Sunday, September 13, 2015

මම පරණ එව්ව පිහද ගත්ත.. දැන් රමනෙට එන්න

අරමුණු කෙතරම් පිවිතුරු වුවත් සාහසිකත්වය විනාශ කල මිනිස් සිත් නැවත යතාර්ථය සමඟ මුහු කිරීම ලෙහෙසි පහසු නොවන වගට කලාත්මක සහතිකයක් ප්‍රසන්න විතානගේ ඔබ නැතුව ඔබ එක්ක සිනමා කෘතියෙන් අපට ලබා දී ඇත. ජාතික ගැටලුව වනාහි මේ භුමිය තුල තීරණාත්මක දේශපාලන සාධකයක් බව අපි හොඳින් දනිමු.

සිංහල ජාතිවාදය විසින් වසර ගණනක් මුළුල්ලේ පීඩාවට පත් කල දමිල ජනතාවක් උතුරුකරයේ ජීවත් වන වග අපි දනිමු. තමන්ගේ ලඟම ජීවියාගේ සිට දුරම ජීවියා දක්වා සිංහල රණවිරුවන්ගේ ග්‍රහණයට නතු වූ බව අපි දනිමු.

තමන් දුෂණය වුවා පමණක් නොව නැගිණියද මල්ලිද සිංහල හමුදාවේ ග්‍රහණයට හසු වූ බව අපි හොදින් දනිමු.

එකල වම එකී සිංහල හමුදාවට බංකර් බැඳී බවත්, මානෙල් මල් පිදු බවත් ඉන් ඉක්බිති එකී වමෙන් ඉවත්ව අලුත් වමක් තනා අප අතින් වරදක් සිඳු වූ බව ස්වයං විවේචනය කරගනිමින් සම අයිතිය ගැනත් ක්‍රම වෙනසක් ගැනත් කතා කරමින් සිටි..

එය කල යුත්තකි..

එහෙත්... නැගිටගන්නට බැරි වෙන්නට පහර දී බිම වැටි ඇති යමෙක්ට මුලින්ම වතුර පොදක් දිය යුතුය.. වතුර දීල වැඩක් නැහැ, ඕක ප්‍රශ්නෙට උත්තරේ නෙවි.. වතුර දුන්නොත් දිගටම වතුර ඉල්ලනවා. බෙහෙත් ගන්නේ නැහැ... දෙන්න ඕනි බෙහෙත්.

ලෙඩේට බෙහෙත් දිය යුතුමය. එහෙත් නිටාවට සුව කිරීමට පෙර වතුර බිඳක් ලබා දිය යුතුමය.

තම ස්වාමියා සමඟ ජීවත් වීමට පසුව ඇයට වුවමනා ඇගේ ජීවත්වීමේ අරමුණු විනාශ කරන තරමට ඇගේ පීඩනය බලවත්ය. වේදනාකාරිය. එනිසා පැරණි බෙහෙත් ක්‍රම වලංගු වන්නෙම නැත. ඔව් මට වැරදුනා.. මම දුෂණය කරපු වුන්ව බේර ගත්ත. මට ඒ ගැන තියෙන්නේ මහා කම්පනයක්. එකයි ආමි එකෙන් අයින් වුනේ.. කකුල් දෙක අල්ලා බිම ලෙව කෑවත් නැවත අලුත් ජීවිතයක් ආරම්බ කිරීම එකී ජනතාවට ලෙහෙසි පහසු නැත.... එහෙත් එය විය යුතුමය.

උත්තරයක් දීම ප්‍රසන්නට අයිති නැත. උත්තර සෙවීම වමට භාර වනු ඇත.

අප පසුව ඔබ නැතුව ඔබ එක්ක පිලිබදව වෙනත් සංවාදයක් ආරම්බ කරන්නෙමු. ඊට පෙර සිනමා ශාලාවකට ගොස් චිත්‍රපටය නරඹන මෙන් ඔබෙන් ඉල්ලා සිටින්නෙමු.

අපි අලියාගෙන් ඉල්ලූවා නම් මීට වඩා වැඩි මන්ත‍්‍රී ධුර ප‍්‍රමාණයක් එනවා..

Lalkantha JVP Sri Lanka
පසුගිය මැතිවරණයේදී අලියාගෙන් තරඟ කලේ නම් මීට වඩා වැඩි මන්ත‍්‍රී ධුර ප‍්‍රමාිණයක් දිනාගත හැකිව තිබූ බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඞී. ලාල් කාන්ත මහතා පවසයි.

“මැතිවරණයෙන් ජනවාරි 08 ඡන්දය වගේම මහින්ද පරාජය කිරීමේ සටනක්‌ රටේ ඇති වුණා. එතැනදී ජනතාවට බැහැ මහින්ද පරාජය කිරීමයි ජනතා විමුක්‌ති පෙරමුණ දිනවීමයි කියන දෙකම එකපාර කරන්න. අලියට කතිරෙ ගැහීමයි ජවිපෙ මන්ත්‍රීවරු පත් කිරීමයි දෙකම එකපාර බැහැනේ. අපිට ඒ ටික කරවගන්න තිබුණා. අර හෙළ උරුමය වගේ ප්‍රතිපත්ති පාවලා දීල අලියගෙන් ඡන්දය ඉල්ලුවා නම් එහෙම නම් මිනිස්‌සු අලියට ඡන්දය දීල අපිට මනාප දෙනවා” යයි සති අන්ත පුවත් පතක් හා එක්වෙමින් ඔහු සඳහන් කර තිබේ.

Thursday, September 3, 2015

අලුත් පරපුරු සෙවලයන්ගේ කොකාකෝලා සමාජවාදය

“කොකාකෝලා කොම්පැණියට විරුද්ධ කැම්පේන් එක ටිකෙන් ටික මෝඩ දිහාවකට ගමන් කරමින් තිබෙනවා. කොකාකෝලා මිලදී ගන්න එපා කියන තැනටයි අන්තිමට සමාජ ක්‍රියාව පොළඹවන්න හදන්නේ. කැළණි ගඟට විස එකතු කරන එකට විරෝධය පළ කළාට කොකාකෝලාවලට විරුද්ධ වෙන්න මට බෑ. කොකාකෝලා කියන්නේ මගේ වගේ ජීවිත පරම්පරාවකට බලපාපු සංස්කෘතියක්. ඒක නිකම්ම නිකම් බීමක් විතරක් නෙමෙයි. නිදහස ගැන, සතුට ගැන, නවීනත්වය ගැන, තාරුණ්‍ය ගැන කිසිම බ්‍රෑන්ඞ් එකකින් නිර්මාණය කරන්න බැරි වුණු දැවැන්ත සංස්කෘතික උරුමයක් කොකාකෝලාවලට තියනවා. කොකාකෝලා කියන්නේ මම නම් හුස්ම ගන්න විදිහක්.

