Saturday, April 5, 2014

පැරිස් කොමියුනයේ සියවන සංවත්සරය !

71 නැගිටීම සිදුවූ කාලයේ ප්‍රංශයේ කීර්තිමත් වාම බුද්ධිමතෙකු වූ මෙන්ම පහු කාලීනව ප්‍රංශයේ ජනාධිපතිවරණයට පවා ඉදිරිපත් වූ රෙනේ දුමන් සහෝදරයා ශ්‍රී ලංකාවට පැමිණියේ 71 අරගලය පිලිබදව සැබෑ තත්වය අවබෝධ කරගැනීමටය. එහිදී ඔහු මුහුණ දුන් අත්දැකීම් පසු කාලීනව "පැරිස් කොමියුනයේ 100 වැනි සංවත්සරය" නමින් ඔහු විසින් ලියු ග්‍රන්ථයක සටහන් වුයේ මෙසේය

(-)1871 අප්‍රියෙල්-මැයි කාලය අපගේ වීප්ලවිය ඉතිහාසය තුල සිදු වූ දරුණුම මර්ධනය නම් කර ඇත්තේ "ලේ වැකුණු සතියක් ලෙසිනි" කම්කරු පන්තිය ඉතා කුරිරු ලෙස මර්ධනය කරන ලදී. ප්‍රංශයේ පරම්පරාවක් භීෂණයෙන්, සංත්‍රාෂයෙන් මුළුගැන්විමට එය සමත් විනි.

ශ්‍රී ලංකාවේ තරුණ අරගලකරුවන්ටද රාජ්‍ය මර්ධනය එතරම් වෙනසක් තිබුනේ නැත.

1971 පෙබරවාරි 27 වැනිදා හයිඩ් පාර්ක් රැස්වීමට එක් වූ 150000 කට අධික ජනතාව අමතමින් පැය 5 ක් තුල රෝහණ විජේවීර පැවසුවේ සමාජවාදී ප්‍රතිසංස්කරණ ඉක්මන් කරන ලෙසය. ඉදිකටුවක් ඇසෙන ශබ්දයක් හෝ එම පැය 5 ක කාලය තුල නො ඇසුණි. ලාංකීය ජනතාවට එය අලුත් අත් දැකීමක් වී තිබිණි. ඔහු තම දේශනය මෙසේ අවසන් කළේය.

"එක අතකින් අප මෙම රජයට බලයට පැමිණීමට ආධාර කළෙමු. ඔවුන් සමාජවාදීන් ලෙස පෙනී සිටියි. ඔවුන් සැබෑවටම සමාජවාදය සදහා ගමන් කිරීමට සුදානම් නම් අප අපගේ අත් දෙකම ඔසවා එයට සහයෝගය ලබා දීමට සුදානම්ය. සමාජවාදය ලබාදීම ප්‍රතික්ෂේප කරනුයේ නම්, එම අත් දෙකෙන්ම ඔවුන්ගේ බොටුව සිරකිරීමටත්, අපව රහසිගත බාවයට තල්ලු කරලීමට උත්සහ කරනුයේ නම් සමාජවාදී විප්ලවය ප්‍රකාශයට පත් කිරීමටත් අප පසුබට නොවෙමු".

(-)මාර්තු 16 වැනිදා ජනතා විමුක්ති පෙරමුණ තහනම් කරන ලදී. මර්ධනය ත්‍රිව විනි. පොලිසියට හා හමුදාවට තරුණයන් මරාදැමීමට අවශ්‍ය විශේෂ බලතල ලබා දුනි. අවුරුදු 35-50 අතර පුද්ගලයින් මුඩුක්කු පෙදෙස් වලින් පොලිසියට බදවා ගැනිණි. සියලුම හිරිමල් වියේ පසුවු තරුණයන් ඉලක්ක කරලීම එහි අරමුණ විනි. ඔවුන් මිනිස් ජිවිතයක අගයක් නොදුටු අලුගෝසුවන් සේ හැසිරුණහ.

(-)1970 මැතිවරණයෙන් පරාජය ලැබූ එජාපයට හිතැති පොලිස් ලොක්කන් මර්ධනයේ ඉදිරියෙන්ම සිටියේ වාමාංශික සියලු තරුණයන් මරාදැමිය යුතුය යන්න සිතේ පැලපැදියම් කරගනිමිනි. පොලිසියට හමුදාවට ලබා දුන් චක්‍ර ලේඛන වල එය හොදින් සදහන් වී තිබුණු අතර එයට අගමැතිනිය ද ඉතා මෝඩ ලෙස අත්සන් තබා තිබිණි. තමන් අත්සන් කරනු ලැබූ චක්‍ර ලේඛන වල බරපතලකම ඇයට අවබෝධවනවිට තත්වය ආපසු හැරවීම දුෂ්කර විය.

