Showing posts with label Left. Show all posts
Showing posts with label Left. Show all posts

Saturday, June 18, 2016

සිරි අයියාගේ නික්ම යාම

‘සිරි අයියා‘ නමින්, ජවිපෙ දේශපාලනය කළ අය අතර ආදරයට, ගෞරවයට බඳුන් වූ සෝමවංශ අමරසිංහ සහෝදරයා නික්ම ගොසිනි. පසුගිය 15 වැනිදා ඔහු නෙත් පියා ගන්නා මොහොත වන තුරුම ලංකාවේ දේශපාලනය සම්බන්ධව අවදියෙන් සිටියේය.

උපන් ගම කළුතර වූ සෝමවංශ අමරසිංහ සහෝදරයා ජවිපෙ දේශපාලනය සමග සම්බන්ධ වූයේ 1969 වසරේදීය. ඒ ජවිපෙ ආරම්භ වූ මුල් අවුරුදු කිහිපයයි.

1971 අපේ‍්‍රල් අරගලයට ක‍්‍රියාකාරී ලෙස දායක වූ ඔහු එහිදී ප‍්‍රචලිත වූයේ ‘රොස්මිඞ් අමරේ‘ නමිනි. 71 නඩුවෙන් වසර දෙකක සිර දඬුවමක් ඔහුට නියම විය. 71 අරගලයේ ප‍්‍රකට චරිත බොහොමයක් අදද රටේ විවිධාකාරයෙන් ප‍්‍රචලිතය. ඔවුන්ගෙන් ඇතැමෙක් 71 අරමුණුවලින් අපට පැන්නා පමණක් නොව ඊට සපුරා එරෙහි මාවත්වලටද පිවිස සිටිති. සිරගත ජීවිතය තුළ ඇතැම්හු විප්ලවය අතහැර පෞද්ගලික ජීවිතවලට පල්ලම් බැස්සාහ. එහෙත් සෝමවංශ අමරසිංහ සහෝදරයා නොපසුබටව, තමන් විශ්වාස කළ අරමුණ වෙනුවෙන් කැප වූයේය. 1976 වසරේ පමණ සිට රහසිගත තත්වයන් යටතේ ජවිපෙ යළි ගොඩනැඟීමේ කාර්යයට ඔහු උර දුන්නේය.

සෝමවංශ අමරසිංහ සහෝදරයා ජවිපෙ මධ්‍යම කාරක සභාවට පත් වූයේ 1978 වසරේදීය. ජවිපෙ යළිත් අසීරුතම අඩියකට ඇද වැටුණේ 1982 ජනාධිපතිවරණයෙන් පසුව ගෙවී ගිය කාලය තුළයි. සංවිධායකයන් රැසක් මන්දෝත්සාහී වී ජවිපෙ හැර යමින් තිබිණි. 1983 ජයවර්ධන ආණ්ඩුව විසින් කළුජූලියට මුවා වී ජවිපෙ ඇතුළු පක්ෂ තුනක් තහනම් කිරීම තත්වය තවත් දරුණු කළේය. ඒ අසීරුතම මොහොතේ වගකීම කරට ගත් පිරිස අතර සෝමවංශ අමරසිංහ සහෝදරයාද විය. 1984 වසරේදී ඔහු ජවිපෙ දේශපාලන මණ්ඩලයට තෝරා පත් කර ගැනුණි. සෝමවංශ අමරසිංහ සහෝදරයා සතු වූ ඉංග‍්‍රීසි භාෂා දැනුම ජවිපෙට ජාත්‍යන්තර සබඳතා ගොඩනඟා ගැනීමේදී බෙහෙවින් ඉවහල් විය.

1989 වසර අවසානයෙ වන විට රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු ජවිපෙ දේශපාලන මණ්ඩලයේ සියලූ දෙනා ඝාතනය කර තිබිණි. දිවි ගලවා ගැනීමට සමත් වූ එකම දේශපාලන මණ්ඩල සභිකයා වූයේ සෝමවංශ අමරසිංහ සහෝදරයා පමණි. ඔහු රහසිගතව රටින් පිට වී දිවි රැක ගත්තේය.
ලංකාවෙන් නික්ම ගිය පසුව ඔහු ජවිපෙ යළි ගොඩනැඟීමේ කාර්යයට උර දුන්නේය. අසීරු මර්දනකාරී තත්වයන් යටතේ ලංකාව තුළ ජවිපෙ ගොඩනැඟීමට ක‍්‍රියාකාරී වූ කිහිප දෙනා සමග සම්බන්ධීකරණය පවත්වා ගනිමින් සෝමවංශ අමරසිංහ සහෝදරයා විශේෂ මැදිහත් වීමක් කළේය. 1990 වසරේ සිට ජවිපෙ නායකයා වූයේ ඔහුය.

වරෙක තමන් නායකත්වයට පත්වීම පිළිබඳව අදහස් දක්වමින් ඔහු පැවසුවේ, ‘මම පක්ෂෙ වාටියේ ඉඳලා ආපු මිනිහෙක්‘ කියාය.

1990 දශකය ඇරඹෙන විට ලංකාවේ පමණක් නොව ලෝකයේම වාමාංශික දේශපාලනයට අලූත් අභියෝග රැසක් එල්ලවී තිබිණි. සෝවියට් දේශය බිඳ වැටී තිබූ අතර චීනයේ ගමන ගැන බරපතළ සැක සංකා මතු වී තිබිණි. ධනවාදය ලෝකයේ අවසාන සමාජ ක‍්‍රමය බවට මතවාද ගෙනෙමින් තිබිණි. මේ නිසා සමාජවාදය කෙරෙහි තිබූ විශ්වාසයේ යම් බිඳ වැටීමක් තිබිණි. 1978 විවෘත ආර්ථිකය හඳුන්වා දීමෙන් පසුව වේගයෙන් ලංකාවේ ඇතැම් ක්ෂේත‍්‍රවලට ජාත්‍යන්තර ප‍්‍රාග්ධනය කඩා වදිමින් තිබූ අතර 1980 දශකය ලංකාවේ ජනතාව නවලිබරල් ධනවාදයේ මැජික් බලමින් සිටි කාලයක් විය. එපමණක් නොව, අති කෲර, ම්ලේච්ඡ මර්දනයකින් හා ඒ භීෂණයේ වගකීම ජවිපෙ මත පටවා තිබිණි. ඒ නිසා සමාජය තුළ ජවිපෙ පිළිබඳව නිර්මාණය වී තිබුණේ භයංකර චිත‍්‍රයකි. 1994න් පසුව ජනතාව අතරට ගිය ජවිපෙ සාමාජිකයන්ට එම භයංකර මනෝභාවයන්ගේ පරාවර්තනයන් මොනවට පැහැදිලි විය.

ජවිපෙ යළි ගොඩනැඟිය යුතුව තිබිණි. ඒ සඳහා සියල්ල මුල සිට ඇරඹිය යුතුව තිබිණි. සියල්ල වෙනස් කළ යුතුව තිබිණි. සියල්ල අලූතින් ආරම්භ කළ යුතුව තිබිණි. මේ සියල්ල මැද තවමත් සමාජවාදය විශ්වාස කළ, ඒ වෙනුවෙන් දිවි හිමියෙන් කැපවීමට සූදානමින් සිටි සිය ගණනක් දෙනා රට පුරා විසිරී සිටීම වාසියක් විය. මේ වෙනස්වීමේ අවශ්‍යතාව මැනවින් හඳුනාගෙන සිටි පිරිස අතර සෝමවංශ අමරසිංහ සහෝදරයාද විය.
ජවිපෙ සාමාජිකයන් කොණ්ඩ, රැවුල් කපා, පිරිසිදු අලුත් ඇඳුම් ඇඳ ජනතාව අතරට යා යුතු යැයි ඔහු කීවේය. ක‍්‍රියාමාර්ගවල පමණක් නොව පෙනුමේද වෙනසක් අවශ්‍ය බව ඔහු විශ්වාස කළේය. ඒ වෙනස අත්‍යවශ්‍ය විය. 1994 ප‍්‍රසිද්ධ දේශපාලනයට කඩා වැදීමේ තීරණය පිටුපසද ඔහුගේ සක‍්‍රිය මැදිහත්වීමක් තිබිණි.

එහෙත්, ජවිපෙ ක‍්‍රමානුකූලව වමේ මාවතෙන් පිට පැනීමේ මූල බීජයන්ද ඒ සමඟම රෝපණය වූවාද යන්න විමසා බැලිය යුත්තකි. සෝමවංශ අමරසිංහ සහෝදරයාගේ පවුල් පසුබිමත් සමාජ පසුබිමත් විසින් යම් සිංහල-බෞද්ධ ජාතිකවාදී නැඹුරුවක් සහිත මනෝභාවයක් ඔහුට උරුම කර දී තිබිණි. සමාජවාදය පිළිබඳ විශ්වාසයේ වෘක්ෂය ඔහු තුළ ලියලා වැඩුණේ එම පසෙහිය. ඒ බව නොයෙක් වර විවෘතව පෙනෙන්නටද තිබිණ. ජවිපෙ ආරම්භයේ සිටම යම් ජාතිකවාදී ලක්ෂණවල මුහු වීමක් ද තිබිණි. උපක‍්‍රමික පියවරක් ලෙස සන්ධාන දේශාපාලනය කෙරෙහිද ඔහුගේ විශ්වාසයක් තිබිණි.

නායක මණ්ඩලවල සිටින සාමාජිකයන්ගේ පෞද්ගලික රුචි අරුචිකම් සහ නැඹුරුතා දේශපාලන ව්‍යාපාර ගමන් ගන්නා මාවත තීරණය කිරීමෙහිලා බලපෑමක් කරන බව පැහැදිලිය. සෝමවංශ අමරසිංහ සහෝදරයාගේ රුචි අරුචිකම් ජනතා විමුක්ති පෙරමුණ 1990න් පසුව ගමන්ගත් මාවත තීරණය කිරීමේදී වැදගත් සාධකයක් වූ බව පෙනෙන්නට තිබේ. එහෙත් එකම සාධකය එය පමණක් නොවේ.

ජවිපෙට අලුත් මුහුණුවරකින් වැඩ කිරීමට සිදු විය. යුද්ධය විසින් දෙමළ කතා කරන බහුතරයක් සිටින උතුර, නැගෙනහිර සෙසු ප‍්‍රදේශවලින් වෙන් කොට තිබිණි. ඒ තත්වය තුළ ජවිපෙ ලියලා වැඩෙමින් තිබුණේ සිංහල බහුතරයක් ජීවත් වූ ප‍්‍රදේශවලය. යුද්ධයේ බලපෑමද තදින්ම ජවිපෙට බලපෑවේය. යුදමය තත්වයක් දක්වා වර්ධනය වී තිබූ ජාතික ගැටලූව විසින් පන්ති ප‍්‍රශ්නය යට ගසා තිබෙන බවත් ඒ නිසා පළමුව යුද්ධය නිමා කළ යුතුව තිබෙන බවත් සෝමවංශ අමරසිංහ සහෝදරයා ඇතුළු ජවිපෙ නායකත්වයේ තිබූ එක් බරපතළ විශ්වාසයක් විය. යුද්ධය විසින් සිංහල ජනතාව තුළ ස්වෝත්තමවාදයක් සහ දෙමළ විරෝධයක් වර්ධනය කර තිබූ අතර එයද ජවිපෙට යම් බලපෑමක් කළේය.

මේ සියලූ තත්වයෙන්ගේ බලපෑමට ලක්ව සිටි ජවිපෙ 2000 වසර පමණ වන විට ජාතිකවාදී මනෝභාවයක් සහිත මධ්‍යම පාන්තිකයන්ගේ ආකර්ශනයට ලක් විය. එය විසින් ජවිපෙට වැඩි පාර්ලිමේන්තු නියෝජනයක් ලැබිණි. එබැවින් ධනපති පක්ෂ අතර තිබූ බල අරගලය තුළ යම් තීරණාත්මක භූමිකාවකට අවතීර්ණ වීමේ ‘හැකියාව‘ ජවිපෙට ලැබිණි. පරිවාස ආණ්ඩු හරහා සන්ධාන දේශපාලනයටත් ධනපති පක්ෂවල බල අරගලයේ කොටස්කරුවකු බවට පත් වීමටත් ජවිපෙට ඉඩ විවර විය. මේ සෑම තැනකදීම සෝමවංශ අමරසිංහ සහෝදරයාගේ මැදිහත්වීමක්ද තිබිණී.

නායක මණ්ඩවලවල සාමාජිකයන්ගේ රුචිකත්වයන් විසින් කරන බලපෑමෙන් වන හානිය අවම කර ගැනීමටත් ඔවුන් උපායමාර්ගික මාවතෙහි රඳවා ගැනීමටත් වගකීම ඇත්තේ ව්‍යාපාරයටය. ඒ නිසා ජවිපෙ සුළු ධනේෂ්වර පක්ෂයක් බවට පත් වීමේ සහ ධනපති දේශපාලන පක්ෂවල අතකොළුවක් බවට පත්වීමේ ගමනෙහි යම් වගකීමක් සෝමවංශ අමරසිංහ සහෝදරයාද භාර ගත යුතු නමුත් එය මුළුමහත් දේශපාලන ව්‍යාපාරය විසින් වගකිව යුතු ගැටලූවකි. කෙසේ වුවත් තත්වයන් විසින් තල්ලූ කරන ලද මාවතේ ජවිපෙ දිගින් දිගටම ගමන් ගත් අතර තවදුරටත් ගමන් කරමින් සිටී. එම තත්වයන් විසින් තල්ලූ කරන ලද මාවත සෝමවංශ අමරසිංහ සහෝදරයාගේද රුචිකත්වය විය.

සෝමවංශ අමරසිංහ සහෝදරයා සමාජවාදය තදින් විශ්වාස කළේය. ඔහු තමන්ගේ මුළුමහත් ජීවිතයම ඒ වෙනුවෙන් කැප කළේය. දැන් විවිධ පෞද්ගලික ව්‍යාපෘතිවල සිර වී සිටින සහ හුදු විවේචකයන් පමණක් බවට පත් ව සිටින ඇතැමුන් සෝමවංශ සහෝදරයා 1978දී ජවිපෙන් ඉවත්වීමට සූදානමින් සිටි අයකු යැයි පවසනු ඇසේ. ඔවුන්ට කීමට තිබෙන්නේ ඒ විවේචනය සෝමවංශ අමරසිංහ සහෝදරයාට එල්ල නොකර තමන්ටම එල්ල කර ගන්නා ලෙසයි. තවත් පිරිසක් කියන්නේ ජීවිතයේ අවසන් වසර කිහිපය ‘ඕනෑම කුණක් කාගෙන‘ ජවිපෙටම වී සිටියා නම් මිනී පෙට්ටියේ හතර කොණේ බිම බලා ගත් රතු සෙබළුන් හතර දෙනකු ඇතුළු විප්ලවීය ආචාරය සහිතව මිහිදන් වීමට තිබූ බවයි. එහෙත් සෝමවංශ අමරසිංහ සහෝදරයා කහට බිබී ආගිය තොරතුරු කතා කරමින් ජීවිතයේ සැඳෑ සමය ගෙවා දැමීමට සූදානම් අයකු නොවේ. තමන්ගේ මළ සිරුරට ලැබෙන විප්ලවීය ආචාරයට වඩා ඔහු ජීවත්ව සිටියදී කළ හැකි දේ කළ යුතු යැයි විශ්වාස කළේය. තම ජීවිතයම කැප කළ ව්‍යාපාරය, තමන් නායකත්වය දුන් ව්‍යාපාරය ගමන් ගන්නා මාවත නිවැරදි නැතැයි හැඟුණු වහාම තනිවම පාරට බැස අලුත් ව්‍යාපාරයක් ගොඩනැඟීමේ ධෛර්යය ඔහුට තිබිණි. ඔහු ගත් තීරණය සම්බන්ධයෙන් බරපතළ විවේචන තිබියදීත් ඔහුගේ ඒ ධෛර්යයට ආචාර කළ යුතුය. ජවිපෙ නායකයා ලෙස දහස් ගණනකගේ අත්පොළසන් මැදින් වේදිකාවට නැඟි ඔහුට ඊට සතියකට පසුව මාලඹේ බස් නැවතුමේ තවත් සගයකු සමග අත් පත‍්‍රිකා බෙදීමට තරම් ධෛර්යයක් තිබිණි. ඒ නිසා සෝමවංශ අමරසිංහ සහෝදරයා සම්බන්ධව නැගෙන අදේශපාලනික කන්කෙඳිරිගෑම් කෙරෙහි අනුකම්පා කරනවා හැර අන් කළ යුතු දෙයක් නොවේ.