මේක ලංකාවේ කොකාකෝලා පරිපාලනයේ වැරැද්දක්. මේක අපේ විදිහෙ වැරැද්දක්. ලංකාවේ කොකාකෝලා කොම්පැණියට ඇතුල් වෙන තැන ඉඳන්ම පූස් බෙටි ගඳයි. දියුණු බහුජාතික සමාගමක පරිසර ප්‍රතිපත්තියත් අනිවාර්යෙන් යහපත් එකක් වෙන්න ඕන. ඒක සිද්ධ වෙන්නේ තරඟකාරීත්වය ඇතුළේ. ඒකයි ධනවාදය ගමන් කරන දිශාව. ලංකාවේ කොකාකෝලා කියන බ්‍රෑන්ඞ් එක හැඩල් වෙන විදිහ වැරදියි. මගේ යෝජනාව ලංකාවේ කොකාකෝලා සමාගම වහලා දාන්න කියන එකයි. අපි කොකාකෝලා ආනයනය කරමු. වැඩියෙන් කොකාකෝලාවලට ලංවෙමු.”

ඉහත දක්වා ඇත්තේ රැඩිකල් සමාජ දේශපාලන විශ්ලේෂක ඇඳුමක් ඇඳගෙන සිටින පුද්ගලයෙකු විසින් තම ෆේස්බුක් ගිනුමේ ලියා තිබූ අපූරු සටහනකි. මේ පුද්ගලයා පසුගිය මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ දිනවීම වෙනුවෙන් අලූත් පරපුර සංවිධානයේ මාධ්‍ය සාකච්ඡාවල අසුන්ගෙන සිටි අයෙක්ද වීම විශේෂ කාරණයකි. සමාජ දේශපාලන සංවාද සෙවල වැගිරවීමේ මාධ්‍යයක් ලෙස සලකන පුද්ගලයන් පිළිබඳ කතා කිරීම නොකළ යුත්තක් වුවත් ඔහුගේ ප්‍රකාශය හුදු පුද්ගල කාරණයකට වඩා මෙරට ඊනියා විකල්ප දේශපාලනයේ හා වත්මන් ජවිපෙ දේශපාලනයේ නියම ස්වභාවය කුමක්දැයි සැකෙවින් හකුළා පෙන්වන්නකි.

කොකාකෝලා සමාගම යනු අලූත් පරපුරු පරපුටුවන්ගේ මනෝ ලෝකවල පමණක් පවතින කෙහෙල්මල් ශිෂ්ඨ ධනවාදයකට අයත් සමාගමක් නොව අතිශය අශිෂ්ඨ හා අපකීර්තිමත් ඉතිහාසයක් සහිත මිනීමරු සමාගමකි. හිංසාකාරී ලෙස ලාබ මිලට කම්කරුවන් සූරාකෑම, කම්කරු බලවේග මර්දනයට හා ඝාතනයට දායක වීම, ලෝකය පුරා බරපතල පාරිසරික හානි හා සෞඛ්‍ය ප්‍රශ්න ඇති කිරීම, ස්ථූලබව, දියවැඩියාව හා දත් රෝගවල රෝග කාරකයක් ලෙස ක්‍රියාකිරීම, එල් සැල්වදෝරය වැනි රටවල ළමා ශ්‍රමය සූරාකෑම, ආදී ක්‍රියා රැසක් පරපුටුවන්ගේ අභිමානවත් සංස්කෘතික උරුමය වූ කොකාකෝලා ඉතිහාසයට අයත්ය. ලාභ අරමුණු තකා ජර්මානු නට්සිවාදීන්ට ආධාර අනුබල ලබාදුන් මෙම කුප්‍රකට සමාගම නට්සි ග්‍රහණයට පත් අසරණ සිර කරුවන් පවා තම ශ්‍රමිකයන් ලෙස යොදාගෙන තිබේ. දකුණු අප්‍රිකාවේ සුදු වර්ගවාදයට හා අතිනත ගෙන සිටි මේ සමාගම කොලොම්බියාවේ කම්කරු අරගල මර්දනය කරන ලද්දේ එරට පාතාල කල්ලිවල පවා සහය ලබාගනිමිනි. ඒ ඔස්සේ එරට කම්කරු නායකයන් ඇතුළු හාරසීයකට අධික පිරිසක් ඝාතනය කෙරුණු අතර කොලොම්බියානු ආහාර කම්කරුවන්ගේ ජාතික වෘත්තීය සමිතිය (SINALTRAINAL) විසින් කිලර්කෝක් නැමති සංවිධානය පිහිටුවන ලද්දේද මේ තත්ත්වය පසුබිම් කර ගනිමිනි. කොකාකෝලා සමාගමේ මේ පරිසර විරෝධී මානව විරෝධී මිනීමරු ප්‍රතිපත්තිවලට එරෙහිව ලොව පුරා මතුවූ විරෝධතා වෙනුවෙන් මැදිහත් වූ ප්‍රගතිශීලී සංවිධාන හා විද්වතුන් ප්‍රමාණය අති මහත්ය.

එසේ වුවද ලංකාවේ ඛේදජනක අලූත් පරපුරට මෙන්ම ඒ අලූත් පරපුර ඔස්සේ ඡන්ද වැඩිකරගත හැකි යැයි සිතූ නූතන ජනතා විමුක්ති පෙරමුණට අනුව කොකාකෝලා යනු දියුණු ධනවාදයට අයත් ඉතා ශිෂ්ඨ සම්පන්න සමාගමක් විය යුතුය. දෙදාස් පන්සිය වසරක ඊනියා සංස්කෘතික උරුමය යනු කථිකාමය වශයෙන් ගොඩනංවන ලද අධිපති මතවාදයක් වන අතර ඒ සියල්ලට වඩා දැවැන්ත ප්‍රෞඩ සංස්කෘතික උරුමය වන්නේ කොකාකෝලාය. සෝවියට් දේශයේ ඒකාධිපති රෙජීමය පෙරළා දැමීමට එරට තරුණයන් ජවය සපයා ගන්නා ලද්දේද කොකාකෝලා පානයෙනි. ජාතිවාදයෙන් ආගම්වාදයෙන් තොර නූතන දියුණු ධනවාදය පරිසරයට ඉතා හිතකර ලෙස කොකාකෝලා නිශ්පාදනය කරයි. කැළනි ගඟේ ප්‍රශ්නය එම සමාගමේ ප්‍රශ්නයක් නොව අපේ ප්‍රශ්නයකි. පසුගාමී ලංකාවේ පිහිටවූ විට කොකාකෝලා කොම්පැනිය වුවද පූස් බෙටි ගඳ ගසයි. එය සීමාන්තික සිංහල බෞද්ධ ජාතිකවාදයේ අර්බුදයක් විය හැකිය. ඒ නිසා ලංකාවේ සමාගම වසා දමා පිටරටින් කොකාකෝලා ආනයනය කළ යුතුය. ලෝකයේ වෙනත් රටවල ගංගාවලට වස යොදා හෝ පසුගාමී ලාංකීය වැසියන්ට කොකාකෝලා පෙවිය යුතුය. ඔවුන්ට නවීනවීමට ඇති ලොකුම බාධාව වන්නේ කොකාකොලා නැති වීමය. නූතන ශිෂ්ට ධනවාදයෙන් වත්මන් ලෝකයට කිසිදු තර්ජනයක් නැත. මිනිස් සංහතිය හමුවේ ඇති බියකරුම තර්ජනය සිංහල බෞද්ධකම හා සිංහලයන්ගේ සංස්කෘතික ඒකමානීයත්වයයි.

