Monday, April 28, 2014

ධම්මිකගේ කැසිනෝව අවුල් නැත්ද?

අපිට ජවිපෙ පච ප්‍රචාරක ලේකම් විජිත හේරත්ගෙන් අහන්න වන්නේ මේ ප්‍රශ්නයය.

පාර්ලිමේන්තුවේ ගැසට් සම්මත කොට කැසිනෝ ව්‍යාපෘති සම්මත කළද එය මහපොළොවේ යථාර්ථයක් වන්නට ඉඩ නොතබන බව ජ.වි.පෙ පච ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අද හවස මහත් කළ බලයෙන් මාධ්‍ය සාකච්ඡාවක පවත්වා පවසා තිබේ.

කැසිනෝ ව්‍යාපාරික රවී විජේරත්නගේ රිවිර පුවත් පත පල කළ පුවතට දැඩිලෙස කලබල වු ජවිපෙ නව නායක මැතිදුන්ද ඒ සියල්ල ප්‍රතික්ෂේප කරමින් දඩි බිඩියේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය. මේවා ජවිපේ සුපුරුදු දෙවල් නිසා කිසිවකුත් ඊට කලබල වියයුතු නැත. හැංගි හැංගි වෙස්මූණු බැන්දත් ජවිපෙට අමු හෙළුවෙන් රඟන්න වෙන දිනය වැඩි ඈතක නැත. ජවිපෙ ඉතිහාසයම මෙවැනි විගඩම් වලින් පිරීපවතී.

.විජිත හේරතුන් විසින් අද හවසත් මීට දින කිහිපයකටත් පෙර කැසිනෝ ගැන මාධ්‍ය හමු දෙකක්ම පවත්වා කැසිනෝවලට එරෙහිව මරාගෙන මැරෙන අන්දමේ බර සාර වඳන් වැලක් දොට්ට දැම්මේය.

මේ කතා වලට අනුව ලංකාවේ කැසිනෝ කියා සූදු කෙළියක් මෙතෙක් කාලයකට පැවැතී නැත. මගේ අම්මෝ ගණිකාවන් කියා කට්ටියක් ගැන විජිත අහලාවත් නැත.

ඉතිං විජිත කතා කරන්නේ කටෙන්ද පුකෙන්ද කියා අහන්නට වන්නේ මෙවිටය.

තමන්ගේ පැලවත්තේ පිහිටි තට්‍ටු පහේ මාලිගාවේ පෙව්ම්න්ට් එසේ සිට රූෆ් ටොප් එක දක්වා ඇල්ලීමට ටයිල් කැට ටික නොමිළයේම ලබා දුන් රෝයල් සෙරමික් කාරයා විජිතට දැන් අමතක විය හැකි නමුත් පක්ෂයේ අරමුදල් සම්පාදනයට කැසිනොවෙන් හම්බකරගත් කළු සල්ලි ලබා දෙන කැසිනෝ ව්‍යාපාරික ධම්මික පෙරේරා අමතක වුයේ කෙසේදැයි නොදනිමු. ඒ ධම්මිකගේ කැසිනෝ කැසිනෝ නෙවෙයි යැයි නායක මැතිදුන්ගේ නවීන සමාජවාදය යටතේ අලුත් න්‍යායක්වත් සම්පාදනය කර තිබෙන නිසාදැයි ද අපි නොදනිමු.

ආණ්ඩුව පැකර්ගේ කැසිනෝවට මේරටේ ඉඩ දෙනවා කියන ආරංචියට ජවිපෙ රට පුරා කැසිනෝ විරෝධී පෝස්ටරයක් ගැසුවේය. මේ පෝස්ටරය මුද්‍රණ කොන්ත්‍රත්තුව ධම්මිකගෙන් ලැබුණකි. ඒ පැකර් නිසා ධම්මිකට කෙළ වන බැවිනි. දැන් තත්වය වෙනස්ය ධම්මිකත් පැකර් හා කරට කරය. ජවිපෙ දැන් විරෝධය පාන්නේ බැඳගත් බෙරය ගැසිය යුතු නිසා මිස වෙන ලබ්බකට නොවේය. ඉතිං ඒ ලබ්බෙ තොවිලයට ධම්මික අදාල නැත.

