Sunday, September 13, 2015

මම පරණ එව්ව පිහද ගත්ත.. දැන් රමනෙට එන්න

අරමුණු කෙතරම් පිවිතුරු වුවත් සාහසිකත්වය විනාශ කල මිනිස් සිත් නැවත යතාර්ථය සමඟ මුහු කිරීම ලෙහෙසි පහසු නොවන වගට කලාත්මක සහතිකයක් ප්‍රසන්න විතානගේ ඔබ නැතුව ඔබ එක්ක සිනමා කෘතියෙන් අපට ලබා දී ඇත. ජාතික ගැටලුව වනාහි මේ භුමිය තුල තීරණාත්මක දේශපාලන සාධකයක් බව අපි හොඳින් දනිමු.

සිංහල ජාතිවාදය විසින් වසර ගණනක් මුළුල්ලේ පීඩාවට පත් කල දමිල ජනතාවක් උතුරුකරයේ ජීවත් වන වග අපි දනිමු. තමන්ගේ ලඟම ජීවියාගේ සිට දුරම ජීවියා දක්වා සිංහල රණවිරුවන්ගේ ග්‍රහණයට නතු වූ බව අපි දනිමු.

තමන් දුෂණය වුවා පමණක් නොව නැගිණියද මල්ලිද සිංහල හමුදාවේ ග්‍රහණයට හසු වූ බව අපි හොදින් දනිමු.

එකල වම එකී සිංහල හමුදාවට බංකර් බැඳී බවත්, මානෙල් මල් පිදු බවත් ඉන් ඉක්බිති එකී වමෙන් ඉවත්ව අලුත් වමක් තනා අප අතින් වරදක් සිඳු වූ බව ස්වයං විවේචනය කරගනිමින් සම අයිතිය ගැනත් ක්‍රම වෙනසක් ගැනත් කතා කරමින් සිටි..

එය කල යුත්තකි..

එහෙත්... නැගිටගන්නට බැරි වෙන්නට පහර දී බිම වැටි ඇති යමෙක්ට මුලින්ම වතුර පොදක් දිය යුතුය.. වතුර දීල වැඩක් නැහැ, ඕක ප්‍රශ්නෙට උත්තරේ නෙවි.. වතුර දුන්නොත් දිගටම වතුර ඉල්ලනවා. බෙහෙත් ගන්නේ නැහැ... දෙන්න ඕනි බෙහෙත්.

ලෙඩේට බෙහෙත් දිය යුතුමය. එහෙත් නිටාවට සුව කිරීමට පෙර වතුර බිඳක් ලබා දිය යුතුමය.

තම ස්වාමියා සමඟ ජීවත් වීමට පසුව ඇයට වුවමනා ඇගේ ජීවත්වීමේ අරමුණු විනාශ කරන තරමට ඇගේ පීඩනය බලවත්ය. වේදනාකාරිය. එනිසා පැරණි බෙහෙත් ක්‍රම වලංගු වන්නෙම නැත. ඔව් මට වැරදුනා.. මම දුෂණය කරපු වුන්ව බේර ගත්ත. මට ඒ ගැන තියෙන්නේ මහා කම්පනයක්. එකයි ආමි එකෙන් අයින් වුනේ.. කකුල් දෙක අල්ලා බිම ලෙව කෑවත් නැවත අලුත් ජීවිතයක් ආරම්බ කිරීම එකී ජනතාවට ලෙහෙසි පහසු නැත.... එහෙත් එය විය යුතුමය.

උත්තරයක් දීම ප්‍රසන්නට අයිති නැත. උත්තර සෙවීම වමට භාර වනු ඇත.

අප පසුව ඔබ නැතුව ඔබ එක්ක පිලිබදව වෙනත් සංවාදයක් ආරම්බ කරන්නෙමු. ඊට පෙර සිනමා ශාලාවකට ගොස් චිත්‍රපටය නරඹන මෙන් ඔබෙන් ඉල්ලා සිටින්නෙමු.

අපි අලියාගෙන් ඉල්ලූවා නම් මීට වඩා වැඩි මන්ත‍්‍රී ධුර ප‍්‍රමාණයක් එනවා..

Lalkantha JVP Sri Lanka
පසුගිය මැතිවරණයේදී අලියාගෙන් තරඟ කලේ නම් මීට වඩා වැඩි මන්ත‍්‍රී ධුර ප‍්‍රමාිණයක් දිනාගත හැකිව තිබූ බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඞී. ලාල් කාන්ත මහතා පවසයි.

