේ සාමාජිකාවක්‌ වන උමා භාරතීට අපරාධ නඩු 13 ක්‌ ඇත. ඒ අතර මිනීමැරීමට උත්සාහ කිරීමේ චෝදනා හා ගොනු කළ නඩු ද වේ. නිතින් ග්වඩ්කාරිට අපරාධ නඩු හතරක්‌ ඇත.

මෝඩිගේ කැබිනට් මණ්ඩලයේ පිරිමි ඇමැතිවරු 18ක් සිටී. හය දෙනෙකු ඇමැතිවරියන්ය.

මේ අතර ‌ නිළියක්‌ද වන අතර ඇය 38 හැවිරිදි සමිත්‍රි ඉරාහිවේ. ඇය කැබිනට්‌ මණ්‌ඩලයේ ලාබාලම තැනැත්තිය වේ.

දිවයින

Monday, May 26, 2014

ජවිපෙ ඉඩම් කොල්ලයට අණ්ඩුවේ මුරබල්ලන්ගේ අත හිත...

ජනතා විමුක්ති පෙරමුණ ඊයේ තමන්ට හිමි නැති දේපලක් කොල්ල කෑමට ගන්න උත්සායක් ගැන ඊයේ වාර්තා විය. ඒ පිලියන්දල ජාලියගොඩ තිබෙන ජවිපෙ කැස්බෑව ආසන කාර්යාල ගොඩනැගිල්ල පිහිටි ඉඩමයි.

ඊයේ වූ සිදුවීමට ගැන පුවත් බොහොමයක් වාර්තා වී ඇති බැවින් එ ගැන සටහන් නොකර සිටිමු. එහෙත් මෙහි නොකිවුණු කතාව ගැන කියමු. ඊයේ එම ඉඩමේ උරුමකරුවන්ට කළ පහරදීමෙන් පසුව පළාත් සභා මන්ත්‍රී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි මුලින් කියා තිබුණේ ජවිපෙ පොලු පාරවල් කා ඒවන විටත් රෝහල් ගත කර සිටි උන් තමන්ට පහරදුන් බවය. අද උදැසන විට මේ ලක්ෂ්මන් නැමැති තක්කඩියා ගුවන් විදුලි සේවාවකට කීවේ අපි නෙවේ උන් උන්ම ගහගේ ඉස්පිරිතාලේ ගිය කතාවකි.

මේවා ගැන පුදුම වියයුතු නැත. විජිත හේරත් නම් ජවිපෙ පචප්‍රචාරක ලේකම් ,මානවඩුවගේ මළ ගෙදරදී අජිත් කුමාර මන්ත්‍රීවරයාට තමන්ගේම නියෝගයකින්ම පහර දී මාධ්‍ය හමුවේ කීවේ එහෙම් කිසිම දෙයක් සිදුවූයේ නැති බවය.

මේ සිදුවීමට අදාලව කියන්න තියෙන්නේ මේ ඉඩමේ උරුමකරුවා වන කන්නන්ගර යනු ජවිපෙ වෙනුවෙන් පූරණකාලීනව් වැඩ කල සහෝදරයෙකි. ජවිපෙ සංදර්ශන වේදීකා ඉදිකරද්දී ඔහුගේ සහය අත්‍යාවශ්‍යම වූ බව මේවාට සම්බන්ධවූ අය නොදන්නවා නොවේ. ඔහු මේ තමන්ගේ පියාගෙන් උරුම ඉඩම ජවිපෙ කාර්යාලයක් දා ගැනීමට ඉඩ දුන්නේ පක්ෂයට ඇති ආදරය නිසාය. ඒ කුලියට දී කීයක් හෝ හොයා ගැනීමට ඇති අවස්ථාව නැති කරගෙන ඒ ජවිපෙට නොමිළයේ ලබා දුන්නේය.

නමුත් කල් යැමේදී අනුර කුමාරලා ජවිපෙ ඇතුලේ පිස්සු කෙළින හැටි ඇස් දෙකෙන්ම දු‍ටු බන්දුලල පක්ෂයෙන් ඉවත් විය. ඉන් පසුව තමන්ගේ දේපල යළි තමාට බාර දී ඉවත් වන ලෙස ලක්ෂ්මන් නිපුනආරච්චිට දැනුම් දුන නමුත් පුලුවන් දෙයක් කරල මෙක අරගනින් යැයි ලක්ෂ්මන් කීවේය. දේපල බලෙන් අල්ලාගෙන සිටින ලක්ෂ්මන්ලා ඒ මොහොතේ කළේ මැරයන් පනහක් හැටක් ගෙන්වගෙන කන්නන්ගර ඇතුලු පිරිසට පහරදී එලවා දැමීමය.

ඉන් පසුව පහර කැවෝ පොලීසි ගියහ. එහෙත් ඒ වෙන කොට පොලිසියට ආරක්ෂක ලේකම්වරයාගෙන් පණිවිඩය ලැබී තිබුණේ ලක්ෂමන්ව අත් අඩංගුවට නොගන්න ලෙසත් ප්‍රශ්නය යට ගහන ලෙසත්ය. ඒ සිද්ධ වූයේ කොහොමද යන්න ගැන තව අ‍ටුවා ටීක අවශ්‍ය නැත, කුමාර ගුණරත්නම්ගේ විස්තර ගෝටාට දුන් අපේ වත්මන් මැතිඳ ඒ කටයුත්ත සාර්ථකව සිදු කර තිබිණි.

අනුන්ගේ දේ කඩා වඩා ගෙන ජීවත් වීම ලක්ෂමන්ට සුළු වැඩය. ලක්ෂ්මන් යනු පිලියන්ද පොළේ අල ලූණූ විකුණූ බජාර් චණ්ඩියෙකි. ඔහු ජවිපෙ දේශපාලනයට එන්නේ ඒ බජාර් චණ්ඩිකම්ද සහිතවය. කොහොමටත් කැස්බැවේ දේශපාලනය යනු එහෙම එකකි. ලක්ෂ්මන්ලාට හරියන ගාමිණි ලොකුගේ, චන්දන කත්‍රිආරච්චි. අනෙක් ඩබලය.

ලක්ෂ්මන්ලාගේ චණ්ඩිකම් එතැකින් අවසන් වූයේ නැත. ලක්ෂ්මන් දැන් දගලන්නේ මෙම රුපියල් ලක්ෂ පනහක් හැටක් පමණ වටින කාර්යාලය සහිත ඉඩම තමන්ගේ නමට ලියා ගන්නටය.

ලක්ෂ්මන් සතුව තිබෙන තුරුම්පුව මෙම ගොඩනැගිල්ලට විදුලිය හා ජලය ලබා ගැනිමේදී ඒ තමන්ගේ නමින් ලබා ගැනීමය. 97 සිට මේ දක්වා මෙහි පදිංචිව සිටීමය. මෙම ඉඩම තමන්ගේ උරුමයක් බව කියා පාමින් ඉඩම් නඩුවකට යන්න ඒ ලක්ෂ්මන් වැනි තක්කඩියකුට ප්‍රමාණවත්ය. 

අද රාජපක්ෂලා රටේ ඉඩම් බලහත්කාරයෙන් කොල්ල කමින් සිටින්නේ තමන් සතුව ඇතී බලයේ ප්‍රමාණය නිසාය. විපක්ෂයේ සුලුතර බලයක් සහිතව සිටින මේ ජවිපෙ තක්කඩින් දැන් මෙලෙස අනුන්ගේ ඉඩම් කොල්ලකමින් කටයුතු කරමින් සිටින් ආකාරය අනුව ජවිපෙ ආණ්ඩුවක් වැරදීමකින් හෝ මේරටේ පිහිටවුවහොත් වන්නේ කුමක්ද යැයි කිව යුතු නැත.

Sunday, May 25, 2014

ජනාධිපතිවරණයට එජාපයෙන් රනිල්, ජවිපෙන්... ?

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා  විපක්ෂයෙන් අපේක්ෂකයෝ වර්ග කිහිපයක් ඉදිරිපත් වනු ඇති බවට තොරතුරු හෙළිවේ

එහීදී 'විපක්ෂයේ පොදු අපේක්ෂකයා' ලෙස ඉදිරිපත්වීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වේ.

ඒ අනුව විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ, ආගමික සංවිධාන හා ආණ්ඩුවේ ඇතැම් පාර්ශව සමග වහාම සාකච්ජා කිරීමට තීරණය කර ඇති බවත් එජාප නායකයාට දැඩි ලෙස පහරදෙන මාධ්‍ය ආයතන හා ආගමික සංවිධාන සමග සුහදතාවයක් වර්ධනය කර ගැනීමටත්, වෙනත් මත දරන සිවිල් ක්‍රියාකාරිකයින් දිනා ගැනීමටත් මේ දිනවල සැලසුම් සකසමින් සිටියි.

එජාපය පහරදෙන පෞද්ගලික මාධ්‍ය ආයතනවලට ප්‍රතිප්‍රහාර නොදෙන ලෙස එජාප නායකත්වය එම පක්ෂයේ මාධ්‍ය ප්‍රධානීන්ට දැනටමත් දැනුම්දී ඇතැයි ද පැවසේ.

මේ අතර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නෙ හිටපු අගවිනිසුරුවරිය වන ශිරාණි බණ්ඩාර නායක මහත්මියව ජනතා විමුක්ති පෙරමුණ විසින් 'නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා' ලේබලයෙන් ඉදිරිපත් කිරීම සඳහා දැඩි උත්සාහයක නිරතවන බවය. මේ සඳහා විශ්ව විද්‍යාල ආචාර්‍යවරු පිරිසක් මැදිහත් වී ඇත. ජවිපෙ විසින් එජාප අපේක්ෂකයකු සඳහා සහයෝගය ලබා නොදෙන බව මේ වන විටත් ප්‍රකාශයට පත් කර ඇත.

මේ වනවිට වත්මන් ආණ්ඩුවේ කොටස්කාර පක්ෂයක් වන ජාතික හෙළ උරුමයේ සහයද ශිරාණි බණ්ඩරණායක වෙත ලබා ගත හැකිවනු ඇතැයි මත ඉදිරිපත්ව තිබුණද මේ සම්බන්ධයෙන් ප්‍රමුඛව කටයුතු කරන විශ්වවිද්‍යාල ආචාර්‍යවරයෙක් ඒ දැඩිව ප්‍රතික්ෂේප කර ඇත.

එමෙන්ම හෙළ උරුමය එජාප අපෙක්ෂකයකුට සහය දැක්වීමද ප්‍රතික්ෂේප කර ඇත.

මේ අනුව වඩාත් ජාතිකවාදී අපේක්ෂකයකු  ඉදිරිපත්කිරීම කෙරෙහි  ජාතිකවාදී පක්ෂ හා කණ්ඩායම් උත්සහ කරමින් සිටින බවටද තොරතුරු හෙළිවේ. ඒ අනුව සිංහල බෞද්ධ ඡන්ද ඉලක්ක කර ගත්  'දේශප්‍රේමී  අපේක්ෂකයකුද' ඉදිරිපත් වීමට ඉඩ තිබේ.  අද රාවය පුවත්පතේ ප්‍රධාන සිරස්තලය සැකසී ඇත්තේ විමල් වීරවංශ ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇති බව සඳහන් පුවතකිනි.

ජවිපෙ මහත්වරුනේ, ඒ සියල්ල නාටක නම් මේකත් නාටකයක් ලෙස පිළිගන්න

මේ මොහොතේ හදිසි ප‍්‍රතිසංස්කරණ යෝජනාවලියක් ගෙන ඒමේ පරමාර්ථය, වඩා සතුරු බලවේගයක් අතට මේ රටේ පාලන බලය යාමට තිබෙන අවස්ථාව වළක්වාලීම බවත් 2001දී ‘පරිවාස ආණ්ඩු වැඩපිළිවෙළක්’ එවකට පැවැති පොදු පෙරමුණු ආණ්ඩුව වෙත ඉදිරිපත් කරමින් ජවිපෙ කටයුතු කළේද එවැනිම පරමාර්ථයකින් බවත් ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

මැයි 25 දින කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් විමල් වීරවංශ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

‘ජාතික නිදහස් පෙරමුණේ 2 වන ජාතික මහා සමුළුවේදී සම්මත කර ගනු ලැබූ ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන ලද හදිසි ප‍්‍රතිසංස්කරණ යෝජනාවලිය හා බැඳුණු ක‍්‍රියාවලියේ නව තත්ත්වය පැහැදිලි කිරීමටයි මෙම මාධ්‍ය හමුව කැඳවනු ලැබුවේ.

‘රට හමුවේ මතුව ඇති නව සමාජ, ආර්ථික, සංස්කෘතික හා සදාචාරමය අභියෝග හතර දෙස බලා, ඒ නව අභියෝග හතර ජය ගත හැකි ආකාරයට එක්සත් ජනතා නිදහස් සන්ධානය නව ස්ථානයගත වීමකට යා යුතුයි, කියන මූලික අදහස තමයි මැයි 05 වැනිදා අපේ 2 වන ජාතික මහා සමුළුවේදී ඉහත යෝජනාවලිය සම්මත කර ගනිමින් අප පැමිණි ස්ථාවරය.

ඉහත කී නව අභියෝග විසින් ඉල්ලා සිටිනවා, ‘ආණ්ඩුව නව ස්ථානගත වීමට යා යුතුයි’ කියලා. ‘ආර්ථික උපායමාර්ගය පිළිබඳ නව ස්ථානගත වීමක්,’ ඒ වගේම සංස්කෘතික හා සමාජමය වැඩපිළිවෙළක් සහිත නව ගමනක අවශ්‍යතාව රට හමුවේ පැන නැගී තිබෙනවා. ‘රටේ නීතිය හා සාමය පිළිබඳ වැඩපිළිවෙළ නිසි පරිදි කි‍්‍රයාත්මක වන බව තහවුරු කිරිම, විවිධ ආගම් අදහන ජනකොටස් අතර සංහිඳියාව සහ සහජීවනය ඇති කිරීම හා රට සංස්කෘතික වශයෙන් මීට වඩා දියුණු තැනකට ගෙන ඒම සඳහා වන විශේෂ මෙහෙයුමකට ආණ්ඩුව අවතීර්ණ විය යුතුයි’ කියන තැන ඉඳගෙන තමයි, අප කරුණු 12ක් සහිත ඒ යෝජනාවලිය රට හමුවේ තැබුවේ.

අප ඒ ‘හදිසි ප‍්‍රතිසංස්කරණ යෝජනාවලිය’ පසුගිය දිනවල ප‍්‍රථම කොට ත්‍රෛනිකායික මහනායකහිමිවරුන් වෙත, අගරදගුරු කාදිනල්තුමා වෙත පිළිගන්වනු ලැබුවා. මෙවැනි යෝජනාවලියක් රට හමුවේ තැබීම උන්වහන්සේලාගේ ප‍්‍රසාදයට හේතු වූවා. අනෙකුත් ආගමික පූජකතුමන්ලාට මෙම යෝජනාවලිය පිළිගැන්වීමට දින යොදා ගෙන තිබෙනවා.

ඒ අතරතුර අපට පසුගිය සිකුරාදා පෙරවරුවේ ජනාධිපතිතුමන්ගෙන් ආරාධනාවක් ලැබුණා, ‘යෝජනාවලිය පිළිබඳ සාකච්ඡව සෙනසුරාදා(24) පවත්වමු’ කියා. ඒ අනුව, ඉහත සාකච්ඡුාව සඳහා මා ඇතුළු අප පක්‍ෂයේ නියෝජිත පිරිසක් ඊයේ(24) උදේ 11.00ට අරලියගහ මන්දිරයට ගිය. එහිදී අපගේ යෝජනාවලියේ අඩංගු කරුණු පිළිබඳව වෙන වෙනම සාකච්ඡුා කිරීමක් සිදු වූයේ නැහැ. සමස්ත යෝජනාවලිය පිළිබඳව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් සමග සාකච්ඡ කොට ඉන් අනතුරුව ඒ යෝජනාවලියේ අඩංගු එක් එක් කරුණු පිළිබඳව නැවත අප සමග ඉතා ඉක්මනින් සාකච්ඡවක් සිදු කරන බව තමයි ජනාධිපතිතුමන් දැනුම් දෙනු ලැබුවේ.