අවසාන වශයෙන් කිව යුත්තේ සෝමවංශ අමරසිංහ සහෝදරයාගේ භූමිකාව අගතිගාමී මනෝභාවයෙන් තොරව කියවා බැලිය යුතු බවයි. එය වාමාංශික දේශපාලන ව්‍යාපාරවලට තමන් වැරදි බොහෝ ගණනක් නිවැරදි කර ගැනීමට ආලෝකය සපයනු ඇත.

ජනක තුෂාර
http://lankaviews.com/

Sunday, September 13, 2015

මම පරණ එව්ව පිහද ගත්ත.. දැන් රමනෙට එන්න

අරමුණු කෙතරම් පිවිතුරු වුවත් සාහසිකත්වය විනාශ කල මිනිස් සිත් නැවත යතාර්ථය සමඟ මුහු කිරීම ලෙහෙසි පහසු නොවන වගට කලාත්මක සහතිකයක් ප්‍රසන්න විතානගේ ඔබ නැතුව ඔබ එක්ක සිනමා කෘතියෙන් අපට ලබා දී ඇත. ජාතික ගැටලුව වනාහි මේ භුමිය තුල තීරණාත්මක දේශපාලන සාධකයක් බව අපි හොඳින් දනිමු.

සිංහල ජාතිවාදය විසින් වසර ගණනක් මුළුල්ලේ පීඩාවට පත් කල දමිල ජනතාවක් උතුරුකරයේ ජීවත් වන වග අපි දනිමු. තමන්ගේ ලඟම ජීවියාගේ සිට දුරම ජීවියා දක්වා සිංහල රණවිරුවන්ගේ ග්‍රහණයට නතු වූ බව අපි දනිමු.

තමන් දුෂණය වුවා පමණක් නොව නැගිණියද මල්ලිද සිංහල හමුදාවේ ග්‍රහණයට හසු වූ බව අපි හොදින් දනිමු.

එකල වම එකී සිංහල හමුදාවට බංකර් බැඳී බවත්, මානෙල් මල් පිදු බවත් ඉන් ඉක්බිති එකී වමෙන් ඉවත්ව අලුත් වමක් තනා අප අතින් වරදක් සිඳු වූ බව ස්වයං විවේචනය කරගනිමින් සම අයිතිය ගැනත් ක්‍රම වෙනසක් ගැනත් කතා කරමින් සිටි..

එය කල යුත්තකි..

එහෙත්... නැගිටගන්නට බැරි වෙන්නට පහර දී බිම වැටි ඇති යමෙක්ට මුලින්ම වතුර පොදක් දිය යුතුය.. වතුර දීල වැඩක් නැහැ, ඕක ප්‍රශ්නෙට උත්තරේ නෙවි.. වතුර දුන්නොත් දිගටම වතුර ඉල්ලනවා. බෙහෙත් ගන්නේ නැහැ... දෙන්න ඕනි බෙහෙත්.

ලෙඩේට බෙහෙත් දිය යුතුමය. එහෙත් නිටාවට සුව කිරීමට පෙර වතුර බිඳක් ලබා දිය යුතුමය.

තම ස්වාමියා සමඟ ජීවත් වීමට පසුව ඇයට වුවමනා ඇගේ ජීවත්වීමේ අරමුණු විනාශ කරන තරමට ඇගේ පීඩනය බලවත්ය. වේදනාකාරිය. එනිසා පැරණි බෙහෙත් ක්‍රම වලංගු වන්නෙම නැත. ඔව් මට වැරදුනා.. මම දුෂණය කරපු වුන්ව බේර ගත්ත. මට ඒ ගැන තියෙන්නේ මහා කම්පනයක්. එකයි ආමි එකෙන් අයින් වුනේ.. කකුල් දෙක අල්ලා බිම ලෙව කෑවත් නැවත අලුත් ජීවිතයක් ආරම්බ කිරීම එකී ජනතාවට ලෙහෙසි පහසු නැත.... එහෙත් එය විය යුතුමය.

උත්තරයක් දීම ප්‍රසන්නට අයිති නැත. උත්තර සෙවීම වමට භාර වනු ඇත.

අප පසුව ඔබ නැතුව ඔබ එක්ක පිලිබදව වෙනත් සංවාදයක් ආරම්බ කරන්නෙමු. ඊට පෙර සිනමා ශාලාවකට ගොස් චිත්‍රපටය නරඹන මෙන් ඔබෙන් ඉල්ලා සිටින්නෙමු.

Thursday, September 3, 2015

අලුත් පරපුරු සෙවලයන්ගේ කොකාකෝලා සමාජවාදය

“කොකාකෝලා කොම්පැණියට විරුද්ධ කැම්පේන් එක ටිකෙන් ටික මෝඩ දිහාවකට ගමන් කරමින් තිබෙනවා. කොකාකෝලා මිලදී ගන්න එපා කියන තැනටයි අන්තිමට සමාජ ක්‍රියාව පොළඹවන්න හදන්නේ. කැළණි ගඟට විස එකතු කරන එකට විරෝධය පළ කළාට කොකාකෝලාවලට විරුද්ධ වෙන්න මට බෑ. කොකාකෝලා කියන්නේ මගේ වගේ ජීවිත පරම්පරාවකට බලපාපු සංස්කෘතියක්. ඒක නිකම්ම නිකම් බීමක් විතරක් නෙමෙයි. නිදහස ගැන, සතුට ගැන, නවීනත්වය ගැන, තාරුණ්‍ය ගැන කිසිම බ්‍රෑන්ඞ් එකකින් නිර්මාණය කරන්න බැරි වුණු දැවැන්ත සංස්කෘතික උරුමයක් කොකාකෝලාවලට තියනවා. කොකාකෝලා කියන්නේ මම නම් හුස්ම ගන්න විදිහක්.

මේක ලංකාවේ කොකාකෝලා පරිපාලනයේ වැරැද්දක්. මේක අපේ විදිහෙ වැරැද්දක්. ලංකාවේ කොකාකෝලා කොම්පැණියට ඇතුල් වෙන තැන ඉඳන්ම පූස් බෙටි ගඳයි. දියුණු බහුජාතික සමාගමක පරිසර ප්‍රතිපත්තියත් අනිවාර්යෙන් යහපත් එකක් වෙන්න ඕන. ඒක සිද්ධ වෙන්නේ තරඟකාරීත්වය ඇතුළේ. ඒකයි ධනවාදය ගමන් කරන දිශාව. ලංකාවේ කොකාකෝලා කියන බ්‍රෑන්ඞ් එක හැඩල් වෙන විදිහ වැරදියි. මගේ යෝජනාව ලංකාවේ කොකාකෝලා සමාගම වහලා දාන්න කියන එකයි. අපි කොකාකෝලා ආනයනය කරමු. වැඩියෙන් කොකාකෝලාවලට ලංවෙමු.”

ඉහත දක්වා ඇත්තේ රැඩිකල් සමාජ දේශපාලන විශ්ලේෂක ඇඳුමක් ඇඳගෙන සිටින පුද්ගලයෙකු විසින් තම ෆේස්බුක් ගිනුමේ ලියා තිබූ අපූරු සටහනකි. මේ පුද්ගලයා පසුගිය මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ දිනවීම වෙනුවෙන් අලූත් පරපුර සංවිධානයේ මාධ්‍ය සාකච්ඡාවල අසුන්ගෙන සිටි අයෙක්ද වීම විශේෂ කාරණයකි. සමාජ දේශපාලන සංවාද සෙවල වැගිරවීමේ මාධ්‍යයක් ලෙස සලකන පුද්ගලයන් පිළිබඳ කතා කිරීම නොකළ යුත්තක් වුවත් ඔහුගේ ප්‍රකාශය හුදු පුද්ගල කාරණයකට වඩා මෙරට ඊනියා විකල්ප දේශපාලනයේ හා වත්මන් ජවිපෙ දේශපාලනයේ නියම ස්වභාවය කුමක්දැයි සැකෙවින් හකුළා පෙන්වන්නකි.

කොකාකෝලා සමාගම යනු අලූත් පරපුරු පරපුටුවන්ගේ මනෝ ලෝකවල පමණක් පවතින කෙහෙල්මල් ශිෂ්ඨ ධනවාදයකට අයත් සමාගමක් නොව අතිශය අශිෂ්ඨ හා අපකීර්තිමත් ඉතිහාසයක් සහිත මිනීමරු සමාගමකි. හිංසාකාරී ලෙස ලාබ මිලට කම්කරුවන් සූරාකෑම, කම්කරු බලවේග මර්දනයට හා ඝාතනයට දායක වීම, ලෝකය පුරා බරපතල පාරිසරික හානි හා සෞඛ්‍ය ප්‍රශ්න ඇති කිරීම, ස්ථූලබව, දියවැඩියාව හා දත් රෝගවල රෝග කාරකයක් ලෙස ක්‍රියාකිරීම, එල් සැල්වදෝරය වැනි රටවල ළමා ශ්‍රමය සූරාකෑම, ආදී ක්‍රියා රැසක් පරපුටුවන්ගේ අභිමානවත් සංස්කෘතික උරුමය වූ කොකාකෝලා ඉතිහාසයට අයත්ය. ලාභ අරමුණු තකා ජර්මානු නට්සිවාදීන්ට ආධාර අනුබල ලබාදුන් මෙම කුප්‍රකට සමාගම නට්සි ග්‍රහණයට පත් අසරණ සිර කරුවන් පවා තම ශ්‍රමිකයන් ලෙස යොදාගෙන තිබේ. දකුණු අප්‍රිකාවේ සුදු වර්ගවාදයට හා අතිනත ගෙන සිටි මේ සමාගම කොලොම්බියාවේ කම්කරු අරගල මර්දනය කරන ලද්දේ එරට පාතාල කල්ලිවල පවා සහය ලබාගනිමිනි. ඒ ඔස්සේ එරට කම්කරු නායකයන් ඇතුළු හාරසීයකට අධික පිරිසක් ඝාතනය කෙරුණු අතර කොලොම්බියානු ආහාර කම්කරුවන්ගේ ජාතික වෘත්තීය සමිතිය (SINALTRAINAL) විසින් කිලර්කෝක් නැමති සංවිධානය පිහිටුවන ලද්දේද මේ තත්ත්වය පසුබිම් කර ගනිමිනි. කොකාකෝලා සමාගමේ මේ පරිසර විරෝධී මානව විරෝධී මිනීමරු ප්‍රතිපත්තිවලට එරෙහිව ලොව පුරා මතුවූ විරෝධතා වෙනුවෙන් මැදිහත් වූ ප්‍රගතිශීලී සංවිධාන හා විද්වතුන් ප්‍රමාණය අති මහත්ය.

එසේ වුවද ලංකාවේ ඛේදජනක අලූත් පරපුරට මෙන්ම ඒ අලූත් පරපුර ඔස්සේ ඡන්ද වැඩිකරගත හැකි යැයි සිතූ නූතන ජනතා විමුක්ති පෙරමුණට අනුව කොකාකෝලා යනු දියුණු ධනවාදයට අයත් ඉතා ශිෂ්ඨ සම්පන්න සමාගමක් විය යුතුය. දෙදාස් පන්සිය වසරක ඊනියා සංස්කෘතික උරුමය යනු කථිකාමය වශයෙන් ගොඩනංවන ලද අධිපති මතවාදයක් වන අතර ඒ සියල්ලට වඩා දැවැන්ත ප්‍රෞඩ සංස්කෘතික උරුමය වන්නේ කොකාකෝලාය. සෝවියට් දේශයේ ඒකාධිපති රෙජීමය පෙරළා දැමීමට එරට තරුණයන් ජවය සපයා ගන්නා ලද්දේද කොකාකෝලා පානයෙනි. ජාතිවාදයෙන් ආගම්වාදයෙන් තොර නූතන දියුණු ධනවාදය පරිසරයට ඉතා හිතකර ලෙස කොකාකෝලා නිශ්පාදනය කරයි. කැළනි ගඟේ ප්‍රශ්නය එම සමාගමේ ප්‍රශ්නයක් නොව අපේ ප්‍රශ්නයකි. පසුගාමී ලංකාවේ පිහිටවූ විට කොකාකෝලා කොම්පැනිය වුවද පූස් බෙටි ගඳ ගසයි. එය සීමාන්තික සිංහල බෞද්ධ ජාතිකවාදයේ අර්බුදයක් විය හැකිය. ඒ නිසා ලංකාවේ සමාගම වසා දමා පිටරටින් කොකාකෝලා ආනයනය කළ යුතුය. ලෝකයේ වෙනත් රටවල ගංගාවලට වස යොදා හෝ පසුගාමී ලාංකීය වැසියන්ට කොකාකෝලා පෙවිය යුතුය. ඔවුන්ට නවීනවීමට ඇති ලොකුම බාධාව වන්නේ කොකාකොලා නැති වීමය. නූතන ශිෂ්ට ධනවාදයෙන් වත්මන් ලෝකයට කිසිදු තර්ජනයක් නැත. මිනිස් සංහතිය හමුවේ ඇති බියකරුම තර්ජනය සිංහල බෞද්ධකම හා සිංහලයන්ගේ සංස්කෘතික ඒකමානීයත්වයයි.

පරපුටුවන්ගේ කතාවේ සාරාංශය එසේය. ඇත්තෙන්ම මනුෂ්‍යයෙකුට තියා තිරිසනෙකුටවත් මේසා අමන සහ තකතීරු විය හැකිදැයි යමෙකුට සිතිය හැකි වුවද මෙය හුදු අහම්බයක් හෝ ඒක පුද්ගල මතවාදයක් හෝ නොවේ. කොකාකෝලා වන්දනා කරන අලූත් පරපුර යනු දාර්ශනික සුදු රෙදි ඇඳගත් අපරාධකාරී පියවරුන්ගේ නියම පාදඩ ස්වරූපය කුමක්දැයි මෝඩ ලෙස රටට කෑ ගසා කියන පව්කාර දූ පුතුන්ගේ කල්ලියකි. මද්දුම බණ්ඩාර හුජ්ජ කොල්ලෙක් යැයි මොරගැසීමෙන් සමාජ අවධානය පතන වැඩුනු තරුණයන්ගේ මානසික අනාථභාවය අප වටහාගත යුත්තේ කෙසේද? කාලයක් තිස්සේ මෙරට ශාස්ත්‍රීය ක්ෂේත්‍රය අවල කෙලිබිමක් බවට පත්කරගෙන සිටි අනුකාරක උගතුන්ගේ සැබෑ ස්වරූපය මේ මොංගල් දරුකැල විසින් රටට නිරාකරණය කරමින් සිටිති.

රනිල් ශිෂ්ට ලිබරල් නායකයෙක් ලෙස පෙනෙන මේ මොංගල් දරුවන්ට කොකාකෝලා සමාගම දියුණු ධනවාදයේ ශිෂ්ට වෙළඳ ආයතනයක් ලෙස පෙනීයාම පුදුමයක් නොවේ. දුටුගැමුණු යුධවාදී මිනීමරුවෙකු වන මේ පිරිසට ප්‍රභාකරන්ගේ ශුක්‍රාණූවලින් පවා මානව හිතවාදයේ ගුණ සුවඳ විහිදෙයි. කණගාටුවට කාරණය වන්නේ මේ මොංගල් දරුවන් වත්මන් ජනතා විමුක්ති පෙරමුණේ ආධාරකරුවන් වී සිටීමය. නමුත් මෙවන් පුද්ගලයන්ගේ ආධාරය හිමිවීමම සමාජ දේශපාලන ව්‍යාපාරයක විනාශයේ පරම පෙර නිමිත්ත බව අප විසින් පෙන්වා දී ඇත්තේ අද ඊයේ නොවේ. ජවිපෙ මෙවර ප්‍රතිපලය විසින් ඒ තක්සේරුව නැවත වරක් සනාත කොට ඇත.