“මැතිවරණයෙන් ජනවාරි 08 ඡන්දය වගේම මහින්ද පරාජය කිරීමේ සටනක්‌ රටේ ඇති වුණා. එතැනදී ජනතාවට බැහැ මහින්ද පරාජය කිරීමයි ජනතා විමුක්‌ති පෙරමුණ දිනවීමයි කියන දෙකම එකපාර කරන්න. අලියට කතිරෙ ගැහීමයි ජවිපෙ මන්ත්‍රීවරු පත් කිරීමයි දෙකම එකපාර බැහැනේ. අපිට ඒ ටික කරවගන්න තිබුණා. අර හෙළ උරුමය වගේ ප්‍රතිපත්ති පාවලා දීල අලියගෙන් ඡන්දය ඉල්ලුවා නම් එහෙම නම් මිනිස්‌සු අලියට ඡන්දය දීල අපිට මනාප දෙනවා” යයි සති අන්ත පුවත් පතක් හා එක්වෙමින් ඔහු සඳහන් කර තිබේ.

Thursday, September 3, 2015

අලුත් පරපුරු සෙවලයන්ගේ කොකාකෝලා සමාජවාදය

“කොකාකෝලා කොම්පැණියට විරුද්ධ කැම්පේන් එක ටිකෙන් ටික මෝඩ දිහාවකට ගමන් කරමින් තිබෙනවා. කොකාකෝලා මිලදී ගන්න එපා කියන තැනටයි අන්තිමට සමාජ ක්‍රියාව පොළඹවන්න හදන්නේ. කැළණි ගඟට විස එකතු කරන එකට විරෝධය පළ කළාට කොකාකෝලාවලට විරුද්ධ වෙන්න මට බෑ. කොකාකෝලා කියන්නේ මගේ වගේ ජීවිත පරම්පරාවකට බලපාපු සංස්කෘතියක්. ඒක නිකම්ම නිකම් බීමක් විතරක් නෙමෙයි. නිදහස ගැන, සතුට ගැන, නවීනත්වය ගැන, තාරුණ්‍ය ගැන කිසිම බ්‍රෑන්ඞ් එකකින් නිර්මාණය කරන්න බැරි වුණු දැවැන්ත සංස්කෘතික උරුමයක් කොකාකෝලාවලට තියනවා. කොකාකෝලා කියන්නේ මම නම් හුස්ම ගන්න විදිහක්.

මේක ලංකාවේ කොකාකෝලා පරිපාලනයේ වැරැද්දක්. මේක අපේ විදිහෙ වැරැද්දක්. ලංකාවේ කොකාකෝලා කොම්පැණියට ඇතුල් වෙන තැන ඉඳන්ම පූස් බෙටි ගඳයි. දියුණු බහුජාතික සමාගමක පරිසර ප්‍රතිපත්තියත් අනිවාර්යෙන් යහපත් එකක් වෙන්න ඕන. ඒක සිද්ධ වෙන්නේ තරඟකාරීත්වය ඇතුළේ. ඒකයි ධනවාදය ගමන් කරන දිශාව. ලංකාවේ කොකාකෝලා කියන බ්‍රෑන්ඞ් එක හැඩල් වෙන විදිහ වැරදියි. මගේ යෝජනාව ලංකාවේ කොකාකෝලා සමාගම වහලා දාන්න කියන එකයි. අපි කොකාකෝලා ආනයනය කරමු. වැඩියෙන් කොකාකෝලාවලට ලංවෙමු.”

ඉහත දක්වා ඇත්තේ රැඩිකල් සමාජ දේශපාලන විශ්ලේෂක ඇඳුමක් ඇඳගෙන සිටින පුද්ගලයෙකු විසින් තම ෆේස්බුක් ගිනුමේ ලියා තිබූ අපූරු සටහනකි. මේ පුද්ගලයා පසුගිය මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ දිනවීම වෙනුවෙන් අලූත් පරපුර සංවිධානයේ මාධ්‍ය සාකච්ඡාවල අසුන්ගෙන සිටි අයෙක්ද වීම විශේෂ කාරණයකි. සමාජ දේශපාලන සංවාද සෙවල වැගිරවීමේ මාධ්‍යයක් ලෙස සලකන පුද්ගලයන් පිළිබඳ කතා කිරීම නොකළ යුත්තක් වුවත් ඔහුගේ ප්‍රකාශය හුදු පුද්ගල කාරණයකට වඩා මෙරට ඊනියා විකල්ප දේශපාලනයේ හා වත්මන් ජවිපෙ දේශපාලනයේ නියම ස්වභාවය කුමක්දැයි සැකෙවින් හකුළා පෙන්වන්නකි.