පරපුටුවන්ගේ කතාවේ සාරාංශය එසේය. ඇත්තෙන්ම මනුෂ්‍යයෙකුට තියා තිරිසනෙකුටවත් මේසා අමන සහ තකතීරු විය හැකිදැයි යමෙකුට සිතිය හැකි වුවද මෙය හුදු අහම්බයක් හෝ ඒක පුද්ගල මතවාදයක් හෝ නොවේ. කොකාකෝලා වන්දනා කරන අලූත් පරපුර යනු දාර්ශනික සුදු රෙදි ඇඳගත් අපරාධකාරී පියවරුන්ගේ නියම පාදඩ ස්වරූපය කුමක්දැයි මෝඩ ලෙස රටට කෑ ගසා කියන පව්කාර දූ පුතුන්ගේ කල්ලියකි. මද්දුම බණ්ඩාර හුජ්ජ කොල්ලෙක් යැයි මොරගැසීමෙන් සමාජ අවධානය පතන වැඩුනු තරුණයන්ගේ මානසික අනාථභාවය අප වටහාගත යුත්තේ කෙසේද? කාලයක් තිස්සේ මෙරට ශාස්ත්‍රීය ක්ෂේත්‍රය අවල කෙලිබිමක් බවට පත්කරගෙන සිටි අනුකාරක උගතුන්ගේ සැබෑ ස්වරූපය මේ මොංගල් දරුකැල විසින් රටට නිරාකරණය කරමින් සිටිති.

රනිල් ශිෂ්ට ලිබරල් නායකයෙක් ලෙස පෙනෙන මේ මොංගල් දරුවන්ට කොකාකෝලා සමාගම දියුණු ධනවාදයේ ශිෂ්ට වෙළඳ ආයතනයක් ලෙස පෙනීයාම පුදුමයක් නොවේ. දුටුගැමුණු යුධවාදී මිනීමරුවෙකු වන මේ පිරිසට ප්‍රභාකරන්ගේ ශුක්‍රාණූවලින් පවා මානව හිතවාදයේ ගුණ සුවඳ විහිදෙයි. කණගාටුවට කාරණය වන්නේ මේ මොංගල් දරුවන් වත්මන් ජනතා විමුක්ති පෙරමුණේ ආධාරකරුවන් වී සිටීමය. නමුත් මෙවන් පුද්ගලයන්ගේ ආධාරය හිමිවීමම සමාජ දේශපාලන ව්‍යාපාරයක විනාශයේ පරම පෙර නිමිත්ත බව අප විසින් පෙන්වා දී ඇත්තේ අද ඊයේ නොවේ. ජවිපෙ මෙවර ප්‍රතිපලය විසින් ඒ තක්සේරුව නැවත වරක් සනාත කොට ඇත.

ඉසුරු ප්‍රසංග

කොකාකෝලා සමාගමට එරෙහිව ලෝකය පුරා නැගෙන විරෝධය












Wednesday, September 2, 2015

රතු කොකා සහ කොකා කෝලා

කොකා කෝලා සමාගමේ අපරික්ෂාව හේතුවෙන් බොන ජලයට තෙල් කාන්දු වීම සහ මෙරට ක්‍රියාත්මක බහුජාතික සමාගම්වල කෙරුවාව මධ්‍යයේ වමේ නිහඬතාවය පිළිබඳ කතා බහක් මතුව ඇත. මේ කාරණාවට අදාළව බහුජාතික සමාගම් වලට එරෙහිව සටනට මෙරට ජනප්‍රිය වම සොයා යන පිරිස් අතපසු කරගන්නා කරුණක් ඇත. ඒ මේ වන විට කොකාට එරෙහිව යාමට රතු කොකාලා සුදානම් නැති බවය. ඒ හැම කොකාගේ මෙන්ම රතු කොක්කුන්ගේද නියම පැහැය ඔය වැනි පියෑඹීම් වලදී පෙනෙන්නට ගන්නා නිසාය. මේ ඒ ගැන තවදුරටත්ය.

මාක්ස්

බොහෝ දර්ශනවාදීන් සිදුකලේ ක්‍රමය විග්‍රහ කිරීම සහ එය විවේචනය කිරීමය. ඒ මිස ඔවුන් පවතින යතාර්ථය වෙනස් කර අලුත් ලොවක් යෝජනා කළේ නැත. මාක්ස් තවත් එක් දාර්ශනිකයකු නොවන්නේ ඔහු ක්‍රමය විග්‍රහ කිරීම සහ එය විවේචනය කිරීමෙන් නොනැවතී නව ක්‍රමයක් යෝජනා කළ නිසාය. නැතිනම් කඩන හැටි මෙන්ම හදන හැටිද කියූ නිසාය. ඒ අර්ථයෙන් මාක්ස් යනු දාර්ශනිකයෙක් නොවේය. හේ ප්‍රතිදාර්ශනිකයකු 
ලෙස සැලකීම වඩා නිවැරදිය.

ඒ අනුව ධනවාදී නිෂ්පාදන මාදිළියට එරෙහිව මාක්ස්ගේ යෝජනාව වුයේ කොමියුනිස්ට් නිෂ්පාදන මාදිළියයි. මෙහිදී වමේ ඇකඩමික් ඉතිහාසය අපට කියාදී තිබෙණුයේ සමාජවාදය යනු කොමියුනිස්ට් නිෂ්පාදන මාදිළිය සතු ඇතැම් ලක්ෂණ පෙන්වන සංක්‍රාන්ති අවධියක් ලෙසින්ය. නමුත් මෙතෙක් සමාජවාදී යැයි කියනා රටවල් අපට අත්දැකීමක් ලෙස සමාජවාදය සමීප කර තිබෙන්නේ රාජ්‍ය ඒකාධිකාරී ධනවාදයක් හෝ නමට සමාජවාදී වූ එහෙත් ධනවාදයේ බල සම්බන්ධතා මත ක්‍රියාත්මක වන අර්ථ ක්‍රමයන්ය.

වම

71 මෙරට පාලකයන්ගේ බල්ලන් පවා කිරිබොන විට ජනතාවට කිරි තබා හාල් පොලුත් වැටුනේ ඒ අනුවය. ඒ විවේචනය මීට වඩා දුර දිග ගෙනයාමෙන් අප වළකින්නේ 71 පැවතියේ රාජ්‍ය ඒකාධිකාරී ධනවාදයක් මිස සමාජවාදයක් නොවන බව ජවිපෙ පෙරටුකොටගත් වම අපට උගන්වා තිබෙන නිසාය. එසේම එය 71 සමගි පෙරමුණ හදාරන අයෙකුට පහසුවෙන් වටහා ගන්නටද හැකි නිසාය.