ඉසුරු ප්‍රසංග

කොකාකෝලා සමාගමට එරෙහිව ලෝකය පුරා නැගෙන විරෝධය












Wednesday, September 2, 2015

රතු කොකා සහ කොකා කෝලා

කොකා කෝලා සමාගමේ අපරික්ෂාව හේතුවෙන් බොන ජලයට තෙල් කාන්දු වීම සහ මෙරට ක්‍රියාත්මක බහුජාතික සමාගම්වල කෙරුවාව මධ්‍යයේ වමේ නිහඬතාවය පිළිබඳ කතා බහක් මතුව ඇත. මේ කාරණාවට අදාළව බහුජාතික සමාගම් වලට එරෙහිව සටනට මෙරට ජනප්‍රිය වම සොයා යන පිරිස් අතපසු කරගන්නා කරුණක් ඇත. ඒ මේ වන විට කොකාට එරෙහිව යාමට රතු කොකාලා සුදානම් නැති බවය. ඒ හැම කොකාගේ මෙන්ම රතු කොක්කුන්ගේද නියම පැහැය ඔය වැනි පියෑඹීම් වලදී පෙනෙන්නට ගන්නා නිසාය. මේ ඒ ගැන තවදුරටත්ය.

මාක්ස්

බොහෝ දර්ශනවාදීන් සිදුකලේ ක්‍රමය විග්‍රහ කිරීම සහ එය විවේචනය කිරීමය. ඒ මිස ඔවුන් පවතින යතාර්ථය වෙනස් කර අලුත් ලොවක් යෝජනා කළේ නැත. මාක්ස් තවත් එක් දාර්ශනිකයකු නොවන්නේ ඔහු ක්‍රමය විග්‍රහ කිරීම සහ එය විවේචනය කිරීමෙන් නොනැවතී නව ක්‍රමයක් යෝජනා කළ නිසාය. නැතිනම් කඩන හැටි මෙන්ම හදන හැටිද කියූ නිසාය. ඒ අර්ථයෙන් මාක්ස් යනු දාර්ශනිකයෙක් නොවේය. හේ ප්‍රතිදාර්ශනිකයකු 
ලෙස සැලකීම වඩා නිවැරදිය.

ඒ අනුව ධනවාදී නිෂ්පාදන මාදිළියට එරෙහිව මාක්ස්ගේ යෝජනාව වුයේ කොමියුනිස්ට් නිෂ්පාදන මාදිළියයි. මෙහිදී වමේ ඇකඩමික් ඉතිහාසය අපට කියාදී තිබෙණුයේ සමාජවාදය යනු කොමියුනිස්ට් නිෂ්පාදන මාදිළිය සතු ඇතැම් ලක්ෂණ පෙන්වන සංක්‍රාන්ති අවධියක් ලෙසින්ය. නමුත් මෙතෙක් සමාජවාදී යැයි කියනා රටවල් අපට අත්දැකීමක් ලෙස සමාජවාදය සමීප කර තිබෙන්නේ රාජ්‍ය ඒකාධිකාරී ධනවාදයක් හෝ නමට සමාජවාදී වූ එහෙත් ධනවාදයේ බල සම්බන්ධතා මත ක්‍රියාත්මක වන අර්ථ ක්‍රමයන්ය.

වම

71 මෙරට පාලකයන්ගේ බල්ලන් පවා කිරිබොන විට ජනතාවට කිරි තබා හාල් පොලුත් වැටුනේ ඒ අනුවය. ඒ විවේචනය මීට වඩා දුර දිග ගෙනයාමෙන් අප වළකින්නේ 71 පැවතියේ රාජ්‍ය ඒකාධිකාරී ධනවාදයක් මිස සමාජවාදයක් නොවන බව ජවිපෙ පෙරටුකොටගත් වම අපට උගන්වා තිබෙන නිසාය. එසේම එය 71 සමගි පෙරමුණ හදාරන අයෙකුට පහසුවෙන් වටහා ගන්නටද හැකි නිසාය.

එනිසා කලක් ජවිපෙ කට ඇර සමාජවාදී කී චීනය අපට උදාහරණයට ගන්නට පුළුවන.

එදා ජවිපෙ චීනය විග්‍රහකොට දැක්වුයේ “ලිහාගන්නට පොඩි පොඩි අවුල් තිබුණත් චීනය සමාජවාදී” කියාය. ජවිපෙ විසින් මේ විග්‍රහය හොරෙන් හොරෙන් අකුලා ගත්තේ චීනය මෙරටදී මහින්ද සමග කෑ දීගය කැත ලෙස හෙළිවූ පසුබිමේදීය. එහෙත් ඒ අරඹයාද ජනප්‍රිය වම්මුන්ට පැහැදිලි කිරීමක් තිබිණ. හිත හදාගන්න මෙන් කළ එය ” හොරු එක්ක ගනු දෙනු කරන කොට චීනෙත් එහෙම වෙනවා.මොකද ඉන්දියාව සහ එක්සත් ජනපදට තරගයක් දෙන ගමන් තමයි මෙහෙදී චීනෙට ගනු දෙනු බේරගන්න සිද්ධවෙලා තියෙන්නෙ. එහෙම නැතුව සමාජවාදී රටවල් එක්ක හොඳ ගනුදෙනුවකට යන්න බෑ කියන්න බෑ ” වැනි ස්වභාවයක් ගත්තේය.

මෙතනදී රෑ දනියෙල් දවල් මිගෙල් ලෙස කටයුතු කිරීම ගැන පාක්ෂිකයන් ප්‍රශ්න කළේ නැත. අවම වශයෙන් උතුරු සුඩානයේදී චීන ආයෝජක කෙරුවාව වත් ඔවුන් ඇසුවේ නැත. ඒ නිසා ජනප්‍රිය වම්මුන් සමග හෙට සමාජවාදී සමාජ විප්ලවය කරන්න සිටින අයට චීනය ‘සමාජවාදීම’ විය.

මේ අතර චීනය ණය දුන්නේය. පිට රටවල ආයෝජනය කරන්නට දුෂිත පාලකයන්ට අනෙක් ධනවාදී රටවල් පරයා අල්ලස් දුන්නේය. ඒ හරහා ප්‍රකෝටිපතියන් රට තුළ පැටවූ ගස්සවා ගත්තේය. සැබවින්ම අතීත අධිරාජ්‍ය නාවුක ගවේෂකයින්ට පහසුකම් දී නැවෙන් ගොස් සිදුකරණ කොල්ලය දිරිමත් කිරීම සහ මේ අතර වෙනසක් නැත. එදා මෙන්ම මෙතනද වැදගත් කොට සලකන්නේ රාජ්‍ය භාණ්ඩාගාරයට කීයක් එනවාද? යන්න පමණය.
මෙවැනි රටක් සමාජවාදී ලෙස හැඳින්වීම සහ වාර්ෂිකව සංචාරය කිරීම , පක්ෂ සමුළුවට සුබ පැතුම් ගෙන්වා ගැනීම සහ ගොතා වැඩපිළිවෙලට මාක්ස් සිදුකළ විවේචනය අතර සම්බන්ධය අධ්‍යයනය කළ විට මේ හැසිරීමෙහි බරපතල ආචාරධර්ම ප්‍රශ්නයක් පමණක් නොව දේශපාලන ප්‍රශ්නයක්ද තිබෙන බව හඳුනා ගැනීම දුෂ්කර නැත. එදා මාක්ස් ගොතා වැඩපිළිවෙල එතරම් නිර්දය ලෙස විවේචනය කළේ ධනවාදය වෙනස කරන පක්ෂය තුළ ධනවාදයේ බිජු අංශුවක් වත් නොතිබිය යුතු බවට වන අවදාරනයෙනි. නමුත් වත්මන් මේ ජනප්‍රිය වම්මුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන යනු කොමියුනිස්ට් තබා සමාජවාදය කියන අකුරු 6 වත් නොමැති කසිකබල්ය.

ඒවායේ තිබෙනුයේම ධනවාදය රට තුළ පොදු වැසිකිලියක් තරමට ගඳ ගහන්න ගෙන නම් ඒ පිරිසිදු කොට තබා ගැනීමේ තම සුදුසුකම් සහ ඒ වෙනුවෙන් වන වැඩපිළිවෙලය. ඒ අනුව අප රටේ ජනප්‍රිය වම තුළ ධනවාදයේ වැසිකිලි සුද්දකරන්නන් මිස සටන්කාමී දේශපාලන ව්‍යාපාර නැත.
මේ වන විට කාටත් දැනෙන ලෙස කොකා කෝලා ගෙන මෙය විග්‍රහ කර ගන්නවා නම් ඒ මෙසේය යනුවෙන් අරඹා , කොකා කෝලා යනු බහු ජාතික සමාගමක්ය. එහි පැහැය රතුය. සමාගමේ සන්නාමය සහ කොහොමටත් කොකා කෝලා රතු නිසා එහි ගත යුතු ‘කෑල්ලක්’ වමට ඇත. ඒ චීනයට අදාළව තිබු කෑල්ල වගේම පොඩි කෑල්ලක් කියා පොඩි කෝචෝක් පාරක් දමා මෙය අවසන් කරන්නට පුළුවන.
එහෙත් ජවිපෙ ඇතුළුව මෙරට ජනප්‍රිය වම ගාල්ව ඇති මිත්‍යාව තේරුම් ගැනීමට තවමත් අසමත් සමහර අවංක දේශපාලන ක්‍රියාධරයන් තවමත් ‘වැඩෙත් එක්ක’ය. නැතිනම් දේශපාලන කාරනා හමුවේ පක්ෂ සහ පුරුදු, ඒවායේ දැක්ම වැනි දෑ සමග තිබෙන පෙකණි වැල වෙන් වෙන්නට කපා ගන්නට අසමත් අලි මේ තැන්වල කොට අදිමින්ය.

එසේම අනාගතයේ තවත් ක්‍රිෂ්මාල් මායාදුන්නේලා වීමට බලා සිටින දේශපාලනික විමතිකයන්ව තවත් වටයකින් දැනුවත් කළ යුතුව ඇත.


පොඩි උපමා කතාවකින් කියනවානම් ඒ මෙසේය.
එක ගමක සහෝදරවරු 7ක් හිටියා. ඒ රටේ ජනතාව පෙලපු රජතුමාට විරුද්ධව තමයි මේ අය වැඩ කළේ. ජනතා පීඩකයන්ට එරෙහිව සටන් කරන්න එයාලා තාත්තගේ මරණ මන්චකයෙදීත් පොරොන්දු වෙලා හිටපු නිසා නිතරම අයුක්තිය අසාධාරණය වගේ දේවල් එයාලා පතුලටම හඹා ගිහින් ඒවා පිටු දැක්කා. උපරිම සත්‍යවාදී උණා. ඒ නිසා සාමාන්‍ය මිනිස්සුත් මේ සහෝදරයන් 7ට ටිකක් විතර බයෙන් හිටියේ. මොකද සහෝදරයින් තදින්ම අයුක්තිය අසාධාරණය පිටුදකින නිසා මෙයාලට බය වුන හුගක් අයත් රජ උනානම් හැසිරෙන්නේ රජා වගේම තමයි කියනදේ යන්තමින් හෝ දැනසිටි නිසා. ඒ නිසා මේ සහෝදරයන්ගේ වැඩ වලට හුගක් මිනිස්සු එළිපිට කැමති උනත් රහසින් කැමති උණේ නෑ.

මේ සහෝදරවරුන්ගේ ලොකු අයියා මේක දැනගෙන හිටියා. ඒ වගේම ඒ බව මල්ලිලාටත් කියලි තිබුණේ.
කොහොම හරි එක පාරක් රජාගේ පිරිසත් එක්ක වුන දරුණු සටනකින් පස්සෙ ලොකු අයියා මැරුණා. ඊළඟ අයියා තමයි ඊට පස්සෙ මේ සහෝලට නායකත්වය දුන්නේ. එයා ලොකු අයියා වගේ නෙවෙයි. රජා එක්ක සටන වෙනුවට සම්මුතිය තෝරාගත්තා. ඒ නිසා කල් ගත්වෙනකොට මිනිස්සු මේ සහෝලට තිබුණ බය ගියා. අනිත් මල්ලිලාටත් පියාගේ මරණ මංචකයේදී උන පොරොන්දුව අමතක උනා.

ඉතින් මුලික සටන වෙනුවට මෙයාලා පොඩි පොඩි ටියුෂන් වැලි වලට යන්න ගත්තා. ටියුෂන් වැලි වලදී කොල්ලෝ විසිල් ගහපු නිසා වැඩියෙන්ම විසිල් වදින කෙනා සහෝදරයන් අතර ‘පොර’ උනා. එතන ඉඳලා සහෝලා සටන් කළේ පොරක් වෙන්න මිස පියාට උන පොරොන්දුව රකින්න නෙවෙයි.

පොර මානසිකත්වය ඇතුලේ ගොඩක් දේවල් මෙයාලට වෙන්න ගත්තා. ඒ වෙනකොට හිටපු එක මල්ලි කෙනෙක් රජා ගාවට ගියා. තවත් මල්ලියෙක් රට ගියා. නායකයා වෙලා හිටපු අයියව එළවලා හොඳට ටියුෂන් විසිල් ලැබුණ මල්ලියෙක් මේ සහෝදර පිරිසේ නායකයා උනා. එයා විසිල් වලට විතරයි සංවේදී උනේ. ඉතින් මිනිස්සු කළේ මෙයාව දැක්කාම විසිල් ගහන එක.

විසිල් වැඩිපුර ඇහෙන්න ඇහෙන්න මෙයා හිතුවෙ තමන් මිනිස්සු අතර මාර ජනප්‍රියයි කියලා. ඒ නිසා විසිල් වදින වැඩ හොයාගෙන ගිහින් ඒ වැඩේ මාරාන්තිකව ගොඩදාන්න මේ අයියා ක්‍රියා කළා. එයා හිතුවෙ මේ විසිල් දවසක තමන්ව රජ ගෙට ගෙනියයි කියළා.

එයා තවමත් හිතාගෙන ඉන්නෙ එහෙමයි.

ඔහොම ඉන්නකොට එයාව හම්බෙන්න මාධ්‍යවේදියෙක් ආවා.

මා : ලොකුම අයියව මතකද?
නා.ස : ඔව්. හොඳට මතකයි.

මා : එයා සටන් කළ විදිය ගැන මොකද හිතන්නේ
නා.ස : දැන් ඒවා වලංගු නෑ. අපි අලුත් වෙන්න ඕන.

මා : ඊට පස්සෙ අයියව මතකද?
නා.ස : අපෝ. යන්තම් ඇති එයා අපිව දාලා ගියා. එයා තමයි අපේ පවුල කෑවෙ.

මා : රජා ගාවට ගිය සහෝදරයාගේ හැසිරීම කොහොමද?
නා.ස : අපි ළඟ ඉන්නකන් හොඳට හිටියා.දැන් අන්තිමයි. අපි එලවපු අයියා තමයි එයාගෙත් ඔලුව කෑවෙ

මා : රට ගිය අයියා මතකද ?
නා.ස : ආ .අපි එක්ක හිටපු කෙනෙක් නම් රට ගියේ නෑ.

මා : අර රාජපුරුෂයෝ උස්සන්න ගියේ ?
නා.ස : නෑ. එහෙම කෙනෙක් හිටියෙ නෑ.

මා : එතකොට ක්‍රිෂ්මාල් ?
නා.ස : ඔයවගේ හාදයෝ ජන්ද කාලවල එනවා. ඒත් හරියටම මතක නෑ.

මා : මායාදුන්නේ?
නා.ස : ආ ..දැනට මතකයි..ඒත් ඉතින් අනේ මන්දා මේ වැඩ නිසා ඉස්සරහට අමතක වෙයිද කියලා.