කොකාකෝලා සමාගම යනු අලූත් පරපුරු පරපුටුවන්ගේ මනෝ ලෝකවල පමණක් පවතින කෙහෙල්මල් ශිෂ්ඨ ධනවාදයකට අයත් සමාගමක් නොව අතිශය අශිෂ්ඨ හා අපකීර්තිමත් ඉතිහාසයක් සහිත මිනීමරු සමාගමකි. හිංසාකාරී ලෙස ලාබ මිලට කම්කරුවන් සූරාකෑම, කම්කරු බලවේග මර්දනයට හා ඝාතනයට දායක වීම, ලෝකය පුරා බරපතල පාරිසරික හානි හා සෞඛ්‍ය ප්‍රශ්න ඇති කිරීම, ස්ථූලබව, දියවැඩියාව හා දත් රෝගවල රෝග කාරකයක් ලෙස ක්‍රියාකිරීම, එල් සැල්වදෝරය වැනි රටවල ළමා ශ්‍රමය සූරාකෑම, ආදී ක්‍රියා රැසක් පරපුටුවන්ගේ අභිමානවත් සංස්කෘතික උරුමය වූ කොකාකෝලා ඉතිහාසයට අයත්ය. ලාභ අරමුණු තකා ජර්මානු නට්සිවාදීන්ට ආධාර අනුබල ලබාදුන් මෙම කුප්‍රකට සමාගම නට්සි ග්‍රහණයට පත් අසරණ සිර කරුවන් පවා තම ශ්‍රමිකයන් ලෙස යොදාගෙන තිබේ. දකුණු අප්‍රිකාවේ සුදු වර්ගවාදයට හා අතිනත ගෙන සිටි මේ සමාගම කොලොම්බියාවේ කම්කරු අරගල මර්දනය කරන ලද්දේ එරට පාතාල කල්ලිවල පවා සහය ලබාගනිමිනි. ඒ ඔස්සේ එරට කම්කරු නායකයන් ඇතුළු හාරසීයකට අධික පිරිසක් ඝාතනය කෙරුණු අතර කොලොම්බියානු ආහාර කම්කරුවන්ගේ ජාතික වෘත්තීය සමිතිය (SINALTRAINAL) විසින් කිලර්කෝක් නැමති සංවිධානය පිහිටුවන ලද්දේද මේ තත්ත්වය පසුබිම් කර ගනිමිනි. කොකාකෝලා සමාගමේ මේ පරිසර විරෝධී මානව විරෝධී මිනීමරු ප්‍රතිපත්තිවලට එරෙහිව ලොව පුරා මතුවූ විරෝධතා වෙනුවෙන් මැදිහත් වූ ප්‍රගතිශීලී සංවිධාන හා විද්වතුන් ප්‍රමාණය අති මහත්ය.

එසේ වුවද ලංකාවේ ඛේදජනක අලූත් පරපුරට මෙන්ම ඒ අලූත් පරපුර ඔස්සේ ඡන්ද වැඩිකරගත හැකි යැයි සිතූ නූතන ජනතා විමුක්ති පෙරමුණට අනුව කොකාකෝලා යනු දියුණු ධනවාදයට අයත් ඉතා ශිෂ්ඨ සම්පන්න සමාගමක් විය යුතුය. දෙදාස් පන්සිය වසරක ඊනියා සංස්කෘතික උරුමය යනු කථිකාමය වශයෙන් ගොඩනංවන ලද අධිපති මතවාදයක් වන අතර ඒ සියල්ලට වඩා දැවැන්ත ප්‍රෞඩ සංස්කෘතික උරුමය වන්නේ කොකාකෝලාය. සෝවියට් දේශයේ ඒකාධිපති රෙජීමය පෙරළා දැමීමට එරට තරුණයන් ජවය සපයා ගන්නා ලද්දේද කොකාකෝලා පානයෙනි. ජාතිවාදයෙන් ආගම්වාදයෙන් තොර නූතන දියුණු ධනවාදය පරිසරයට ඉතා හිතකර ලෙස කොකාකෝලා නිශ්පාදනය කරයි. කැළනි ගඟේ ප්‍රශ්නය එම සමාගමේ ප්‍රශ්නයක් නොව අපේ ප්‍රශ්නයකි. පසුගාමී ලංකාවේ පිහිටවූ විට කොකාකෝලා කොම්පැනිය වුවද පූස් බෙටි ගඳ ගසයි. එය සීමාන්තික සිංහල බෞද්ධ ජාතිකවාදයේ අර්බුදයක් විය හැකිය. ඒ නිසා ලංකාවේ සමාගම වසා දමා පිටරටින් කොකාකෝලා ආනයනය කළ යුතුය. ලෝකයේ වෙනත් රටවල ගංගාවලට වස යොදා හෝ පසුගාමී ලාංකීය වැසියන්ට කොකාකෝලා පෙවිය යුතුය. ඔවුන්ට නවීනවීමට ඇති ලොකුම බාධාව වන්නේ කොකාකොලා නැති වීමය. නූතන ශිෂ්ට ධනවාදයෙන් වත්මන් ලෝකයට කිසිදු තර්ජනයක් නැත. මිනිස් සංහතිය හමුවේ ඇති බියකරුම තර්ජනය සිංහල බෞද්ධකම හා සිංහලයන්ගේ සංස්කෘතික ඒකමානීයත්වයයි.