අනෙක ජවිපෙ විරෝධයෙන් ධම්මිකට වන හානියක් ඇත්තේ නැත. මේ කරන වැඩේට ධම්මිකත් කැමැතිය. ඒ පැකර්ට ආණ්ඩුව වැඩි සෙනේ දක්වන්නට ගියෝතින් ඊට එරෙහිව ජවිපෙ වීදි බැස්සවිය හැකි නිසාය. ඊට ජවිපේ සූදානම් ශරීරයෙන් ශක්තිමත් කොට තබා ගැනීම ධම්මිකගේද උවමනාවකි.

විජිතගේ මාධ්‍ය සංදර්ශනය අපි මෙසේ පළ කරන්නේ මේ අසරණයන් වැටී ඇති ප්‍රපාතයේ තරම ගැන අදහසක් ගන්නටය.

"පහුගිය 24-25 දිනයන්වලදී පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් කැසිනෝ ව්‍යාපෘතිවලට සම්බන්ධ ගැසට් ගේන්න කලිනුත් අපි අවධාරණය කළා මේ ගැසට් ගේන්න හදන්නේ ක‍්‍රමෝපාය සංවර්ධන පනතට මුවා වෙලා කැසිනෝ ව්‍යාපෘතිවලට අසීමිත බදු සහන ලබාදෙන්න කියලා. මේ ගැසට්වලින් කැසිනෝ හදන්න අවසර දෙනවා කියලා අපි චෝදනා කරන විට ආණ්ඩුව කිව්වේ කලින් ගෙනාපු ගැසට්වල කැසිනෝ තිබුණාට මේ ගැසට් තුනේ කැසිනෝ සම්බන්ධයක් නැහැ කියලා. 

2013 සැප්තැම්බර් 23 වැනිදා පාර්ලිමේන්තුවට ගෙනාපු ගැසට් ආණ්ඩුව තාවකාලිකව හකුලා ගත්තට ඒවා ගෙනාවේ කැබිනට් මණ්ඩලය අනුමත කරලා. ඒ ගැසට් එක පදනම් වෙලා තිබුණේ 2013 ජූනි 11 වන දින ශී‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලයත් අදාළ සමාගමත් එකතුවී එළඹුණු ගිවිසුමකට අනුවයි. එය ගැසට් එකේ සඳහන් කරලා තිබුණා. ඒ අනුව ගෙනාපු ගැසට් එක කැබිනට් මණ්ඩලයේ අනුමත කළා. ඒ කියන්නේ මේ ආණ්ඩුවේ විධායක ජනාධිපතිවරයා, මුදල් ඇමතිවරයා ඇතුළු කැබිනට් එක කැසිනෝ සූදුව අනුමත කරලා තියෙනවා. ලංකාවේ කැසිනෝ ව්‍යාපෘති ක‍්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති යටතට අරගෙන අසීමිත බදු සහනදීම ආණ්ඩුවේ ප‍්‍රතිපත්තියක් කියලා පිළිගෙන තිබෙනවා. ඒ නිසා ජනාධිපතිවරයාට දැන් කියන්න බැහැ මේවල කැසිනෝ නැහැ කියලා. 