මා : අර බහු ජාතික සමාගම් රට වනසනවා?
නා.ස : ආ එහෙමද? අපි ඒ ක්‍රියාව තරයේ ප්‍රතික්ෂේප කරනවා.

මා : බොන වතුරට එයාලාගේ වරදින් තෙල් එකතු වෙලා ?
නා.ස : ආ …ඇත්තද? මාර වැඩේ ..ඉතින් ඉතින්

මා : ඉතින් කියන්නෙ, ඒක දැන් ගොඩින් බේරගන්න හදන්නෙ !
නා.ස : අම්මට සිරි එහෙමද

මා : ඔව්. රතුපස්වලදී වගේ ඔබලා මැදිහත් වෙන්නෙ නැද්ද?
නා.ස : වැඩක් තියනවද ? කැළණි ගඟට තෙල් වැටුනා කියලා අපි කෑගැහුවට මිනිස්සුන්ට දැනෙන්නෙ නෑ. විසිල් එකක්වත් ගහන්න තරම් ගැලරියක් සෙට් වෙන එකක් නෑ. කෝ අපි රාජ සභාවේ ඉල්ලපු විපක්ෂය වත් අපිට මිනිස්සු දුන්නේ නෑ. වෙන මොකක් හරි බලලා කියන්නකෝ !

මා : ඒ කියන්නෙ දැන් ඔයාලා හුඟක් වෙනස් වෙලා.
නා.ස : ඔව්. ජනතාව අපිට දීලා තියන වරමේ තියෙන්නෙ දුෂණ හොයලා පොඩි වාර්තාවක් හදන්න.පස්සෙ ඔයාලව ගෙන්වලා ඒ ගැන දැනුවත් කරන්න. ඒ නිසා අපි අපිට ජනතාව නොදුන්න දේ කරන්න යන්නෙ නෑ. බහු ජාතික සමාගම් ගැන අපේ අලුත් පොතේ නෑ. අනික නිකන් හිතන්න කොහෙවත් යන නලයක් පුපුරලා වතුරට තෙල් ගියාම ඒකෙ අයිතිකාරයට ගහලා වැඩක් තියනවද? ‘හොඳ නල වලින් සමාගම් වලට තෙල් ගනු’ කියලා අපි දැනටමත් පෝස්ටරයක් ප්‍රින්ට් කරමින් ඉන්නෙ. ඕනනම් ඔය රාජ සභාවේදීත් පොඩි ටෝකක් දාන්නම්. ඒත් මං හිතන්නෙ නෑ වැඩක් වෙයි කියලා. කොහොම උනත් කොළඹ වතුර වල තෙල් කියලා වතුර කපන්න කලින් ඒක ජනතාවට කියන්න තිබුණා. එහෙනම් ජනතාව කලින් වතුර පුරවා ගන්නවා.

කතාව දැනට එතනින් අවසන්ය. ඉදිරියට නියමිතව තිබෙණුයේ විමල් වීරවංශ, සෝමවංශ , ක්‍රිෂ්මාල් මායාදුන්නේ සහ ඊට තකට තක විකාර රතු කොක් හාමිලා වෙනස් අවකාශයක බිහිවීමය.

තත්ත්වය මෙසේ හෙයින් කොකා කෝලා තබා මොන අටමගල් බහුජාතික සමාගම් මෙරට යකා නැටුවත් වම පැමිණ එය ගොඩ දාන්නේ නැත. එසේ ගොඩදැමීමක් බලාපොරොත්තු වෙනවා නම් එතැන විසිල් ගොඩක් වදින තැනක් බවට පත්කර ගත යුතුව ඇත.

වඩාත් සරලව නම් සමාජවාදී රතු කොකාලා සහ ධනවාදී රතු කොකාලා අතර තවදුරටත් තිබෙණුයේ වචන වල වෙනසක් පමණය. ඔවුන් පියාඹන්නේ නැත්තේ එවිට සැබෑ වර්ණය පෙනෙන්නට ගන්නා නිසාය.

Monday, July 13, 2015

‘‘වම“ සහ පක්ෂය

අද "වම" කියන සංකල්පය වෙනුවට වම කියන දෙශපාලන විය්‍යපාරය ඉස්මතු වෙලා.ඒක හොද දෙයක් නෙමෙයි.වම කියන්නේ සංකල්පයක්.ඒක යථාර්තයක් කර ගන්න පුළුවන් තාත්වික සංකල්පයක්.නමුත් අපේ රටේ වම දෙශපාලන පක්ශයකට ලඝු කරලා.

"වම" හදනවා කියන්නේ ආයෙත්. පක්ශයක් ඒ නමින් පවත්වාගෙන යාම නොවෙයි.

ඒ නිසා සමාජවාදය වෙනුවෙන් පෙරටුගාමි කරන මැදිහත් විම පෙ.ස.පෙ ගොඩ වැඩි කර ගන්න හදන වැඩක් හැටියට සමහරු බාර අරන්, පෙ.ස.පෙ ගන්නා චන්ද ප්‍රමාණය එක්ක තමන් සංසන්දනය කර ගන්න සමහරු බලාගෙන ඉන්නවා.

නෑ වම කියන්නේ මේ අවකාශයේ තියන සත්‍යයක්.ඒ නිසා පෙරටුගාමින් යනු වම කියලා මැතිවරණයෙන් පසු සිගිති ආතල් ගන්න හිතන් ඉන්න අයට කියන්න තියෙන්නේ වම හරියට හදුනා ගන්න කියලා.

Friday, July 3, 2015

මිනීමරු සන්නස්ගල සෑර් සහ නිර්මාල් රංජිත් දේවසිරි

nirmal ranjith dewasiri
ගංගොඩවිල බෝඩිමක පදිංචිවෙලා හිටපු කොළඹ විශ්ව විද්‍යාලයේ පළමු වසරේ ඉගෙන ගත්ත කරුණා‍සේන නම් සිසුවා නැතිනං (කරුවා) මරාදැමුවේ අපේ සෑර් සන්නස්ගල සහ නිර්මාල් රංජිත් දේවසිරි කියන ස්වාධින ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් වී සිටි මිනීමරුවන් දෙදෙනාය. 1989 දෙසැම්බර් 31 රාත්‍රී සුදු වෑන් එකකින් පැමිණ රැගෙන ගොස් වෙඩිතබා මරා දැමුවේ දැං බුදුවෙන්න දඟලන මේ ප්‍රා කාරයෝ දෙන්නාය. (අද වැනි දවසකය.)

වමෝ බොරුයි කියපං බලන්න.

සනෝ උඹට මතක කවියක් ලියන්නම් මේ මිනීමැරුම මතක් වෙන්න


“සෑර් සන්නස්ගල

කොපිකර අහුවුනේ සිංහල

ඒකම කලේ ධම්මික

අනේ තොපි දෙන්නගේ පුක”

‘ජිම් එකේ ටොයිලට් එකේ ලියපු කවිය’

අංකල් දැං බුදුවෙයල්ලකෝ.


මේව බොරුනං ශිරාල් ලක්තිලකගෙන් සහ “ඩබා”ගෙන් අහපං කෝ

“ඩබා”ගේ සුදු වෑන් එක දැං නැද්ද අංකල්.


කැරි සනා සර් උඹගේ දරුවන්ටත් නිර්මාල් රංජිත් දේවසිරි කියන බල්ලාගේ දරුවන්ටත් සාප වෙනවා. තොපි තිරිසන්නු….












maruwaxx

Thursday, July 2, 2015

පෙරටුගාමී පක්ෂය කුළු ගෙඩියෙන් සියලු දිස්ත්‍රික්වලට

ඉදිරි මහ මැතිවරණය සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය කුළුගෙඩිය ලකුණෙන් සියලු දිස්ත්‍රික්ක සඳහා ඉදිරිපත් වන බව එම පක්ෂයේ ප්‍රචාරක ‍ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය.මන්ත්‍රී ධුර අපේක්ෂාවටත් වඩා සමාජයේ දේශපාලන සංවාදය ඉදිරියට ගෙන යාමට මෙවර මැතිවරණයෙන් අපේක්ෂා කරන බව ඒ මහතා සඳහන් කළේය. මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේ ඊයේ (1) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පුබුදු ජයගොඩ මහතා මේ අදහස් පළ කළේය. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ‍ලේකම් සේනාධීර ගුණතිලක දේශපාලන මණ්ඩල සභිකයන් වන චමීර කොස්වත්ත දුමින්ද නාගමුව ඇතුළු පිරිසක් මෙම මාධ්‍ය හමුවට සහභාගි වූහ.

පුබුදු ජයගොඩ මහතා මෙසේද කීය.

මේ දේශපාලනයේ ඇත්ත කාරණා මතු කරන්න ඔය කිසිම දේශපාලන පක්ෂයක් උත්සාහ කරන්නේ නැහැ. එවැනි කාරණා සංවාදයට අරගැනීමටත් ඉන් ජනතාව දැනුවත් කිරීමටත් අපි බලා‍පොරොත්තු වෙනවා. මේ දේශපාලනඥයන් කුලල් කා ගැනීම ජනතාව නොමග යැවීම හා ඔවුන්ගේ ප්‍රශ්න යටපත් කිරීම වැනි මේ පරාජීර්ණ ක්‍රමයට එරෙහිව ජනතාවගේ ප්‍රශ්න කතා කරන්න විකල්පයක් විදිහට අපි එකතු වෙනවා. ජනවාරි 08දා වෙනසක් වුණාද නැද්ද නැත්නම් අවශ්‍ය වෙනස මොකක්ද ඒක ගොඩනගන්නේ කොහොමද, අපි මේ තේමාවන් පුළුල්ව සාකච්ඡා කරන්නත් බලා‍පොරොත්තු වෙනවා. මේ වන විට අපි මැතිවරණ නාම යෝජනා මණ්ඩල සකස් කරලා ඉවරයි. ඊට පක්ෂයේ ප්‍රධාන ‍ලේකම් සේනාධීර ගුණතිලක, චමීර කොස්වත්ත, රවීන්ද්‍ර මුදලිගේ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර සහෝදරයන් ඇතුළත් යැයි හෙතෙම සඳහන් කළේය.

නිමල කොඩිතුවක්කු

Friday, March 6, 2015

ධනවාදය අපුල්ලන ජවිපෙ

ජනාධිපතිවරණය අවසන් විය. මහින්ද ගෙදර ගියේය. මෛත‍්‍රී ජනපති පුටුවට ගියේය. දැන් මෛත‍්‍රී යුගය ඇරඹී ඇත්තේය. යහපාලනය යහමින් කෙරෙන්නේය. දැහැමෙන් සෙමෙන් වැඬේ ඇරඹී ඇත්තේය.

මුලින්ම බලය තහවුරු කරගැනීම ඇරඹීය. හැබැයි එය දින සීයේ දින වකවානුවලටත් පෙරාතුවය. ඇමැතිකම් බෙදා දුන්නේය. එජාපයේ 49 න් 41 ක් ඇමැතිවරුය. සමහරුන්ට ලැබුණු ඒවා මදි යැයි කීවේය. නහයෙන් ඇඬුවේය. ඒත් හිත හදාගන්නා බව කීවේය. ඉහළ පුටුවලට නිලධාරීන් පත්කරන්නේය; කළේය. ඒ ගැන සමාජයේ විවේචනයක් එල්ල වුණේය. සෝමරත්නගේ පත්වීම ගැන කලාකරුවන් නහකුණු ගෑවේය. ජවිපෙ පෝස්ටර් ගැසුවේය. අදූෂිත නිලධාරීන් පත්කරන ලෙස දූෂිත ධනවාදයෙන් ඉල්ලා සිටියේය. දූෂිතයන්ට එරෙහිව පියවර නොගන්නේ නම් තමන් දින සියයට පෙරාතුවම ගෙදර යන බවට හෙළ උරුමයේ නායකයෝ අනතුරු ඇඟවූහ. තමන් මෛත‍්‍රී බලයට පත්කිරීමේ අරමුණ බොඳව ඇතැයි ආචාර්යවරු කියා සිටියේය.

ජවිපෙ ආණ්ඩුව ඇතුළට නොයන බව කීවේය. දින සීයේ ඇමැතිකම් තමන්ට වැඩක් නැතැයි කීවේය. ඒ දින සීයක් නිසාය. එක කන්නයක්වත් එක පාසැල් වාරයක්වත් නැති නිසාය. ඒවා කිහිපවාරයක් උනා නම් බඩු ෂුවර්ය. ඇමැතිකම් ගන්නවා නිසැකය. එහෙම කියා ඒ උදවිය මේ ආණ්ඩුවේ නැතිද? මොකද නැත්තෙ? ඒ උදවියත් මේ ආණ්ඩුවේ කොටස්කාරයන්ය. ඒ කොහොමද? ඒක වෙන්නේ මෙන්න මෙහෙමය. ආණ්ඩුවට අණ දෙන්නේ, මෙහෙයවන්නේ, වැඩ හදන්නේ, යෝජනා ගන්නේ ජාතික විධායක සභාවය. එය කියන විදියට අනුරගේ යෝජනාවක්ය. ජාතික විධායක සභාව පමණක් නොවේ, එහි වැඩපිළිවෙළ ද ඔහුගේ සහ සුමන්තිරන්ගේ යෝජනාවන්ය. ජවිපෙ ආණ්ඩුව කරන්නේ අන්න එහෙමය. මහින්ද රජකමට ගෙනත් පසුව කැබිනට්ටුවට නොගියේය. මෙදා මෛත‍්‍රී පුටුවට ගෙනත් කැබිනට්ටුවට නොගොස් ජාතික විධායක සභාවට ගියේය. ඒ නිසා ජවිපෙට වගකීමෙන් මිදෙන්නට බැරිය.

දැන් ජවිපෙ කරන්නේ කුමක්ද? හොරු අල්ලන එකය. වංචාකාරයන් දූෂිතයන් සොයා යන එකය. ඔවුන්ගේ ෆයිල් එළියට අදින එකය. වරෙක උසාවියටත් වරෙක අල්ලස් දූෂණ කොමිසමටත් ප‍්‍රවෘත්ති සාකච්ඡුාවටත් දුවන වැඬේය. මේවා දකින විදියට මෙහෙමත් දකිනවාය. ඒ කොහොමද? ඒ බෞද්ධයාට බුදුන්, දහම්, සඟුන්ය, තෙරුවනය. ජවිපෙ තෙරුවන කුමක්ද? පාර්ලිමේන්තුව, උසාවිය හා දූෂණ කොමිසමය. දැන් ඒ ගැන වන්දනා කරන එකට වඩා වැඩක් නැත. දැන් විප්ලවය නැත. සමාජවාදය නැත. ඒවා ගැන හීනෙන්වත් හඬක් ඇසෙන්නේ නැත. ඇසුනත් එය ඡුන්ද හඬ අස්සේ මැකී යන්නේය.

මහජන මුදල්, මහජන දේපළ කොල්ලකෑම හෙළිදරව් කරන එක හොඳය. හොරු අල්ලන එක හොඳය. නරක දේ ඒක නොවේ. ලෝකයේ තවත් ප‍්‍රධාන හොරකමක් ද තිබෙන බව අමතක කිරීමය. ඒ දහඩිය කොල්ලයය. නිර්ධනයාගේ සූරාකෑමය. දේශපාලන ආර්ථික විiාවෙන් කියනවා නම් අතිරික්ත වටිනාකම් සොරකමය. සූරාකෑමය. ඒක ධනවාදයේ ප‍්‍රධානම යාන්ත‍්‍රණයය. මෙය දුප්පත්කමේ හේතුවය. මූල්‍ය පෝසතාගේ පෝසත්කමේ උල්පතය. අතිරික්ත වටිනාකම හැටියට ධනපතියා සොරාගන්නේ නොගෙවූ ශ‍්‍රමයය. විජේවීර සහෝදරයා මේ පාඩම හොඳින් දැන සිටියේය. ඒ නිසා එය නැති කිරීම සඳහා ජවිපෙ ගොඩනැඟුවේය. ඒ කියන්නේ සමාජවාදය ගොඩනැඟීම සඳහා ජවිපෙ ගොඩනැඟුවේය. එහෙත් දැන් ජවිපෙට සිය නායකයත් ඔහුගේ ක‍්‍රියාවත් යන දෙකම අමතකව ඇති සැටියකි. ඉතින් මේ සොරකමයි මේ සොරකමෙන් උපයා සපයා ගත් පෞද්ගලික සූරාකන දේපළයි දෙකම අහෝසි කරන්නේ නැතිව පීඩිතයාට අත්වෙන සුගතියක් ඇත්තේ නැත.