පරපුටුවන්ගේ කතාවේ සාරාංශය එසේය. ඇත්තෙන්ම මනුෂ්‍යයෙකුට තියා තිරිසනෙකුටවත් මේසා අමන සහ තකතීරු විය හැකිදැයි යමෙකුට සිතිය හැකි වුවද මෙය හුදු අහම්බයක් හෝ ඒක පුද්ගල මතවාදයක් හෝ නොවේ. කොකාකෝලා වන්දනා කරන අලූත් පරපුර යනු දාර්ශනික සුදු රෙදි ඇඳගත් අපරාධකාරී පියවරුන්ගේ නියම පාදඩ ස්වරූපය කුමක්දැයි මෝඩ ලෙස රටට කෑ ගසා කියන පව්කාර දූ පුතුන්ගේ කල්ලියකි. මද්දුම බණ්ඩාර හුජ්ජ කොල්ලෙක් යැයි මොරගැසීමෙන් සමාජ අවධානය පතන වැඩුනු තරුණයන්ගේ මානසික අනාථභාවය අප වටහාගත යුත්තේ කෙසේද? කාලයක් තිස්සේ මෙරට ශාස්ත්‍රීය ක්ෂේත්‍රය අවල කෙලිබිමක් බවට පත්කරගෙන සිටි අනුකාරක උගතුන්ගේ සැබෑ ස්වරූපය මේ මොංගල් දරුකැල විසින් රටට නිරාකරණය කරමින් සිටිති.

රනිල් ශිෂ්ට ලිබරල් නායකයෙක් ලෙස පෙනෙන මේ මොංගල් දරුවන්ට කොකාකෝලා සමාගම දියුණු ධනවාදයේ ශිෂ්ට වෙළඳ ආයතනයක් ලෙස පෙනීයාම පුදුමයක් නොවේ. දුටුගැමුණු යුධවාදී මිනීමරුවෙකු වන මේ පිරිසට ප්‍රභාකරන්ගේ ශුක්‍රාණූවලින් පවා මානව හිතවාදයේ ගුණ සුවඳ විහිදෙයි. කණගාටුවට කාරණය වන්නේ මේ මොංගල් දරුවන් වත්මන් ජනතා විමුක්ති පෙරමුණේ ආධාරකරුවන් වී සිටීමය. නමුත් මෙවන් පුද්ගලයන්ගේ ආධාරය හිමිවීමම සමාජ දේශපාලන ව්‍යාපාරයක විනාශයේ පරම පෙර නිමිත්ත බව අප විසින් පෙන්වා දී ඇත්තේ අද ඊයේ නොවේ. ජවිපෙ මෙවර ප්‍රතිපලය විසින් ඒ තක්සේරුව නැවත වරක් සනාත කොට ඇත.

ඉසුරු ප්‍රසංග

කොකාකෝලා සමාගමට එරෙහිව ලෝකය පුරා නැගෙන විරෝධය












Wednesday, September 2, 2015

රතු කොකා සහ කොකා කෝලා

කොකා කෝලා සමාගමේ අපරික්ෂාව හේතුවෙන් බොන ජලයට තෙල් කාන්දු වීම සහ මෙරට ක්‍රියාත්මක බහුජාතික සමාගම්වල කෙරුවාව මධ්‍යයේ වමේ නිහඬතාවය පිළිබඳ කතා බහක් මතුව ඇත. මේ කාරණාවට අදාළව බහුජාතික සමාගම් වලට එරෙහිව සටනට මෙරට ජනප්‍රිය වම සොයා යන පිරිස් අතපසු කරගන්නා කරුණක් ඇත. ඒ මේ වන විට කොකාට එරෙහිව යාමට රතු කොකාලා සුදානම් නැති බවය. ඒ හැම කොකාගේ මෙන්ම රතු කොක්කුන්ගේද නියම පැහැය ඔය වැනි පියෑඹීම් වලදී පෙනෙන්නට ගන්නා නිසාය. මේ ඒ ගැන තවදුරටත්ය.

