Wednesday, April 9, 2014

දේශප්‍රේමයේ කුහරයෙ තියෙන්නෙ ආත්මාර්ථයනෙ

ඕක අපිට අවරෝහණ පිළිවෙලින් භෞතිකවාදීව විභජනය කරල බලන්න පුලුවන් ..

ලෝකය විභජනය කලොත් මහාද්වීප බෙදීම් >> මහාද්වීප වලින් පහළට රටවල් >> ප්‍රාන්ත / පළාත් >> නගර / ගම් >> ඕවිටවල්, වෙළවල්, ලන්දවල්, >> අපේ ගෙදර >> මගේ කාමරේ >> මම >> අවයව >> සෛල, සෛල වර්ග, කුඩා ඇනටොමික >> පරමාණු >> න්‍යෂ්ඨිය, නියුට්‍රෝන්, ඉලෙක්ට්‍රෝන්, ප්‍රෝටෝන් >> ආලෝක පෝටෝන්, ශක්ති පෝටෝන් >> බ්ලාහ් බ්ලාහ් බ්ලාහ්..

දැන් "මගේ ලෝකය" කියලා ආත්මාර්ථකාමී "ලෝක ප්‍රේමයක්" හැමෝටම ඇතිවෙයිනෙ.. දේශ ප්‍රේමය කියන එක නිතර ස්ඵෝටනය වෙන්න අවශ්‍ය සාධක මතු උනාට "ලෝක ප්‍රේමය " කියන එක මතුවෙන්න ඕන සාධක දුර්ලභයිනෙ.. ප්‍රේමය මතුවෙන්නෙ :

1. ඒක තමන්ට රිසි සේ පරිභෝජනයට නොලැබෙන්නට යන්නේය
2. ඒක තර්ජනයට ලක්ව ඇත
3. ඒක තරඟයකට මුහුණ දී ඇත

යන හැගීම් එක්කයි..

ඔන්න පිටසක්වළ ජීවීන් පිරිසක් ගේම ඉල්ලගෙන ආවොත් සුටුස් ගාලා "ලෝක ප්‍රේමය" මතුවෙයි.. දැන් ඔය "ලෝක ප්‍රේමයේ" ඉදල පහලට, පහලට, පහලට ඕක කඩාගෙන එනකොට සුද්දෙක් " You bloody Asian Mother Fuckers" කිව්වොත් අපිට මතුවෙනවා "මහාද්වීප ප්‍රේමය", ඊට පස්සෙ ශ්‍රී ලංකාව කඩලා ඊළමක් ඉල්ලනකොට මතුවෙනවා " දේශ ප්‍රේමය", ඊට පස්සෙ "අනේ තොපි වගේ දකුණෙ ගොඩේ බයියො දන්න මගුලක් තියෙනවද?" කියල ඇහෙනකොට මතුවෙනවා "පළාතප් ප්‍රේමය ", ඊළඟට "ගාල්ලෙ ඉන්නෙ ගොඩේ හරක්" කියලා කියනවා ඇහුනොත් මතුවෙනවා "දිස්ත්‍රික්කප් ප්‍රේමය" , ඊළඟට " අනේ බද්දෙගම ඉන්න තොපි දන්න රෙද්ද?" කියනව ඇහුනොත් මතුවෙනවා "ග්‍රාමප් ප්‍රේමය", ඊළඟට "තොපේ ගෙදරින් කොටසක් මගෙත් බුක්තියට අයිතියි කියනකොට" මතුවෙනවා "ගෘහප් ප්‍රේමය ", ඊට පස්සෙ මොකෙක් හරි "උඹ මහ ගොන් හරකෙක්" කියනවා ඇහුනොත් "ආත්මප් ප්‍රේමය", කෙල්ලෙකුට තව කෙල්ලෙක් "උඹේ තන් දෙක කුරුලෑ දෙකක් වගේ" කිව්වොත් මතුවෙයි " අවයවප් ප්‍රේමය"

දැන් මේ ප්‍රේමයන් ටික ඔක්කොම එකම ලයින් එකක පහළට පහළට තිබෙන ලක්ෂ්‍යයන් වල ස්ථාන ගත වෙලා තියෙන්නෙ... එකම ශ්‍රිතයක ලක්ෂ්‍යයන් පෙළක්...

දැන් අපි ඕකෙන් දේශ ප්‍රේමය අතාරින්න ඕන නම්, ඇයි අනිත් ප්‍රේමයන් අත් නොහරින්නෙ..?.. ඒවා ඔක්කොම එක ගුණාත්මක බවක් නෙ දරන්නෙ...?.. එකම ලයින් එකේ තියෙන්නෙ..

දේශ ප්‍රේමය අතාරින්න කියලා කෙනෙක් යෝජනා කරනවා නම් ( අපි හිතමු කාල් මාක්ස් වගේ පොරක් හරි, නැත්තන් "රාජ්යය" කියන්නෙ පීඩිතයන් උඩ පටවපු මෙව්වා එකක් කියලා දේශනා කරපු ලෙනින් ගොයියා හරි කියලා ) එහෙම කියන්නෙ "ඒකෙන් අපිට ඵලක් නැති නිසාලු.. මේ දේශයෙන් අපිට අපිට ඕන දේ වෙන්නෙ නැහැල්ලු.. අපිට වගතුවක් නැහැලු... ඒක නිසා දේශ ප්‍රේමයෙන් ඵලක් නැහැල්ලු "...

ඉතින් තමන්ට තමන් ගැන තියෙන ප්‍රේමයත් ඔය වගේනෙ.. මොකෝ තමන්ගේ ශරීරය, අවයව, හැසිරෙන්නෙ තමන්ට ඵලක් වෙන විදියටද.. ?.. තමන්ට ඕන විදියටද...?... එහෙනන් ඉතින් "පිළිකාව වහාම සුව වෙයන්..! "වයසට යෑම වහාම නවතනු...! ".."කොණ්ඩෙ සුදු වීම වහාම නවතිනු..!" කිව්වාම ඒක වෙන්න එපැයි.. ! . නෑ.. ශරීරය, සෛල, පරමාණු හැසිරෙන්නෙ ඒවට ඕන හැටියට.. එහෙනන් එතනදි මොකටද ඒවට ප්‍රේම කරන්නෙ...?... දේශයට ප්‍රේම කිරීම මෝඩ කමක් කියලා හිතනව නම්, දේශ ප්‍රේමය "හිස රහිත කිකිළියක් සේ අතාර්කිකය" කියලා කියනවා නම්, තමන් තමන්ට තියෙන ප්‍රේමය..?... ඇයි ඒකත් අත් නොහරින්නෙ..?.. තමන්ගෙ දේපළ වලට තියෙන ප්‍රේමය...?... ඔය ප්‍රකාශය කරපු ඇම්බ්‍රෝස් බියේර්ස්ගේ ගෙදර පාරෙ ඉන්න මිනිහෙකුට ගිහින් පදිංචි වෙන්න නොලැබෙන්නෙ ඇයි..?.. දේශ ප්‍රේමය අතාර්කිකයි, අමනයි කියන කෙනෙකුගෙ බැංකු ගිණුමක තිබෙන මුදල් මටත් සිත් සේ පරිහරණය කරන්න නොදෙන්නෙ ඇයි...?.. ඕවා ඔක්කොම එක ලයින් එකේ පොයින්ට්ස් නෙ...

අපි කොයි හරියෙන් විතරද ප්‍රේම කිරිල්ල නවත්තන්න ඕන...?

Damith Kethaka

0 comments:

Post a Comment