ජවිපෙ දැන් දින සීයේ වැඩවල හොරු අල්ලන එකට වඩා දෙයක් කරන බවක් නොපෙනේ. ඒ කියන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, විධායකය අහෝසි කිරීම, ඡුන්ද ක‍්‍රමය වෙනස් කිරීම වැනි දේවල්. කොහොමටත් එවැනි දේවල් ගැන වැඩසටහනේ දක්වා තිබූ පරිදි එක කමිටුවක්, යෝජනාවක්, අණපනතක් ඉදිරිපත් වුණේ නැත. එහෙත් එහි නොතිබූ බොහෝ දෑ දැනට සිදුවෙමින් තියෙන අයුරු දකින්ටත් අපූරුය. විධායකය අහෝසි කිරීමක් නොකරන බව දැන් ඒ පාර්ශ්වවලින්ම කියවෙන්නට පටන් ගෙන ඇත්තේය.

ඡුන්ද ක‍්‍රමය දින සියයෙන් වෙනස් කළ නොහැකි බව කියවෙමින් ඇත්තේය. ඊළඟ මහ ඡුන්දයත් පැරණි ක‍්‍රමයටම යැයි කියවෙමින් ඇත්තේය. බලාපුවාම අදත් දෙයක් නැත. වෙනසක් නැත. මුහුණු ද වෙනස් වී නැත. තිබුණු පරණ මුහුණුමය. ජරාම ජරා මුහුණුය. ඒක එහෙම නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අනෙක් දේවල් ගැන කවර කතාද?

ජවිපෙට ආණ්ඩු බලය තිබෙන නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදය වටින්නේ නැත. පීඩිතයාගේ ඕනෑ එපාකම් ගැන කතා බහක් නැත. පසුගිය කාලයේ නිකරුණේ නිරපරාදේ මරා දැමූවන් ගැන කටේ පිට්ටුය. උතුරේ පීඩිතයාගේ පීඩනය ගැන ඒත් එහෙමමය. හිරගෙවල්වල දී මරා දැමූවන් ගැන වගේ වගක් නැත. යටත් පිරිසයෙන් මරා දැමූ තමන්ගේ නායකයාගේ ඝාතනය ගැනවත් සොයා බලාගැනීමට උවමනාවක් නැත. ලොකුව ඇත්තේ හොරකමය, දූෂණයය.

දූෂණය නැත්තේ කොහේද? ධනවාදයේ අනිවාර්ය අංගයක් වන එය, ධනවාදයේ අන්ත සුපිරි රාජ්‍යයන් හීදී එකසේ විහිදී පැතිරී ඔඩුදුවා ඇති බව දිනපතා වාර්තා නොකියන්නේද? එය අමෙරිකාවේ නැතිද? මහ බි‍්‍රතාන්‍යයේ නැතිද? ප‍්‍රංශයේ? ඕස්ටේ‍්‍රලියාවේ? නැත්තේ කොහේද? එය ධනවාදයේ නිසග ලකුණය. උපන් ලපයය. තමන්ගේ ගජ මිතුරු යැයි කියන කොමියුනිස්ට් පාලනයක් තිබෙනවා යැයි කියන චීනයේ දූෂණය නැතිද? මැති ඇමැතිවරු, නගරාධිපතිවරු වෙඩි තබා මරා දමන්නේ නැතිද? මෙයට තිත තැබිය හැක්කේ අන් මඟකින් නොවේ. ඒ ධනවාදය පෙරළා දැමීමෙන් පමණක්මය. ඒ නිසා ප‍්‍රධාන දිසාව, අවධානය එයට යෙදවිය යුතු නොවේද? ජවිපෙ මේ කරන්නේ ධනවාදය පිරිපහදු කරන වැඩය. සේවය කරන්නේ කාටද? ධනවාදයටය. එය රැුක ගැනීමටය.

මන්ද වැඩ කරන ජනතාවට කියන්නේ හොරුන්, මංකොල්ලකාරයන්, දූෂිතයන් නැති ධනවාදය සුන්දර එකක් වනු ඇති බවය. ධනවාදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරපුරක් මවනු ඇති බවය. ධනවාදය එය කරවටක් ගිලී ඇති තැවරී ඇති කුණු දහජරාවන්ගෙන් සෝදාගත් කළ ඉන් වැඩක් ගත හැකිය යන මතය ජනතාව තුළට කාවැද්දීම බරපතළ අපරාධයක් නොවන්නේද? ලෙනින් කීවේ කුමක්ද? ධනවාදය ගැන, එහි ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන විශ්වාසය ඇතිකරලීම අපරාධයක් වන බවය. ධනවාදය සෝදා පිරිසිදු කරගෙන එය ජනතා අවශ්‍යතා සඳහා පාවිච්චි කළ නොහැකි සමාජ ක‍්‍රමයකි.

දැන් ජවිපෙ තවදුරටත් කියන්නේ මොකක්ද? හොරු, මංකොල්ලකාරයෝ, ¥ෂිතයෝ නැති ඊළඟ පාර්ලිමේන්තුවක් ගැනය. එයට ජවිපෙ බහුතරයක් යැවීම ගැනය. ඊළඟට 2020 පාර්ලිමේන්තුව තමන්ට බලය ලබා දී සමාජ ක‍්‍රමය වෙනස් කරන ලෙසය. අපූරුයි! කදිමයි! නියමයි! පුළුවන් නම් ඔන්න වැඬේ.

මේ වෙන මොකවත් නොවේ. ජනතාව නොමඟ ඇරීමය. ජනතාවට ධනවාදය ගැන විශ්වාසය ඇති කිරීමය. සමාජය වෙනස් කිරීම විස්සයි විස්ස තරගයක් නොවේ. එසේම විස්සයි විස්සේ දී එය කළ හැකි යැයි දින තීන්දු කළේ කවුද? සුමනදාසද? චන්ද්‍රසිරි බණ්ඩාරද? විප්ලවවාදී යැයි කියාගන්නා පක්ෂයකට ගිය කලක්?

පී.බී.දසනායක

Wednesday, December 31, 2014

දකුණු අවකාශයේ අනාගතය ජවිපෙටත් හෙළ උරුමයටත්

ප්‍රතිගාමීත්වය ප්‍රගතිශීලිත්වය බවටත් ප්‍රගතිශීලිත්වය ප්‍රතිගාමීත්වය බවට පත්වීමටත් ගතවන කාලය ඉතාමත් කෙටි නිසා ලංකාවේ දේශපාලනය පිළිබඳව කරන විශ්ලේශනයන් අස්ථිකරණයට මත්තෙන් යල් පැනීමක් සිදුවන මොහොත කැපී පෙනෙන්නකි. මේ නිසා සක්‍රීය දේශපාලන බලවේගවල චලනය හා උපාය උපක්‍රම හැඩ ගැසෙන ආකාරය අප හිතන හා යෝජනා වෙන ආකාරයට වඩා හාත්පසින්ම වෙනස් වන්නේ ලාංකීය ගතිකත්වය ලංකාවටම ආවේනික නිසාවෙනි.

පවත්නා දේශපාලන සමාජ චලනයට අනුව හා එහි රඟ දැක්වෙන ජවනිකාවන්ට අනුව අධිනිෂ්චිත දයලෙක්තිකය තේරුම් ගෙන ඇති මහ මොළ කරුවා වන්නේ චම්පික -රතන හෙළ උරුමයයි. උපාය හා උපක්‍රම අතින් ද, නුවනක්කාරකම අතින් ද පරිණත බවක් පෙන්නුම් කරමින් ජාතිවාදී දේශපාලනය ජාතිකවාදී දේශපාලනයට විපරිවර්තනය කර ගනිමින් හීන් සීරුවේ සිය දිශාව දයලෙක්තිකව මෙහෙයවීමේ දේශපාලනික ඥාණය පෙන්නුම් කිරීම මෙම ජනාධිපතිවරණ ක්‍රියාවලියේ කැපී පෙනෙන ලක්ෂණයක් වන අතර ඔවුන්ව ඔවුන්ටම සාපේක්ෂක අර්ථයෙන් සැසඳීමේ දී ප්‍රතිගාමිත්වයේ සිට ප්‍රගතිශීලී හැඩයකට වෙස්මාරු කිරීමක් ලෙස සඳහන් කළොත් නිවැරදිය. අනාගතයේ දී ලංකාවට නායකත්වය දිය හැකි ජාතිකවාදී නායකයා චම්පික වීමට ජන මනස පරිවර්තනය වීම සාධාරණය වීමට ඇති එකම වැදගත් කාරණය වන්නේ මහින්ද රාජ පක්ෂ පරාජය කිරීමේ වැදගත්කම තේරුම් ගනිමින් අධිනිෂ්චිත මොහොතේ නාඩිය චම්පික- රතන හඳුනා ගැනීමින් අල්ලා ගැනීමය.

මෙම මැතිවරණ සටනින් මහින්ද නැවත ජයගත්ත ද චම්පිකගේ දේශපාලනය ඉදිරියට පවතින්නට ඉඩකඩ ඇති අතර ජාතිවාදයෙන් ඔබ්බට ගොසින් ජාතිකවාදයට විතැන්ව දෙමළ ජනයාගේ ගැටලුව දෙස පැවැති ස්ථාවරයට වෙනස් නම්‍යශීලී ප්‍රතිපත්තියක් ගෙන ගිය හොත්, අනාගත දේශපාලන සිතියම සිනාරියෝ ගත වීමට නියමිතව ඇත්තේ චම්පික වටාය. ඔහු මෑත පරපුරේ තරුණ දේශපාලනඥයයෙකු ලෙස අන් හැමටම වඩා පරිණත හා විචක්ෂණබවත් පෙන්නුම් කරමින් ලංකා සමාජය තේරුම් ගෙන ඇති චරිතයකි. එය එසේ වීමේ දී, එවැනිම අරමුණක දිශාගත වන ජවිපෙට, ඇති ප්‍රබල ප්‍රතිවිරෝදී සටන ඇත්තේ රනිල් හෝ මහින්ද නොව මෛත්‍රී සංධානය අතරෙන් ඇතිවන මෙම බලවේගයන් සමඟය‍. අනෙක් අය ගැන ද කිව යුත්තේ එයමය.

අනෙක් අතට දමිල ජනයාගේ ගැටළුව අරභයා චම්පිකලාගේ ආස්ථානය අනෙක් වාමාංශික පක්ෂ වන ජවිපය හෝ පෙසපෙන් වෙනස් වන තැන එතරම්ම පැහැදිලි නැති නිසා ලංකා දේශපාලනය තවමත් කැරකෙන්නේ ජාතිවාදය හා ජාතිකවාදය අතරය. ජාතිවාදය හා ජාතිකවාදය අතර ඇති වෙනස ඉතා සියුම් වුවත් අවසානයේ දී ජාතිකවාදයද ජාතිවාදය වන්නේය. මේ බව ඉතා මැනවින් පැහැදිලි කරන කුඩා පොතක් වන ජාතිභේදවාදය හා ඉන්දීය ඉතිහාසය ලිවීම තුල රොමිලා තපාර්, හර්බන්ස් මුඛියා හා බිපාන් චන්ද්‍රා යන ඉතිහාඥයින් තිදෙනා පැහැදිලි කරති. මේ නිසා කුමන මාක්ස්වාදී න්‍යායන්ගෙන් හා ලිබරල් ධනවාදී විවේචනයන්ගෙන් රොටිය පුච්චන්නට හැදුවත්, ජාතිකවාදය මුසු වූ පිටි ගුලිය එකක්මය. ඒ අනුව ගත්විට දේශපාලනයේ ඉදිරිගාමී පියවර තබා ඇති තුන්වැනි බලවේගයේ ප්‍රමුකයා වන්නේ ජාතික හෙළ උරුමයයි එය මීට පෙර පෙන්නුම් කළ ද රාජපක්ෂ පවුල් පාලනය තුල දිය වෙමින් යන්නට නියමිත මොහොතේ දී ඔවුන් එය හඳුනා ගත්තකි.

මහින්දගෙන් වෙන් වී විපක්ෂය හා සන්ධානගත වීම හා එහි බල ව්‍යුහයන්ට එකතුවීම පිළිබඳ ජවිපෙට තරම් සදාචාරාත්මක හේතු නොමැති නිසා දේශපාලනික චලනයන්වලදී නිදහස්ව තීන්දු තීරණ ගැනීමට හැකියාව ඇතිකම ඔවුන්ට ඇති එක වාසියකි. ඔවුන්ට ගැටලුවක් නැති තැන ගැටලුව ඇතිවිය හැක්කේ ඔවුන්ට ගැටලුවක් සේ හැඟෙන්නට ගන්නවුන්ටය. එම තත්ත්වය මෙම පොදු අපේක්ෂක සංධානයේ යම් කොටස්වලට දැනුනේ වුව ද, සරළව තේරුම් ගන්නට ඇත්තේ මෛත්‍රී සංධානය යනු ඌරාගේ මාළු ඌරගේ ඇඟේ තියා කැපීම වැනි දේශපාලනික උපක්‍රමයකි. එසේ නැතිව මෙකී පොදු සංධානය විෂ්ලේෂණය කිරීමට විශේෂ රසායනාගාර අවශ්‍ය නැත. ශුද්ධවන්තයින් කවුරුදැයි හාරා ඇවිස්සිය යුතු නැත. ප්‍රතිපත්තිද පිළිබඳ විශ්වාසය තැබිය යුතු ද නැත. එය වෛශ්‍යාවන්ගෙන් පතිවත බලාපොරොත්තුවන්නාක් වැන්නකි.නමුත් ඉතා වැදගත්ම පියවර මහින්ද පරාජය කිරීමය.

පොදු විපක්ෂයේ සෙසු පාර්ශව වලට ශක්තිමත් දෘෂ්ටිවාදයක් නොමැති නිසා මෙම කුඩා කෙටි කාලය තුල දී පවා ඔවුන් සිය හැකියාව ප්‍රකට කරමින් කියන්නේ එයමය. එහෙත් ඔවුන්ව පරාජය කිරීමට මහින්දව දිනවීම හෝ ඊට වක්‍රව සහාය දීම දේශපාලනිකව අවස්ථාවාදී ප්‍රතිගාමිත්වයකි. ඒ වෙනුවට කළ හැකි වන්නේ විවෘතව ඇති අවකාශයට ඇතුලු වීමය.

ජවිපේ

මෙවර ජනාධිපතිවරණයේ දී ජවිපය විසින් පියවරක් ඉදිරියට ගෙන ඇතැත් තමන්ටම පරාවළල්ලක් වූ අතීත අගතීන්ගෙන් කම්පනයට පත්කොට විචිකිච්ඡාවකට පත්ව ඇත. ඒ අනුව ජවිපේ මෙම මැතිවරණයේ දී මහින්ද ට විරුද්ධව ප්‍රබල සටනක කියැලුණ ද ඔවුන් දේශපාලන පක්ෂයකට වඩා සිවිල් සංවිධානයක් ලෙස ක්‍රියා කිරීම පෙන්නුම් කරයි.

ඒ අනුව ජවිපෙ දේශපාලනික පක්ෂයක් ලෙස සිටිනුයේ හෙළ උරුමයට පිටු පසිනි. එය එසේ වන්නේ අධිනිෂ්චිත මොහොතේ අන්තර්ගත කොටස් කාරයෙක් නොවී, නැවතවරක් අනුන්ගේ ගිණුමකට මුදල් දැමීම සිදුකරමින් සිටිනු විනා තමන්ට සෘජු තීරණයකට පැමිණීමට නොහැකි දෘෂ්ටිවාදය විසින් හිරකිරීමය. මෙය මාක්ස්වාදී සාහ්ත්‍යෙය් ෆොයබා තීසිසය සිහි කරමින් කරන කොළොප්පමක් ද විය හැකිය. එහෙත් වරක් දෙවරක් නොව වාර ගණනක් සිදු කර ඇති නිසා මෙම අවස්ථාවේ පිටත සිටීම කිහිප ආකාරයකින්ම ජවිපේට දේශපාලනිකව අවාසි ගෙන දිය හැකි අතර එය ඛේචවාචකයක් මෙන්ම විගඩමක් ද වන්නේය.