එනිසා කලක් ජවිපෙ කට ඇර සමාජවාදී කී චීනය අපට උදාහරණයට ගන්නට පුළුවන.

එදා ජවිපෙ චීනය විග්‍රහකොට දැක්වුයේ “ලිහාගන්නට පොඩි පොඩි අවුල් තිබුණත් චීනය සමාජවාදී” කියාය. ජවිපෙ විසින් මේ විග්‍රහය හොරෙන් හොරෙන් අකුලා ගත්තේ චීනය මෙරටදී මහින්ද සමග කෑ දීගය කැත ලෙස හෙළිවූ පසුබිමේදීය. එහෙත් ඒ අරඹයාද ජනප්‍රිය වම්මුන්ට පැහැදිලි කිරීමක් තිබිණ. හිත හදාගන්න මෙන් කළ එය ” හොරු එක්ක ගනු දෙනු කරන කොට චීනෙත් එහෙම වෙනවා.මොකද ඉන්දියාව සහ එක්සත් ජනපදට තරගයක් දෙන ගමන් තමයි මෙහෙදී චීනෙට ගනු දෙනු බේරගන්න සිද්ධවෙලා තියෙන්නෙ. එහෙම නැතුව සමාජවාදී රටවල් එක්ක හොඳ ගනුදෙනුවකට යන්න බෑ කියන්න බෑ ” වැනි ස්වභාවයක් ගත්තේය.

මෙතනදී රෑ දනියෙල් දවල් මිගෙල් ලෙස කටයුතු කිරීම ගැන පාක්ෂිකයන් ප්‍රශ්න කළේ නැත. අවම වශයෙන් උතුරු සුඩානයේදී චීන ආයෝජක කෙරුවාව වත් ඔවුන් ඇසුවේ නැත. ඒ නිසා ජනප්‍රිය වම්මුන් සමග හෙට සමාජවාදී සමාජ විප්ලවය කරන්න සිටින අයට චීනය ‘සමාජවාදීම’ විය.

මේ අතර චීනය ණය දුන්නේය. පිට රටවල ආයෝජනය කරන්නට දුෂිත පාලකයන්ට අනෙක් ධනවාදී රටවල් පරයා අල්ලස් දුන්නේය. ඒ හරහා ප්‍රකෝටිපතියන් රට තුළ පැටවූ ගස්සවා ගත්තේය. සැබවින්ම අතීත අධිරාජ්‍ය නාවුක ගවේෂකයින්ට පහසුකම් දී නැවෙන් ගොස් සිදුකරණ කොල්ලය දිරිමත් කිරීම සහ මේ අතර වෙනසක් නැත. එදා මෙන්ම මෙතනද වැදගත් කොට සලකන්නේ රාජ්‍ය භාණ්ඩාගාරයට කීයක් එනවාද? යන්න පමණය.
මෙවැනි රටක් සමාජවාදී ලෙස හැඳින්වීම සහ වාර්ෂිකව සංචාරය කිරීම , පක්ෂ සමුළුවට සුබ පැතුම් ගෙන්වා ගැනීම සහ ගොතා වැඩපිළිවෙලට මාක්ස් සිදුකළ විවේචනය අතර සම්බන්ධය අධ්‍යයනය කළ විට මේ හැසිරීමෙහි බරපතල ආචාරධර්ම ප්‍රශ්නයක් පමණක් නොව දේශපාලන ප්‍රශ්නයක්ද තිබෙන බව හඳුනා ගැනීම දුෂ්කර නැත. එදා මාක්ස් ගොතා වැඩපිළිවෙල එතරම් නිර්දය ලෙස විවේචනය කළේ ධනවාදය වෙනස කරන පක්ෂය තුළ ධනවාදයේ බිජු අංශුවක් වත් නොතිබිය යුතු බවට වන අවදාරනයෙනි. නමුත් වත්මන් මේ ජනප්‍රිය වම්මුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන යනු කොමියුනිස්ට් තබා සමාජවාදය කියන අකුරු 6 වත් නොමැති කසිකබල්ය.

ඒවායේ තිබෙනුයේම ධනවාදය රට තුළ පොදු වැසිකිලියක් තරමට ගඳ ගහන්න ගෙන නම් ඒ පිරිසිදු කොට තබා ගැනීමේ තම සුදුසුකම් සහ ඒ වෙනුවෙන් වන වැඩපිළිවෙලය. ඒ අනුව අප රටේ ජනප්‍රිය වම තුළ ධනවාදයේ වැසිකිලි සුද්දකරන්නන් මිස සටන්කාමී දේශපාලන ව්‍යාපාර නැත.
මේ වන විට කාටත් දැනෙන ලෙස කොකා කෝලා ගෙන මෙය විග්‍රහ කර ගන්නවා නම් ඒ මෙසේය යනුවෙන් අරඹා , කොකා කෝලා යනු බහු ජාතික සමාගමක්ය. එහි පැහැය රතුය. සමාගමේ සන්නාමය සහ කොහොමටත් කොකා කෝලා රතු නිසා එහි ගත යුතු ‘කෑල්ලක්’ වමට ඇත. ඒ චීනයට අදාළව තිබු කෑල්ල වගේම පොඩි කෑල්ලක් කියා පොඩි කෝචෝක් පාරක් දමා මෙය අවසන් කරන්නට පුළුවන.
එහෙත් ජවිපෙ ඇතුළුව මෙරට ජනප්‍රිය වම ගාල්ව ඇති මිත්‍යාව තේරුම් ගැනීමට තවමත් අසමත් සමහර අවංක දේශපාලන ක්‍රියාධරයන් තවමත් ‘වැඩෙත් එක්ක’ය. නැතිනම් දේශපාලන කාරනා හමුවේ පක්ෂ සහ පුරුදු, ඒවායේ දැක්ම වැනි දෑ සමග තිබෙන පෙකණි වැල වෙන් වෙන්නට කපා ගන්නට අසමත් අලි මේ තැන්වල කොට අදිමින්ය.

එසේම අනාගතයේ තවත් ක්‍රිෂ්මාල් මායාදුන්නේලා වීමට බලා සිටින දේශපාලනික විමතිකයන්ව තවත් වටයකින් දැනුවත් කළ යුතුව ඇත.