මාක්ස්

බොහෝ දර්ශනවාදීන් සිදුකලේ ක්‍රමය විග්‍රහ කිරීම සහ එය විවේචනය කිරීමය. ඒ මිස ඔවුන් පවතින යතාර්ථය වෙනස් කර අලුත් ලොවක් යෝජනා කළේ නැත. මාක්ස් තවත් එක් දාර්ශනිකයකු නොවන්නේ ඔහු ක්‍රමය විග්‍රහ කිරීම සහ එය විවේචනය කිරීමෙන් නොනැවතී නව ක්‍රමයක් යෝජනා කළ නිසාය. නැතිනම් කඩන හැටි මෙන්ම හදන හැටිද කියූ නිසාය. ඒ අර්ථයෙන් මාක්ස් යනු දාර්ශනිකයෙක් නොවේය. හේ ප්‍රතිදාර්ශනිකයකු 
ලෙස සැලකීම වඩා නිවැරදිය.

ඒ අනුව ධනවාදී නිෂ්පාදන මාදිළියට එරෙහිව මාක්ස්ගේ යෝජනාව වුයේ කොමියුනිස්ට් නිෂ්පාදන මාදිළියයි. මෙහිදී වමේ ඇකඩමික් ඉතිහාසය අපට කියාදී තිබෙණුයේ සමාජවාදය යනු කොමියුනිස්ට් නිෂ්පාදන මාදිළිය සතු ඇතැම් ලක්ෂණ පෙන්වන සංක්‍රාන්ති අවධියක් ලෙසින්ය. නමුත් මෙතෙක් සමාජවාදී යැයි කියනා රටවල් අපට අත්දැකීමක් ලෙස සමාජවාදය සමීප කර තිබෙන්නේ රාජ්‍ය ඒකාධිකාරී ධනවාදයක් හෝ නමට සමාජවාදී වූ එහෙත් ධනවාදයේ බල සම්බන්ධතා මත ක්‍රියාත්මක වන අර්ථ ක්‍රමයන්ය.

වම

71 මෙරට පාලකයන්ගේ බල්ලන් පවා කිරිබොන විට ජනතාවට කිරි තබා හාල් පොලුත් වැටුනේ ඒ අනුවය. ඒ විවේචනය මීට වඩා දුර දිග ගෙනයාමෙන් අප වළකින්නේ 71 පැවතියේ රාජ්‍ය ඒකාධිකාරී ධනවාදයක් මිස සමාජවාදයක් නොවන බව ජවිපෙ පෙරටුකොටගත් වම අපට උගන්වා තිබෙන නිසාය. එසේම එය 71 සමගි පෙරමුණ හදාරන අයෙකුට පහසුවෙන් වටහා ගන්නටද හැකි නිසාය.

එනිසා කලක් ජවිපෙ කට ඇර සමාජවාදී කී චීනය අපට උදාහරණයට ගන්නට පුළුවන.

එදා ජවිපෙ චීනය විග්‍රහකොට දැක්වුයේ “ලිහාගන්නට පොඩි පොඩි අවුල් තිබුණත් චීනය සමාජවාදී” කියාය. ජවිපෙ විසින් මේ විග්‍රහය හොරෙන් හොරෙන් අකුලා ගත්තේ චීනය මෙරටදී මහින්ද සමග කෑ දීගය කැත ලෙස හෙළිවූ පසුබිමේදීය. එහෙත් ඒ අරඹයාද ජනප්‍රිය වම්මුන්ට පැහැදිලි කිරීමක් තිබිණ. හිත හදාගන්න මෙන් කළ එය ” හොරු එක්ක ගනු දෙනු කරන කොට චීනෙත් එහෙම වෙනවා.මොකද ඉන්දියාව සහ එක්සත් ජනපදට තරගයක් දෙන ගමන් තමයි මෙහෙදී චීනෙට ගනු දෙනු බේරගන්න සිද්ධවෙලා තියෙන්නෙ. එහෙම නැතුව සමාජවාදී රටවල් එක්ක හොඳ ගනුදෙනුවකට යන්න බෑ කියන්න බෑ ” වැනි ස්වභාවයක් ගත්තේය.

මෙතනදී රෑ දනියෙල් දවල් මිගෙල් ලෙස කටයුතු කිරීම ගැන පාක්ෂිකයන් ප්‍රශ්න කළේ නැත. අවම වශයෙන් උතුරු සුඩානයේදී චීන ආයෝජක කෙරුවාව වත් ඔවුන් ඇසුවේ නැත. ඒ නිසා ජනප්‍රිය වම්මුන් සමග හෙට සමාජවාදී සමාජ විප්ලවය කරන්න සිටින අයට චීනය ‘සමාජවාදීම’ විය.

