Tuesday, April 22, 2014

ක‍ටුස්සා කිව්වේ කාටද?

මේ වන විට රටේ වාමාංශික අනන්‍යතාවයක් ඉතුරු කරගෙන්න තිබෙන දේශපාලන පක්ෂ හතරක් මැයි දිනට සමගාමීව පවත්වන්නට යන සම්මන්ත්‍රණයක් නිසා ජවිපෙ ෆේස්බුක් විප්ලවාදී සහෝදර වරුන්ට රතුපාටට බඩ යන්නට පටන් ගෙන තිබේ.

මෙහි බරපතලම අර්බුදය වී ඇත්තේ දීප්ති කුමාරගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා පෙර‍ටුගාමී පක්ෂයත් කුමාර් ගුණරත්නම්ගේ නායකත්වයෙන් යුතු පෙර‍ටුගාමී සමාජවාදි පක්ෂයත් එක වේදිකාවකට නැඟීමය.

පසුගිය කාලය පුරා මෙම පක්ෂ දෙක අතර මත ගැ‍ටුම් මෙන්ම කිනෙකාට චෝදනා කර ගැනීමද දක්නට ලැබුණි. දන්න තරමින් පෙර‍ටුගාමී සමාජවාදී පක්ෂය තුල තිබු මත ගැ‍ටුම් මේ වන විට අවසන්ව ඇති අතර මේ දිනවල ඔවුන් සංවිධාන සම්බන්ධ ගැටලු විසදා ගනිමින් සිටී. කෙසේ නම්ත් එම පක්ෂය තුලවූ මත ගැ‍ටුම් අවසන් වීමත් සමඟ වාමාංශික එක්සත් හාවයක් සඳහා උනන්දුවක් දැක්වූ අතර මේ වන විට ඔවුන් ශ්‍රී ලංකා පෙර‍ටුගාමී පක්ෂය සමඟ වඩා පෙර‍ටුගාමී සංවාදයක් කළ එළඹ ඇත. 

ඒ එසේ වෙද්දී ජනතා විමුක්ති පෙරමුණ ලිබරල් මඩ ගොහොරුවක් කරා ඇද ගෙන යාමට අනුර කුමාර සමත් විය. ඒ අනුව ඔහු පක්ෂ නායකත්වයටද පත්විය.

මේ වන විට අනුර විසින් පක්ෂය කිලී මහරාජාට විකුණා දැමීමෙන් පසුව ජවිපෙ ලිබරල් දේශපාලනයක් වෙත පිවිස ඇති අතර මේ වන විට එජාපයට වඩා ලිබරල් වීමට දඟලමින් සිටී. මෙම ව්‍යාපෘතියේ කොටසක් ලෙස අනුර කුමාර පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා කිරීමට කිලී මහරාජා දැගලුව නමුත් ඒ කූජිත වී ගියේ කිලී හෝ අනුරවත් විපක්ෂ නායකයා පත්වන්නේ කෙසේ දැයිවත් නොදැන සිටි නිසාය. නමුත් ඉන් ඇඳගත් අනුර , තමුන්ගේ නම කෙළවරේ තිබු සහෝදරයා කෑල්ල ඉවත් කර මැතිඳුන් යැයි ගසන්නට යැයි රටපුරා සිටින කාඩර් කිහිප දෙනාට නියෝග කළේය. එ ඒසෙම වු අතර ජවිපේ ඊනියා විප්ලවාදී රෙදිපිළි සියල්ල ඉන් අනතුරුව ගැලවී ගියේය.

දැන් අවුල වී ඇත්තේ ජවිපෙ වෙනුවෙන් පුක ඉරාගෙන කඩේ ගිය ෆේස්බුක් විප්ලවාදීන්ට තමන්ගේ මාක්ස්වාදී ,සමාජවාදී, විප්ලවාදී ,අරුමෝසම් රෙදි ගැලවී ඇති බව වැටහීමය.

එහෙත් මැයි දිනයට යළිත් රතු රෙදිපිළි ඇඳ ගැනීමට ජවිපෙ තක්කඩින්ට සිදුව තිබේ.

'මැයි දිනයට ක‍ටුස්සොත් රතුපාටයි' කියපු ගමන් කට්ටිය ඌරු ජුවල් නැග්ගේ එම නිසාය. ඒ දරා ගත නොහැකිව දැන් රතුපාටට බඩ යන්න පටන් ගෙන තිබේ. ෆේස් බුකිය පුරා මේ අසුචි විසිර වීමට පටන් ගෙන ඇත්තේ ඒ නිසාය..


0 comments:

Post a Comment