‘අපට අවශ්‍ය නැහැ, රටට සතුරු බලවේගවලට ජයග‍්‍රහණ ලබා ගැනීම සඳහා වූ පිට්ටනියක් හදලා දෙන්න. හැබැයි, මේ යන ගමනේ යහපත් අතට සිදු විය යුතු වෙනස්කම් වහාම සිදු කර නොගත්තොත්, අපි කවුරු කුමන කටයුත්ත කළත් ඒ ප‍්‍රතිඵලය අත්වන එක වළක්වන්නත් බැහැ. ඒ නිසා වහාම ඉතාම සද්භාවයෙන් ආණ්ඩුව මේ අභියෝගවලට සාපේක්‍ෂව සිට ගත යුතුය’ යන අදහස අපි එහිදී අවධාරණය කළා.

කෙසේ වුවත්, ‘ජනාධිපතිතුමන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අනෙකුත් නායකයන් සමග සාකච්ඡ කොට අපට ඉතා ඉක්මනින් ඉදිරි සාකච්ඡුාව සඳහා දිනයක් ලබා දේවි’ කියලා අප බලාපොරොත්තු වෙනවා. එතැනදී මේ ඉදිරිපත් කර ඇති කරුණු පිළිබඳව ඇති වන එකගතාව අනුව තමයි, සුබවාදී බලාපොරොත්තු තබන්න පුළුවන්ද, බැරිද, කියන එක ගැන අපට අවසාන අදහසකට එළඹෙන්න පුළුවන් වෙන්නේ. කෙසේ වුවත්, ‘සතුටුදායක ලෙස පළමු සාකච්ඡව අවසන් වුණා’ කියලා අපට කියන්න පුළුවන්.

ජනාධිපතිතුමන් සහ අනෙකුත් ශ‍්‍රීලනිප නායකයන් මේ යෝජනාවලිය සම්බන්ධයෙන් දකින්නේ කොහොමද, ඒකට ප‍්‍රතිචාර දක්වන්නේ කවරාකාරයටද, කියන එක හරියටම පැහැදිලි වන්නේ මේ යෝජනාවලියේ අඩංගු කරුණු වෙන් වෙන් වශයෙන් සාකච්ඡවට ගැනීමට අවතීර්ණ වීමත් සමගයි.

අප මේ යෝජනාවලියෙන් අදහස් කරන දෙය රටට පැහැදිලි විය යුතුයි. එදා ජනතා විමුක්ති පෙරමුණ, 2001දී ආණ්ඩුවෙන් එළියේ ඉඳගෙන එතෙක් තමන් දැඩි ලෙස විවේචනය කරමින් පැමිණි, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාලනය පෙරළා දමලා එජාපයේ රනිල් වික‍්‍රමසිංහ මහතා බලය ගන්න හදනවා, කියලා පෙනෙන කොට එම තත්ත්වය වළක්වාලීම සඳහා ගත හැකි කඩිනම් පියවරක් විදියට ‘පරිවාස ආණ්ඩු වැඩපිළිවෙළ’ කියලා එකක් ගෙනාවා. ඒ ‘පරිවාස ආණ්ඩු වැඩපිළිවෙළේ’ අමාත්‍ය මණ්ඩලය 25ක් දක්වා අඩු කළ යුතුයි’ කියන කරුණත් අන්තර්ගත වෙලා තිබුණු නිසා ජවිපෙ බලාපොරොත්තු වූ දෙය දීර්ඝකාලීනව ඉටුකර ගන්න බැරි වුණා. එහෙම නොවුණා නම් ජවිපෙ බලාපොරොත්තු වූ ආකාරයට අඩු කරමින් අවුරුද්දක පමණ කාලයක් ‘පරිවාස ආණ්ඩු වැඩපිළිවෙළ’ ඉදිරියට ගෙන ගොස් රටේ යහපත් වාතාවරණයක් හදලා, ඊළ`ගට මහ මැතිවරණයකට යන්න තිබුණා. ජවිපෙ ඒ අවස්ථාවේ උත්සාහ කළේ ‘වඩා හතුරු බලවේගයක් අතට බලය යෑම වැළැක්වීමටයි’ ඒක සාර්ථක වූයේ නැහැ. ඒක මාසයකින් බිඳ වැටුණා. නමුත් ඒ උත්සාහය තුළ තිබුණේ ඉහත පරමාර්ථය.

මෙවැනි යෝජනාවලියක් ගෙ ඒමේ පරමාර්ථය විදිහට තිබෙන්නෙත් ‘වඩා සතුරු බලවේගයකට මේ රටේ පාලන බලය යන්න තියෙන අවස්ථාව වළක්වාලීම. ඒක වළක්වන්න බොරු කරලා බැහැ, වෙන වෙන විකාර කරලා බැහැ ඒක වළක්වන්න නම් අපි ඇත්ත සමාජ, ආර්ථික, දේශපාලන අභියෝගයන්ට අනුව නිසි පරිදි සිට ගන්න ඕනෙ, ඒක තමයි අපේ මේ ක‍්‍රියාදාමයේ ප‍්‍රධානතම දේශපාලන අර්ථය.

අප ගොඩනැගුණ දේශපාලන පසුබිම අනුව, අපට මේ රටේ මහජනතාවත් සමග තිබෙන බැඳීමේ ස්වභාවය අනුව, අප ඉතිහාසයේ රට වෙනුවෙන් ඉටු කොට තිබෙන කාර්යභාරය අනුව ‘අප රක්නා උරුමය’ අනුව අපට මේ අවස්ථාවේ නිහ`ඩව සිටීමට කිසිසේත්ම බැහැ. කොතරම් අවදානම් සහගත වුවත්, සමහර විට මෙහි ප‍්‍රතිඵලය දේශපාලන වශයෙන් අපට හිතකර නොවිය හැකි වුවත් අපට නව අවලාද, ප‍්‍රහාර එල්ලවන වාතාවරණයක් ඇති වුවත්, ඒ සියල්ල නොතකා අප අපේ මේ භූමිකාව, යුතුකම, වගකීම ඉටු කිරීමට බැඳී සිටිනවා.

ආණ්ඩුවක ‘අපාය සහායක මිත‍්‍රයන්’ වීමට අප කිසිසේත්ම කැමති නැහැ. අප ඇත්ත ඇති සැටියෙන් කියනවා. එය පිළිගැනීම හෝ නොපිළිගැනීම ආණ්ඩුවේ කාර්යයක්. අපට හැකියාවක් නැහැ රටට අගතියක් වන දේශපාලන ක‍්‍රියාවල නිතර වීමට. යුද්ධයෙන් පසුව ආර්ථික සංවර්ධනය සඳහා ලැබුණු අවස්ථාව වඩා නිවැරදි තලයකට ගෙන ඒම, ඒ වගේම සමාජ හා සංස්කෘතික තලයේ පුළුල් වැඩපිළිවෙළක් සකස් කිරීම, නව ජාතික රාජ්‍යයක් ගොඩනැ`ගීම යන අරමුණූ පෙරදැරි කරගෙනයි අප ක‍්‍රියාත්මක වන්නේ.

අප පිළිගැනීමට කැමති වුවත්, නොවුණත් ‘නූතන ලංකාවේ පියා ජේ. ආර්. ජයවර්ධන’ පියා හොඳ නැති වුණත් පීතෘත්වය ලියැවී ඇත්තේ එයාටනේ. පුතාට බැහැනේ තාත්තාව වෙනස් කරන්න. ඒ නිසා ජේ. ආර්. ගොඩනැඟූ ඒ ඊනියා ශ‍්‍රී ලංකාව නොවෙයි අපට ගොඩනැ`ගීමට ඇත්තේ. බෙදුම්වාදය පැරද වූ රටට අවශ්‍ය, රටේ ජාතිවාදී බෙදීම් අහෝසි කිරීමේ දිසාවට ගනු ලබන පියවර, ජාතිවාදී කල්ලිවලට පාලනතන්ත‍්‍රයන් නැටවීටම තිබෙන ඉඩකඩ අඩු කිරීමේ දිසාවට ගනු ලබන පියවර මෙන්ම සමාජ – ආර්ථික සංවර්ධනයේ නව උපායමාර්ගික දැක්මක් ඇතිව රාජ්‍යය යළි ගොඩනැ`ගීමේ පියවර ආදියයි. එවැනි ගමනකට මේ රට යොමු වීම අවශ්‍යයි. එය මේ මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් වෙනුවෙන් සිහිපත්කරදීම අපේ වගකීමක්, ඒ වෙනුවෙන් හ`ඩනැගීම අපේ වගකීමක්, ඒ වෙනුවෙන් කළ හැකි සියල්ල කිරීම අපේ වගකීමක්. අප මේ ඉටු කරන්නේ ඒ වගකීම හා යුතුකම, අප ගණනින් කුඩා වුවත්, ගණනින් විශාල වුවත් මේ දේශපාලන පරමාර්ථය වෙනුවෙන් ඉටු කිරීමට තිබෙන කාර්යයභාරය ඉටු කිරීමට අප පැකිළෙන්නේ නැහැ.

අප බලාපොරොත්තු වෙනවා, අපේ යෝජනාවලිය සම්බන්ධයෙන් අපට සෑහීමකට පත්විය හැකි ප‍්‍රතිචාරයක් ආණ්ඩුවෙන් ලැබේවි කියලා. එහෙම ලැබුණොත් ඒ ඇති වන වාතාවරණය අනුව, ආණ්ඩුවේ නව ගමන් ම`ග වෙනුවෙන් අපි අපගේ උපරිම වෙර යොදා කටයුතු කරනවා. එසේම යෝජනාවලිය සම්බන්ධයෙන් අපට සැහීමකට පත් විය හැකි ප‍්‍රතිචාරයක් ආණ්ඩුවෙන් නොලැබුණොත් ඉතාම කනගාටුවෙන් වුණත් මේ රටට නව දේශපාලන ගමන් ම`ගක් නිර්මාණය කිරීම සඳහා පුරෝගාමීව කැපවීමේ අභියෝගය අප භාර ගන්නවා. එයට ලැබිය හැකි ප‍්‍රතිචාරය කොතරම් අමිහිරි වුවත් එය භාර ගැනීම සඳහා අපි අපේ කැපවීම යොමු කරනවා.’

‘ජවිපෙ මහත්වරුනේ, ඒ සියල්ල නාටක නම් මේකත් නාටකයක් ලෙස පිළිගන්න’

‘විපක්‍ෂය විවේචන කරනවා, ඔබතුමා කරන්නේ රගපෑමක්, ආණ්ඩුවෙන් ගිලිහී යන ඡුන්ද පදනම රැක දීම වෙනුවෙන් තමයි මෙවැනි ර`ගපෑමක් කරන්නේ කියලා.’ යනුවෙන් මාධ්‍යවේදී මහතකු නැගූ පැනයකට පිළිතුරු දුන් ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා,

‘ඒ අයගේ දේශපාලන න්‍යාය පත‍්‍ර දැන් අවුල් වෙලා තියෙනවා. ඒ හින්දා දැන් ඔළුව කසමින් එක එක දේවල් කියනවා. මම දැක්කා, අර ජවිපෙ අලූත් නායකයාත් පරල වෙලා වගේ, මොනවාදෝ කියනවා. මේක නාටකයක් නම්, ජවිපෙ 2001දී ‘පරිවාස ආණ්ඩු වැඩපිළිවෙළ’ කියලා කළෙත් නාටකයක් තමයි. මේක නාටකයක් නම්, ජවිපෙ 2004දී සන්ධාන ආණ්ඩුවක් හදලා කළෙත් නාටකයක් තමයි. ඒ හැම එකකින්ම එදා ජවිපෙ බලාපොරොත්තු වුණේ, ‘රට හරි පැත්තට ගෙන යන්න.’ එහෙම නැතිව කවුරුන් හෝ එළවලා වෙනත් කෙනෙකුට බලය අරන් දෙන්න නොවෙයි. ජවිපෙට තිබුණා වගේ ‘මහා සංවිධාන යාන්ත‍්‍රණයක්’ නොමැතිව වුවත් අපි මේ උත්සාහ කරන්නෙත් ‘රට හරි පැත්තට ගෙන යන්න.’ එහෙම නම් 2005දී ජවිපෙ සුනාමි සහන මණ්ඩල යාන්ත‍්‍රණයක් ගෙන ඒමට විරුද්ධව සන්ධානයෙන් එළියට ඒමත් නාටකයක්. ඒ විදියට එළියට ආපු අය මාස කිහිපයකට පස්සේ සන්ධාන අපේක්‍ෂක මහින්ද රාජපක්‍ෂ මහත්තයාව දිනවන්න කරේ තියාගෙන ගියපු එකත් නාටකයක්. ජවිපෙ මහත්වරු දැන් කියන්න ඕනෙ, ඒවා නාටකද, නැද්ද කියලා. ඒවා නාටක නම් අපි කියනවා ‘එහෙනම් මහත්වරුනේ, ඒ සියල්ල නාටක නම් මේකත් නාටකයක් හැටියට පිළිගන්න’ කියලා. නාටක කරන්න අපි ‘දේශපාලන නළුවන්’ නොවෙයි. අපට මේ රට වෙනුවෙන් වගකීමක්, යුතුකමක් තිබෙනවා. මේ රටේ පොදු ජනතාවට වඩ වඩා ජයග‍්‍රහණ ලබා දීමේ න්‍යාය පත‍්‍රයක් අපට තිබෙනවා. ඒ වෙනුවෙන් කවුරු කවර අර්ථකථන ලබා දුන්නත් අපි අපේ භූමිකාව ඉටු කරනවා’ යනුවෙන් පැවසීය.

මෙම මාධ්‍ය හමුවට ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල්, ජාතික සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර යන මහත්වරුද සහභාගී වූහ.

මාධ්‍ය ඒකකය
ජාතික නිදහස් පෙරමුණ

Saturday, May 24, 2014

විශ්ව විද්‍යාල සියුවියගේ පෙම් මැරුවා රණවිරුවෙක්

සෞන්දර්යය විශ්ව විද්‍යාලයේ දෙවන වසර ඉගනුම ලබන ශිෂ්‍යාවක් වන බිමාෂා ගයනෙති ත්‍රිමාන නැමති තරුනිය අද (24)ඇල්පිටියේදී කපා කොටා ඝාතනය කර ඇති බව වාර්තා විය. එම වාර්තා වලින් කිය වුනේ වයස අවුරුදු 22ක් වන ඇය තල්ගස්වල, නියාගම ප‍්‍රදේශයේ පදිංචිකාරියක් බවයි. ඇය අළුයම අලූයම 3.30 පමණ කොළඹට පැමිණීම සඳහා නිවසින් පැමිණ ඇත. පසුව කැපුම් තුවාල ද සහිතව ඇගේ සිරුර ඇල්පිටිය බස් නැවතුම්පොළට යාබදව අලූතින් ඉදිකෙරෙන ගොඩනැගිල්ලක පිටුපස තිබියදී හමුවී ඇති බවයි.

මේවන විට මෙම ඝාතනයේ සැකකරු රණ විරුවකු බවත් ඔහු ඇගේ පෙම්ව
තා බවත් මාධ්‍ය වාර්තා කර තිබුනි.