පොඩි උපමා කතාවකින් කියනවානම් ඒ මෙසේය.
එක ගමක සහෝදරවරු 7ක් හිටියා. ඒ රටේ ජනතාව පෙලපු රජතුමාට විරුද්ධව තමයි මේ අය වැඩ කළේ. ජනතා පීඩකයන්ට එරෙහිව සටන් කරන්න එයාලා තාත්තගේ මරණ මන්චකයෙදීත් පොරොන්දු වෙලා හිටපු නිසා නිතරම අයුක්තිය අසාධාරණය වගේ දේවල් එයාලා පතුලටම හඹා ගිහින් ඒවා පිටු දැක්කා. උපරිම සත්‍යවාදී උණා. ඒ නිසා සාමාන්‍ය මිනිස්සුත් මේ සහෝදරයන් 7ට ටිකක් විතර බයෙන් හිටියේ. මොකද සහෝදරයින් තදින්ම අයුක්තිය අසාධාරණය පිටුදකින නිසා මෙයාලට බය වුන හුගක් අයත් රජ උනානම් හැසිරෙන්නේ රජා වගේම තමයි කියනදේ යන්තමින් හෝ දැනසිටි නිසා. ඒ නිසා මේ සහෝදරයන්ගේ වැඩ වලට හුගක් මිනිස්සු එළිපිට කැමති උනත් රහසින් කැමති උණේ නෑ.

මේ සහෝදරවරුන්ගේ ලොකු අයියා මේක දැනගෙන හිටියා. ඒ වගේම ඒ බව මල්ලිලාටත් කියලි තිබුණේ.
කොහොම හරි එක පාරක් රජාගේ පිරිසත් එක්ක වුන දරුණු සටනකින් පස්සෙ ලොකු අයියා මැරුණා. ඊළඟ අයියා තමයි ඊට පස්සෙ මේ සහෝලට නායකත්වය දුන්නේ. එයා ලොකු අයියා වගේ නෙවෙයි. රජා එක්ක සටන වෙනුවට සම්මුතිය තෝරාගත්තා. ඒ නිසා කල් ගත්වෙනකොට මිනිස්සු මේ සහෝලට තිබුණ බය ගියා. අනිත් මල්ලිලාටත් පියාගේ මරණ මංචකයේදී උන පොරොන්දුව අමතක උනා.

ඉතින් මුලික සටන වෙනුවට මෙයාලා පොඩි පොඩි ටියුෂන් වැලි වලට යන්න ගත්තා. ටියුෂන් වැලි වලදී කොල්ලෝ විසිල් ගහපු නිසා වැඩියෙන්ම විසිල් වදින කෙනා සහෝදරයන් අතර ‘පොර’ උනා. එතන ඉඳලා සහෝලා සටන් කළේ පොරක් වෙන්න මිස පියාට උන පොරොන්දුව රකින්න නෙවෙයි.

පොර මානසිකත්වය ඇතුලේ ගොඩක් දේවල් මෙයාලට වෙන්න ගත්තා. ඒ වෙනකොට හිටපු එක මල්ලි කෙනෙක් රජා ගාවට ගියා. තවත් මල්ලියෙක් රට ගියා. නායකයා වෙලා හිටපු අයියව එළවලා හොඳට ටියුෂන් විසිල් ලැබුණ මල්ලියෙක් මේ සහෝදර පිරිසේ නායකයා උනා. එයා විසිල් වලට විතරයි සංවේදී උනේ. ඉතින් මිනිස්සු කළේ මෙයාව දැක්කාම විසිල් ගහන එක.

විසිල් වැඩිපුර ඇහෙන්න ඇහෙන්න මෙයා හිතුවෙ තමන් මිනිස්සු අතර මාර ජනප්‍රියයි කියලා. ඒ නිසා විසිල් වදින වැඩ හොයාගෙන ගිහින් ඒ වැඩේ මාරාන්තිකව ගොඩදාන්න මේ අයියා ක්‍රියා කළා. එයා හිතුවෙ මේ විසිල් දවසක තමන්ව රජ ගෙට ගෙනියයි කියළා.

එයා තවමත් හිතාගෙන ඉන්නෙ එහෙමයි.

ඔහොම ඉන්නකොට එයාව හම්බෙන්න මාධ්‍යවේදියෙක් ආවා.

මා : ලොකුම අයියව මතකද?
නා.ස : ඔව්. හොඳට මතකයි.

මා : එයා සටන් කළ විදිය ගැන මොකද හිතන්නේ
නා.ස : දැන් ඒවා වලංගු නෑ. අපි අලුත් වෙන්න ඕන.

මා : ඊට පස්සෙ අයියව මතකද?
නා.ස : අපෝ. යන්තම් ඇති එයා අපිව දාලා ගියා. එයා තමයි අපේ පවුල කෑවෙ.

මා : රජා ගාවට ගිය සහෝදරයාගේ හැසිරීම කොහොමද?
නා.ස : අපි ළඟ ඉන්නකන් හොඳට හිටියා.දැන් අන්තිමයි. අපි එලවපු අයියා තමයි එයාගෙත් ඔලුව කෑවෙ

මා : රට ගිය අයියා මතකද ?
නා.ස : ආ .අපි එක්ක හිටපු කෙනෙක් නම් රට ගියේ නෑ.

මා : අර රාජපුරුෂයෝ උස්සන්න ගියේ ?
නා.ස : නෑ. එහෙම කෙනෙක් හිටියෙ නෑ.

මා : එතකොට ක්‍රිෂ්මාල් ?
නා.ස : ඔයවගේ හාදයෝ ජන්ද කාලවල එනවා. ඒත් හරියටම මතක නෑ.

මා : මායාදුන්නේ?
නා.ස : ආ ..දැනට මතකයි..ඒත් ඉතින් අනේ මන්දා මේ වැඩ නිසා ඉස්සරහට අමතක වෙයිද කියලා.

මා : අර බහු ජාතික සමාගම් රට වනසනවා?
නා.ස : ආ එහෙමද? අපි ඒ ක්‍රියාව තරයේ ප්‍රතික්ෂේප කරනවා.

මා : බොන වතුරට එයාලාගේ වරදින් තෙල් එකතු වෙලා ?
නා.ස : ආ …ඇත්තද? මාර වැඩේ ..ඉතින් ඉතින්

මා : ඉතින් කියන්නෙ, ඒක දැන් ගොඩින් බේරගන්න හදන්නෙ !
නා.ස : අම්මට සිරි එහෙමද

මා : ඔව්. රතුපස්වලදී වගේ ඔබලා මැදිහත් වෙන්නෙ නැද්ද?
නා.ස : වැඩක් තියනවද ? කැළණි ගඟට තෙල් වැටුනා කියලා අපි කෑගැහුවට මිනිස්සුන්ට දැනෙන්නෙ නෑ. විසිල් එකක්වත් ගහන්න තරම් ගැලරියක් සෙට් වෙන එකක් නෑ. කෝ අපි රාජ සභාවේ ඉල්ලපු විපක්ෂය වත් අපිට මිනිස්සු දුන්නේ නෑ. වෙන මොකක් හරි බලලා කියන්නකෝ !

