Tuesday, April 8, 2014

වීරවංශ හා කටුස්සා

මාතෘකාව නම් මදක් පැරණි එකකි. එහෙත් එය අලූත් වේශයකින් නැවත ඉදිරිපත් වී ඇත. වීරවංශ ජවිපෙ සිටි සමයේ ඔහුට එරෙහිව සිරස මාධ්‍ය ජාලය විශාල ප‍්‍රචාරක මෙහෙයුමක් ගෙන ගියේය. ප‍්‍රචාරක මෙහෙයුමේ පියවරක් ලෙස රට පුරා දැමු ප‍්‍රචාරක පුවරුවල කටුස්සකුගේ ඡුායාරුවක් යොදා ගත්තේය. එකල ජවිපෙ ක‍්‍රියාකාරකයින්ට හා හිතවතුන්ට මෙය මහත් හිසරදයක් විය. ඒ නිසාම මෙම පුවරුවලට විවිධ ප‍්‍රහාර එල්ල විය. ‘සිරස බලන්න එපා’ එකල නිල නොවන ලෙස ජ.වි.පෙ දේහය පුරා එම මතය පැතිර විය.

ජ.වි.පෙ නාගරික මන්ත‍්‍රී සුමිත් පස්සපෙරුම සහෝදරයා සිරස පුවරුවකට අලාභ හානි කරමින් සිටියදී වීඩියෝ ගත කර එය ප‍්‍රවෘත්ති වලට ප‍්‍රචාරය කෙරුණි. පසුව එම සිද්ධියට නඩු පැවරුණු අතර එය සමාදානයකින් අවසන් විය. එකල ජ.වි.පෙ ට සිරස නයාට අදු කොළ මෙන් විය. සිරස ‘දේශපාලනයක්’ කරමින් සිටින බව කාගේත් තේරුම්ගැනීම විය. 

එහෙත් අද තත්වය වෙනස් වී ඇත. නව නායකයාගේ ආගමනයෙන් නෙත් සිත් පැහැදුණු මහරාජා සමූහ ව්‍යාපාරය සිය ගුවන් කාලය රිසි සේ මුදා හැර ඇත. එදා හැසිරීම ‘දේශපාලනයක්’ යැයි තේරුම්ගත් බොහෝ දෙනා අද හැසිරිම ‘‘සමබර මාධ්‍ය වාර්තාකරණයක්, සිරස විපක්ෂය උස්සන්න හදනවා,ජ.වි.පෙ ට හොඳ ඉඩක් දෙනවා’’ වැනි සරල නිගමන වලින් ත්රුම් ගනී. මෙය එතරම් සරලද? ඊට වඩා ගැඹුරක් එහි නොවේද? එදා ‘ප‍්‍රහාරය’ ආවේ වීරවංශ සමඟ පැවති පුද්ගල ප‍්‍රතිවිරෝධයක් නිසාවෙන් බව කියවිනි. එසේ නම් අද ‘ප‍්‍රචාරය’සිදු වන්නේ කුමක් නිසාද? 

තවද මෙම මැතිවරණය තුළ සිරස මාධ්‍ය ජාලයෙන් ඉදිරිපත් කළ නියෝජිතයන් තිදෙනාම ජය ගැනීම ඉදිරි දේශපාලනයේ සැලකිය යුතු කරුණකි. සමාජ මත හැසිරවීමේදී මාධ්‍ය මඟින් විශාල කාර්යභාරයක් මේ මොහොතේ කරමින් සිටී. මාධ්‍ය ප‍්‍රාග්ධන හිමිකරුවන්, අතරමැදි නියෝජිතයන්ට වඩා තමන්ගේම නියෝජිතයන් රාජ්‍ය පාලනයට එවීම එහි ඇති අප‍්‍රකාශිත උවමනාවයි. එමඟින් තමන්ගේ ව්‍යාපාරවල ආරක්ෂාවත් තවදුරටත් එය ව්‍යාප්ත කිරීමත් ඔවුන්ගේ අපේක්ෂාවයි. අනෙක් අතට අනෙකුත් ධනපතීන් අතර තරඟයේදී තමාට වැඩි බලයක් ගොඩනඟා ගැනීම මෙහි අරමුණයි. 

ඡුන්දය යනු ජන මත විමසුමක් යැයි කියයි. නමුත් සැබෑව නම් ඡුන්දය යනු එන්නත් කරන ලද මතවල තත්ත්වය විමසීමකි. එම එන්නත් කිරීමේ සැලකිය යුතු කාර්යයක් සිදු කරන්නේ මේ මොහොතේ ධනේශ්වර මාධ්‍යයන් විසිනි. රාජ්‍ය මාධ්‍ය මඟින් මෙය සිදු කරන්නේ අශිෂ්ට ආකාරයෙනි. එහෙත් සැබෑ මහජන ක‍්‍රියාකාරීත්වය හා අරගලය හමුවේ සැම විටම ධනේශ්වර මාධ්‍යයන්ගේ තීරණාත්මකභාවය දුර්වල වේ. අරගලය මරා දැමූ සමාජයක විවිධ ව්‍යාජ මත සකසන්නන් රජ කළත්, සැබෑ සටන හමුවේ එය එසේ සිදු නොවේ. එහි දී ධනේශ්වර මාධ්‍ය සමඟ කටයුතු කිරීමටත්, ඒ යොදා ගැනීමටත් එය හෙළිදරව් කිරීමටත්, ඒ තුළ සිටින මිනිසුන් සංවිධානය කිරීමටත් එක සේ, එක විට මැදිහත් විය යුතුය.

ජනරල ඇසුරෙන්...
lankaviews.com/sn

0 comments:

Post a Comment