මන්ද ඔවුන් බලාපොරොත්තුවන හැරවුම කිරීමට අවශ්‍ය විස්වාසය පිටත සිට නොලැබීමය. මේ නිසා ඔවුන් අවසාන මොහොතේ හෝ කළ යුතු හා ගත යුතු තීන්දුව වන්නේ ඇතුලට ගොස් “ඇත- නැත,, කොටස් කරුවෙකු වීමෙන් සිය දේශපාලන ඉදිරියට මුහුණ දීම මිසක සමාජ අධිනිෂ්චිතයේ අනු පූරක කුලකයක් නොවීමය. අනෙක් අතට දූෂණයෙන් තොර යහපාලනය සම්බන්ධයෙන් ඉතා අවංකබවක් පෙන්නුම් කරන ජවිපයට ලැබෙන වලංගුභාවය හෙළ උරුමයට වඩා එහාට ගෙන යා හැකි වන්නේ ඔවුන්ගේ බිම් මට්ටමේ දේශපාලනය තවමත් ශක්තිමක් නිසාය. කම්කරුවන් හා වැඩකරන ජනතාවට අවශ්‍ය කරන ප්‍රතිසංස්කරණීය අයිතිවාසිකම් සඳහා ඇතුල සිට බලපෑමි කරමින් ඔවුන්ගේ අයිතිවාසිකම් හා නිදහස සඳහා සටන් කළ හැකි වනු ඇත.

දැනටමත් සිය පාක්ෂික ඡන්ද දායකයා ඔවුන්ගේ ව්‍යංගාර්ථවත් කාව්‍ය වටහා ගෙන ඇති අතර ඔවුන් රාජපක්ෂට විරුද්ධව ඡන්දය භාවිතා කරන අතර එම ඡන්දය භාවිතවීම කිසිදු ලෙසකින් හෝ වමේ පොදු අපේක්ෂකයාට නොලැබෙනු ඇත. එසේම අරමුණ වන්නේ මහින්ද පරාජය කිරීම නම් එය එයට ප්‍රමාණාත්මක ඡන්ද ලැබීමට හැකියාවක් ඇත්තේ ඇතුලට යෑමෙන්ය. එය වනාහී සිය පාක්ෂික ඡන්ද නොව පාවෙන නැතිනම් අලුත් ඡන්දය. ඒ වගේම ජවිපේ අවසානයේ හෝ පොදු විපක්ෂයට ඇතුල් වීම සංකේතීයව මෙන්ම භාවිතාවෙන් ද ඉතා වැදගත් වන්නේ ඔවුන් බිම් මට්ටමේ ප්‍රචාරණයේ යෙදෙන ප්‍රධාන කණ්ඩියමක් නිසාය. මෛත්‍රී පෙරමුණ එය තේරුම් නොගත්තේ උවද ජවිපේ තේරුම් ගනිමින් ඇතුලට පැමිණ සිවිල් සමාජ කාර්යය කරන්නට හැකි නම්, පක්ෂයක් ලෙස අනාගතයේ සවිමත් වීමට හැකිවනු ඇත.

එබැවින් මහින්ද පාරාජය කිරීමේ එක් ප්‍රබලයෙකු ලෙස පිටත සිටින ජවිපය ඇතුලට පැමිණීම මෙම අවස්ථාවේ දී අතීතයේ කළ දේට වඩා මුළුමනින්ම වෙනස් වන්නකි. සදාචාරාත්මකවද, තමන්ගේ දෑතේ ශක්තියෙන් බලය ලබාදුන් එම ඒකාධිපතියා තමන් විසින්ම පාරජය කර දී සමාජය නිදහස් කිරීම පැරණි පාපයෙන් ද ගැලවීමට හැකි වනු ඇත. දෙවැන්න මෛත්‍රී සංධානය පටන් ගත් ආකාරයේ අවංකකමක් පෙන්නුම් නොකරන බැවින්, ඒ සඳහා බලපෑම් කිරීමට හා ජාතිකවාදී දේශපාලනයේ අවකාශය ප්‍රයෝජනයට ගත හැකි වන්නේ ඇතුලත සිටීමෙන් පමණි. තුන්වැන්න, එලියේ සිටීමෙන් යම් හෙයකින් රාජපක්ෂ නැවත බලයට පැමිණිය හොත් සිදුවන්නේ කුමක්දැයි ඇස්තමේන්තු කරගත යුතුය. හුස්ම ගැනීමට පවා ඉඩක් නොදෙන්නට මහජන මතය තමාට දී ඇති බව දැනටද සිතා සිටින රාජපක්ෂ පවුල ජවිපයට තනිව දේශපාලනය කිරීමට ඉඩක් නොතබනු ඇත. එවිට අනාගතයේදී නැවත එකතු වන්නට වන්නේ අද සිටින විපක්ෂය සමගමය. එම ඡන්ද දායකයා සමඟය. බොහෝවිට ඊටත් අඩු පිරිසක් සමගය. එසේම ජවිපේ ආස්ථානය ඔවුන්ගේ සම්මුතීන්ට අනුව හා බහුතර තීරණයක් වන්නේ නම් එය සාධාරණය වන්නේ කෙසේදැයි කල්පනා කළ යුතුය. ඒ අනුව මෙලෙස උපකල්පනය කළ හැකිය.

සන්ධාන ගත නොවී තනි පක්ෂයක් ලෙස දේශපාලන බලය ලබා ගැනීම.

මැතිවරණ දේශපාලන ක්‍රමයේ විකාශය දෙස බැලීමේ දී නිදහසින් පසුව කාලයේ දේශපාලන පක්ෂ හා බලය ලබා ගැනීම දෙස බැලූ විට කැපීපෙනන ලකුණක් වන්නේ බහු පක්ෂ ක්‍රමයකට ලංකා දේශපාලනය ගමන් කිරීමය. කිසිදු පක්ෂයකට තනිව බහුතර ඡන්ද ලබා ගැනීමට නොහැකි සංයුතියකින් යුක්තවීම මගින් ලංකා දේශපාලනයට හා ප්‍රජාතන්ත්‍රවාදයට බොහෝ අවස්ථාවන් විවර කරනු ඇත්තේ විවිධත්වය තුල සම්මුතිය යන මූලධර්මය භාවිතයට ගතහැකි ප්‍රතිපත්ති තුලින් ක්‍රියා කිරීමටය.

මෙයින් එපිටට ගොසින් තනි පක්ෂයක් ලෙස ලංකා දේශපාලන බලය ලාබා ගන්නේ නම් එය කළ යුතු වන්නේ මැතිවරණ ක්‍රමයෙන් පිටතදීය. මහජන අරගලයකට නායකත්වය දීමෙන්ය. න්‍යායත්මකව එසේ කල්පනා කිරීම හා එසේ කිරීමට සූත්‍රගත කිරීමට සැලසුම් තිබෙන්නේ නමුත්, එයට පවා නායකත්වය දිය හැකි වන්නේ ජනතාව තුල විශ්වාසය දිනා ගැනීමට හැකිනම් පමණය. එසේම දේශපාලන විද්‍යාව ආර්ථික විද්‍යාවක් නම් පමණය. මන්ද ආර්ථික විද්‍යාවේදී සෙසු සාධක විචල්‍ය ලෙස සලකා අදාල සාධකය ගැන පමණක් ගණන් හැදීමය. එය මහින්ද රාජපක්ෂ පිළිබඳව 2005 දී ජවිපය හා එල්ටීටීය ගණන් හැදීම වැනිය. 2015 දී තවත් සමහරු ගණන් හැදීම වැනිය.

විමල්, කළුසල්ලි සුදු කර ගත් හැටි! මෙන්න සාක්ෂි !! ජවිපෙ සිටියදීත් දූෂිතයෙක් !!

ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්වරයාව සිටියදීත් නීත්‍යානුකූල නොවන ආකාරයට මුදල් උපයා ඇති බව හෙළිවේ.

මොහු 2006 වසරේ සිට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමඟ රහස් ගනුදෙනු පැවැත්වූ බව හෙළිවීම නිසා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්කරනු ලැබුවේ 2008 වසරේ අප්‍රේල් මාසයේදීය.

එතෙක් ඔහු ජවිපේ ප්‍රචාරක ලේකම් හා පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ලෙස කටයුතු කරනු ලැබුවේය.

පාර්ලිමේන්තු වැ‍ටුප පවා නොගන්නා ඉතා පරමාදර්ශී මහජන නියෝජිතයකු ලෙස පෙනී සිටි විමල් වීරවංශ මෙලෙස අයතා ගනුදෙනු වල නිරතව මුදල් උපයා ගත් බව සාක්ෂි සහිතව අපට හෙළිකරන්න හැකිවන්නේ 2007 වසරේ සිට 2012 දක්වා සිදූ කූට ගනුදෙනුවක් මඟිනි.

මෙම කූට ගනුදෙනුවට වීරවංශ වෙනුවෙන් ඉදිරිපත්වන්නේ ඔහුගේ විවාහක බිරිඳ වන ශෂී වීරවංශ ය. වීරවංශ එවකට පූර්ණ කාලීන ජවිපෙ සාමාජිකයකු වූ බැවින් බිරිඳ හා දරුවන් දෙදෙනාගේ විය පැහැදම් සොයා ගත්තේ මාවරමංඩියේ පවත්වාගෙන ගිය සංනිවේදන සේවා (කොමිනිකේෂන්) ආයතනයක් පිහිටෙනි. දුරකතන පණිවිඩ සේවා හා පරිගනක දෙකක් යොදවාගෙන යතුරුලියන සේවා ආදිය එහිදී සිදු කෙරිනි. එය පවුලේ නඩත්තුවට ප්‍රමාණවත් මුදලක් සොයා ගත්තා මිසක කෝටි ගනනිත් තබා දහස් ගනනින්වත් ලාබ ඉපයූ ආයතනයක් වූයේ නැත.

එහෙත් ශෂී වීරවංශ 2007 වසරේදී මේ කූට ගනුදෙනුව කරන්නේ මිලියන් ගනන් වලිනි. ඒ ද කළු සල්ලි වලිනි. ජවිපෙ පූර්ණකාලීන සාමාජිකයකුව සිටියදී ඒ උපයා තිබුණේ කෙසේද යන්න රහසකි. ජවිපෙ පූර්ණකාලීන සාමාජිකයකුව සිටියදී ඔව් ඔහුව පක්ෂයෙන් නෙරපීමේදී පක්ෂ අරමුදල් වංචා කල බවට චෝදනාවක් එල්ලවී තිබුණු බවක් වාර්ත නොවෙතත් රාජපක්ෂ පවුල සමීපව ඇසුරු කර තිබිණි. අද වීරවංශට රාජපක්ෂ පවුල අත හැරීමට නොහැකිව ඇත්තේ මේ අයථා ගණුදෙනු ගෙන සහසුද්දෙන් රාජපක්ෂවරු දන්නා නිසා බවට සැකයක් නැත. මේ අවධියේම බත්තරමුල්ල ප්‍රදේශයේ රුපියල් කෝටි හතරක මුදලක් වැය කර සුපිරි නිවසක් ගොඩනැගූ බවද වාර්තා විය. එමෙන්ම මාසික විදුලි බිල රුපියල් ලක්ෂය ඉක්මවන තරමේ අධි සුඛෝපභෝගී ජීවිතයක් ඔහු ගත කරමින් සිටින බවත් වාර්තා වී තිබේ.

එමෙන්ම පසුව සුදර්මා, හුළුගල්ලේ සමඟ අනියම් සම්බන්ධයක් පැවැත්වූ බවට ඇයගේ සැමියා විසින්ම හෙළි කරනු ලැබීය.ඒ කෙසේ නමුත් ශශී වීරවංශ පසුගිය කාලයේ සමීපව ඇසුරු කළ ප්‍රකට චරිතයකි, සුදර්මා නෙත්තිකුමාර, ඇය සලාකා සමූහ ව්‍යාපාරයේ හිමිකරු වූ ගාමිණි නෙත්තිකුමාරගේ විවාහක බිරිඳය. සලාකා කැසිනෝ ව්‍යාපාරය හා තවත් කූට මූල්‍ය ගනුදෙනු ‍රැසක් මෙම ව්‍යාපාරය හා බද්ධව ගෙන ගිය බවට චෝදනා එල්ල විය. පසුගිය කාලයේ ජාතික ආරක්ෂක මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂකවරයා වූ ලක්ෂ්මන් හුළුගල්ලේ මෙම ව්‍යාපාර සඳහා රාජ්‍යයේ ආරක්ෂාව ලබාදීමත් ඒ සඳහා අනියමින් උදව් උපකාර කළ බවත් හෙළිව තිබේ.

කෙසේ නමුත් සුදර්මා නෙත්තිකුමාර 2007 වසරටත් පෙර විමල් වීරවංශගේ සමීප හිත්වතියකි. ශෂී වීරවංශ සුදර්මාව හඳුනා ගන්නේ ඒ අතර තුරය. මේ මිත්‍රත්වය මත වීරවංශ යුවල තමන් සතුව ඒ වෙනකොට තිබූ මිලියන් ගන්නක අයුතු මුදල් කන්දරාවක් ආයොජනය කිරීම සඳහා ( එනම් කළු සල්ලි සුදු කිරීම සඳහා ) සුදර්මාට බාර දෙනු ලැබීය. ඊට මැදිහත් වූයේ ශෂී වීරවංශය.

ඒ අනුව ශෂී වීරවංශ 2007 වසරේදී සුදර්මා හමුවී තමන් සතුව විශාල මුදල් ප්‍රමාණයක් තිබෙන බවත් ඒවා බැංකුවල හෝ මූල්‍ය ආයතනවල හෝ තැන්පත් කිරීමට ගිය හොත් විවිධ ප්‍රශන වලට මුහුණ දීමට සිදුවන බවත් එම මුදල් පොලියට දී ආදායමක් ලබා ගැනීමට අවස්ථාව සලසා දෙන මෙන් ඉල්ලා තිබේ . ඊට පසුව ශෂී වීරවංශ විසින් විටින් විට ලක්ෂ ගනනින් එම මුදල් සුදර්මාට ලබා දී තිබේ. සුදර්මා ද පසුව එම මුදල් නැවත පොලී සමග ගෙවීමටද කටයුතු කර ඇත.

එසේම ටෙලි නාට්‍ය නිශ්පාදනය සඳහාද ශෂී වීරවංශ මෙම කළු සල්ලි ආයොජනය කර තිබේ. ඒ අතර තුරදී 2012 වසරේදී 'භාර්යාවෝ ' ටෙලි නාට්‍ය නිශපාදය කිරීමට ගොස් වූ වෙනත් පෞද්ගලික ආරවුලක් මත සුදර්මා හා ශෂි විරසක විය. ඉන් පසුව සුදර්මා සමඟ වූ බද්ධ වෛරය නිසා ශෂී වීරවංශ විසින් වෙනත් පුද්ගලයකු යොදවා සුදර්මා මිලියන 6ක් ලබා ගෙන ඒ ආපසු ලබා නොදුන් බවට අසත්‍ය පැමිණිල්ලක් ගොනු කර තිබිණි. ඉන් බලාපොරොත්තු වූයේ විමල් වීරවංශගේ දේශපාලන බලය යොදවා සුදර්මාව රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමය.

එහෙත් පොලීසිය මෙම සිදුවීමේ සත්‍යය සොයා ගැනීමට සමත් වූ අතර එහිදී වීරවංශලාගේ කළු සල්ලි සුදු කිරීමේ ජාවාරමද හෙළිවිය. ඒ වලක්වා ගැනීමට වීරවංශට නොහැකි වූයෙන් අපට ඒ මෙසේ හෙලි කිරීමට හැකි විය.