මා : ඒ කියන්නෙ දැන් ඔයාලා හුඟක් වෙනස් වෙලා.
නා.ස : ඔව්. ජනතාව අපිට දීලා තියන වරමේ තියෙන්නෙ දුෂණ හොයලා පොඩි වාර්තාවක් හදන්න.පස්සෙ ඔයාලව ගෙන්වලා ඒ ගැන දැනුවත් කරන්න. ඒ නිසා අපි අපිට ජනතාව නොදුන්න දේ කරන්න යන්නෙ නෑ. බහු ජාතික සමාගම් ගැන අපේ අලුත් පොතේ නෑ. අනික නිකන් හිතන්න කොහෙවත් යන නලයක් පුපුරලා වතුරට තෙල් ගියාම ඒකෙ අයිතිකාරයට ගහලා වැඩක් තියනවද? ‘හොඳ නල වලින් සමාගම් වලට තෙල් ගනු’ කියලා අපි දැනටමත් පෝස්ටරයක් ප්‍රින්ට් කරමින් ඉන්නෙ. ඕනනම් ඔය රාජ සභාවේදීත් පොඩි ටෝකක් දාන්නම්. ඒත් මං හිතන්නෙ නෑ වැඩක් වෙයි කියලා. කොහොම උනත් කොළඹ වතුර වල තෙල් කියලා වතුර කපන්න කලින් ඒක ජනතාවට කියන්න තිබුණා. එහෙනම් ජනතාව කලින් වතුර පුරවා ගන්නවා.

කතාව දැනට එතනින් අවසන්ය. ඉදිරියට නියමිතව තිබෙණුයේ විමල් වීරවංශ, සෝමවංශ , ක්‍රිෂ්මාල් මායාදුන්නේ සහ ඊට තකට තක විකාර රතු කොක් හාමිලා වෙනස් අවකාශයක බිහිවීමය.

තත්ත්වය මෙසේ හෙයින් කොකා කෝලා තබා මොන අටමගල් බහුජාතික සමාගම් මෙරට යකා නැටුවත් වම පැමිණ එය ගොඩ දාන්නේ නැත. එසේ ගොඩදැමීමක් බලාපොරොත්තු වෙනවා නම් එතැන විසිල් ගොඩක් වදින තැනක් බවට පත්කර ගත යුතුව ඇත.

වඩාත් සරලව නම් සමාජවාදී රතු කොකාලා සහ ධනවාදී රතු කොකාලා අතර තවදුරටත් තිබෙණුයේ වචන වල වෙනසක් පමණය. ඔවුන් පියාඹන්නේ නැත්තේ එවිට සැබෑ වර්ණය පෙනෙන්නට ගන්නා නිසාය.

Sunday, August 30, 2015

ලංකාවෙන් Coca-cola සමාගමට රුපියල් බිලියනයක දඩයක්

කර්මාන්ත ශාලාවලින් සිදුවන පරිසර දුෂණය අද වන විට ලෝකය පුරාම විශාල ගැටළුවක් වෙලා. ලෝකයේ සංවර්ධිත රටවල නම් මෙවන් පරිසර දුෂණයන් වැලැක්වීම සඳහා දැඩි නීති ක්‍රියාත්මක වෙනවා. නමුත් අපේ රට වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල තත්වය මීට හාත්පසින්ම වෙනස්. බොහෝවිට කර්මාන්ත ශාලා වලින් සිදුවන පරිසර දුෂණයන් කිසිදු අවදානයක් නොලබාම සැඟවී යනවා. මහා පරිමාණ සමාගම් මගින් සිදුවන මෙවන් පරිසර විනාශයන් ඔවුන් තම මුදලේ බලයෙන් සඟවා ගන්නට ඉතා සුක්ෂම ලෙස කටයුතු කරනවා. සංවර්ධනය වෙමින් පවතින රටවල නීති රීති වල ඇති අඩුලුහුඩු කම් වලින් ප්‍රයෝජනය ලබමින් ඔවුන් එම රටවල් වලින් ඉමහත් ලාබයක් උපයන්නේ එම රටවල් වල පරිසරය හෝ එම රටවල මිනිසුන් ගැන කිසිදු තැකීමක් නොකරමින්

පසුගිය දිනක අපේ රටෙත් මෙවන් විශාල පරිසර දුෂණයක් සිදුවුනා. මේ සිදුවීම සිදුවුනේ බියගම පිහිටුවා ඇති Coca-cola කර්මාන්ත ශාලාවෙනුයි. Coca-cola කර්මාන්ත ශාලාවෙන් කිසියම් ද්‍රව්‍යක් කැළණි ගඟට එකතු වීම නිසා කැළණි ගඟේ ජලය මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු මට්ටමට අපවිත්‍ර වුනා. මේ නිසා කොළඹ නගරයේ පානිය ජාල සැපයුම විටින් විට අඩාල කිරීමටත් සිදුව තිබෙනවා. කර්මාන්ත ශාලාවක භාවිත වූ ජලය නැවතත් ජාල මුලාශ්‍රයකට මුදාහරින්නේ නම් ඊට ප්‍රථම එම ජලය මනුෂ්‍ය පරිභෝජනය සඳහා සුදුසු වන ආකාරයට පිරිසිදු කල යුතු වෙනවා. එමෙන්ම මේ ජලය පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය නිරන්තරයෙන් නිරීක්ෂණය කලයුත්තක්. මේ සියලු ක්‍රියාදාමයන් නිසියාකාරව සිදුවෙන්නේ නැත්නම් එම කර්මත්න ශාලාව පවත්වාගෙන යාම සඳහා නිකුත් කොට තිබෙන පාරිසරික බලපත්‍රය අවලංගු කෙරෙනවා.

මේ සිද්දිය සම්බන්දව Coca-cola Sri Lanka සමගම පවසා තිබෙන්නේ මෙය භූගත ඩිසල් නලයක ඇතිවූ කාන්දුවක් නිසා සිදුවුන ජල අපවිත්‍ර වීමක් බවයි. නමුත් මෙතරම් විශාල ජල අපවිත්‍ර වීමක් වනතෙක් ඩිසල් කාන්දුවීමක් සොයාගැනීමට නොහැකි නම් එම කර්මාන්ත ශාලාවේ සැකැස්ම සහ නඩත්තුව ගැන මතුවන්නේ විශාල ගැටළුවක්. සාමාන්‍යයෙන් මෙවන් අවස්ථාවකදී අදාල කර්මාන්තශාලාව මගින් නියමිත අංශ දැනුවත් කිරීම කල යුතුයි එවිට ඔවුන්ට මේ අපිරිසිදු ජලය මහජනයා වෙත ළඟාවීම වැලක්වීමට අවශ්‍ය පියවර ගත හැකි වෙනවා. Coca-cola Sri Lanka සමගම මේ පියවරයන් අනුගමනය කළේදැයි යන්න විමසා බැලිය යුතු වෙනවා.