උතුරේ සිසුන් කොටි ලෙස මරා දමන විට අප මේ රණවිරුවන්ට බෝධිපූජා තබමින් නිල් මානෙල් පැලදුවේය. වාමාංශික වෙස් මුහුනු පැලදි කලා කරුවෝ අපි වෙනුවෙන් අපි නමින් ප්‍රචාරක දැන්වීම නිමවමින් බඩදරු අම්මලාට බස් රථ හා දුම්රියේ වෙන්කරඇති අසුන මෙම රන විරුවන්ට පරිත්‍යාග කරන ලෙස ඉල්ලා සිටියේය.

දැන් ඒ රනවිරුවන් දකුනට මරුවන් වී හමාරය. එනම් ලබ්බට තිබූ අත පුහුලටද තබා ඇත. මේ රණ විරුවන් ගැන දැන් දකුන කරන්නේ කුමක්ද?මිනී මරා පොලිසියට අසු වූ කල පොලීසිය ආයුද පෙන්වීමට ගෙන ගොස් වෙඩිතබා මරා දැමූ පසු රතිඤ්ඤා පත්තු කිරීමය. එනම් විසෙන් විෂ නෑසීමට උඩගොඩි දීමය. ලාංකිකයා කිසිදිනක කෙල වාගෙනද ඉගෙන ගන්නේ නැත. ගෝත්‍රික සමාජයක සිටින අපට ඉවසීම හා නීතිය බොහෝ දුරය.

Original source - Pathula.com

සහෝදරවරුනි, මතකයිද කොයිතරම් සුන්දරද අතීතය...

'ස්වාධීනයි' පුවත්
මිනී ගැන ගැන පෙන්වන
කොච්චර 'අපක්ෂපාතිද'
යුද විරෝධී ද්‍රෝහින්ව
පතුරු ඇරි කලට මාධ්‍ය

විධායක බලය
දෙයියෙක් වගේ නොවුණිද
දෙමළුන්ට කෙළින විට
බීප්... බීප්... ලේකම් තැන
මතක් වෙනකොටත්
ඉතිරුවෙ නැද්ද සොයුරු පෙම

හමුදාව පොලීසිය
මානෙල් මල් පැළඳි
ජාතියේ මුර වැට
කොච්චර මානුශික උනිද
ක්ෂණික මරණය දෙනකොට
ඇත්තමයි බොල
එස්ලෝං බට කටුකම්බි
තිබ්බෙ නෑ උං ගාව

රැස්වීම් සම්මන්ත්‍රණ
පෙළපාලි උද්ඝෝෂණ
පොලිස් රැකවල් සහිතව
දේශප්‍රේමි ව්‍යාපාරික
හිත මිතුරු මුදල් උතුරන
මතක් වෙනකොටත්
ඇසේ කඳුළැලි නලියන

කොයි තරම් සාධාරණද
ලොජ් වලින් දෙමළු පටවන්
වව්නියාවෙන් බානකොට
ඔත්තුකරුවන් පත්‍ර කරුවන්
කවලමේ එලොව යනකොට
කොයිතරම් සනීපද
මාධ්‍ය නිදහස
ඕනෙ නං අහගන්න
සිවරාම් කියයි තරම

පළමු පෙළ බලකාය
ස්වේච්ඡා
ලුතිනන් ජනරාල්
අමරසිංහ එස්.
බ්‍රිගේඩියර් දිසානායක
ඒ.කේ.
හීනෙනුත් තරු පටි ඇන්ද
රහසිගත එවුන් රහසින්ම
වචන මැගසින් පුරවන
ඒ සොඳුරු මානුශික මෙහෙයුමට
ආයෙ කවදා පණ දෙම්ද

සහෝදර වරුනි
රතු පාට
අපිට විතරක් අයිති
රතු පාට
යාපනේ රතු මිරිස් අඹරන්න
රතු ලූණු එක්ක එකටම
'බල්ලා නාවන්න ගිය' විටදි
අපි හෙළූ දහඩියෙන් අඹරන්න
වේළුණු ලේ පාට
රතු සහල් කිරිබත
ආඩම්බරෙන් ඒත් හොරෙන් !
මතක සමඟම වළඳන්න

රතු ලූණු ඇහැට පොඩිකර
පාරට ඇවිත් වැළපෙන්න

"මේ කුමන සැණකෙළියක්ද?
දෙමළුන්ට මොකුත් නෑ නේද?"
කිරිබතේ බුදිමතේ
කඳුළු අතරින් මොරදෙන්න
හිත යටින් අනේ හිනැහෙන්න

Friday, May 23, 2014

පොදු අපේක්ෂක ලෙස ශිරාණි ගෙන ඒමට සරසවි ව්‍යාපෘතියක්

එළඹෙන ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයා වශයෙන් හිටපු අගවිනිසුරුවරිය වන ශිරාණී බණ්ඩාරනායක ගෙන ඒමේ ව්‍යාපෘතියක් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ එකතුවක් විසින් සිදුකරන බව වාර්තාවේ.

මේ පිළිබඳව පැවැත්වූ සාකච්ඡාවක් පසුගියදා කොළඹට තදාසන්න විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකුගේ නිවසක් තුළ පවත්වා ඇති අතර එහිදී සාකච්ඡාවට බදුන් වී ඇත්තේ මාධ්‍යයන් විසින් ප්‍රචාරය කරනු ලබන විවිධ පොදු අපෙක්ෂකයින් අතරින් මේ සඳහා සුදුසුම තැනැත්තාවන්නේ ශිරාණි බණ්ඩාරනායක පමණක් බවය.

ජවිපෙ ජනාධිපතිවරණය වර්ජනයකට සැරසේ.!

"නැවත වරත් ජනාධිපතිවරණයකදී අපේක්ෂකයෙක් ලෙස තරඟ වැදීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට කිසිඳු සදාචාරාත්මක අයිතියක් නැතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එහි නායක අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දෙන්නේ ඒ සඳහා ප‍්‍රතිපාදන ඇතුලත් දහ අට වැනි සංශෝධනය සම්මත කරගැනීම සදහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක පැහැදිලි ජනමතයක් නොතිබු බවයි.

2010 මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් නොතිබීම හේතුවෙන් 18 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට අවශ්‍ය වූ ඡන්ද සොයා ගත්තේ එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරුන්ට විවිධ වරදාන වරප‍්‍රසාද ලබාදීමෙන් බවද ඔහු සඳහන් කරයි.


පසුගිය පළාත් සභා ජන්දවලින් පවා පැහැදිළි වූයේ ආණ්ඩුවට සරළ බහුතරයක් නොතිබීම බවත් වත්මන් ආණ්ඩුව සැබෑ ජනතා කැමැත්ත නියෝජනය වන ආණ්ඩුවක් නොවන බවත් පැවසූ දිසානායක මහතා එවැනි ආණ්ඩුවක ජනාධිපතිවරයා වන මහින්ද රාජපක්ෂ මහතාට එළැබෙන ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු ලෙස තරග කිරීමේ අයිතියක් කිසිසේත්ම නොමැති බවද කියා සිටී." -srilankamirror

අපිට එහෙන් මෙහෙන් දැනගන්නට තිබෙන තොරතුරු අනුව නම් කියවෙන්නේ මහින්ද රජපක්ෂ ජවිපෙ අනුර මැතිඳානන්ගේ කතාව පිළිගෙන ජනාධිපතිවරණයකුත් නොකැඳවා ජනමත විචාරණයකින් ගොඩයන්න පිළිවෙලක් සකසාගනිමින් සිටින බවකි. එතකොට අනුර මේ කියන කතාව අනුව ජවිපෙත් ගොඩය. මහින්දත් ගොඩය. 

නමුත් ඇත්තම කතාව නම් ජවිපෙට ප්‍රශ්නයක් විය යුත්තේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වන්නේ මහින්දද වෙන මොකෙක් හරිද කියන එක නොවේ. මේ පවත්නා සමාජ ආර්ථික ක්‍රමය වෙනස් කරන විප්ලවාදී වැඩ පිළිවෙලක් ගැන හිතන එකය. එහෙත් ඒ එහෙම විය යුත්තේ ජවිපෙ තවමත් විප්ලවවාදී පක්ෂයක් වන්නේ නම් පමණි. ඒ කෙසේ වෙතත් මේ වන විට ජවිපෙ යනු විප්ලවාදී තබා සමාජවාදය යන වචනය පවා කතා කිරීමට අදි මදි කරන පක්ෂයක් වී හමාරය.

ජවිපෙ ෆෙස්බුක් න්‍යාචර්යවරුන් නිර්ධන පංතික විප්ලවයක් ගැන නන් දොඩවමින් සිටියද අනුර මැතිඳා ‍රැට ‍රැට සෙට් වෙන පාර්ටි වලදී කියන්නේ මන්ත්‍රී ආසන 10ක් 15ක් ගැනීම සිය පරම ඉලක්කය බවය. පාර්ලිමේන්තුවේදී කියන්නේ වෘත්තීය සමිතිවලට රාජය ප්‍රතිපත්තීන් වලට බලපෑම් කිරීමට ඉඩ දිය යුතු නැති බවත් මේ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය රකින් කුළුණු තුන අරක්ෂා කර ගත යුතු බවත්ය.

මේ තත්වයන් හමුවේ ජවිපෙ දැන් දඟලන්නේ මහින්දගේ පාලනය තවදුරත් මෙලෙසම තබා ගනිමින් තමන්ගේ පැවැත්ම කිලී මහරාජා ලවා ආරක්ෂා කර ගැනීමටය.

කොටින්ම ඉහත කී ආකාරයට ජනමත විචාරණයක් පවත්වා ගැනීමට නොහැකිව ඉදිරි ජනාධිපතිවරණයකට මහින්ද නැවත ඉදිරිපත් වුව හොත් නියත වශයෙන්ම ජවිපෙ ජනාධිපතිවරණය වර්ජනය කිරීමකට පෙළඹේ. ඒ ස්තිරය. එය මේ වන විට ජවිපෙ (අනුර +කිලී) ගෙන තිබෙන තීන්දුවකි. ඊට අවශ්‍ය වටපිටාව සැකසීම මේ වන විට සිදු කරමින් පවතී.( ඉහත සඳහන් කළ අනුරගේ ප්‍රකාශය ඊට සූදානම් වීමකි). එවිට ජනාධිපතිවරණය නීති විරෝධී බවද කියනු ඇත.

ජවිපේ කිලී ටිරාන් සමඟ ජනාධිපතිවරණය වර්ජනය කරන අතරම රනිල්ගේ එජාපයට පහර පිට පහර ගසනු ඇත. එමඟින් මහින්දගේ ජයග්‍රහණය ස්ථිර වනු ඇත. රනිල්ගේ එජාපය තවදුරටත් දුර්වල වනු ඇත. ඉන් පසුව මීළඟ මහ මැතිවරණයට ජවිපෙ ඉදිරිපත් වන්නේ ප්‍රධාන විපක්ෂය, ජවිපෙ නාමයෙන් ගොඩ නැඟීම වෙනුවෙනි.

එහෙත් ඒ සිදුවිය හැක්කේ ජවිපෙ එජාප මොඩලයේ පක්ෂයක් වීමෙන් පමණි. එනම් කොම්පොදෝරු ධනපති පංතියට වාල් කම් කරන පක්ෂයක් ලෙසය. ජවිපෙ අලුත් දැක්ම සැකසෙන්නේ මේ වෙනුවෙනි.


* සැලකිය යුතුයි. 

අප විසින් ජවිපෙ අභ්‍යන්තර තොරතුරු ‍රැසක් හෙළි කිරීම නිසා මේ වන විට ජවිපෙ බරපතල ප්‍රශ්න කිහිපයකට මුහුණ දී ඇති බව අපට දැන ගැනීමට ලැබී තිබේ. ප්‍රධාන වශයෙන් ඔවුන්ගේ තක්කඩි දේශපාලන සැලසුම් අවුල් වීමය.මේ නිසා ඇතැම් දේ ක්‍රියාත්මක කිරීමටත් පෙර අකුළා ගැනීමට ජවිපෙට සිදුව තිබේ. ඒ අනුව දඹර අමිලව අත් හැරියා සේ නිර්පාක්ෂික පොදු අපේක්ෂකයාවද තව ටික කලක් මතුර මතුර සිට ඒ අත් හරිනු ඇත.

අනෙක් ප්‍රශ්නය, මේ තොරතුරු වල සත්‍ය තාවයන් තහවුරු වීම නිසා පූර්ණකාලීනයන් පක්ෂයෙන් ඉවත්ව යෑම වැඩි වශයෙන් සිදුවීමය.

දෙවරක් ලෙයින් යකඩින් ගින්දරින් මර්දනය කළ නොහැකිවූ අභිමානවත් පක්ෂයක් අනුර මැතිඳාගේ පූර්ණ දායකත්වයෙන් කිසි කරදරයකින් තොරව විනාශ වී යන කල, මේවාට අපිට කරන්න දෙයක් නැත. තක්කඩිකම් කරන විට ඊට ලැබෙන ප්‍රතිචාරයන්ද ඒ මට්ටමෙන්ම ලැබේ.

අප විසින් කරනු ලබු හෙළි කිරීම දරා ගත නොහැකිව සිටින ජවිපෙ ෆෙස්බුක් න්‍යාචාර්යවරු මේ කුරු‍ටුගාමීන්ගේ මඩ යැයි ප්‍රචාරය කරමින් සිටිනුද අපි දු‍ටුවෙමු.

අපේ අභියෝගය මෙයයි, හැකිනම් අපි කිව් දෙයක් වැ‍රැදියි යැයි ඔප්පු කර පෙන්වන්න.....නමුත් ඒ කිසිවිටක කළ නොහැකි බව අපි දනිමු. එවැන්නකට උත්සහ ගන්නත් එපා, එයින් වෙන්නේ තව තවත් කුණු ගොඩවල් ගොඩ ඇද ගැනීමක් විතරය.

Original source - gossiplankaoriginal.com

ගෝටා 'භයෙන්' අත්මිදීමේ විමල්, චම්පික මෙහෙයුම


සංවර්ධනයේ නාමයෙන් සිදු වන කොමිස් ජාවාරම් හැරුණකොට, මේ වන විට ලංකාවේ රාජ්‍ය පාලනයක් තිබේද යන්න සැක සහිත ය.

ඊයේ සිදු වූ දුම්රිය සිද්ධිය ලංකාවේ මේ වන විට පවතින තත්වය සංකේතාත්මකව පැහැදිලි කරයි. දුම්රිය අනතුරුවලට හේතුව දෙපාර්තමේන්තුවේ ගැටලු බව කියමින් දුම්රිය රියදුරෝ අකුර‍ට වැඩ ය. අකුරට වැඩ කරන විට දුම්රිය පමා වේ. එවිට මගීහු කිපී රියදුරන්ට පහර දෙති. දුම්රිය සේවකයෝ එකතුව මරදානේදී තමන්ට ගැසූ මගීන් අල්ලා සම්බෝල කොටති. එසේ කොට පොලීසියටත් භාර දෙති. පොලිසිය ගහපු මගියා අත්අඩංගුවට ගන්නේ දුම්රිය රියදුරන් ඔහුට පහර දී අල්ලා දීමෙන් පසු ය. පහර දුන් රියදුරන් අත්අඩංගුවට ගෙන නැත.

ඉස්සර ලංගම බස්වල රියදුරා ඉදිරියෙන් 'දහස් ගණනක් ජීවිත ඔබේ දෑතේ' යයි ලියා තිබිණි. දැන් දුම්රියේ ඒ දෑත් මගීන්ට පහර දෙති. මගීහු ඒ දෑත්වලට පහර දෙති.

රටේ සුක්කානම දරන දෑත් කරන්නේ කුමක් ද? ප්‍රවාහන ඇමති කුමාර වෙල්ගමට තිබෙන ප්‍රධාන කාර්යය වන්නේ තමන්ට හොඳ ලිංගික ශක්තියක් ඇති බව හා තමන් හොඳින් කන බොන මිනිසකු බවත්, තමන්ගේ පුතාත් එහෙම පොරක් බවත් කිය කියා ඇවිදීමයි.