මීට අදා ලිපි ලේඛන කිහිපයක් පහත දැක්වේ,





Tuesday, December 30, 2014

ජනපතිගේ කීර්තිනාමය කෙළෙසුනැයි රෝහණ වීරසිංහ හඬා වැටේ

හම්බන්තොටදී හා කුරුණෑගලදී කලාකරුවන් පිරිසකට නාමල් රාජපක්ෂ විසින් මෙහෙයවන නිල්බලකා මැර කල්ලිය විසින් එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ජනාධිපතිවරයාගේ සංගීත උපදේශක රෝහණ වීරසිංහ තව දුරටත් මෙම ප්‍රහාරකයන් ආරක්ෂ කිරීමට ඉදිරිපත්ව තිබේ. ඔහුට තිබෙන වේදනාව තමන්ගේ ජීවීතේ වැඩිම කාලයක් තමා සමඟ එකට වැඩ කළ මිතුර වන ලක්ෂ්මන් විජේසේකරට හා එම දියනියට හෝ තමාගේම දරුවන් වැනි වූ තරුණ කලාකරුවන්ට එල්ල කළ ප්‍රහාරය නොවේ. මේ මෘග පාලනය මෙහෙයවන ජනාධිපති රාජපක්ෂගේ "කීර්ති නාමය"කෙළසීම ගැනය.

වීරසිංහ පවසන්නේ ජනාධිපතිවරයාගේ කීර්ති නාමයට බරපතළ හානියක්‌ සිදු කොට ජයග්‍රාහණය කිළිටි කිරීම අවාසනාවන්ත තත්ත්වයක්‌ බව ය.

ඔහු විසින් නිකුත් කර ඇති නිවේදනයේ මෙසේද සඳහන් වේ.'

කලාකරුවන් පිරිසකට හම්බන්තොටදී හා කුරුණෑගලදී සිදුකර ඇති ප්‍රහාරයන් අප සංවිධානය පිළිකුලෙන් යුතුව තරයේ හෙළා දකින අතර මේ නින්දිත ප්‍රහාරයට ලක්‌ වූ කලාකරුවන් වෙත අපගේ හෘදයාංගම කනගාටුව ප්‍රකාශ කර සිටිමු.

මෙවැනි අඳ බාල ක්‍රියාදාමයන්ගෙන් අතිගරු ජනාධිපතිතුමන්ගේ කීර්ති නාමයට සිදුවන බරපතළ හානිය හා එතුමන්ගේ නියත ජයග්‍රහණය කිළිටි කිරීම පිළිබඳව මේ මැර කල්ලිවලට අබැටකුදු හෝ අවබෝධයක්‌ නොතිබීම අවාසනාවන්තය. ඕනෑම අයෙකුට තම දේශපාලන මතය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමේ අයිතියට බාධා කිරීම අප කිසිසේත් අනුමත නොකරමු. මේ නොහොබිනා නොහික්‌මුණු ක්‍රියාදාමයන් සිදුකරන මැරයන් පිළිබඳව නීතිය අකුරටම ක්‍රියාත්මක කොට නිසි දඬුවම් ලබාදීමට කටයුතු කරනමෙන් ජනාධිපති තුමන්ගෙන් අපි ඉල්ලා සිටිමු.'

ඊයේ නිලබලකාය විසින් පැවැත්වූ මාධය හමුවකදී ඊට නිල් බලකාය වෙනුවෙන් අදහස් දැක්වූවන් මෙම ප්‍රහාරය ඔවුන් විසින් සිදු නොකල බව පැවැසූවද එම හමුවෙන් පසුව නිල් බලකාය වෙනුවෙන් එම මාධ්‍ය හමුවට සහභාගී වූ පළාත් සභ මන්ත්‍රී සුසාර දිනාල් මාධ්‍යවේදීන් හමුවූ පවසා තිබුණේ එම ප්‍රහාරය නිල බලකාය විසින් එල්ල කළ බව තමන් පිළිගන්නා බවත් 'මුන්ට කොච්චර කිව්වත් අහන්නේ නෑ, හැමතැනම ගහනවා.." යන්නත්ය.

ඒ කෙසේ නමුත් රෝහණ වීරසිංහලා දැන දෙනම මෘග පාලනයක් ආරක්ෂා කිරීම වෙනුවෙන් මෙතරම් පහත් ලෙස පෙනී සිටිම ලැජ්ජා සහගතය.

Saturday, December 20, 2014

විමුක්ති දේශපාලනයට ෂෝට් කට් නැත

ඒ යුද්ධය උග්‍ර ලෙස ඇවිලෙමින් තිබූ කාලයයි. ජනතා විමුක්ති පෙරමුන යුද්ධය තුල ස්ථානගත වී සිටියේ යුද්ධයට අනුග්‍රහය දක්වන පක්ෂයක් ලෙසය. දේශහිතෛශී ජාතික ව්‍යාපාරය සහ මානෙල් මල් ව්‍යාපාරය ගොඩ නගා දකුනේ සමාජය තුල එල්ටීටීඊ විරෝධී යුද්ධය සුජාතකරනය සදහා ජවිපෙ සක්‍රීය ලෙස දායක වෙමින් සිටියේය. එම කාලයේදීම ජවිපෙට අනුබද්ධ සමාජවාදී ශිෂ්‍ය සංගමය ජාතික ගැටලුව පිලිබද ලෙනින්ගේ කෘතියක් ප්‍රකාශයට පත් කලේය. එම කෘතියට පිලිතුරු ලෙස එවකට එක්ස් කන්ඩායම‍වෙනුවෙන් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ‘ජවිපෙ, ජාතික ගැටලුව සහ මාක්ස්වාදය’ යන හිසින් දීප්තිමත් පොත් පිංචක් රචනා කලේය. ඔහු එහිදී ප්‍රශ්න කලේ සමාජවාදී ශිෂ්‍ය සංගමය සිය ප්‍රකාශන තුල යොදා ගන්නා ‘මාක්ස්වාදී භාෂාවත්’ එම සංවිධානයේ මවු පක්ෂය වන ජවිපෙ ප්‍රසිද්ධ දේශපාලන තලයේදී යොදා ගන්නා ජාතිවාදී භාවිතාවත් අතර පරස්පරයයි.

වසර 2014 එලැඹී ඇත. එලැඹෙන ජනාධිපතිවරනයේදී මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව පෙරලා දැමීම සදහා ‘පොදු අපේක්ෂකයෙක්’ ලෙස මාදුලුවාවේ සෝභිත හිමි ඉදිරිපත් කල යුතු බවට සංවාදයක් මේ වනවිට ගොඩනැගී තිබේ. මෙම සංවාදයේ මුඛ්‍ය ප්‍රකාශකයෙක් වන්නේ ආචාර්ය දේවසිරිය. දකුනේ දේශපාලනය තුල හෙජමොනික ප්‍රවර්ගයන් වන සිංහල ජාතිකවාදයේත් නව ලිබරල්වාදයේත් පරාමිතීන්ගෙන් මිදුනු විකල්ප දේශපාලනයක් සදහා සෝභිත හිමිගේ අපේක්ෂකත්වයෙන් අවකාශ විවර වෙනු ඇති බවට නිර්මාල් සිය මුහුනු පොත් සටහනකදී සදහන් කොට තිබුනි. මීට සමාන ආකාරයකින් ප්‍රකට වාමාංශික බුද්ධිමතෙක් වන ආචාර්ය කුමාර් ඩේවිඩ් කාලාන්තරයක් තිස්සේ සෝභිත හිමිගේ අපේක්ෂකත්වයට පක්ෂව කරුනු දක්වමින් සිටී.

දකුන තුල එල්ටීටීඊ වි‍රෝධී ආස්ථානයක් ගෙන සිංහල ජාතිකවාදය සමග සන්ධානගත වීමෙන් ජවිපෙ එවකට අපේක්ෂා කලේ කුමක්ද? ජවිපෙ පැත්තෙන් ගත් විට එය බලය සදහා ෂෝට් කට් එකක් විය. රනිල් වික්‍රමසිංහ හා චන්ද්‍රිකා කුමාරතුංග යන ප්‍රධාන පක්ෂ වල නායකයින් දෙපලම එල්ටීටීඊය සමග සාකච්ඡා පැවැත්වීම සිය ප්‍රවේශය කරගෙන තිබූ තතු යටතේ සිංහල ජාතිකවාදය 2002-1004 යුගයේ හිස නැති කවන්ධයක් බවට පත්වී තිබුනි. ජවිපෙ ආමන්ත්‍රනය කලේ එම රික්තකයටයි. ජවිපෙ අභ්‍යන්තර කතිකාව අනුව යුද්ධයට පක්ෂය සහය දුන්නේ සමාජවාදයට ඇති බාධාවක් වන එල්ටීටීඊය ඉවත් කර දැමීමටය. ජවිපෙ සාමාජිකත්වයට ඒ අනුව සභාග දේශපාලනයත් සිංහල වර්ගවාදය සමග සන්ධානගත විමත් ‘උතුම් අරමුනක්’ වෙනුවෙන් ගනු ලැබූ උපක්‍රමික ක්‍රියාමාර්ගයක් විය.

රාජපක්ෂ රෙජිමයේ අත්තනෝමතික ක්‍රියාකාරීත්වය ඉදිරියේ අද වන විට බොහෝ වාමාංශිකයන් කරමින් සිටින්නේද එක්තරා ආකාරයකින් දේශපාලන ෂෝට් කට් සෙවීමකි. රාජපක්ෂ ආන්ඩුව අධිකාරිවාදී තන්ත්‍රයක් බවට පත්වී තිබෙන අතර ජනයාගේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන්ට එල්ල වන ප්‍රහාර දිනෙන් දින උත්සන්න වෙමින් ඇත. මෙම නපුරේ ‘හේතුව’ ලෙස දැන් ජනප්‍රිය ලෙස උපුටා දැක්වෙන්නේ විධායක ජනාධිපතිධූරයයි. මාදුලුවාවේ සෝභිත හිමිගේ සාධාරන සමාජයක් සදහා වූ ව්‍යාපාරයේ කේන්ද්‍රීය තේමාව වන්නේත් විධායක ජනාධිපතිධූරය ‍අහෝසි කිරීමය. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ගැන අවංක හැගීමකින් යුක්ත මධ්‍යම පංතික වෘත්තිකයන් හා බුද්ධිමතුන් කවයක් මෙම ව්‍යාපාරයට සහයෝගය දෙමින් සිටී.

මෙම ලිබරල් බුද්ධිමතුන්ගේ ප්‍රශ්නය නම් සමාජයේ පවතින මහා ගරාවැටීම ගැන ප්‍රශ්නය සමාජ ක්‍රමය පිලිබද ප්‍රශ්නයක් ලෙස නොව හුදෙක් ආන්ඩු ක්‍රමය පිලිබද ප්‍රශ්නයක් ලෙස ගැනිමය. අධිකාරිවාදී පාලන රටාව වූ කලී ’77 න් පසු මෙරට තුල බලාත්මක වන නව ලිබරල් ධනවාදී සංවර්ධන මොඩලය සමග වෙන් කල නොහැකි ලෙස ගැටගැසී තිබෙන්නකි. සමාජය තීව්‍ර ලෙස වෙලදපොලකරනය කරමින්, සමාජ අසමානතාවය තීව්‍ර කරමින් ක්‍රියාත්මක වන මෙම සංවර්ධන මොඩලය තුල අසහනයට පත් වන ජන කොටස් වලට එරෙහිව මර්දනය යොදාගැනීමට සිදුවීම අනිවාර්යයකි. උදාහරනයක් ලෙස ප්‍රාග්ධනයට ඉඩදීම සදහා වනාතමුල්ලේ පැල්පත් නිවාස ශුද්ධ කල යුතුය. එහිදී එම ජනයා පලවා හැරීම සදහා බලහත්කාරය යොදාගැනීමට සිදුවේ. විධායක ජනාධිපති වෙනුවට කැබිනෙට්ටුව විධායක බලතල හෙබවූවා කියා එම බලහත්කාරයේ වෙනසක් සිදුවන්නේ නැත. සමාගම් වල ආයෝජන වලට ඉඩ දෙනු වස් මධ්‍යම ඉන්දියාවේ ආදිවාසී ගෝත්‍රික ජනයා බලහත්කාරයෙන් පලවා හරිමින් සිටින්නේ පාර්ලිමේන්තු ආන්ඩු ක්‍රමයක් අනුගමනය කරන ඉන්දීය රාජ්‍යයයි.

එම නිසා ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලන තන්ත්‍රය පෙරලා දැමිය හැකි ස්ථිර මාර්ගය වන්නේ නව ලිබරල් ධනවාදී සංවර්ධන මොඩලය පිලිබද ප්‍රශ්නය සමග එකට ප්‍රජාතන්ත්‍රවාදය ගැන ප්‍රශ්නය ගැනීමය. එසේ නොකලහොත් සිදු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ප්‍රශ්නය දඩමීමා කරගෙන එක් පඹයෙක් වෙනුවට වෙනත් පඹයෙක් බලය ඩැහැ ගැනීමය. සෝභිත හිමි යම් හෙයකින් ‘පොදු අපේක්ෂකයා’ වේ නම් එහි වාසිය සෘජුව හිමි වන්නේ එවැනි පොදු ව්‍යාපාරයක ප්‍රධාන සංරචකය ලෙස ක්‍රියා කරන ප්‍රධාන විපක්ෂ බලවේගය වන එක්සත් ජාතික පක්ෂයටය.

වාමාංශය ඉදිරියේ තිබෙන අභියෝගය වූ කලී නව ලිබරල් ධනවාදයටත් ඒ සමග ගැටගැසී තිබෙන අධිකාරිවාදී රාජ්‍යයටත් එරෙහිව පීඩිත ජනයා සංවිධානය කිරීමය. ද්විපක්ෂ ක්‍රමයකට හුරු වී සිටින සමාජයක් තුල එවැනි විකල්ප දේශපාලන දහරාවක් ගොඩනැගීම පහසු කටයුත්තක් නොවේ. එවැනි මහන්සියක් නොදරා සමාජයේ යම් ස්ථාපිත බල ව්‍යුහයක් සමග සම්මුතියකට යාම පහසුය. එහෙත් 2004-2009 ජවිපෙ අත්දැකීම මනාව පෙන්නුම් කරන්නේ එවැනි සම්මුති තුලින් අවසානයේ අපේක්ෂිත අරමුනට වඩා හාත්පසින්ම වෙනස් ප්‍රතිඵලයක් උද්ගත වන ආකාරයයි. විමුක්ති දේශපාලනයට ෂෝට් කට් නැත. මේ වූ කලී සියලු වාමාංශිකයෝ තරයේ සිහි තබාගත යුතු දේශපාලන පාඩමකි.

Posted by Ramachand

ජවිපෙ කියන්නේ මාව ජනාධිපති කරන්න කියලයි – නාගමුව

ජනතා විමුක්ති පෙරමුණ නොකියා කියන්නේ ඉදිරි ජනාධිපතිවරණයේදී තම පක්‍ෂය දිනවන ලෙස බව පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය පවසයි.

‘ජවිපෙ කියන විදියට මහින්ද ස්ටෝර්ස් එකේ කල් ඉකුත් වුණු බඩු තියෙනව නම් සිරිසේන ස්ටෝර්ස් එකේ තියෙන්නේ ෂුවර් නැති බඩු නම් ජනතාවට බඩු ගන්නත් තැනක් තියෙන්න එපායැ. කන්නෙ නැතිව ඉන්න බෑනේ. ඒ නිසා ගන්න තියෙන්නේ නාගමුව ස්ටෝර්ස් එකෙන්ම තමයි’ යයිද එම පක්‍ෂයේ මෙවර ජනාධිපති අපේක්‍ෂක දුමින්දු නාගමුව මහතා සදහන් කරයි.

Sunday, December 14, 2014

The Significance Of FSP Candidacy In The Eighth Presidential Election

Sumanasiri Liyanage
Mahinda Rajapaksa has to face his erstwhile colleague in the cabinet and the General Secretary of the SLFP, former Minister of Health, Maithripala Sirisena at the forthcoming presidential election. Since many parties including the main opposition party, UNP, and civil society organizations have already decided to back Maithripala’s candidacy, he has now emerged as the main contender to the incumbent president.

