Friday, May 23, 2014

පොදු අපේක්ෂක ලෙස ශිරාණි ගෙන ඒමට සරසවි ව්‍යාපෘතියක්

එළඹෙන ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයා වශයෙන් හිටපු අගවිනිසුරුවරිය වන ශිරාණී බණ්ඩාරනායක ගෙන ඒමේ ව්‍යාපෘතියක් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ එකතුවක් විසින් සිදුකරන බව වාර්තාවේ.

මේ පිළිබඳව පැවැත්වූ සාකච්ඡාවක් පසුගියදා කොළඹට තදාසන්න විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකුගේ නිවසක් තුළ පවත්වා ඇති අතර එහිදී සාකච්ඡාවට බදුන් වී ඇත්තේ මාධ්‍යයන් විසින් ප්‍රචාරය කරනු ලබන විවිධ පොදු අපෙක්ෂකයින් අතරින් මේ සඳහා සුදුසුම තැනැත්තාවන්නේ ශිරාණි බණ්ඩාරනායක පමණක් බවය.


මෙම ආචාර්යවරුන් පිරිස කථිකා කොට ඇත්තේ ශිරාණි බණ්ඩාරනායක මහත්මියගෙන් මේ සම්බන්ධයෙන් මූලිකව එකඟතාවය ලබාගෙන එම තීරණය සමඟ විපක්ෂයේ සියලු පක්ෂ හා ආණ්ඩුවේ පාර්ශව පක්ෂ මෙන්ම ඇමතිවරුන් සමගද සාකච්ඡා පැවැත්වීමට සැලසුමක් සකස් කළ යුතු බවය.

එසේම පොදු අපේක්ෂයා වශයෙන් කතා බහට ලක්වූ මාදුළුවාවේ සෝභිත හිමියන් සමඟද මේ මස අවසන් වීමට පෙර අදාළ තීරණය පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වීමට ද මෙම ආචාර්යවරුන් මෙහිදී සාකච්ඡා වී ඇත.

0 comments:

Post a Comment