Thursday, April 24, 2014

මැයි දිනයට කටුස්සොත් රතු පාටයි සම්මන්ත‍්‍රණයට විශාල ජනතා ප‍්‍රතිචාරයක්

මෙවර මැයි දිනය ඉලක්ක කරගෙන මැයි දිනයේ දේශපාලනය සහ එයට වැඩකරන ජනතාවගේ ශක්තිය ඒකාබද්ධ කිරීම ගැන ජනතාව දැනුවත් කරන හා සමාජය සමඟ සංවාදශීලී වන වැඩසටහන් ගණනාවක් පෙරටුගාමී සමාජවාදී පක්ෂය දියත් කර තිබේ. 

එහි එක් පියවරක් ලෙස දේශපාලන පක්ෂ ගණනාවක සහභාගීත්වයෙන් අද දින (24) සවස 3.00 ට කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී සංවාදශීලී සම්මන්ත‍්‍රණයක් පැවැත්විණි.

‘මැයි දිනයට කටුස්සොත් රතු පාටයි’ යන මාතෘකාව යටතේ පැවැත්වෙන මෙම සම්මන්ත‍්‍රණයේදී නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී (මාක්ස් ලෙනින්වාදී) පක්ෂයේ වී. මහේන්ද්‍රන්, නව සමසමාජ පක්ෂයේ වික‍්‍රමබාහු කරුණාරත්න, ශ‍්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ දීප්ති කුමාර ගුණරත්න හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ චමීර කොස්වත්ත යන සහෝදරවාරුන් අදහස් දැක්වූහ. මේ සඳහා 600 කට ආසන්න පිරිසක් සහභාගී විය.

0 comments:

Post a Comment