Janatha Vimukthi Peramuna, one of the leading left parties has announced that it will boycott the presidential election although rumors are in the air that its central committee wanted Anura Kumara Dissanayake, de facto leader of the parliamentary opposition to contest. It is in this context marked by the absence of JVP in the presidential race in spite of a 200% increase in its vote at the Uva Provincial Council election held some time ago, that the breakaway group of the JVP, Frontline Socialist Party (FSP) decided to field a candidate representing the social left in Sri Lanka that at the moment is not numerically very strong.

Duminda Nagamuwa
Having been encouraged by the Syriza (Coalition of the Radical Left) experience in Greece, FSP tried hard to unite all left parties, groups and individuals to field a common candidate of the social left with a minimum but transitional left democratic program at the next presidential election. Well FSP does not claim that the left front it had initiated is Syriza in Sri Lanka; but it seems to me it is Syriza in the making. Whether it will mark a significant moment in Sri Lankan political history is yet to be seen. Nonetheless, this moment is and will become significant and relevant as FSP led social left in its manifesto have raised so many important questions that two principal contenders have refused so far to raise. Most importantly, when both fronts are ideologically dominated Sinhala-Buddhist (UPFA by Bodu Bala Sena and Maithri front by Jathika Hela Urumaya) elements, FSP left front appears to be the most effective secular political formation in the next election. Hence, my submission in this article is that the FSP led social left front poses the real opposition to the Mahinda Rajapaksa regime both in its program and in its practice.

Sri Lanka needs a strong social movement to counter three main trends in its recent history, namely, towards authoritarianism, towards economic policy framework that is biased towards the interests of the upper classes and layers of the society, and towards majoritarianism. Although these three trends emerged prior to MR coming to power, they have consolidated and strengthened under his regime due to multiple reasons.

What is relevant to my present submission is to look at the question of what social movements were actively engaged against the MR regime and its policies and actions. I recognize two counteracting forces in Sri Lankan society that questioned policies and actions of the MR regime. The first group, primarily urban, posed the issue of democracy, rule of law and good governance in their orthodox meanings. The most important group in this category was the Sri Lanka Lawyers’ Association that came forward strongly against the removal of the Chief justice, Dr Shirani Bandaranayaka. It organized many fora to discuss the matters that fell within its purview. Later, Citizen Forum also raised similar issues with strong political orientation. These views had been finally crystalized in the movement for Just Society led by Rev Maduluwave Sobhitha raising two main demands, (1) abolition of the executive presidential system and (2) reactivation of the 17thAmendment by repealing 18th Amendment to the Constitution. These protests by these groupings received so much attention by the media partly because of their elitist character.

The second opposition against the MR regime came from subaltern movements. There are four groups, (1) student movement; (2) trade unions and workers’ movements; (3) protests by peasants and rural masses; and (4) movements by numerically small nations and ethnic groups. Second and third movements were scattered and sporadic. The same can be applied to the fourth movement after militarily defeating the LTTE in 2009. Hence the consistent opposition to the government, especially against its policies on education, has been guided by the Inter-University Student Federation (IUSF). IUSF launched many a struggle in the recent past against cuts of student subsidies, educational reforms, commodification of education and so on. It is interesting and encouraging to note that IUSF was able to defeat government plans to reform education by encouraging private investments to enter into the field of education with the motive of profit. In the last year or so, it won almost all its struggles. The IUSF while struggling for free education also widened the democratic space that the elitist groupings failed to achieve. I remember very well when the march in Colombo city by the IUSF was banned by a court order at the request of the Police, Najith Indika, IUSF President decided to defy the order and continue the march. It proved to be a great victory. The following week, a district judge warned the police not to come forward with such requests. This, in my view, was a most significant victory for the democratic movement in Sri Lanka and all credit should go to IUSF.
The other subaltern movements that were capable of forcing the MR government to retreat include the anti-pension scheme by private sector employees in Free Trade Zone, peoples’ movement against water problem at Rathupaswala, protests by slum people against forcible eviction from their houses, peasants’ opposition to seed and water bills and micro opposition by villagers on their problems.

Maithripala Sirisena announcing his candidacy as a common opposition candidate informed us his program is limited to the abolition of the executive presidency and the reactivation of the 17th Amendment. In this sense his electoral program is based on the demands put forward by the elitist movement. There is no doubt that these are demands are important; but the program built on these demands are necessary but not sufficient to face or counter three major trends in Sri Lankans polity, society and economy. In contrast, FSP’s program is based on the struggles by various social elements in the past ten years taking issues raised by them in its entirety, in other words, confronting the MR candidacy by challenging it with a comprehensive program. Most significantly, the program includes swayan paalana by numerically small nations and protection of whatever the rights they have won, like 13th Amendment although they informed that they are not happy about it.

Last but by no means least I wish to point out something which is, in my view, of great importance. To signify the importance of the IUSF led protests against MR regime, FSP led left front have chosen to field as its candidate a former IUSF leader (there is a minimum age limit to contest in the presidential election – both the present leader of the IUSF and his immediate predecessor are under age), Comrade Duminda Nagamuwa who has led many a struggle on many a front. He is young and can lead many struggles in future.

By Sumanasiri Liyanage -
*The writer is the co-coordinator of the Marx School.

වමෙි විකල්පය කියන්නේ මොකක්ද?

අපි අවුරුදු ගණනක් එජාපයටයි, ශ්‍රී ලනිපය, ප්‍රමුඛ සන්ධාන වලටයි පාලන බලය දෙන්න එක තැන කරකැවුණා. නමි වෙනස් වුණාට, මුණු වෙනස් වුණාට මෙි දෙකේම තිබෙන්නේ එකම ප්‍රතිපත්තියක්. ඒ.

# සියල්ල විකුණන,මිල කරන, අපිව සුරාකන නව ලිබරල් ධනවාදය.

# ඒ වගේම නව ලිබරල් ධනවාදය පවත්වාගෙන යාම වෙනුවෙන් ජාතිවාදය - ආගමිවාදය භාවිතා කරලා අපව මුලා කරන එක.

දෙපැත්තෙන් කොයි පැත්ත ආවත් අපේ ජීවිතේ ප්‍රශ්න වෙනස් වෙන්නේ නෑ. වාමාංශික විකල්පයක් කියන්නේ මුණු මාරු කරනවා වෙනුවට අපේ ජීවිත වෙනස් කර ගන්න දේශපාලනයක්.

ඇත්තටම මෙි දෙකම එකමද?
# මෙි දක්ෂිණාංශික පෙරමුණු දෙකේම කතාව එකයි. පුද්ගලයොත් එකයි...

# උදාහරණයක් විදිහට දැන් මහින්දට සහය දෙන ගොඩක් අය කලින් මහ මැතිවරණයේදී එජාපයෙන් තරග කළ අය. මෛත්‍රී කලින් හිටියේ ඒ පැත්තේ. දැන් පොදුයි කියන අපේක්ෂකයත් ඇතුලුව විපක්ෂයේ ඉන්න බොහෝ අය. මෙි දෙකේ ප්‍රතිපත්ති විතරක් නෙමෙයි මුණුත් එකයි. හැමදාමත් අපි මෙි බොරුවට රැවටිලා ඉගුරු දීලා මිරිස් ගත්තා.ආයේ මිරිස් දීලා ඉගුරු ගත්තා.

# තව දුරටත් රැවටෙන්න බෑ. ඒ වෙනුවට වෙනස් ප්‍රතිපත්තියක් ජයග්‍රහණය කරන්න ඔින...

මොකක්ද ඒ වෙනස් ප්‍රතිපත්තිය?
අපි උදාහරණ කීපයක් ගනිමු.

# දැනට බලය ලබා ගැනීමට බලන් ඉන්න ධනපති පන්තියේ කණ්ඩායමි මොනවද කියන්නේ?
මෙි ඒකාධිපති විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යනබව එක් කණ්ඩායමක් කියද්දී අනිත් කණ්ඩායම පාර්ලිමෙින්තුවට බලය පවරලා අගමැතිව මුදුනට ගේන්න කතා කරනවා. බලය ජනාධිපති අතේ තිබුණත් අගමැති අතේ හෝ කැබිනටි එක අතේ තිබුණත් අපේ ජීවිතවල ඉරණම එකමයි. ඒක අපි 1948 සිට විවිධ වර්ගයේ ව්‍යවස්ථා හරහා අත්දැක තිබෙනවා.

# වම විදියට අපි ඉදිරිපත් කරන්නේ සියලු පීඩිත ජනතාව පාලනයට හවුල්වෙන රාජ්‍ය බලය ජනතාව විසින් අභ්‍යාස කරන ක්‍රමයක්.

# ආර්ථිකය ගත්තාම ධනපති පක්ෂ සහ සුලු ධනපති හැමදෙනාම කතා කරන්නේ ජාතික නිෂ්පාදනය වැඩි කරන ක්‍රම ගැන. ඒක හරියට ධනපතීන්ගේ පිගානට වැඩිපුර කෑම බෙදුවොත් ශ්‍රමිකයාට ලැබෙන ඉදුල් ප්‍රමාණය වැඩි වෙනවා කියල කියනවා වගේ.

# වම අවධානය යොමු කරන්නේ ආර්ථිකයට දායක වන ශ්‍රමය වගුරන පොදු ජනතාවට ප්‍රතිලාභ හිමිකර දෙන ආර්ථිකයක් නොව විෂමතාවය තුරන් කිරීම සදහා වන සාධාරණ ආර්ථික ප්‍රතිපත්තියක් වම ඉදිරිපත් කරනවා.

Christeen Rajamuni

Thursday, December 11, 2014

සහොදරවරුනි පරිස්සමෙන්

Anura Kumara JVP
ජවිපෙ නායක අනුර දිසානායක සහෝදරයා පසුගිය දා රිය අනතුරකට ලක්වීය. මෙම අනතුර පිළිබඳ විවිධ වෙබ් අඩවි හා ෆේස්බුක් පිටු අතර වාර්තා පලවිය. ඒවාට ප‍්‍රතිචාරද බොහොම තිබුණි. එම සිදුවීමත් එහිදී ආ ප‍්‍රතිචාරත් අවධානයට ලක්කළ යුතු යැයි හැෙඟ්. පාක්ෂිකයන්, හිතවතුන්, සතුරන් යන සියළු දෙනා මෙහිදී ප‍්‍රතිචාර දක්වා තිබෙණු දක්නට ලැබූණි. ඒවා අතර ‘අනුර සහෝදරය අප ඔබ සමඟයි! , ඔබට ඉක්මන් සුව !, ඔබට දෙවි පිහිටයි !’ ආදී ලෙසින් වූ ප‍්‍රත්චාර මෙන්ම ‘පේනවා නේද මෙයාගේ වාහනේ’ ආදී ලෙස වූ ප‍්‍රතිචාරද තිබූණි.

ඔහු රෝහල් ගත කල සිටි දින කීපය තුළ දේශපාලන පක්ෂ නායකයින් කිහිප දෙනෙක් සුවදුක් විමසීමටද පැමිණි තිබුණි. තවත් තැනක දක්වා තිබුණේ ඔහු පාර්ලිමේන්තුවේ ‘රතු සිංහයා’ ලෙසයි. කලක් පිළිප් ගුණවර්ධනටද ‘බොරලූගොඩ සිංහයා’ යන නම පටබැඳී තිබුණි. ඔහුගේ පුත් දිනේෂ් ගුණවර්ධනද පීඩිතයින් සන්නද්ධ වීම් බැහැර කරන, ‘සන්නද්ධ ආණ්ඩුවක’ ආමාත්‍ය විප්ලවවාදියෙක් ය. කෙසේ වුවත් මේ සිදු වීමෙන් ගලා ආ විවිධ දේශපාලන අදහස් දෙස අවධානයකින් බලන්නන්ට නැවත වරක් ජවිපේ යමින් තිබෙන ගමනේ අනතුර පෙනේ.

කලක් විමල් වීරවංශ සිය අසහාය නායකයා ලෙස ඔසවා තබාගෙන යාමේන් මුහුණු දුන් අනතුර සුළුපටු නොවේ. තවමත් එහි කැළැල් මැකි ගොස් නැත. වීරවංශගේ කරනමේන් පසු ජවිපෙ සංවිධාන දේහය දෙදරුවේ නැතත් එහි බහුජන දේහය දෙදෙරා ගියේය. අනුරගේ රිය අනතුර ඇසූ සැනින් අයෙකුට වහා සිතෙන්නේ එය ආණ්ඩුවේ සැලසුමක්ද කියාය. මන්ද වත්මන් පාලන තන්ත‍්‍රයට එවැනි හදිසි අනතුරු පිළිබඳ කුප්ප‍්‍රකට ඉතිහාසයක් ඇති නිසාය.

ඔහු වෙනුවෙන් ගලා ආ ප‍්‍රතිචාර දෙස මෝහනය නොවී බැලූ විට හිතවතුන් හා ඡුන්ද දායකයින් සමහර විට සාමාජකයින්ද ජවිපෙ වටා පෙල ගැසී ඇත්තේ කුමන මනෝ ලෝක වල සිටදැයි හොඳින් පැහැදිලි වේ. ඔවුන්ගේ ගැලවුම්කරුවා ‘අනුර’ය. ඔවුන්ගේ රතු සිංහයා ‘අනුර’ය.

දේශපාලන ව්‍යාපාර වලට නායකයින් අවශ්‍ය නොෙවි යැයි මින් අදහස්් නොකරේ. නායකයන් සමහර දේවල් වේගවත් කරයි. තවත් විටක අඩාල කරයි. නායකයන් සෑම යුගයකදීම සෑම තැන්හිදීම සිට ඇත. ඉදිරියටත් අවශ්‍ය වනු ඇත. වරක් ට්‍රොස්කි ප‍්‍රකාශකලේ ලෙනින් විදේශකයකදී මිය ගියේ නම් රුසියන් විප්ලවයේ රේඛා බෙහෝ වෙනස් වීමට ඉඩ තිබූ බවයි. එහෙත් සෑම විටම විප්ලවවාදී ව්‍යාපාර නායකයින් හා ව්‍යාපාරය අතර තුලනය රැුක ගත යුතුය. එය අයෙක්ට සුත‍්‍රයකින් ඉදිරිපත් කල නොහැක. එහෙත් දේශපාලන ව්‍යාපාරයක අත්දැකීම් සහිත වුන්ට මේ පිළිබඳ ඉවක් තිබිය යුතුය.

යම් හෙයකින් අනුරට අනතුරක් සිදුවුවා නම් පක්ෂයේ මුළු ව්‍යාපෘතියටම කොපමණ බලපෑමක් සිදුවේද? එය එතරම් හොඳ තත්වයක් නොවේ. පුද්ගල නායකත්වය පමණට වඩා ඉස්මතු කිරීමෙන් පුද්ගලයාත් ව්‍යාපාරයත් දෙකම අනතුරේ හෙලයි. එමෙන්ම ව්‍යාපාරයේ පැවැත්ම පුද්ගලයා මත පරදු තබයි. එවිට පුද්ගලයන්ට ව්‍යාපාර සිය අල්ලේ නටවන්නට බලයද ලැබේ. එමෙන්ම පුද්ගලයා විසින් හානියක් කලොත් ව්‍යාපාරයම අන්ධකාරයට පත් වේ. එමෙන්ම පුද්ගලයාට හානියක් සිදුවුවහොත් වන්නෙද් ඒ ටිකමය.

ස්වයං මෝහනයට පත්වන ‘ළමයින්ට’ මෙහි අඳුරු පැත්ත නොපනේ. මෙවැනි දේශපාලන භාවිතාවන්ට ඇතුල් වන්නට සිදු වන්නේ ඇටිකෙහෙල් කෑ උගුඩුවාට සිදු වූ දෙයයි. අනතුරින් පසුවද සිදු වූයේ තවත් ඔහු උත්කර්ශයට නැඟීමය. සහොදරවරුනි පරිස්සමෙන් අපට ඔවුන්ට කිව හැක්කේ එපමණකි.