මේ අතර චීනය ණය දුන්නේය. පිට රටවල ආයෝජනය කරන්නට දුෂිත පාලකයන්ට අනෙක් ධනවාදී රටවල් පරයා අල්ලස් දුන්නේය. ඒ හරහා ප්‍රකෝටිපතියන් රට තුළ පැටවූ ගස්සවා ගත්තේය. සැබවින්ම අතීත අධිරාජ්‍ය නාවුක ගවේෂකයින්ට පහසුකම් දී නැවෙන් ගොස් සිදුකරණ කොල්ලය දිරිමත් කිරීම සහ මේ අතර වෙනසක් නැත. එදා මෙන්ම මෙතනද වැදගත් කොට සලකන්නේ රාජ්‍ය භාණ්ඩාගාරයට කීයක් එනවාද? යන්න පමණය.
මෙවැනි රටක් සමාජවාදී ලෙස හැඳින්වීම සහ වාර්ෂිකව සංචාරය කිරීම , පක්ෂ සමුළුවට සුබ පැතුම් ගෙන්වා ගැනීම සහ ගොතා වැඩපිළිවෙලට මාක්ස් සිදුකළ විවේචනය අතර සම්බන්ධය අධ්‍යයනය කළ විට මේ හැසිරීමෙහි බරපතල ආචාරධර්ම ප්‍රශ්නයක් පමණක් නොව දේශපාලන ප්‍රශ්නයක්ද තිබෙන බව හඳුනා ගැනීම දුෂ්කර නැත. එදා මාක්ස් ගොතා වැඩපිළිවෙල එතරම් නිර්දය ලෙස විවේචනය කළේ ධනවාදය වෙනස කරන පක්ෂය තුළ ධනවාදයේ බිජු අංශුවක් වත් නොතිබිය යුතු බවට වන අවදාරනයෙනි. නමුත් වත්මන් මේ ජනප්‍රිය වම්මුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන යනු කොමියුනිස්ට් තබා සමාජවාදය කියන අකුරු 6 වත් නොමැති කසිකබල්ය.

ඒවායේ තිබෙනුයේම ධනවාදය රට තුළ පොදු වැසිකිලියක් තරමට ගඳ ගහන්න ගෙන නම් ඒ පිරිසිදු කොට තබා ගැනීමේ තම සුදුසුකම් සහ ඒ වෙනුවෙන් වන වැඩපිළිවෙලය. ඒ අනුව අප රටේ ජනප්‍රිය වම තුළ ධනවාදයේ වැසිකිලි සුද්දකරන්නන් මිස සටන්කාමී දේශපාලන ව්‍යාපාර නැත.
මේ වන විට කාටත් දැනෙන ලෙස කොකා කෝලා ගෙන මෙය විග්‍රහ කර ගන්නවා නම් ඒ මෙසේය යනුවෙන් අරඹා , කොකා කෝලා යනු බහු ජාතික සමාගමක්ය. එහි පැහැය රතුය. සමාගමේ සන්නාමය සහ කොහොමටත් කොකා කෝලා රතු නිසා එහි ගත යුතු ‘කෑල්ලක්’ වමට ඇත. ඒ චීනයට අදාළව තිබු කෑල්ල වගේම පොඩි කෑල්ලක් කියා පොඩි කෝචෝක් පාරක් දමා මෙය අවසන් කරන්නට පුළුවන.
එහෙත් ජවිපෙ ඇතුළුව මෙරට ජනප්‍රිය වම ගාල්ව ඇති මිත්‍යාව තේරුම් ගැනීමට තවමත් අසමත් සමහර අවංක දේශපාලන ක්‍රියාධරයන් තවමත් ‘වැඩෙත් එක්ක’ය. නැතිනම් දේශපාලන කාරනා හමුවේ පක්ෂ සහ පුරුදු, ඒවායේ දැක්ම වැනි දෑ සමග තිබෙන පෙකණි වැල වෙන් වෙන්නට කපා ගන්නට අසමත් අලි මේ තැන්වල කොට අදිමින්ය.

එසේම අනාගතයේ තවත් ක්‍රිෂ්මාල් මායාදුන්නේලා වීමට බලා සිටින දේශපාලනික විමතිකයන්ව තවත් වටයකින් දැනුවත් කළ යුතුව ඇත.