එතැනින් එහා නායකත්වය ද ඊට දෙවෙනි නැත. 

‍සම සෞඛ්‍ය, හෙද, වින්නඹු වැනි වෘත්තීය ක්ෂේත්‍රවල තිබෙන ආරාවුල් හේතුවෙන් ලංකාවේ දුප්පතුන්ට මැරෙන්න වැටෙන්නට තිබෙන රෝහල ද අවුල් ජාලයක් වී තිබේ. එය අධ්‍යාපන ක්ෂේත්‍රයට ද පැතිරී ඇත. පොලිසිය ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණ මැඩලීමට අධිකරණ සහයෝගය පතයි. එහෙත්, දැන් දැන් අධිකරණයට ද යුක්තිය ගැන හැඟීමක් ඇති වෙමින් තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණ මැඬලීමට වාරණ නියෝග ඉල්ලා අධිකරණයට නො එන්නැයි පොලිසියට දැනුම් දුන්නේ එහෙයිනි.

ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය හා සෞඛ්‍ය අධ්‍යාපනය පාලනය කරන්නේ ලෝක සෞඛ්‍ය මොකක් ද එකක උප සභාපති වන මෛත්‍රීපාල සිරිසේන ඇමති හෝ උසස් අධ්‍යාපන ඇමති වන එස්. බී. දිසානායක නො වේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නම් ප්‍රතිගාමී වෘත්තීය සමිති මාෆියාවයි. ‍මෙම බලධාරීන් ගැටලු විසඳීම සඳහා කිසිදු මැදිහත්වීමක් කරන්නේ නැත.

මේ අතර, රටේ අපරාධ ඉහවහා ගොස් ඇත. පොලිසිය කරන්නේ සැකකරුවන් ආයුධ පෙන්නන්නට එක්කගෙන යාමයි. දැන්, දැන් අපරාධකරුවෝ ද පොලිසිය ආයුධ පෙන්නන්නට එක්කගෙන යන තත්වයක් රටේ නිර්මානය වී තිබේ. අපරාධයක් සිදු වී නම් බොහෝ විට ඒ පසුපස හිටපු රණවිරුවෙක් ද සිටියි.

රජය රටේ දකුණු කෙළවරේ යුද ජයග්‍රහණය සමරන අතර, හමුදාව උතුරේ මිලිටරි පාලනය පවත්වාගෙන යාම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී හිමිකම් සමග ගැටෙයි.

රටට බැහැරින් ආණ්ඩුවට එල්ල වන යුද අපරාධ චෝදනා තීව්‍ර වී ඇත. සුදු කොඩි සිද්ධියට සම්බන්ධ දුරකථන ඇමතුම්, එස්.එම්.එස්. ආදී සාක්කි සහිත සවිස්තර වාර්තාවක් පසුගියදා එළිදුටුවේ ය. එහි ආණ්ඩුවේ ලොකු ලොක්කන් රැසකගේ ම නම් සඳහන් වී තිබේ. යුද අපරාධ චෝදනා පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා පසුබිම සැකසෙමින් තිබියදී ඇතැම් හමුදා, දේශපාලන හා මාධ්‍ය වීරයන් විසින් ඩයස්පෝරා ඩොලර් මිටි වෙනුවෙන් යුද අපරාධ සාක්ෂි ඡායාරූප දෙමළ ඩයස්පෝරාවට විකුණමින් තිබේ. 

මෙම පසුබිම තුළ, ආණ්ඩුවේ අත බුරුල් වෙමින් භීෂණය ලිහිල් වෙමින් තිබේ. ආණ්ඩුවේ සන්ධාන පක්ෂ දෙකක් වන ජාතික නිදහස් පෙරමුණ හා ජාතික හෙළ උරුමය විසින් මුල පුරා තිබෙන බියෙන් අත්මිදීමේ ක්‍රියාමාර්ගය දේශපාලනික වශයෙන් ඉතා වැදගත් ය.

ආණ්ඩුව විමල්ටත්, චම්පිකටත් ගේම ‍දෙන ආකාරය දෙස තව ඇමති රොත්තක් ම පරීක්ෂාවෙන් බලා සිටිති. ආණ්ඩුවේ අාරක්ෂාව තිබෙන්නේ ඇමති මණ්ඩලය තුළ වරප්‍රසාද, වරදාන, අල්ලස්, සොරකම හා භීෂණය නඩත්තු කරන තරමට ය. විමලුත්, චම්පිකත් ආත්මාරක්ෂාව පිණිස එකිනෙකාගේ දෑත් අල්ලාගෙන කැරැලි ගසා තිබෙන්නේ ආණ්ඩුවේ අභ්‍යන්තර භීෂණයට එරෙහිවයි. තවත් සරළව කිව්වොත් ගෝටා 'භයට' එරෙහිවයි. සෙසු කාරණා වැදගත් නැත. මේ පියවර නො ගත්තොත්, මෙම උන්නතිකාමී දේශපාලනඥයන්ටත් යන එන මගක් නැති වනු ඇත. ශිව සේනාවෙන් පටන් ගත් හින්දු ජාතිකවාදී ගමන භාරතීය ජනතා පක්ෂය දැවැන්ත මැතිවරණ ජයක් ලබන තැන දක්වා ඉදිරියට යද්දී, චම්පික රණවක මේ අන්දමින් බියෙන් සිටියොත් සිංහල ජාතිවාදී දේශපාලනය ඥානසාර වී යනු ඇත. 

මත්ද්‍රව්‍ය බෙදාහැරීම සම්බන්ධව රජය පියවර ගැනීමට අපොහොසත්ව ඇතැයි පවසමින් එක්‌සත් ජාතික පක්‍ෂය විසින් ගෙන ආ විශ්වාස භංග යෝජනාවට අදාළ විවාදයට එක්‌වෙමින් ඇමැති නිමල් සිරිපාල ද සිල්වා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ කේන්ද්‍රස්‌ථානය බවට එක්‌සත් ජාතික පක්‍ෂය නගන චෝදනාව රටට කරන අවමානයක්‌ බවයි. එතකොට ඒ වැඩේ තිබෙන කැතකම ගැන නිකම් ම කියැවේ. රටේ අගමැති දක්වා ම ලොකු ලොක්කෝ කුඩු ජාවාරම්වලට ඈඳී තිබේ. 

ආණ්ඩුව කැසිනෝ ගෙන එන්නට යන්නේ එවන් පසුබිමක් තුළ ය. එහෙත්, රටට ගෙන එන්නට ගිය ඒ ඍජු විදේශ ආ‍යෝජනයත් ඇණ හිටින පසුබිමක ආර්ථික වශයෙන් ද ආණ්ඩුව නන්නත්තාර වෙමින් සිටියි.

ඉන්දියාවේ පත් වූ අලුත් අගමැති නරේන්ද්‍ර මෝඩි කුමක් කරනු ඇද්දැයි ආණ්ඩුව පමණක් නොව මුළු ලෝකයම බලා සිටියි. 

ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයකු පිළිබඳ කතා දිගහැරෙමින් තිබෙන්නේ මේ සංදර්භය තුළ ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.
Original source - w3lanka.com

Thursday, May 22, 2014

මෝඩිගේ දිවුරුම් දීමට මහින්ද එපා

නරේන්ද්‍ර මෝඩිගේ දිවුරුම්දීමේ උලෙළට සහභාගිවීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නිල ආරාධනයක් ලැබී ඇති බවට වාර්තා වේ. 

මෙම උලෙළ ලබන 26 වැනිදා පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයාට අමතරව, පකිස්ථාන අග‍්‍රාමාත්‍ය නවාෂ් ෂරිෆ් ඇතුලූ දකුණු ආසියානු කලාපයේ සෙසු රාජ්‍ය නායකයන්ට ආරාධනා කර ඇති බව වාර්තා වේ.

ඉන්දීය අගමැතිවරුන් සිය පදවියේ දිවුරුම් දීමේදී විදේශීය රාජ්‍ය නායකයන්ගේ සහභාගීත්වයක් මින් පෙර සිදුවී නොමැති වුවත් අසල්වැසි මෙවර ප‍්‍රථම වතාවට එලෙස කර ඇත. කෙසේ වුවත් මෙම ආරාධනාව සම්බන්ධයෙන් දකුණු ඉන්දීය දමිල පක්ෂ හා තමිල්නාඩු මහ ඇමැතිවරිය වන ජයලලිතා උරණ වී ඇති බවද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති එම්.ඞී.එම්.කේ පක්ෂයේ මහ ලේකම් වයිකෝ සදහන් කර ඇත්තේ මහින්ද රාජපක්ෂ ඉන්දීය අගමැතිවරයාගේ දිවුරුම් දීමට පැමිණෙන්නේ නම් එය දකුණු ඉන්දීය දෙමළ වැසියන්ගේ අප‍්‍රසාදයට මෙන්ම වේදනාවට හේතුවිය හැකි බවත් එසේ කිරීමට ඉඩ නොදිය යුතු බවත්ය. 
කෙසේ නමුත් ජනාධිපති ලේකම් කාර්යාලය පවසන්නේ ජනාධිපතිවරයා විසින් අදාළ ආරාධනාව පිළිගෙන ඇති බවත් ඒ සදහා සහභාගී වීමට නියමිත බවත්ය.

ගෝලීය ධනවාදය, ජාතික රාජ්‍යය සහ දේශපාලන දෘෂ්ටිවාදය - මහාචාර්ය සිරි හෙට්ටිගේ

බටහිර නොවන රටවල් බොහොමයක මෑතක දී ආර්ථික වර්ධනයක් සිදුව ඇතත්, පසුගිය දශක කිහිපය තුළ ධනපති ක‍්‍රමයේ ඇති වූ ව්‍යාප්තිය තුළ, ලෝකය පුරා තවදුරටත් අසමාන සංවර්ධනයක් වර්ධනය වී තිබේ. මිනිසුන්ගෙන් බහුතරයකගේ ජීවන තත්වයන් නගා සිටුවීම කෙරෙහි උපස්ථම්භක විය යුතු සංවර්ධනය, ලෝකය පුරා පොදුවේ දක්නට තිබිය යුතු සාමාන්‍ය තත්වයක් වෙනවා වෙනුවට, ව්‍යතිරේකයක් (ඉඳහිට) බවට පත්ව ඇත. කාර්මීකරණය වූ බටහිර රටවල්වලින් පිටස්තර ඇතැම් රටවල් තම රටවල අඩු ආදායම් ලැබූ සමාජ කොටස්, ආර්ථික සංවර්ධනය හරහා දරිද්‍රතාවයෙන් ගලවාගෙන ඇති බව සැබෑව. එය, එම රටවල්වල රාජ්‍යයන් මැදිහත් වී සිදුකරන ලද උත්පේ‍්‍රරක ක‍්‍රියාකාරකම් නිසා අත්පත් කරගෙන ඇති තත්වයකි: පළමුව, මිනිස් සම්පත් වර්ධනය කරමින්, පර්යේෂණ සහ සංවර්ධනය හරහා වෙනත් දේශීය නිෂ්පාදන ශක්‍යතා නගා සිටුවීමත්, දෙවැනුව, දේශීය ප‍්‍රාග්ධන ගොඩනැංවීම් පහසු කැරැවීමත්, තෙවැනුව, විදේශීය ආයෝජකයන් ආකර්ශනය කරගත හැකි පරිසරයක් බිහි කිරීමත්, ඊට හේතු වී ඇත.

මිනිස් ජීවිත කෙරෙහි මෙතෙක් අභ්‍යාස නොකළ බලයක්, විදේශීය ප‍්‍රාග්ධන හිමිකරුවන්ට අද හිමිව තිබේ. ප‍්‍රාග්ධනයේ ගෝලීය සංසරණය කෙරෙහි ජාතික රාජ්‍යයන් සතුව වැඩි බලයක් නැති තත්වය තුළ, එම ප‍්‍රාග්ධනය වෙනත් රටවල් වෙත ඇදී යාමට නොදී, ලාභය සහ ආරක්ෂාව පිළිබඳ විශ්වාසයක් ආයෝජකයන් තුළ ඇති කරමින්, එම ප‍්‍රාග්ධනය තමන්ගේ රටවලම ආයෝජනය කරවා ගැනීම සඳහා, දේශීය සහ විදේශීය ප‍්‍රාග්ධනය ඉදිරියේ යටහත් පහත් වීමට දිළිඳු රටවලට සිදුව තිබේ. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු බොහෝ කාර්මික රටවල් තුළ හඳුන්වා දෙනු ලැබූ ප‍්‍රගතිශීලී සහ සමානාත්මතා ප‍්‍රතිපත්ති මත පදනම් වූ කමකරු නීතිරීති සහ පුළුල් සමාජ ආරක්ෂණ වැඩපිලිවෙලවල්, අද වන විට ගෝලීය ප‍්‍රාග්ධනයේ පීඩනයට එන්න එන්නම යටවෙමින් තිබේ. ලෝකය පුරා අද වඩාත් ප‍්‍රචලිතව ඇත්තේ අපනයනය සඳහා කරන වෙළඳ භාණ්ඩ නිෂ්පාදනයන් වන හෙයින්, අවම වැටුප් සීමාවන් නියම කොට ඇති සහ සමාජ ආරක්ෂණ ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කරන රටවල ශ‍්‍රමය සඳහා දැරිය යුතු වියදම අධික වන නිසා, එවැනි රටවල්වලට, අඩු වැටුප් සහිත රටවල්වල ව්‍යාපාර සමග තවදුරටත් තරග කිරීම අපහසු වී තිබේ. උදාහරණයක් වශයෙන්, අඩු ආදායම් සහිත ආසියානු රටවල් සමග තරග කිරීමට, ඔස්ටේ‍්‍රලියාවේ භාණ්ඩ නිෂ්පාදනයට සහ සේවා කර්මාන්තවලට පවා, බෙහෙවින් අපහසු වෙමින් ඇති බව ඔස්ටේ‍්‍රලියානු බලධාරීන් තේරුම්ගෙන ඇත.

වැඩි ලාභ සොයමින් ප‍්‍රාග්ධනය රටරටවල් අතරේ සංසරණය වීම හේතු කොටගෙන, රටවල් අතර පැවති පැරණි වෙනස්කම් බොඳ වී ගොස් තිබේ. රුසියාව සහ චීනය වැනි පැරණි සමාජවාදී රටවල්වල සමාජවාදය අද වචනයට පමණක් සීමා වී ඇති නිසා, ධනපති සහ සමාජවාදී කඳවුරු වශයෙන් ලෝකය වෙන් කර ගැනීමේ අරුතක් නැතිව ගොස් තිබේ. එසේම, කලින් කාර්මික රටවල් වශයෙන් නොපැවති බොහෝ රටවල් අද වන විට ප‍්‍රධාන පෙළේ කාර්මික රටවල් බවට පත්ව ඇති හෙයින් කාර්මික රටවල් සහ කාර්මික නොවන රටවල් වශයෙන් ඉස්සර තිබූ වර්ගීකරණය ද අද අර්ථ විරහිත වී ඇත.