පැරිස් කොමියුනය මර්ධනය කල වර්සයිල් ඝාතකයින් පිළිබද නොදන්නා නමුත් කර්නල් රණතුංග නමැත්තා ප්‍රසිද්දියේ ප්‍රකාශ කලේ

" අප වියට්නාමයෙන් හා මැලේසියාවෙන් බොහෝ අත්දැකීම් උගෙන ඇත්තෙමු. අප ඔවුන්ව හැකි සෑම අයුරකින්ම විනාශ කරන්නෙමු. රජයේ ගුවන් විදුලියේ අධ්‍යක්ෂක ප්‍රකාශ කලේ 16000 තරුණයන් අත් අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන්ට ලබාදියයුතු විසදුම මරණය පමනක් බවය.

(-)ඊනියා ට්‍රොට්ස්කිවාදීන්, මාවෝවාදීන්, ස්ටාලින්වාදීන් (LSSP , CP china හා CP russia )කිසිදු හිරිකිතයකින් තොරව මර්ධනයට සහය දැක්වුහ. චීනය 1971 අප්‍රියෙල් 26 වනදින ඩොලර් මිලියන 25 ක් පොළී රහිතව රජයට ලබා දී තිබිණ. සෝවියට් දේශය මිග් යානා 14 ක් ලබා දී තිබිණි, යුගොස්ලාවියේ ටිටෝ සහෝදරයා ආණ්ඩුවේ ට්‍රොට්ස්කිවාදීන්ගේ ඉල්ලීමකට අනුව ස්වයංක්‍රීය අවි විශාල ප්‍රමාණයක් ලබා දී තිබිණි. ඇමරිකාව "අපකීර්තිමත් කොළ බෙරය පළදන "යුධ උපදේශකයින් හා වෙනත් බර ආයුධ ලබා දී තිබිණි.

නැවුම් නිදහස හා සමාජවාදය වෙනුවෙන් සදහා සටන් කල තරුණයන්ගේ නැගිටීම මර්ධනය කරලීම සදහා එම ඝාතකයින්ගේ රංචු ගැසීම මර්ධන ඉතිහාසයේ අපුර්ව එකමුතුවක් විය.

ප්‍රංශය පමණක් කිසිදු සහයක් ලබා නොදුන්නා පමණක් නොව තරුණ සටන් කාමීන්ට සටන්විරාමයක් හා සමාව දෙන ලෙස බණ්ඩාරනායක රජයෙන් ඉල්ලා සිටියේය.

(-)සමස්තයක් ලෙස මාහට කිව යුතුව ඇත්තේ ලාංකීය විප්ලවාදීන් නැගිසිටියේ විරැකියාව නිසා නොවන බවය. සටන්කාමීන් ගෙන් 3/5 කට රැකියාවක් තිබුණු අය වුහ. ඔවුන් ගේ පාලනය තිබු ප්‍රදේශ වල ඉඩම් ජනතාවට බෙදා දී තිබුනේ ඉඩම් හිමියන්ට කිසිදු හිරිහැරයක් නොකරමිනි. විප්ලවාදියෙක් ලෙස මාහට කීමට ඇත්තේ අවම වශයෙන් මෙම ඉඩම් කුවේරයන් දෙදනෙකු හෝ එල්ලා දැමීමට තිබිනේ ජිවත්ව සිටින එවුන්ට පාඩමක් ලෙසය. නමුත් සටන්කාමීන් ගේ මානව දයාව දරණු මර්ධනය නිසා හෝ වෙනස් වී නොතිබිනි.

(-)තරුණියන් තම තරුණ සහෝදරයින්ට වඩා හොදින් පෙරමුණේ සටන් කළහ. අවසන් විග්‍රහයේදී 71 නැගිටීම සමස්ථ ලාංකීය අව්හිංසාවාදී බුද්ධධ සමාජයම උඩුයටිකුරු කර තිබිණි. විප්ලවාදීන් 24000 ක් මරා දැමිණි. 25,500 ක් අත් අඩංගුවට ගැනිණි.

(-) "අවසාන වශයෙන් මාහට කීමට ඇත්තේ ශ්‍රී ලංකාවේ අනාගත විප්ලවය සිදුවිය හැක්කේ නාගරික කම්කරු පන්තිය සම්ප්‍රදායික වමේ ද්‍රෝහීන්ගේ පාලනයෙන් ඉවත් වී විප්ලවීය කම්කරු නායකයින්ගේ අතට පත්ව එම කම්කරු පන්තිය කදුකරයේ වතු කම්කරුවන් සමග සහෝදරත්වයෙන් එක්ව පෙරමුණ ගනු ලබන දිනයක දී පමණක් බවය".

පැරිස් කොමියුනයේ සියවන සංවත්සරය
René Dumont 1972

0 comments:

Post a Comment