පොඩි උපමා කතාවකින් කියනවානම් ඒ මෙසේය.
එක ගමක සහෝදරවරු 7ක් හිටියා. ඒ රටේ ජනතාව පෙලපු රජතුමාට විරුද්ධව තමයි මේ අය වැඩ කළේ. ජනතා පීඩකයන්ට එරෙහිව සටන් කරන්න එයාලා තාත්තගේ මරණ මන්චකයෙදීත් පොරොන්දු වෙලා හිටපු නිසා නිතරම අයුක්තිය අසාධාරණය වගේ දේවල් එයාලා පතුලටම හඹා ගිහින් ඒවා පිටු දැක්කා. උපරිම සත්‍යවාදී උණා. ඒ නිසා සාමාන්‍ය මිනිස්සුත් මේ සහෝදරයන් 7ට ටිකක් විතර බයෙන් හිටියේ. මොකද සහෝදරයින් තදින්ම අයුක්තිය අසාධාරණය පිටුදකින නිසා මෙයාලට බය වුන හුගක් අයත් රජ උනානම් හැසිරෙන්නේ රජා වගේම තමයි කියනදේ යන්තමින් හෝ දැනසිටි නිසා. ඒ නිසා මේ සහෝදරයන්ගේ වැඩ වලට හුගක් මිනිස්සු එළිපිට කැමති උනත් රහසින් කැමති උණේ නෑ.

මේ සහෝදරවරුන්ගේ ලොකු අයියා මේක දැනගෙන හිටියා. ඒ වගේම ඒ බව මල්ලිලාටත් කියලි තිබුණේ.
කොහොම හරි එක පාරක් රජාගේ පිරිසත් එක්ක වුන දරුණු සටනකින් පස්සෙ ලොකු අයියා මැරුණා. ඊළඟ අයියා තමයි ඊට පස්සෙ මේ සහෝලට නායකත්වය දුන්නේ. එයා ලොකු අයියා වගේ නෙවෙයි. රජා එක්ක සටන වෙනුවට සම්මුතිය තෝරාගත්තා. ඒ නිසා කල් ගත්වෙනකොට මිනිස්සු මේ සහෝලට තිබුණ බය ගියා. අනිත් මල්ලිලාටත් පියාගේ මරණ මංචකයේදී උන පොරොන්දුව අමතක උනා.

ඉතින් මුලික සටන වෙනුවට මෙයාලා පොඩි පොඩි ටියුෂන් වැලි වලට යන්න ගත්තා. ටියුෂන් වැලි වලදී කොල්ලෝ විසිල් ගහපු නිසා වැඩියෙන්ම විසිල් වදින කෙනා සහෝදරයන් අතර ‘පොර’ උනා. එතන ඉඳලා සහෝලා සටන් කළේ පොරක් වෙන්න මිස පියාට උන පොරොන්දුව රකින්න නෙවෙයි.

පොර මානසිකත්වය ඇතුලේ ගොඩක් දේවල් මෙයාලට වෙන්න ගත්තා. ඒ වෙනකොට හිටපු එක මල්ලි කෙනෙක් රජා ගාවට ගියා. තවත් මල්ලියෙක් රට ගියා. නායකයා වෙලා හිටපු අයියව එළවලා හොඳට ටියුෂන් විසිල් ලැබුණ මල්ලියෙක් මේ සහෝදර පිරිසේ නායකයා උනා. එයා විසිල් වලට විතරයි සංවේදී උනේ. ඉතින් මිනිස්සු කළේ මෙයාව දැක්කාම විසිල් ගහන එක.

විසිල් වැඩිපුර ඇහෙන්න ඇහෙන්න මෙයා හිතුවෙ තමන් මිනිස්සු අතර මාර ජනප්‍රියයි කියලා. ඒ නිසා විසිල් වදින වැඩ හොයාගෙන ගිහින් ඒ වැඩේ මාරාන්තිකව ගොඩදාන්න මේ අයියා ක්‍රියා කළා. එයා හිතුවෙ මේ විසිල් දවසක තමන්ව රජ ගෙට ගෙනියයි කියළා.

එයා තවමත් හිතාගෙන ඉන්නෙ එහෙමයි.

ඔහොම ඉන්නකොට එයාව හම්බෙන්න මාධ්‍යවේදියෙක් ආවා.

මා : ලොකුම අයියව මතකද?
නා.ස : ඔව්. හොඳට මතකයි.

මා : එයා සටන් කළ විදිය ගැන මොකද හිතන්නේ
නා.ස : දැන් ඒවා වලංගු නෑ. අපි අලුත් වෙන්න ඕන.

මා : ඊට පස්සෙ අයියව මතකද?
නා.ස : අපෝ. යන්තම් ඇති එයා අපිව දාලා ගියා. එයා තමයි අපේ පවුල කෑවෙ.

මා : රජා ගාවට ගිය සහෝදරයාගේ හැසිරීම කොහොමද?
නා.ස : අපි ළඟ ඉන්නකන් හොඳට හිටියා.දැන් අන්තිමයි. අපි එලවපු අයියා තමයි එයාගෙත් ඔලුව කෑවෙ

මා : රට ගිය අයියා මතකද ?
නා.ස : ආ .අපි එක්ක හිටපු කෙනෙක් නම් රට ගියේ නෑ.