පැරණි ධනපති රටවල්වල සිට ලෝකයේ තවත් බොහෝ තැන්වලට ගෝලීය ධනවාදය පැතිර ගොස් තිබුණත්, බටහිර ලිබරල්වාදය එවැනි යුරෝපීය නොවන රටවල්වලට පැතිර ගොස් නැත. පැරණි සමාජවාදී රටවල්වල තිබූ සමාජවාදය පැහැදිළිවම මැකී ගොස් ඇතත්, ඒ වෙනුවට එම රටවල් තුළ ලිබරල්වාදය මුල් ඇද ඇති බවක් පෙනෙන්ට නැත. ඇත්ත වශයෙන්ම, යුරෝපීය නොවන බොහෝ රටවල් තුළ දක්නට ඇත්තේ, ලිබරල්වාදයට තදින් එදිරිවාදී වීමකි. ඊට යම්තාක් දුරකට බලපා ඇත්තේ, බටහිර-විරෝධය, සංස්කෘතිකමය ජාතිකවාදය, තරගකාරී ආර්ථික ජාතිකවාදය සහ වාර්ගික-ජාතිකවාදය වැනි, ජාතිකවාදයේ විවිධ ප‍්‍රභේදයන් ය. මේ අවසානයට කී කාරණය, බොහෝ විට නතරව ඇත්තේ, ජාතිවාදය සහ ගෝත‍්‍රිකවාදයේ ඉවුරුවල ය. ඒ තත්වය තුළ, රටවල් අතර ආර්ථික සහ දේශපාලනික මිත‍්‍ර සන්ධාන බොහෝ විට ගොඩනැගෙන්නේ, ඉහත කී වෙනස්කම් පදනම් කරගෙන බව පෙනේ. ඒ නිසා, මැද පෙරදිග, නැගෙනහිර යුරෝපය සහ වෙනත් තැන්වලින් පෙන්නුම් කරන පරිදි, ගෝලීය දේශපාලනික භූසිතියම අවබෝධ කර ගැනීම වඩාත් සංකීර්ණ කාරණයක් බවට පත්ව තිබේ.

ස්ථාවර ජීවන තත්වය සහ සමාජ ආරක්ෂණයට අදාළ පුරවැසියන්ගේ සුභසාධනය සම්බන්ධයෙන් රාජ්‍යයන් සතුව පැවති හැකියාව, ප‍්‍රාග්ධනයේ සහ ශ‍්‍රමයේ ජාත්‍යන්තර සංසරණය හේතු කොටගෙන දුර්වල වී තිබෙතත්, පුරවැසියන්ගේ භෞතික ආරක්ෂාව ඇතුළු පැවැත්ම පිළිබඳ ගැටළු සාමූහිකව කළමණාකරණය කර ගැනීම සඳහා රාජ්‍යයට තවමත් පැවරෙන්නේ වැදගත් ස්ථානයකි. එහෙත්, ඔවුන්ගේ අදහස් උදහස් නිදහසේ ගොනුකර ගැනීමත්, ඔවුන්ගේ ඉරණම සාමූහිකව නිශ්චය කර ගැනීමත් පදනම් වන්නේ, ඔවුන් සතුව ඇති දේශපාලනික සහ සමාජ අවකාශයේ තරමට ය. රටක පවතින දේශපාලන ක‍්‍රමයේ ස්වභාවය තීරණාත්මක් වැදගත් කමක් ගන්නේ එහි දී ය.

කවුරුත් දන්නා පරිදි, 80 දශකයේ සමාජවාදයේ කඩා වැටීමෙන් පසු, බටහිර ලිබරල්වාදය ලෝකයේ අධිපති දේශපාලනික දෘෂ්ටිවාදය වශයෙන් මතු විය. ඇමරිකාවේ නායකත්වයෙන් ඇෆ්ගනිස්ථානය සහ ඉරාකය ආක‍්‍රමණය කිරීම පවා, එම රටවල අධිකාරීවාදි පාලන තන්ත‍්‍රයන් පෙරලා දමා ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පාර හෙලිපෙහෙලි කරගත හැකිය යන තර්කය යටතේ යුක්තිසහගත කෙරුණි. එම තර්කයම යටතේ, තවත් උතුරු අප‍්‍රිකානු සහ මැද පෙරදිග ඇති වූ ප‍්‍රචණ්ඩකාරී නැගිටීම් සඳහා බටහිර රටවල් සහයෝගය සපයනු ලැබීමත්, යුක්ති සහගත කෙරුණි. එසේ වතුදු, ලෝකය පුරා බොහෝ රටවල, නීතියේ ආධිපත්‍යය සුරකින සහ පුරවැසියන්ගේ දේශපාලනික සහ සමාජ අයිතීන් සහතික කෙරෙන ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන තන්ත‍්‍ර ඇති වී නැත. එවැනි බොහෝ රටවල්වල තිබෙන සමාජ ගැටුම් නිසා, විවිධ ප‍්‍රජාවන් අතරේ සාමකාමී සහජීවනය නැති වී තිබෙන අතර, සමාජ සහ ආර්ථික ස්ථාවරත්වයත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහසත් එම රටවල වැසියන්ට අහිමි කෙරී තිබේ.

බටහිර නායකයන් සහ ගෝලීය සිවිල් සමාජ සංවිධාන, බටහිර නොවන ලෝකය තුළ ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාරධර්ම ප‍්‍රචාරය කිරීමට උත්සුක වන බව පෙනේ. එසේ වෙතත්, බටහිර රටවල්ම මුහුණදෙන බරපතල ආර්ථික ප‍්‍රශ්න හමුවේ, තමන්ගේ ගෝලීය ව්‍යායාමයන් දියත් කිරීමටත්, ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී ආණ්ඩුවලින් එල්ල වන විරෝධතාවන් ජය ගැනීමටත් නොහැකි ප‍්‍රශ්නයකට ඔවුන් මුහුණදී සිටී. ඊටත් වඩා, බොහෝ බටහිර රටවල්වල විශ්වසනීයත්වය සහ සදාචාර අධිකාරය ගැන විවේචකයෝ බොහෝ විට ප‍්‍රශ්න කරති. එම තත්වය තුළ, බටහිරට එරෙහි එවැනි විවේචන, ඔවුන්ගේ බාහිර මැදිහත්වීම් ඇහිරවීමට තර්කයක් වශයෙන් අත්තනෝමතික රටවල් පාවිච්චි කරයිි. අනිත් අතට, ලිබරල් සහ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවට වෙනත් සාර්ථක දේශපාලනික විකල්පයක් ඇත් ද යන ප‍්‍රශ්නයත් මෙහි දී මතු වෙයි. වෙනත් වචනවලින් කිවහොත්, පණිවිඩය පණිවිඩකරුවාගෙන් වෙන් කොට හඳුනා ගැනීමේ අවශ්‍යතාව පැන නගී.

මෑතක දී එළිදක්වන ලද සී.එන්.එන්. වාර්තාවකට අනුව, ඇමරිකානු හමුදා කඳවුරක් පිහිටුවා ගැනීම සඳහා, ඉන්දියානු සාගරයේ කුඩා දිවයිනක් වන දියෙගෝ ගාර්සියාහි පදිංචිව සිටි මුල් පදිංචිකරුවන්ව එතැනින් බලහත්කාරයෙන් ඉවත් කිරීමට බි‍්‍රතාන්‍යය සමග ඇමරිකාව රහසින් සැලසුම් කොට තිබුණු බව හෙළිවිය. මේ රටවල් දෙකේම පවතින මාධ්‍ය නිදහස නිසා එකී පුවත සැළවීම වැළැක්වීමට එයින් එක රටකටවත් නොහැකි විය. එම වාර්තාවටම අනුව, මෙසේ ඉවත් කරන ලද ඇතැමෙක් තමන්ට සිදු වූ අසාධාරණයට වන්දි ඉල්ලා බි‍්‍රතාන්‍ය අධිකරණය ඉදිරියට ගොස් සිටිති. මෙහි දී සැළකිල්ලට ගත යුතු වැදගත් කාරණය වන්නේ, බටහිර බලවතුන් අතින් යටත්විජිතවාදී යුගය තුළ දී මෙන්ම ඉන් පසුවත් අසාධාරණ කම් සිදුව ඇතත්. එවැනි දියුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදි රටවල පවතින උසස් සමාජ සහ දේශපාලනික නිදහස සහ අයිතිවාසිකම් නිසා, එසේ සිදුවූ අසාධාරණයන්ට ප‍්‍රතිකර්ම ද සලසා ගත හැකි හැකියාවකුත් ඇති බවයි. උදාහරණයක් වශයෙන්, ඔස්ටේ‍්‍රලියාවේ ආදිවාසීන්ට ඉස්සර සැළකූ මර්දනකාරී ආකාරය ගැන හිතන විට, අද එම සැළකීම වෙනස් වී ඇති ස්වභාවය සැලකිල්ලට ගත හැකිය. ඇත්ත වශයෙන්ම, අතීතයේ සිදු වූ වැරදිවලට හිටපු ඔස්ටේ‍්‍රලියානු අගමැතිවරයා ප‍්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටි බවත් මතක් කළ යුතුය.

නව-ලිබරල්වාදය යටතේ සිදුවන ප‍්‍රාග්ධනයේ ගෝලීය ව්‍යාප්තිය තුළ, ලෝකය පුරා ඇති කෙරෙමින් තිබෙන පරිවර්තන අපමණයි. ප‍්‍රාග්ධනය සහ ශ‍්‍රමය රටවල් අතරේ මෙන්ම භූගෝලීය කලාප අතරේ ද, අවස්ථාවාදි ආකාරයකින් සංසරණය වීම හේතු කොටගෙන, විශේෂයෙන් දියුණු වෙමින් පවතින ලෝකයේ දසලක්ෂ ගණන් මිනිසුන්ගේ ජීවිතවලට හානි කෙරේ. එවැනි දුප්පත් රටවල් පැත්තකින් තිබ්බත්, වඩාත් දියුණු ලෝකයේ පවා දිනෙන් දින වැඩි වන ආර්ථික පීඩනය ඇතුළු හදිසි රැුකියා අහිමි වීම් සහ සමාජ අස්ථාවරත්වයන් නිසා බොහෝ මිනිසුන්ගේ ජීවිත කාලකණ්ණි කෙරේ. දුප්පත් රටවල සිට වඩාත් සශ‍්‍රීක රටවලට කෙරෙන ශ‍්‍රම සංක‍්‍රමණය හේතුවෙන් ඊටත් වඩා නරක ප‍්‍රතිවිපාක ඇති කෙරේ.

ප‍්‍රායෝගික වශයෙන් වඩාත් ප‍්‍රයෝජනවත් දෘෂ්ටිවාදි විකල්පයක් පේන තෙක් මානයක පෙනෙන්ට නැත. එසේ වෙතත්, අඩු වශයෙන් අනාගතයේ දී එවැනි විකල්පයක් සොයා ගැනීම සඳහා දොරටු විවර කරගෙන සිටිය හැක්කේ ද ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළම පමණි. මන්ද යත්, සෑම ඒකාධිපති ප‍්‍රවණතාවකින්ම කෙරෙන්නේ එවැනි දොරටු වසා දැමීමම වන බැවිනි.

මහාචාර්ය සිරි හෙට්ටිගේ.
Vikalpa.org

විමල්ගේ දෙකක් විමල් තනිකරයි

ඌව පළාත් සභාවේ ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී කපිතාන් මිහිමල් මුණසිංහ මහතා අද (22දා) ඌව පළාත් සභා මාසික රැස්වීමේදී ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වී එක්සත් ජාතික පක්ෂය සමග විපක්ෂයේ අසුන් ගත්තේය.

මේ අතර ජාතික නිදහස් පෙරමුණේ තවත් මන්ත්‍රීවරයෙකු වන ඩබ්ලිව්.ඒ. උදයකුමාර මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා සිටියේ තමාද ජාතික නිදහස් පෙරමුණෙන් ඉවත්වූ නමුත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාගත් බවයි.

2010 පළාත් සභා මැතිවරණයේදී ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් නිදහස් සන්ධානය යටතේ තරග කළ මුණසිංහ මහතා බදුල්ල දිස්ත්‍රික් ලැයිස්තුවේ හයවැනියා ලෙස ඌව පළාත් සභාවට තේරීපත් වූ අතර, පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට සහය ප්‍රකාශ කරමින් ඔහුගේ වේදීකාවටද ගොඩ විය.

මොණරාගල දිස්ත්‍රික්කයට ජාතික නිදහස් පෙරමුණ යටතේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කළ උදයකුමාර මහතා මනාප ලැයිස්තුවේ තෙවැනියා ලෙස පළාත් සභාවට තේරී පත්විය. උදය කුමාර මහතා මීට පෙර ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ අයෙකු වන අතර පසුව විනය කඩ කිරීමේන් ඇතිවූ ගැටුම් හේතුවෙන් පක්ෂයෙන් ඉවත්වන ලදී.

Monday, May 19, 2014

ඉදිරි මැතිවරණ ගැන අද තීරණය වෙයි

මෙම වසරේ දී ජනාධිපති මැතිවරණයක් හෝ මහ මැතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුවේ ස්ථාවරය සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද(19) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

ඉදිරියේ දි මැතිවරණ කිහිපයක් පැවැත්වීමට නියමිත අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ. එසේම මෙම වසරේ දී ජනාධිපති මැතිවරණයක් හෝ මහ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරනවාද යන්න මෙහිදී සාකච්ඡා කරනු ලබන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර මෙම සාකච්ඡාවෙන් අනතුරුව ජනාධිපතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය අතර සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමිතව තිබේ.

Sunday, May 18, 2014

ජවිපෙ - සෝභිත හිමි හමුවෙයි

ජනතා විමුක්ති පෙරමුණ සහ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි ඇතුළු සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය සමග අද (18) පෙරවරුවේ පැලවත්ත බත්තරමුල්ල පිහිටි ජ.වි.පෙ. මූලස්ථානයේදී සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඒ බව සඳහන් කරමින් ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කළ නිවේදනය පහත පළවේ.

"පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි ඇතුළු සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ නියෝජිත පිරිසක් සහ ජනතා විමුක්ති පෙරමුණ අතර සාකච්ඡාවක් අද (18) උදේ 09.00ට පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාව සඳහා ජ.වි.පෙ. නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර දිසානායක මහතා සහ ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හඳුන්නෙත්ති මහතා සහභාගි විය. පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිට අමතරව නීතිඥ කි‍්‍රෂාන්ත වැලිඅමුණ, නීතිඥ නිමල් පුංචිහේවා, ජනාධිපති නීතිඥ ජයම්පති වික‍්‍රමරත්න ඇතුලු පිරිසක් සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරය නියෝජනය කරමින් සහභාගි වූහ.

මෙම සාකච්ඡාවේදී සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය විසින් සකස් කළ, විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට සහ 17වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට අදාල යෝජනා සාකච්ඡා කළ අතර ඉදිරි ජනාධිපතිවරණ මැතිවරණයකදී මෙම යෝජනා මත පදනම්ව ගතහැකි කි‍්‍රයාමාර්ග පිළිබඳවද අවධානය යොමුකරන ලදී.

මෙම යෝජනාවලට අදාලවම විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම අත්‍යාවශ්‍ය බවත් ඒ සමගම රට හමුවේ ඇති ආර්ථික, දේශපාලන හා සමාජ අර්බුදයට විසඳුම් සඳහා විකල්ප ආර්ථික ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක වන සමාජ පරිවර්තනයක අවශ්‍යතාවය සමඟ බැඳුනු පොදු වැඩපිළිවෙලක වුවමනාවද ඇති බව ජ.වි.පෙ. අවධාරණය කරන ලදී. පසුගිය පලාත් සභා මැතිවරණ ප‍්‍රතිඵලය විසින්ද එවැනි විකල්ප වැඩපිළිවෙලක අවශ්‍යතාවය ජනතාව පෙන්වා දී ඇති බව ජ.වි.පෙ. නියෝජිතයින් විසින් අවධාරණය කරන ලදී.

රටේ ඇතිවන කාලීන දේශපාලන වෙනස්කම් අනුව ඉදිරිපත්වී ඇති යෝජනා ගැන ඉදිරියේදී තව දුරටත් සාකච්ඡා කිරීමට දෙපාර්ශ්වය තීරණය කරන ලදී."