විපක්‍ෂයේ විරෝධය නිසා හකුළා ගත් ගැසට් දෙකේ තිබුණ ”සූදු හා ඔට්ටු ඇල්ලීම” යන වචනය වෙනස් කරළා ඊට ”අනුසාංගික පහසුකම්” යන වචනය දාලා ජනවාරි 18 වැනිදා මේ ගැසට් තුන ගෙනාවා. ඒ අනුව ආණ්ඩුව මේ ගැසට්වල කැසිනෝ තියෙනවා කියන්නෙත් නැහැ. නෑ කියන්නෙත් නැහැ. අපි මෙම ගැසට් තුනට සංශෝධනයක් බාර දුන්නා. ”අනුසාංගික පහසුකම්” යන වචන වෙනුවට ”කැසිනෝ හැර” යන වචන ඇතුළත් කරන්න කියලා. නමුත් ආණඩුව එම සංශොධන බාරගත්තේ නැහැ. මේ වනවිට ජනතා විමුක්ති පෙරමුණ එල්ල කරපු චෝදනා තහවුරු වෙලා තියෙනවා. ඒ අනුව ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරු මේ ගැසට්වලට විරුද්ධව ඡන්දය පාවිච්චි කරලා තිබෙනවා. ආණ්ඩුවේම ඇමතිවරු මේ ගැසට්වල කැසිනෝ තිබෙනවා කියලා චෝදනා කරනවා. අපි කියපු දේවල් පාර්ලිමේන්තුවේ කැසිනෝ ගැසට්වලට ඡන්දය විමසීමේදී ඔප්පු වෙලා තිබෙනවා. 

25 වැනිදා සම්මත කරගත් ගැසට් එක ගැසට් පත‍්‍රයකට ආණ්ඩුවට ලැබුණේ ඡන්ද 112යි. දෙවන ගැසට් එකට ලැබුණේ ඡන්ද 109යි. වරදාන, වරප‍්‍රසාද දීලා ආණ්ඩුව හදාගත්ත 2/3 බලයක් තිබෙනවා. කථානායකවරයා හැර මන්තී‍්‍රවරු 161ක් ඉන්නවා. එම ඡන්ද 161න් ආණ්ඩුවට අඩුම ගානේ 113ක් වුණු සරල බහුතරය පවා ලබාගන්න බැරි වුණා. ජී.එල්.පීරිස්ගේ ජිනීවා තියරියට අනුව ආණ්ඩුව ගෙනාපු ගැසට් පරාජයට පත්වෙලා තිබෙනවා. මෙවැනි තත්වයක් ඇතිවෙන්න පටන් ගත්තේ පහුගිය පළාත් සභා මැතිවරණයෙන් ආණ්ඩුව ලැබූ පරාජයයි. 

ආණ්ඩුව මීට පෙර කඩින් කඩ මැතිවරණ පවත්වමින් සියලූම රාජ්‍ය බලය යොදාගනිමින් මැර බලය යොදාගනිමින් ඡන්ද ජයග‍්‍රහණය කළත් පහුගිය පළාත් සභා මැතිවරණයේදී විශාල පසුබැස්මක් ලබාගත්තා. එයත් සමඟ ආණ්ඩුවේ සමහර පාර්ශ්වකරුවන් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට සංවිධාන හදාගත්තා. සමහරුන් වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් මහා වැඩවර්ජන කරන බවට ආණ්ඩුවට අනතුරු අඟවනවා. ඒ අතර ආණ්ඩුව ගෙනා කැසිනෝ ගැසට්වලට ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරු විරුද්ධව ඡන්දය පාවිච්චි කරනවා. මෙවැනි තත්ත්වයක් ඇතිවීමට බලපෑවේ ජනමතය හැසිරෙන විදිය ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් අවබෝධකරගෙන ඇති නිසයි. ආණ්ඩුවේ සමහර මන්තී‍්‍රවරුන් අනාගත දේශපාලනය පිළිබඳ කල්පනා කළා. සමහරු තමන්ගේ පෞද්ගලික දේශපාලන අනාගතය ගැන කල්පනා කළා. කෙසේ හෝ ඔවුන් ආණ්ඩුවට එරෙහිව මතය ප‍්‍රකාශ කිරීමට හේතු වූයේ පහුගිය පළාත් සභා මැතිවරණයේ ජනතාව දුන් ප‍්‍රතිචාරයයි. 