මා : අර රාජපුරුෂයෝ උස්සන්න ගියේ ?
නා.ස : නෑ. එහෙම කෙනෙක් හිටියෙ නෑ.

මා : එතකොට ක්‍රිෂ්මාල් ?
නා.ස : ඔයවගේ හාදයෝ ජන්ද කාලවල එනවා. ඒත් හරියටම මතක නෑ.

මා : මායාදුන්නේ?
නා.ස : ආ ..දැනට මතකයි..ඒත් ඉතින් අනේ මන්දා මේ වැඩ නිසා ඉස්සරහට අමතක වෙයිද කියලා.

මා : අර බහු ජාතික සමාගම් රට වනසනවා?
නා.ස : ආ එහෙමද? අපි ඒ ක්‍රියාව තරයේ ප්‍රතික්ෂේප කරනවා.

මා : බොන වතුරට එයාලාගේ වරදින් තෙල් එකතු වෙලා ?
නා.ස : ආ …ඇත්තද? මාර වැඩේ ..ඉතින් ඉතින්

මා : ඉතින් කියන්නෙ, ඒක දැන් ගොඩින් බේරගන්න හදන්නෙ !
නා.ස : අම්මට සිරි එහෙමද

මා : ඔව්. රතුපස්වලදී වගේ ඔබලා මැදිහත් වෙන්නෙ නැද්ද?
නා.ස : වැඩක් තියනවද ? කැළණි ගඟට තෙල් වැටුනා කියලා අපි කෑගැහුවට මිනිස්සුන්ට දැනෙන්නෙ නෑ. විසිල් එකක්වත් ගහන්න තරම් ගැලරියක් සෙට් වෙන එකක් නෑ. කෝ අපි රාජ සභාවේ ඉල්ලපු විපක්ෂය වත් අපිට මිනිස්සු දුන්නේ නෑ. වෙන මොකක් හරි බලලා කියන්නකෝ !

මා : ඒ කියන්නෙ දැන් ඔයාලා හුඟක් වෙනස් වෙලා.
නා.ස : ඔව්. ජනතාව අපිට දීලා තියන වරමේ තියෙන්නෙ දුෂණ හොයලා පොඩි වාර්තාවක් හදන්න.පස්සෙ ඔයාලව ගෙන්වලා ඒ ගැන දැනුවත් කරන්න. ඒ නිසා අපි අපිට ජනතාව නොදුන්න දේ කරන්න යන්නෙ නෑ. බහු ජාතික සමාගම් ගැන අපේ අලුත් පොතේ නෑ. අනික නිකන් හිතන්න කොහෙවත් යන නලයක් පුපුරලා වතුරට තෙල් ගියාම ඒකෙ අයිතිකාරයට ගහලා වැඩක් තියනවද? ‘හොඳ නල වලින් සමාගම් වලට තෙල් ගනු’ කියලා අපි දැනටමත් පෝස්ටරයක් ප්‍රින්ට් කරමින් ඉන්නෙ. ඕනනම් ඔය රාජ සභාවේදීත් පොඩි ටෝකක් දාන්නම්. ඒත් මං හිතන්නෙ නෑ වැඩක් වෙයි කියලා. කොහොම උනත් කොළඹ වතුර වල තෙල් කියලා වතුර කපන්න කලින් ඒක ජනතාවට කියන්න තිබුණා. එහෙනම් ජනතාව කලින් වතුර පුරවා ගන්නවා.

කතාව දැනට එතනින් අවසන්ය. ඉදිරියට නියමිතව තිබෙණුයේ විමල් වීරවංශ, සෝමවංශ , ක්‍රිෂ්මාල් මායාදුන්නේ සහ ඊට තකට තක විකාර රතු කොක් හාමිලා වෙනස් අවකාශයක බිහිවීමය.

තත්ත්වය මෙසේ හෙයින් කොකා කෝලා තබා මොන අටමගල් බහුජාතික සමාගම් මෙරට යකා නැටුවත් වම පැමිණ එය ගොඩ දාන්නේ නැත. එසේ ගොඩදැමීමක් බලාපොරොත්තු වෙනවා නම් එතැන විසිල් ගොඩක් වදින තැනක් බවට පත්කර ගත යුතුව ඇත.

වඩාත් සරලව නම් සමාජවාදී රතු කොකාලා සහ ධනවාදී රතු කොකාලා අතර තවදුරටත් තිබෙණුයේ වචන වල වෙනසක් පමණය. ඔවුන් පියාඹන්නේ නැත්තේ එවිට සැබෑ වර්ණය පෙනෙන්නට ගන්නා නිසාය.