ජාතික ජල සැපයුම් මණ්ඩලයට අනුව නම් ඔවුන් උදැසන 7 ට පමණ ඔවුන්ගේ අඹතලේ පිහිටි ජල පවිත්‍රාගාරයේ ටැංකි මත තෙල් වැනි ද්‍රව්‍යයක් පාවෙමින් තිබෙනු නිරීක්ෂණය කර ඇති අතර ඉන් පසුව ඔවුන් අඹතලේ ජල පවිත්‍රාගාරය වසා දමා එම තෙල් වැනි ද්‍රව්‍ය පිරිසිදු කිරීමට කටයුතු කර තිබෙනවා. මේ තෙල් වැනි ද්‍රව්‍ය නිසා පවිත්‍රාගාරයේ පෙරහන් වලටද යම් හානියක් වන්නට ඇතැයි සැක කෙරෙනවා. තවද කැළණි ගඟේ රැඳී තිබු අපවිත්‍ර ජලය ඉවත් කිරීම සඳහා ලක්‍ෂපාන ජලාශයෙන් ජලය නිකුත් කිරීමටද සිදුව තිබෙනවා.

Coca-cola Sri Lanka සමගම පවසන පරිදි සිදුව ඇත්තේ ඩිසල් කාන්දුවීමක් ද නැත්නම් වෙනත් අහිතකර රසනයනික ද්‍රවයක් දැයි යන්න පිළිබඳව තවමත් පරීක්ෂණ පැවැත්වෙනවා. මේ සඳහා අදාල ජල සාම්පල් ඉන්දියාවට යවා ඇති බවත් වාර්තාවෙනවා. දැනට වාර්තාවෙන අන්දමට Coca-cola Sri Lanka සමාගමේ පාරිසරික බලපත්‍රය අවලංගු කොට තිබෙනවා. එමෙන්ම ඔවුන්ට රුපියල් බිලියන 1 ක දඩයක් නියම කොට ඇතිබවත් වාර්තාවෙනවා.

ජලය යනු මිනිසාගේ මුලික අවශ්‍යතාවයන් ගෙන් ප්‍රධානම කරුණක්. අපිට ජලය නැතිව ජීවත්වීමට කිසිසේත්ම හැකියාවක් නැහැ. නමුත් Coca-cola Sri Lanka වැනි විශාල සමාගම් කැළණි ගඟ වැනි ප්‍රධාන ජල මුලාශ්‍ර මෙලෙස අපවිත්‍ර කිරීම කිසිසේත්ම එකඟ විය නොහැකි කාරණයක්. මේ සිදිය පිළිබඳව ලැබෙන අවධානය ඉතා අල්ප වීමද බරපතල කාරණයක් මෙය මෙවන් සමාගම් වලට මෙවන් ක්‍රියාවන් නැවත නැවත කිරීම සඳහා අනුබල ලබාදීමක්. පිරිසිදු පානිය ජලය ලබාගැනීමට නොහැකිවීම එක් අවස්ථාවක අපේ රටේම විශාල ගැටළුවක් බවට පරිවර්තනය වුනා අවසානයේ එය එවකට පැවති රජය බලයෙන් පහවීමට තරම් විශාල සිද්දියක් බවට පත්වුනා. නමුත් මේ සිද්දිය ට ලැබී තිබෙන්නේ ඉතා අල්ප වූ අවධානයක්. කිසියම් පාර්ශවයක් සිතා මතා මේ සිද්දිය ප්‍රසිද්ද වීම වළකාලීම සඳහා ක්‍රියාකරනවද යන්න අවධානය යොමුකළ යුතු කාරණයක්.

තාක්ෂනය යනු අපගේ ජිවිත වඩාත් හොඳ ආකාරයට පවත්වාගෙන යාමට ඉවහල්කරගත යුත්තක් මිස එය අප ජිවත් වන මේ ලෝකය විනාශ කිරීම සඳහා යොදාගත යුතක් නොවෙයි. තාවකාලික ලාබයන් බලාපොරොත්තුවෙන් මහාපරිමාණ සමාගම් සිදුකරණ මෙවන් පාරිසරික විනාශයන් තරයේම හෙළාදකිය යුතු වන අතර මෙවන් සමාගම් වලට එරෙහිව නිතිය දැඩිව ක්‍රියාත්මක කලයුතු බව අපගේ අදහසයි. මන්ද අවසානයේදී අප උපයන ලාභයන්ගේ ප්‍රතිලාබ ලැබීම සඳහා අපට ජීවත්වීමට පරිසරයක් ඉතිරිව තිබිය යුතු නිසාවෙනි.

Source : http://nation.lk/

Saturday, August 29, 2015

මහමැතිවරණයෙන් පසු මොකද වෙන්නෙ? (Audio)

Pubudu Jayagoda
මහ මැතිවරණෙ මොකද වුනේ ?

මහින්ද පරාදයිද ?

ජාතික ආණ්ඩුව යන්නේ කොහේටද ?

පෙරටුගාමී එකට මොකද වුනේ ?ජවිපෙට මොකද වුනේ ?

ආචාර්ය මධ්‍යම පාන්තික විද්වත්තු කලේ මොනවද ?

හෙට වම නැත්තටම නැති වෙයිද ? චන්ද කෙරුවාව වැඩක් තියෙනවද ?

එකී මෙකි බොහෝ ප්‍රශ්න බොහෝ දෙනෙක්ගේ හිත් වල එලියට නොකිව්වත් වැඩ කරනවා. ඉතින් ඒ ගැන පුබුදු ජයගොඩ දක්වපු අදහස්.


හඬපටයට සවන්දෙන්න,




බාගතකිරීමට,

Download MP3 file (19 mb)

Monday, August 17, 2015

ජවිපෙ ව්‍යාජ හෘදසාක්ෂිය මාට්ටු


පසුගිය දිනක සමාජවාදී ශිෂ්‍ය සංගමය ලිපියක් නිකුත් කරමින්, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩල කැදවුම්කරු සහෝදරයා වෙත චෝදනා කර සිටියේ ජවිපෙ අපකීර්තියට පත්කරමින් ව්‍යාජ ප්‍රතිපත්ති ප්‍රකාශයක් මුද්‍රණය කර බෙදාහැර ඇති බවටයි. මෙම ප්‍රකාශය අ.වි.ශි.බ.ම. කැදවුම්කරු සහෝදරයා තරයේ ප්‍රතික්ෂේප කළ අතර හැකිනම් මෙලෙස ප්‍රතිපත්ති ප්‍රකාශන දෙකක් බෙදා නොහැරී බව සහ අඩුම තරමින් නිවැරදි ප්‍රකාශනය කුමක්ද යන්න ජනතාවට පෙන්වා දෙන ලෙස ප්‍රසිද්ධියේ අභියෝග කරන ලදි. එයට පිළිතුරු ලෙස විජිත හේරත් මහතා යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තරයක් ලබා දෙමින් කියා සිටියේ මෙය පක්ෂයේ ජනතා ආකර්ෂණය දරා ගත නොහැකිව සිදු කරන ලද අවලාදයක් පමණක් බවය. 


පහතින් දක්වා ඇත්තේ මෙහි යථාර්තයයි.