Saturday, May 17, 2014

මෝඩිගේ ජයග්‍රහණය, දකුණු ආසියාව අඳුරු කලාපයක් කරාවී - වාසු

ඉන්දීය මහ මැතිවරණ ප්‍රතිඵල අනුව නරේන්ද්‍ර මෝඩිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්‌ෂයේ ජයග්‍රහණය දකුණු ආසියානු කලාපයට අඳුරු දසාවක්‌ උදාකරනු ඇතැයි ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා ඇමැති වාසුදේව නානායක්‌කාර මහතා පවසයි.

නිවේදනයක්‌ නිකුත් කරමින් මේ බව පවසන ඇමැතිවරයා එහි මෙසේද සඳහන් කර ඇත.

එක්‌ අතකින් රට අභ්‍යන්තරයේ සිවිල් කෝලාහාල ඇතිවන තත්ත්වයක්‌ උද්ගත විය හැක. දෙවනුව අසල්වාසීන් සමග ආරවුල් ඇතිවීමට බොහෝ සෙයින් ඉඩ කඩ ඇත. එමෙන්ම චීනය සමග ඇති ආතතියේ සබඳතාවයද වැඩිවනු ඇත.

මෝඩි පිටුපස ඇති බලවේග රාෂ්ශ්‍රීය ස්‌වං සේවක සභාව නමැති උග්‍ර ආගම්වාදී ජාතිවාදී සංවිධානයක්‌වීම මීට හේතුවයි. ගාන්ධිතුමාගේ සමාදානයට නොකැමැතිව එතුමා මරා දැමීමද මෙම සංවිධානය විසින් කළ බව පළවේ.

භාරතීය ජනතා ජයග්‍රහණය අධිරාජ්‍යවාදීන්ගේ සතුටටද ඉන්දියාවේ මහා ධනපති පන්තියේ අරමුණ සාක්‌ෂාත් වීමටද හේතුවන බව පෙනේ.

ශ්‍රී ලංකාව සමග ඇති සබඳතාවයන් ද නරක අතකට පරිවර්තනය වීමට මෙම ජයග්‍රහණය ඉවහල් වීමේ ඉඩ කඩ ඇත. ඊට පසුබිම් වනු ඇත්තේ චීනය සම්බන්ධව මෝඩිගේ රජය දරන ආකල්පයයි. එහෙත් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අනාගතයට මෝඩිගේ රජයෙන් අනුග්‍රහයක්‌ හෝ පුනර්ජීවනයක්‌ ලැබෙනු ඇතැයි සිතීම උගහටය.

එහෙත් වයිකෝ වැනි නායකයන්ගෙන් යුත් එල්.ටී.ටී.ඊ. හිතවාදී සංවිධාන මෝඩිගේ සන්ධානයට ඇතුළත් වන හෙයින් එහි බලපෑම් කොතරම් දැයි තක්‌සේරු කිරීම මේ අවස්‌ථාවේ අපහසුය.

Thursday, May 15, 2014

ලෙයින් නැහැ වී වසර 5කට පසුත්…

2009 මැයි 18 එකම රටක එක් ජනතාවක් මරණයේ වේදනාව විදි සහ අනෙක් ජාතිය එය දෙස බලා කාලකන්නි සතුටක් විදි දවසක් ලෙස ඉතිහාසගත වී අවසන්ය. තමන් බෞද්ධයන්ය, අනෙකාට වෛර නොකර මෛත‍්‍රීය පමණක් වපුරන ජාතියක් යැයි උදම් අනමින් තම රටේ සහෝදර ජාතියේ ලේ උරා බි පස් වසරකුත් ඉක්ම ගොස් අවසන්.

පස් වසරකට පසුත් උතුරට සහ දකුණට සැබෑ නිදහස ලැබුණාද? කොටි සංවිධානය මිලිටරි ලෙස පරාජය කිරිමෙන් පසු සියලූ ප‍්‍රශ්න විසදුනාද?

දකුණේ මිනිසුන් යුද්ධයෙන් පසු උදම් ඇනුවේ ”දැන් අපිට බයක් සැකක් නැතුව පාරේ බැහැල යන්න පුලූවන් කියාය.” ඇත්තටම අපිට නිදහසේ පාරේ බැහැල යන්න පුලූවන්ද? රට ඒ තරම් සාමකාමී ද නීතිය ඔබට මට එක සමාන ද ලැබුවායි කියන නිදහස භුක්ති විදින්නේ කවුද? සාරුව සුනිල්ලා ස්ත‍්‍රී දුෂකයන් ලෙස එය සැමරීම, පාලාත් සභා මන්ත‍්‍රීවරු ගුරුවරුන් දණගැස්සවීම, නගරාධිපතිවරු සෙල්ලම් පි්සතෝල වලින් ජනතාවට සෙල්ලම් පෙන්නවීම මෙයද ඔබ බලාපොරොත්තු වු නිදහස.

යුද්ධය අවසන් වුව ද උතුරේ ජනයාට නිදහස යන වචනය ගැනද මෙතෙක් කිසිදු හැගිමක් නැති සේයකි. සත්තකින්ම ඔවුන් දැන් ජිවත් වන්නේ බලාපොරොත්තු විරහිතවය. තමන්ගේ හෙට දවස ගැන තවමත් ඔවුන්ට සිතා ගත නොහැකිය. දකුණේ ජනතාවට පාරේ බැහැල යන්න ඇති නිදහසවත් ඔවුන්ට ගෙදර සිටින්න වත් නැත. ඒ තමන්ව කොයි මොහොතේදි කවුරුන් විසින් උදුරාගෙන යාවිද යන්න නොදන්න නිසාය. ඒ බලහත්කාරයෙන් සිදුවන අතුරුදහන්කරවීම් තවමත් පාලක ආශිර්වාදයෙන් සිදුවන නිසාය.

පස් වසරකට පසු සිදුවු එකම දෙය නම් දකුණ සිංහල ජාතිවාදයේ පාලනයට නතුව තිබීයදි උතුර දෙමළ ජාතිවාදි පාලනයට නතු වීමයි. කණගාටුවට කරුණ නම් කාරණා මෙසේ සිදුවුවද වසර පහකට පසුත් උතුරේ ජනයාට තමන් බලාපොරොත්තු වු දෙයින් අංශු මාත‍්‍රායක්වක් ලැබි ඇත්තැයි සැක සහිතය. සිදුව ඇත්තේ උතුරේ දේශපාලනය ද දකුණේ දේශපාලනය මෙන් පොරොන්දු වලට පමණක් සිමා වු බල ලොබි වීම පමණී.

උතුරු වසන්තයයි කියමින් උතුරද ඊනියා සංවර්ධනයට යටත් කර බටහිරට වෙන්දේසි කර අවසන්ය. ගැටුම් අවසන්වී පස් වසරක් ගතවුව ද පාලක රෙජීමය උතුරේ දෙමළ ජනයාට සලකමින් සිටින්නේ ඉතාමත් නින්දිත අයුරින්ය. තමුන්ගෙන් වෙන්වු තම ආදරණියන් වෙනුවෙන් පහණක් දැල්වීමට පවා ඔවුනට ඉඩක් නැත. සුලූ හෝ සැමරුමක් කිරිමට ඔවුනට කිසිදු අවස්ථාවක් නැත. ඔවුන්ගේ ජිවිත පාලනය වන්නේ හමුදා මිලිටරි පාලනයට අනුවය. හුස්ම ගන්නෙත් හමුදා අවසරයට අනුවය. මළවුවන් සැමරීමට පවා මේ මහා බලගතු රජු හා රජුගේ සහචරයෝ බීය වෙති.

අතිතයේදි ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ගියා වු සන්නද්ධ අරගලයද උතුරේ සිදුවු ලෙසම මර්ධනය කලද එදා සිට අද දක්වාම ජනතා විමුක්ති පෙරමුණට දහස් ගණන් සාමාජිකයන් සමග තම මිය ගිය සාමාජිකයින් සැමරීමට ඇති නිදහස උතුරේ අම්මලාට තම පුතා වෙනුවෙන් එකදු පහණක් දැල්වීමටවත් නොමැත. එය එසේ සිදුවුයේ ජාතිවාදය නිසාය එය පුන පුනා කීමට අවැසි නැත. එදා තම සාමාජිකයින් අමු අමු වේ මර දැමු හමුදාව මේදා රණවිරුවන් වන්නේ ඒ ජාතිවාදය නිසාය.

වසර පහකට පසුත් උතුරේ දමිළ ජනයා තවමත් මහජාතියේ කෙනෙහිලිකම් වලට ලක් වෙමින් ජිවත් වෙති. උතුරට එල්ලවු වු මර්ධනයේ සෙවනැළි වැඩි කලක් යාමට මත්තෙන් දකුණට එල්ල වන විට එය වැරුදි කී ජනතාවම තවමත් ඒ මර්ධනය උතුරට එල්ලවෙද්දි එයට ආශිර්වාද කරමින් සිටි. කටුනායකදී රොෂේන් හා හලාවතදී ඇන්ටනි මර දමද්දි කෑ ගැසුවවුන් බන්ධනාගාරයක් තුල නිමලරූබන් වද දී මරා දමද්දි මුනිවත රකින්නේ ඒ නිසාය.

ජනතාවගේ වීර දේශපාලකයෙක් ලෙස වැජඔවීමට නම් තම රටේ සාමය ඇති වීමට ඉඩ නොදී මිනිසුන් තුළ කලබල ඇති කර ඔවුන් තුල බීය හා අනාරක්ෂාව දැනවිය යුතුය. සෑමවිටම තම ළගපාත අය සම්බන්ධකර සැබෑ හෝ ව්‍යාජ සතුරන් නිර්මාණය කල යුතුය යන හිට්ලර්ගේ ධර්මතාව අනුව මහින්දගේ රේජිමය රට පැලනය කරමින් සිටි. දෙමළා තමගේ සදාකාලික හතුරා යන ධර්මය සිංහල ඔලූ තුලට කා වද්දා අවසන්ය. රේජිමයේ බලය රැදි ඇත්තේ ඒ ව්‍යාජ බීය හා ව්‍යාජ සතුරා තුලය.

පස් වසරකට පසුත් යුද්දය නැති තැනක සාමයෙන් තොරව, භුක්තියෙන් තොර සාමයක් දෙස බලමින් මිය යන්නට නොහැකිව බලාපොරොත්තු විරහිත, හැගීම් මරා දැමු දේහයක් නොමැති මළ ගමකට හඩම්න් ඔවුන් සිටිති.( ඔවුන් ජිවත් වේද යන්න මම නොදනිති ඔවුන්ට ඇත්තේ හැගීම් විනාශ කර දැමු ඇවිදින ශරිර පමණකි)

රොෂාන් චතුරංග | Roshan Chathuranga
Original Source - vikalpa.org

විමල්ට දැනුත් උසස් අධ්‍යාපනය ලබාගත හැකියි - SB

උසස් පෙළ සමත් නැති වුණත්, උසස් අධ්‍යාපනයක් නැති වුණත් විමල් වීරවංශ අමාත්‍යවරයාට පොතක් පතක් කියවා ඉගෙනගත හැකි බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී දිසානායක මහතා ඊයේ (13) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

එහෙත් විමල් අමාත්‍යවරයා මූල්‍ය සම්ප්‍රදාය ආර්ථික න්‍යාය පිළිබඳ ටිකක් හෝ දැනගත යුතුව ඇති බව දිසානායක අමාත්‍යවරයා පැවසිය.

පී.බී ජයසුන්දර මහතා ජනාධිපතිවරයා සතු විධායක බලය අනිසි ලෙස යොදවා ක්‍රියාකරන බවත්, එස්.බී දිසානායක මහතා පී.බීගේ ගුණ වර්ණනා කරන බැවින් ඔහුගේ කැබිනට් පත්‍රිකාවලට වහා මුදල් අනුමත වන බවටත් විමල් වීරවංශ අමාත්‍යවරයා පෙරේදා (12) දෙරණ 360 වැඩසටහනට එක්වී චෝදනා කළේය.

එබැවින් ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වූ උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී දිසානායක මහතා ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ තමාට වීරවංශ අමාත්‍යවරයාට කීමට ඇත්තේ ‘ජය වේවා‘ යනුවෙන් පමණක් බවයි.

අමාත්‍යංශ ලේකම්වරයෙකු යනු අදාළ අමාත්‍යංශයේ මුදල් කළමනාකරණය පිළිබඳ වගකීම දරන පුද්ගලයා බවත්, හෙතෙම අනිවාර්යයෙන්ම ප්‍රධාන ගිණුම් නිලධාරියා බවත්, එබැවින් විධායක බලයක් හිමි තැනැත්තෙකු වන බවත්, පී.බී යනු එවැනි විධායක බලයක් හිමි තැනැත්තෙකු බැව් පිළිගත යුතුව ඇති බවත් දිසානායක මහතා පැහැදිලි කළේය.

එහෙත් කටයුතු සිදුවන්නේ අමාත්‍යවරයා හා ලේකම්වරයා අතර පවත්නා එකඟතාවයකින් බවත්, යම් හෙයකින් අමාත්‍යවරයෙකු විසින් අමාත්‍යංශ ලේකම්වරයෙකුගෙන් නීති විරෝධී වැඩකට අනුමැතිය ඉල්ලන්නේනම් එකී නිර්දේශ ක්‍රියාත්මක කළ නොහැකි බව ලේකම්වරුන් විසින් පැහැදිලි කරදෙන බවද දිසානායක මහතා සිහිපත් කළේය.

පී.බී ජයසුන්දර මහතා යනු මුදල් අමාත්‍යංශ ලේකම් බැවිනුත්, මුළු රටේම ව්‍යාපෘති සඳහා මුදල් වෙන්කෙරෙන්නේ ඔහුගේ අනුමැතියෙන් බැවිනුත්, මුදල් අමාත්‍යවරයා ජනාධිපතිවරයා වන හෙයින් ජනාධිපතිවරයාගේ නිර්දේශ ක්‍රියාත්මක කෙරෙන බැවිනුත් ඔහුට සැලකිය යුතු බලයක් හිමිවන බවද දිසානායක අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එසේම පී.බී යනු රටේ ආර්ථිකය පිළිබඳ දැනුමක් හා අවබෝධයක් ඇති, රටේ ආර්ථිකය ඉදිරියට ගෙනා පුද්ගලයා බවත් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.

ලංකා බංකොලොත්. කාර්යාලයත් වසයි!

ජනතා විමුක්ති පෙරමුණේ නිල පුවත් පත වන ලංකා ඉරිදා සංග්‍රහය මේ වන විට අලෙවිය කඩා වැටීම නිසා පවත්වාගෙන යාම අසීරු වී ඇත. පසුගිය සති කිහිපයේ මෙහි මුද්‍රණ ඇණවුම 8000ක් වූ අතර ලබන සතියේ එය 6000 දක්වා අඩු කිරීමටද තීරණය කර ඇත්තෙ මේ වන විට පත්තරයේ පිටපත් 5000ක් වත් අළෙවි කර ගැනීමට නොහැකි වීම නිසාය.

එමෙන්ම මේ වන තෙක් ලංකා පුවත්පත් කර්යාලය ලෙස පවත්වාගෙන ගිය මාදිවල පිහිටි ගොඩනැගිල්ල නැවත එම හිමිකරුවන්ට ලබා දීමට තීරණය කර ඇති අතර පත්තරය පැලවත්ත කාර්යාලය තුල සිටම පවත්වගෙන යාමට තීරණය කර ද ඇත.