අපි සතුටු වෙනවා මේ අනතුර දැකලා ආණ්ඩුවට එරෙහිව ඡන්දය පාවිච්චි කරපු මන්ත‍්‍රීවරුන් ගැන. රතන හාමුදුරුවන්ට කොන්ද පණ තිබුණා මේකේ භයානක කම දැකලා ආණ්ඩුවට එරෙහිව ඡන්දය පාවිච්චි කරන්න. එත් සමහර ඇමතිවරු තැන තැන විරෝධය පළකරනවා කියලා කිව්වට ඒ ඇමතිවරුන්ට මේ කැසිනෝ ගැසට්වලට විරුද්ධව පාර්ලිමේන්තුවේ ඡන්දය පාවිච්චි කරන්න කොන්ද පණ තිබුණේ නැහැ. ජනතාවගෙන් ප‍්‍රතික්ෂේප වෙන නිසා ලිස්සලා ගියා. රාජපක්‍ෂ ඔඩොක්කුවට වැටුණට පසු කොන්ද කැඩුණු එවැනි පිරිසක් ආණ්ඩුවේ ඉන්නවා. 

ආණ්ඩුවේ මන්තී‍්‍රවරු 52ක් විරුද්ධව ඡන්ද පාවිච්චි කර හෝ ඡන්දය දීමෙන් වැළකී තිබෙනවා. ආණ්ඩුවට මේ වනවිට සරල බහුතරයත් අහිමි වී තිබෙනවා. ආණ්ඩුව කඩාගෙන වැටෙමින් තිබෙනවා. ආණ්ඩුවට මැතිවරණ සිතියම පවා හකුළන්න සිදුවෙලා තිබෙනවා. තමන්ගේ පැවැත්ම ගැන යළි සිතාබලන්න සිදුවෙලා තිබෙනවා. මේ කඩා වැටීම රජගෙදර දෛවඥයන්ටවත් රජගෙදර පෙත්තප්පුලාටවත් නතර කරන්න පුළුවන්කමක් නැහැ. රජ ගෙදර පෙත්තප්පුලා කොයි තරම් කෑගැහුවත් දෛවඥයෝ කොච්චර සාස්තර බැලූවත් මේ කඩාවැටීම නතර කරන්න බැහැ.

කැසිනෝ යනු කළු ආර්ථිකයක්. ඒ කළු ආර්ථිකය රටේ ස්ථාපිත කරන්න මේ ආණ්ඩුව තීරණ ගත්තා. ඒ නිසා 2010න් පස්සේ පළමු වතාවට ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ සරල බහුතරය අහිමි වුණා. ජනතාව මේ ආණ්ඩුව ගෙනියන්නේ දුරාචාර ආර්ථිකයකට බව තේරුම් අරගෙන තිබෙනවා. ඉදිරියේදී ආණ්ඩුවේ මෙම සමාජ විරෝධී කි‍්‍රයාවලට එරෙහිව නැගී සිටිනවා නම් ආණ්ඩුවේ එවැනි කි‍්‍රයා ආපස්සට හරවන්න පුළුවන්. රට දුරාචාර ආර්ථිකයකට ගෙනියන්න මේ ආණ්ඩුවට ඉඩ නොදිය යුතුයි. පාර්ලිමේන්තුවේ මේ ගැසට් සම්මත කළාට මහ පොළොවේ යථාර්ථයක් කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. එය තේරුම් ගත් ජනතාව සමඟ ආණ්ඩුවේ සමාජ විරෝධී කි‍්‍රයාවලට එරෙහිව ගත හැකි සියලූම කි‍්‍රයාමාර්ග ඉදිරියේදී ගන්නවා.

Original Source - gossiplankaoriginal.com

0 comments:

Post a Comment