ලංකා පුවත් පතේ හිටපු කර්තෘ මන්ඩලයේ 6 දෙනෙකු හා පරිගනක අංශයේ සිටි 4 දෙනෙකුද අනුර මැතිඳගේ එහෙයියකු වන කර්තෘ ප්‍රියන්ත කරුණාරත්න සමඟ වැඩ කිරීමට නොහැකි නිසා ඉන් ඉවත් විය. මේ වන විට ප්‍රියන්ත හා යන එනමක් නැති ලියන්නෙකු කර්තෘ මණ්ඩලය ලෙස ඉතිරිව සිටි. ඊට අමතරව සූකිරි කෙලිත්තියකුත් ප්‍රියන්තගේ සහයට සිටී. ආරංචියේ හැටියට බෙදා හැරීමේ අංශයේ කිහිප දෙනකුද ඉන් ඉවත්කිරීමට තීරණය කර ඇත්තේ පත්තර 6,000ක් බෙදන්න හතර පස්දෙනෙකුගේ කාර්ය මණ්ඩලයක් අවශ්‍ය නැතැයි කියමිනි.

ජනතා විමුක්ති පෙරමුණේ කවර මට්ටමේ සංවිධාන තිබුණත් අවසන් තීරණය ගැනීම අනුර කුමාර හා හිතවත් දේශපාලන ව්‍යාපාරිකයන් කිහිප දෙනකු විසින් සිදු කරනවාය කියන චෝදනාවත් පක්ෂය මහින්ද රාජපක්ෂ ආරක්ෂා කරගෙන ආණ්ඩු විවේචනයටත් යාම ගැනත් පක්ෂයේ පැරණි සාමාජිකයන් ගෙන් බරපතල විවේචන ‍රැසක් පසුගිය කාලයේ එල්ල වී තිබිණි. මේ වන විට මධ්‍යම කාරකසභිකයන් හය දෙනෙකු පමන පක්ෂයෙන් ඉවත්ව ද සිටී.

ලංකා පුවත් පත පසුගිය කාලයේ ක්‍රියාත්මක වුයේ විපක්ෂය බේදබින්න කිරීම වෙනුවෙන් බව අප විසින්ද පෙන්වා දුන්නේය. එමෙන්ම එජාපයේ රනිල් පර්ශවය විවෙචනය කරමින් සජිත් ඔසවා තැබීමද පැහැදිලිවම ලංකා පුවත් පත විසින් සිදු කළ අතර ඊට හේතුවී තිබුණේ කිලි මහරාජාගේ වුව්මනාවය. පසුගිය මැතිවරණයේදී කිලී ටිරාන් දෙපල පක්ෂයට මුදලින්ද ප්‍රචාරක තලයෙද විශේෂ සහයෝගයක් දක්වන ලදී.අනුරව විපක්ෂ නායකයා කරවන බවට කිලී අනුරට පොරොන්දුවක් දී තිබීම ජවිපෙ කිලිට අනුව නැටීමට හේතු විය.

ඒ කෙසේ නමුත් ඉදිරි ජනාධිපතිවරණයේදී ජවිපෙ මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණයට වාසි දායක තීන්දුවක් ගනු ලබන බව මේ වන අපට ලැබි ඇති තොරතුරු අනුව සහතික විය හැකිය.( මෙම දේශපාලන කුමන්ත්‍රණය දියත් කිරීම බැසිල් -කිලී- ටිරාන් -අනුර අතර ඈඳුනු කතාවකි. මේ ගැන සවිස්තර විස්තරයක් තව ටික කලක් යන්නට හැර හෙළි කරමු )

එහෙව් පක්ෂයක පත්තරයක් තවමත් මිලදී ගන්නේ ජවිපෙ ආගමක් කොට ගෙන අදහන මැටි මෝල්ලු විතරය.

Original source - gossiplankaoriginal.com

Friday, May 9, 2014

අදේශපාලනික රාජපක්ෂගේ දේශපාලනය සෙවීම

චම්පික රණවක සහ විමල් වීරවංශ අනාගත දේශපාලනය තුළ සිදුකිරීමට නියමිත යැයි සැලකෙන මැජික් සම්බන්ධයෙන් සිහින මැවීම සහ රනිල්, සුමන්තිරන් වැනි දේශපාලනඥයින් සමඟ ඔවුහු ගැලපීම විහිළුවකට එහා ගිය දෙයකි. සැබවින්ම එහි විනෝදජනක ආස්වාදයක් ඇත. නමුත් අප විසින් නිර්මාණය කරණ එවැනි කල්පිත වූ කලී පද්ධතිය තුළ දිය වී ඇති බුද්ධිමය නැමියාව සහ ඒ වෙනුවට ආදේශ වී ඇති සිහින මත පදනම් වූ න්‍යායික ඛේදවාචකය තුළ විසඳුම් ඇහිඳීම අපි එකිනෙකා පැටලී සිටින අවුලේ ප්‍රකාශනයකි. මෙය රාජපක්ෂට අතිශය වාසි ගෙන දෙනවා පමණක් නොව, රාජපක්ෂ තව දුරටත් තමන් දීන ලෙස පරාජය කිරීමට හැකි බලවේගයක් ජනතාව විසින් ඇති කිරීම බැරෑරුම් කිරීමට මෙය පිටිවහලක් කරගනු ඇත.

අදාළ අන්තවාදී බලවේග ද්විත්වයට, ක්‍රමෝපායික ට්‍රෝජන් වීරත්වයක් ආදේශ කිරීමට යන්ත දරමින් ඔවුහු රාජපක්ෂගෙන් ව්‍යුක්ත වී සිටින චරිත බව හුවා දැක්වීම අප අපට කරගන්නා ස්‌වයං-අපහාසයකි. එනමුත් එම ද්විත්වය අනුර කුමාර සමඟ ගැලපීමේ වරදක් නැත. මන්ද අනුර යනු ඔවුන් හා සමාන ගතිගුණ ඇති කාසියක අනෙක් පැත්ත නියෝජනය කරණ අයෙකි. ඔහු ඔහුගේ ලෝකය තුළ ප්‍රභල ආකර්ෂණයක් දිනා ගැනීමට හැකි මට්ටමට තල්ලු වීම් වූ කලී කිසිවක් නැති තැනට යමක් ලැබීමකි. එය කිසිවක් නැති තැනක් බවට පත් කරනු ලැබුවේද අනුර වැනි අයවලුන් විසින්මය. මෙය දීර්ඝ වශයෙන් කතා කළ යුතු පුළුල් මාතෘකාවකි. නමුත් ලංකාවේ දේශපාලනය තුළ කිසිවක් නැති තැනට යමක් ලබාගත් අයවලුන් ඉතා කෙටි දුරක් ගිය අතර ඔවුහු විවිධාකාරයේ නෂ්ඨ වීම් වලට බඳුන් විය. ධර්මරාජ්‍යය මෙන්ම පංච මහා බලවේගය අවසානයේදී නිරුවතින්ම නැටීමට සිදුවූයේ මැදමුලනේ තාලයටය.

ඔවුන්ගේ වත්මන් හැසිරීම, රැගෙන ඔවුන්ගේ වීර කතා නවාකාරයක සචේතනික මෙන්ම ආවේණික අවංක උපායක් ලෙස හුවා දැක්වීම සහ රාජපක්ෂ සමඟ එක්ව ඔවුහු රටේ හානියට සිදුකළ කටයුත්ත දශමයකට මායිම් නොකර ඔවුහු රට වටේ එක වටයක් ගිය පසු මහජන මතය වෙනස් වන්නේය, නමැති ඔවුන්ගේ අඥාන වීරත්වයට අත්පොලසන් දීම සැබවින්ම එක පැත්තකින් ඔබ වෙලී සිටින මෝඩ කමකි. අනෙක් අතින් එය විසින් ඔබ තැටමීමට උත්සහ කරනු ලබන්නේ ගතික බලය සහ සංස්කෘතික අවුල හමුවේ තම අපල දුරුවීම සඳහා අතේ බැඳගත් පිරිත් නූල තබාගෙන ඇමෙරිකානු ඩෙනිම ඇඳ කොණ්ඩයට ජෙල් ගෑම පිළිබඳව වූ පැරණි අභියෝගයට මුහුණ දීම පිළිබඳවය. මෙම පැරණි අභියෝගය, උතුරේ ප්‍රභාකරන් විසින් සේම දකුණට පැමිණි නිල් චිත්‍රපට වලින් මුළුමනින්ම අතුගා දමනු ලැබූ මෝහය වන අතර, එය තේරුම් ගැනීමේදී කාලය පමණක් වෙනස් විය. එම තේරුම් ගැනීමට ගත කළ කාලය තුළ විමල් මෙන්ම චම්පික ද චරිත බවට පත් වූහ.

වෙනස සිදු වී ඇත. එම වෙනස තේරුම් ගැනීමට සහ අනෙකාට තේරුම් ගැනීමට ඉඩ සැලසීම සඳහා ගත වන කාලය තුළ කක්කුට්ටන්ද ඍජුව ගමන් කරන බව ඕනෑම අයෙකුට කිව හැකිය. රටේ පවතින්නේ කක්කුට්ටන් විසින් කක්කුට්ටන් තේරුම් ගැනීම පිළිබඳව වන ප්‍රශ්නයක් නොවේ. රටේ පවතින්නේ මිනිසා පිළිබඳව කක්කුට්ටන්ගේ කියවීමක්ද නොවේ. එනම් රටේ පවතින්නේ කක්කුට්ටා පිළිබඳව වන මිනිස් කියවීමකි. ඒක රාශි විය යුත්තේ එයටය. ඔබ ඊට අනුගත නොවන්නේනම්, ඔබද පුරාණ ග්‍රීක ඛේදවාචකයට නව ශ්‍රී ලාංකික සිදුවීම් එකතු කරන්නෙක් පමණි. කල්පිත සකස් කොට එම කල්පිත සැබෑ ලෝකයේ සිදු වුවහොත් තමන්ගේ මෝඩ උජාරුව පෙන්විය හැකිය. “ඕකනේ මම කිව්වේ,” වූ කලී මෙම බුද්ධිමය ස්‌වයං-වින්දනයේ සංස්කෘතිකගත කුහක විනිශ්චයේ ප්‍රකාශනයයි.

“ලාංකික මාක්ස්වාදීන්”, තම මාක්ස් සිදුරු සහිත සාක්කුවෙන් එළියට ගෙන විමල්ට තඩිබාන ලෙස අණ කළ පසු වැලහින්නක මෙන් හඬා වැටුණු විමල්ට හමු වූ වඩාත් පහසු සහ තිබු බලයට වඩා තම බලය වැඩි කරගත හැකි ක්‍රමය වූයේ, පෙර දිනයේ චම්පික සහ අතුරලියේ රතන හිමි විසින්, මහාචාර්ය නලින්ද සිල්වාගෙන් “උදුරාගනු” ලැබූ නෛතිකයම නොවන සහ එය නොවන්නේත් නොවන්නක් සමඟ පණුවෙකු මෙන් එල්ලීමය. මේ ආකාරයේ දේශපාලන උපායන් කිසිවෙකු හෝ කියන්නේ නම් ක්‍රමෝපායික වැඩක් සහ එමඟින් රටේ එක් වටයක් ගොස් ඉන් තම සෙල්ලම දැමිය හැකි යැයි, ඊට දිය හැකි සරලම පිළිතුර වූ කලී වෙන කිසිවක් නොව, ඔබ රෑ වැටුණු වලේ දවල් යළි යළිත් වැටීමට නොව ඔලුවෙන් හිටගෙන පැනීමට උත්සහ කරන්නක් බවයි.

විමල් වීරවංශ හෝ චම්පික රණවක අවංක චේතනාවෙන් රාජපක්ෂට එරෙහිව එක අඩියක් හෝ තැබුවහොත්, එක්සත් ජාතික පක්ෂය මෑතකදී හම්බන්තොටදී ඉගෙන ගත් පාඩමට වඩා ගුණාකාර කිහිපයකින් වැඩි පාඩමක් ඉගෙන ගනු ඇත. එහි ස්වභාවය සහ හැඩරුව වෙනස් විය හැකිය නමුත් රාජපක්ෂගේ අපේක්ෂණය එක සමානය. දේශාපාලනය නාමයෙන් අදේශපාලනය සෙල්ලම් කරන්නේ එලෙසය. මෙය අවැසි කළ අවැසි ලෙස වඩා හොඳින් සිදු කිරීමට රාජපක්ෂ දන්නේය.

ඔවුහු කලකෝලාහල කළ හැකි අයවලුන් වෙති. නමුත් රටේ පවතින බරපතල ගැටලුවට ඔවුන් සතුව විසඳුම් නැත. එම විසඳුම් පැතිර පවතින්නේ චම්පික මෙන්ම විමල්ලා පසුගිය කාලය පුරාම සිදුකරනු ලැබූ දේශාපලන වංචාවට ඉඩක් නැති තැනය. එය නැති වීම වූකලී විමල් මෙන්ම චම්පික ද දේශපාලනික නැති වීමකි. මෙම යථාර්ථය පසෙක තබා නිවටයින් සේ රටේ බරපතල හානියක් කළ බලවේග වලට වීරත්වයක් ආදේශ කිරීම සහ ඔවුන් මාර්ගයෙන් රාජපක්ෂ හිරිවැටී බිමට පතිත වන්නේය, යන්න අපේක්ෂා කිරීම දෙවැනි වන්නේ පිටසක්වලින් පැමිණ රටේ විපක්ෂයක් තැනීමේ භාරදූර කටයුත්ත කරනු ඇතැයි සිහින මැවීමටය.

අමතක නොකළ යුතු කරණය වන්නේ, බිරිඳ සමඟ පවතින තම සුළු ආරවුල ලිහා ගැනීම සඳහා, පෑළ දොරෙන් පැන යන ස්වාමිපුරුෂයා වෙනුවෙන් හඬා වැළපූ ස්ත්‍රීය නැමති දේශපාලනය වත්මන් ලංකාවේ වලංගු භූමිකාවක් නොවේ. මන්ද නිවසේ ඉදිරි දොර අභියස පෝලිම් ගැසී සිටින පිරිමින් ගැන අදාළ ස්ත්‍රීය වඩාත් හොඳින් දන්නා හෙයිනි.

අදේශපාලනික රාජපක්ෂගෙන් දේශපාලනය බලාපොරොත්තු වීම නැමති අවුල තුළ චම්පික මෙන්ම විමල්ද දේශපාලනික වශයෙන් මහා මොළකාරයින්ය. එය එසේ නොවන බව සමස්ථ රට, තවත් එක් නරි නාඩකමක් නැටීමට පෙර තේරුම් නොගතහොත් විමල් මෙන්ම චම්පික ඇතුළු “දේශ හිතෛෂී” කඳවුර එක්ව, සම්මත කරගනු ලැබූ 18 වන ව්‍යවස්ථා සංශෝධනයට පෘථුල සදාරණත්වය ලැබෙනු ඇත. එය කාගේ ආශිර්වාදය ද යන්න සිතා බැලිය යුතු අත්‍යවශය කාරණයකි. අපි තවදුරටත්, කක්කුට්ටන්ට මිනිසුන් කියවීමට ඉඩදෙනේද? මිනිසා විසින් කක්කුට්ටා කියවන්නේද යන්න තීරණය කලයුතු කාලය යළිත් පැමිණ තිබේ.

නිලන්ත ඉලංගමුව | Nilantha Ilangamuwa
vikalpa.org

Thursday, May 8, 2014

ආණ්ඩුව , සිසුන්ගේ ඇත්ත ප්‍රශ්න විසදනවා වෙනුවට බලු පොර නිර්මාණය කරනවා - පෙසප

ආණ්ඩුව හැම විටම උත්සාහ කරමින් ඉන්නේ ඇත්ත ප්‍රතිවිරෝධතා යටපත් කොට බොරු ප්‍රතිවිරෝධතා උත්සන්න කිරීමටයි, ඔවුන් හෙද ගැටලුවේදීත් ඒක කළා. ආණ්ඩුව සම සෞඛ්‍ය ගැටලුවේදීත් ඒකමයි කරමින් ඉන්නේ, ඒ නිසා මේ මොහොතේ ආණ්ඩුව සිසුන්ගේ ඇත්ත ගැටලු විසදනවා වෙනුවට බලුපොර නිර්මාණය කිරීමට උත්සාහ කරමින් ඉන්නවා යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ ද ඉන්ඩිපෙන්ඩන්ට් වෙත අදහස් දක්වමින් පැවසීය.

වැඩිදුරටත් කරුණු දැක්වූ ඔහු සදහන් කර සිටියේ ඊයේ (07) විශ්වවිද්‍යාල සිසුන් විශ්වවිද්‍යාල කොමිසම ඉදිරිපිට සිට අරලියගහ මන්දිරය දක්වා පා ගමනින් ගොස් අදාළ ගැටලුවට විසදුම් ඉල්ලා සිටි අවස්ථාවේ ජනාධිපතිවරයා පවසා සිටියේ සිසුන් පස් දෙනෙක් අරලිය ගහ මන්දිරයේ පස්සා දොරෙන් ඇවිත් රහසිගතව සාකච්ඡා කිරීමටයි. නමුත් එය සිසුන් විසින් ප්‍රතික්ෂේප කර සිටියා.

ඒක ජනාධිපතිවරයාගේ විදිය වෙන්න ඇති ඔහු කැමැතියි අර ආණ්ඩුව ඇතුළේ ඉන්න විමල් වීරවංශ හා ඊනියා වමේ පක්ෂ වගේ හොර රහසේ සාකච්ඡා කරන්න. ඔහු කල්පනා කරනවා ඇති ආණ්ඩුවේ එවැනි පක්ෂ වගේම ලංකාවේ ධීවරයින්, ගොවීන්, සිසුන්ගේ ප්‍රශ්නත් එසේ විසදන්න පුළුවන්වේවි කියලා. 
ඒ වගේම සම සෞඛ්‍ය ගැටලුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ සිදුවූ සාකච්ඡාවේදී ද ආණ්ඩුවේ උවමනාව ඉටුවන අන්දමින් කරුණු සාකච්ඡා වූ බවයි.

ප්‍රචාරක ලේකම්වරයා මෙහිදී දක්වා සිටියේ එක්සත් ජාතික පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ මේ ගැටලුව දැක්කේ වෛද්‍යවරුන් හා සිසුන් අතර ඇති ගැටලුවක් ලෙසයි.ඒ සදහා ඔවුන් ආණ්ඩුවත් එකතු කරගෙන සර්ව පාක්ෂික කමිටුවක් පත්කිරීමට යෝජනා වූවා මෙය ආණ්ඩුවේ උවමනාව සපිරීමක් විදියටයි අපි දකින්නේ.

ඇත්ත ගැටලුව ඇත්තේ ආණ්ඩුව හා අධ්‍යාපන ප්‍රතිපත්තිත් එක්කයි. ඒ නිසා ඇත්ත ප්‍රතිවිරෝධතා වෙනුවට බොරු ප්‍රතිවිරෝධතා නිර්මාණය කිරීමටත් සිසුන් හා වෛද්‍යවරුන් අතර ගැටලුවක් බවට පත්කොට බලු පොර නිර්මාණය කිරීමට අපි විරෝධය දක්වන අතර ජනතාවට අපි ආරාධනා කර සිටින්නේ බොරු සටන් වෙනුවට ඇත්ත සටනවන මේ ආණ්ඩුව හා ආණ්ඩුව ගෙනයන ඊනියා නවලිබරල් ආර්ථිකයට එරෙහි සටනට එක්වන ලෙසයි.

ඒවගේම සිසුන්ගේ ගැටලු සාකච්ඡා කර විසදුම් දෙනවා වෙනුවට පස්සා දොරෙන් ඇවිත් කරනු ලබන නිවට නියාලු සාකච්ඡාවන්ට ආරාධනා කිරීම නවත්වන ලෙසත් ආණ‍්ඩුවෙන් ඉල්ලා සිටින බවත් පැවසීය.


(පෙසප ප්‍රචාරක ලෙකම්වරයා දැක්වූ අදහසට මෙතනින් සවන් දෙන්න)

Wednesday, May 7, 2014

වෘත්තීය සමිතිවලට රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස් කිරීම්ට ඉඩ දිය යුතු නෑ - අනුර කුමාර දිසානායක

මැයි දිනයට ක‍ටුස්සොත් රතු පාටයි කීමෙහි අර්ථය ජනතා විමුක්ති පෙරමුණේ නව නායක මැතිඳුන් ඊයේ පාර්ලිමේන්තුවේදී මොනවට පැහැදිලි කළේය.

නායක මැතිඳා කිවේ මෙසේය. වෘත්තීය සමිතිවලට රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස් කිරීම්ට ඉඩ දිය යුතු නැති බවය. මේ ඓතිහාසික කතාවෙන් තමන් ගේ ක‍ටුසු වෘතය හෙළි වේයැයි අනුර මැතිඳා හීනෙන්වත් නොසිතන්නට ඇත.මන්ද මේ වන විට මේ ධනේශ්වර මඩ ගොහොරුවට වැටී ධම්මිකලා ටිරාන්ලා කිලීලා සමඟ දියඹුං ගැසීමේ ක්‍රීඩාවෙන් ඔහු සංතෘප්තව ඒහා ඒකාත්මව නිරාමිස ප්‍රිතිය හා සමාන ප්‍රීතියක් බුක්ති විඳිමින් සිටින බැවිනි.

සිව් වසරක සම සෞඛ්‍ය උපාධිය වසරකින් කප්පාදු කිරීම සිදුකළේ රජයේ වෛද්‍ය සංගමයේ මැදිහත් වීමෙන් යැයි ආණ්ඩුවෙන් දුන් උත්තරයට පරල වී අනුර ඇසුවේ 'එහෙම කොහොමද වෘත්තීය සමිතියකට රාජ්‍ය ප්‍රතිපත්ති තීන්දු කිරීමට ඉඩ දෙන්නේ' කියාය.

සම සෞඛ්‍ය ප්‍රශ්නය විසඳා ගැනීම අනෙකකි. අපේ ප්‍රශ්නය අනුර මැතිඳුන්ගේ මෙම ප්‍රකාශය කළ කටින්ද පුකෙන්ද යන්නය. මීට දින කිහිපයකට පෙර බීආර්සී ක්‍රීඩාංගනයට වී සමාජවාදී කම්කරු ආණ්ඩුවක් පිහි‍ටුවන්නට ගිරිය පුප්පාගෙන කෑගැසු අනුර කම්කරුවාගේ සංවිධානය වන වෘත්තීය සමිතිය ගැන ඊයේ කියන්නේ මොනවාද මේ.?

වැ‍රැදීමකින් හෝ ඔහු කිලී මහරාජාගේ උදව්වෙන් සමාජවාදී ආණ්ඩුවක් පිහි‍ටුවුවහොත් නැවත කියන්නේත් මේ කතාවම නොවේද? 

වෙනසකට විය හැක්කේ 'තොපි කොහොමද යකො මගේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති තීරණය කරන්නේ'යනුවෙන් වදන් ස්වරූපය වෙනස් වීම පමණය.

ධනෙශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ කුළුණු තුන ‍රැක ගැනීමට මේ අනුර මැතිදා කටයුතු කළ ආකාරය අපට අමතක නැත. නිදහස අධ්‍යාපනය වෙනුවට රාජ්‍ය අධ්‍යාපනය ‍රැක ගැනීමට වලි කෑ හැටි අපට අමතක නැත. ඒ මදිවට ඔහුගේ අලුත් දැක්මෙන් අධ්‍යාපනය විකිනීමට කැමැත්ත පළ කළේය. සෞඛ්‍ය විකිනීම්ට කැමැත්ත පළ කළේය. රටේ ජීවනාලිය පෞද්ගලික අංශය යැයි කියන්න ඔහුගේ හිතේ කිසිදු කහටක් තිබුනේ ද නැත.

ඒ අනුව ඉහත ප්‍රකාශය ගැන අපිට පුදුම වන්නට දෙයක්ද නැත.

ඉතිං මැයි දිනයට රතුපාට වන මේ අං ක‍ටුස්සා ගැන තවමත් අපේ ජවිපේ විප්ලවවාදී නෝනල මහත්වරු හිතාගෙන ඉන්නේ මූ සමාජවදී කම්කරු විප්ලවය කොරල දෙනකම්ය.

Friday, May 2, 2014

මැයි දිනයට පසු

මෙවරත් සාමාන්‍ය ලෙසම තවත් මැයි දිනයක් අහවර විය. මෙවර මැයි දිනය ගැන කම්කරුවා සහ පීඩිතයා ගැන යමක් ලියන්නට අප අදහස් කරන්නේ ඇත්තටම කම්කරු දිනය මේ වන විට පීඩිතයන් ගේ දිනයක් බවට පත්ව ඇති බැවිනි. ලංකාවේ බහුතරයක් පවුල් සම්බන්ධකම් මේ වන විටත් අවුල් ජංජාලයක් බවට පත්ව ඇත. මෑතකදී නීතිඥවරුන් පිරිසක් විසින් විහිලුවට අලුත් සංගමක් පිහිටුවා ගත යුතු බවට යෝජනාවක් ගෙනාවෝය. මේ සංගමයේ ප්‍රධාන අරමුණ බිරින්දෑවරුන් ගෙන් අසාධාරණයට පත් ස්වාමිපුරුෂයන් ගේ එකමුවක් ලෙස එය පිහිටුවීමය. බිරින්දෑවරුන් ගේ සිදුවන අසාධාරණය ලෙස මේ අය සළකන්නේ ලිංගික සම්බන්ධකම් බිරින්දෑවරුන් විසින් දිගින් දිගටම ප්‍රතික්ශේප කිරීමයි. ඒ නිසා එකී ලිංගික අවශ්‍යතාවයන් ඉටුකර ගන්නේ කෙසේද යන්න සහ බිරින්දෑවරුන් දිගින් දිගටම ලිංගික සම්බන්ධකම් ප්‍රතික්ශේප කරන්නේ ඇයිද යන්න පිළිබදව විශේෂයෙන් සාකච්ඡා කිරීම ඔවුන් ගේ අරමුණයි. බැලූ බැල්මටම මෙය විහිලුවක් වුවත් මේ විහිලුවේ ඛේචජනක හාස්‍යය වන්නේ මෙය යථාර්ථය සමග වඩාත් සමපාත වීමයි.

මේ වන විටත් ඩයලොග්,මොබිටෙල්,මාස්හොල්ඩින්ස්,අබාන්ස්, වැනි ආයතන වල සේවය කරන පිරිමින් ගෙන් බහුතරයක් විවාහයෙන් පිටත විකල්ප සම්බන්ධකම් ඇතිකර ගෙන තිබෙනවා හෝ ඒ ආකාරයෙන් සම්බන්ධකම් පටන් ගන්නට සිහින දකිමින් සිටියි. මේ නිසා ඇත්තටම පවුල් ජීවිතය කියන්නේ මේ බහුතරයකට ළමයින් නිසා එකට ජීවත් වන සංකල්පයක් පමණක් වී ඇත.

ඒ අර්ථයෙන් ගත් කළ මේ යුගයේ කම්කරුවන් වන මේ නව කම්කරු පංතියේ පීඩිතයන් ‍ගේ දෛනික ජීවිතය ඒ අයටම දරා ගැනීමට අපහසු ක්ෂිතිමය අත්කදැකීමක් බවට පත්ව ඇත. ලංකාව ගූගල් වලින් සෙක්ස් සොයා පළමු තැනට එන්නේ සහ ෆෙස්බුක් වල පිරිමින් දකින දකින ගැහැණියට ලිංගික ආරාධනා කරන්නේ සත්‍ය ජීවිතයේ ඇත්තටම මේ අයට සෙකස් ලයිෆ් එකක් කියා දෙයක් නැති බැවැනි.

කොළඹ කැම්බල් පිටියට,හයිඩ් පිටියට,රත්නම් පිටියට එක්කාසු වන කම්කරුවන් ගේ සත්‍ය ජීවිතයේ ප්‍රධාන ගැටලුව වන්නේ තමන් ජීවත් වන ධනවාදී සමාජය පිළිබද ගැටලුවක් නොව තම පවුල් ජීවිතය පිළිබද ගැටලුවකි. හේගල් ගේ දර්ශණය අවශ්‍ය වන්නේ ඇයිද කියා අපෙන් අසන අයට හේගල් ගේ පවුල,සිවිල් සමාජය සහ රාජ්‍ය පිළිබද න්‍යාය මගින් හැර මේ නව තත්ත්වය අවබෝධ කර ගැනීම අපහසු බව දන්නේ නැත.

ජනතා විමුක්ති පෙරමුණට කවදාවත් නොතේරුන,පෙරටුගාමී සමාජවාදී පක්ෂයට තේරුම් ගන්නට තවමත් අපහසු,අනෙක් වාමාංශික පක්ෂ සිය කතිකාවෙන් බැහැර කල පශ්චාත්-මාක්ස්වාදය සහ මනෝවිශ්ලේෂණය අනාගත වාමාංශික දේශපාලනයේ හැරවුම් ලක්ෂය බව අවබෝධ කර නොගෙන කෙතරම් මැයි රැළි සංවිධානය කළත් මනුෂ්‍ය ජීවිතය ධනවාදය තුළ මුහුණ දී සිටින සැබෑ අර්බුදය විසදන්නට නම් නොහැකි බව පැහැදිලිය. වාමාංශික කන්‍යභාවය රැක ගන්නට රතු කම්ස අදින,කොන්ඩය සහ රැවුල වවන සහෝදරවරුන්ට දෛනික ජීවිතයේ මුහුණ දෙන ප්‍රශ්ණ අගහරු ලොවෙන් එන ප්‍රශ්ණ යැයි සිතන්නට පුලුවන් වුනත් ඒවා විසදා ගන්නට බැරිව ඉන්නට සිදු වන්නේ හිසේ අත බැදගෙනය. මැයි දිනයට කටුස්සොත් රතු පාටයි නම් සම්මන්ත්‍රණයේ දී දීප්ති විසින් කළ දේශණය සාම්ප්‍රදායික මැයි දින දේශණයන් අභියෝගයට ලක් කළ නිසා එම දේශණය සම්බන්ධයෙන් විවිධ අය ලියූ ලේඛණ තුලින් ගම්‍යමාන වන්නේ දීප්ති මුහුණ දෙන ගැටලුවක් නොව තමන්ම අත්විදින ගැටළුය.

යථාර්ථය තුළ දීප්ති තමන් ගේ අනෙකා බවට පත්කර ගත් බහුතරයකට දීප්ති සමග විසදා ගන්නට ඇත්තේ පුද්ගලික ප්‍රශ්ණය. තමන් ගේ සිතට නැගෙන මනෝ විකාර දේශපාලන ගැටලු ලෙස ඉදිරිපත් කරන අයගේ ඇත්ත ජීවිතය තුල ඔවුන් ධනවාදය සමග දක්වන සම්බන්ධය ඔප්පු කර පෙන්වන්ට අවශ්‍ය තරම් දෑ අපට ඉදිරිපත් කරන්නට පුලුවන. අනුර දිසානක ගේ දේශපාලන භාවිතාව ප්‍රශ්ණ කරනවාට වඩා ඔහුගේ ලිංගික ජීවිතය ප්‍රශ්ණ කළ අය පසුගිය කාලයේ අනන්තවත් සොයා ගන්නට පුලුවන් විය. තමන් අත් විදින ගැටලු අනෙකා මත ප්‍රක්ශේපණය කර තමන් ගේම ජීවිතය අනෙකා ගේ ජීවිතය හරහා නරඹන පීඩිතයන් දිනෙන් දින ඉහළ යන සමාජයක මැයි දිනය ගැන අපට අනාගතයේ දී නැවත සිතන්නට සිදුවනු ඇත.