JVP IUSF



මෙහි වම් පසින් දක්වා ඇත්තේ අ.වි.ශි.බ.ම. මගින් බෙදාහරින ලදැයි පවසන ප්‍රකාශනයෙහි 23 වන සහ අවසාන පිටුවයි. දකුණු පසින් ජවිපෙ විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කරන ලද ප්‍රකාශනයෙහි 23 සහ අවසාන පිටුව දක්වා ඇත. මෙම අවසාන පිටු දෙකෙහිම 23 වන පිටුවෙන් උපුටා ගැනීමක් දක්වා ඇත. නමුත් දකුණු පස දක්වා ඇති ජවිපෙ ප්‍රසිද්ධ ප්‍රකාශනයෙහි එවැන්නක් සදහන්ව නොමැති අතර එම උපුටා ගැනීම වම පස ඇති ප්‍රකාශනයෙහි 23 පිටුවේ සදහන් වී ඇත. මෙයින් පෙනී යන්නේ ජවිපෙ ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කිරීමේදී කැදවුම්කරු සහෝදරයා සකස් කළැයි කියන ප්‍රකාශනයෙන් උපුටා ගැනීමක් සිදු කල ඇති බවය...

මෙහි නිවැරදිභාවය පිළිබද සොයා බැලීමට මෙම ප්‍රකාශන දෙකම පහතින් භාගත කරගත හැක.

Download Documents

Sunday, August 16, 2015

වමේ කුජීතකම් අස්සේ ධනේෂ්වරයට ජැක් ගසන හෘද සාක්ෂිය

JVP Sri Lanka
හෘද සාක්ෂිය යන්න ඒක පුද්ගල චිත්ත සංථානගත විඥානවාදී නැඹුරුවක් විනා එය සමාජමය බද්ධතාවයක පිළිබිඹුවක් නොවේ. මන්ද හෘද සාක්ෂියේ ප්‍රමාණය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්ව පවතින්නකි. එකී පරාදීන මානසිකත්වයක් බුහුවිධ සටන් පාඨයක් ලෙස උපයෝගී කරගන්නා සමාජමය බලවේගයක් වන්නේද එය පරාදීන බවේ හෝ ගෝත්‍රික දහරාවේ පතුලේම කිදා බැස ඇති පිළිබිඹුවක් විනා අන් යමක්ද නොවන්නේය.

එකගින් මෙකී ගෝත්‍රික වචන හරුපය කර පින්නාගෙන මෙවර මැතිවරණයට ඉදිරිපත් වන ජවිපෙ නම් දේශපාලන ව්‍යාපාරය තම දේශප්‍රේමීත්වය නැවත වරක් ලොවට හඬ ගා පවසන්නේ දේශයේ හෘද සාක්ෂිය තමා වශයෙන් හදුන්වාගනිමිනි.

දේශප්‍රේමීත්වය හරහා ජාතිවාදය පෝෂණය කිරීමට දායක වූ ජවිපෙ පසුකාලීනව තමන් දේශප්‍රේමීත්වය යන්න ජාතිවාදී හැඩයක් ගත්තේ යැයි කිසියම් තැනක ස්වයං විවේචනාත්මකව දැක තිබිනි. එහෙත් ස්වයං විවේචන යන්න ජවිපෙ නැමැති සුළු ධනේෂ්වර මානසිකත්වයෙන් පෝෂිත සංවිධානයකට විටින් විට තම අරමුණ භක්ෂණය කිරීම සදහා දුන් එක් මනෝවිකාරික තල්ලුවක්ද විය. එය මනාව ඔප්පු කරනු ලැබූ වාර ගණන ලක්ෂ ගණනින් වුවත් සමාජගතව එකී නිරුවත පෙන්වූ වාරයන් අල්පය. 

ජාතිවාදය නිරන්තරයෙන් පවතිනුයේ දේශප්‍රේමය සමගය. එසේ නොවන්නේය යන්න පැවසීමට යම් ඉඩක් ඇත්තේ ධනේෂ්වර ගොහොරුවේ එරී සිටින ව්‍යාජවාදීන්ට මිස අන්කවරෙකුට හෝ නොවේ. 

දැන් කරලිය සූදානම්ව ඇත්තේ වාම නැඹුරුවකින් යුතු පක්ෂයක සාමාජිකයින් පාර්ලිමෙන්තු යැවීමට නොව දූෂිතයින්ගෙන් ධනේෂ්වර පාලන තන්ත්‍රය ආරක්ෂා කරමින් එයට නව පන්නරයක් ලබා දෙන ධනේෂ්වරය සුරකින එය සෝදා පිසදා පිරිසිදු කරන වාග් සංග්‍රාමිකයින් කිහිප දෙනෙකු පාර්ලිමේන්තු ගත කිරීමටය.

ජවිපෙ මෙය හොදින් දන්නා අතරම ඒ සදහා වන අනේකවිධ විජ්ජාවක් කරලිගත කිරීමට ඔවුන් නිරත්තරයෙන් කටයුතු කරමින් සිටී. ඒ සදහා ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කොට ඇති අතර සුළු වශයෙන් වැය වූ රුපියල් ගණන කෝටි 60කට වැඩි වනවා විනා අඩුවන්නේ නැත. 

ලෙනින් සටහන් කොට තැබූ පරිදි ඔබට මඩ ගොහොරුවට යන්න ඕනෑ නම් යන්න එහෙත් අපේ දෑත් අත්හරින්න යන්නට ලාංකික ජවිපෙ නැමැති ධනේෂ්වර උපනතියට පැවසීමට ඇත්තේ ද අපි වම ගැන සිහින දකිමින් මේ වනවිටත් ලංකාවේ පවතින වාම යැයි කියාගන්න මායාකාරී විකාරරූපීන්ගෙන් මීදී සිටියදී, අපේ දෑත් සිඹීමට හෝ ඇල්ලීමට මඩ ගොහොරුවේ කරවටක් එරී සිටින නුඹලාට ඉඩ නොදෙන බවය.

අපි සුදනො නොවන බව පැවසීමට ඕනෑ තරම් කරුණු කාරණා නුඹලාගේ දෑකැති මිටි ඉවත දැමූ සීනුව පමණක් පච්චා කෙටූ ශරීර කූඩු අස්සේ ඇති බව දනිමු. එහෙත් වාම වශයෙන් හදුන්වන වචනාර්ථය ද අසලක නැති පාරාජික මානසිකවාදීන්ට පැවසිය යුතුව ඇත්තේ නුඹ සිටගත තැන යහපත් බව පමණි.

එනම් මෙතෙක් රට පාලනය කළ ධනේෂ්වරත් නොවන ආසියාතික ගෝත්‍රික කණ්ඩායම් දෙකක් මැද එකී හරුපයන්ට සරිපදමට සරිලන තවත් එක් ගෝත්‍රික කණ්ඩායමක් එක්වීම හා එකී ස්ථානය සලකුණු කර ගැනීම යහපත් බවය. එබැවින් මින් මතු පෙර සිදුනොකළ එහෙත් වචනයක්ට පමණක් සීමා වූ සමාජවාදය ගොඩනැගීම යන වචන පවා භාවිතයෙන් මින් මතු ඉවත්කිරීම අනිවාර්යයක් කොට ගත යුතු බවය.

එය යාන්ත්‍රික මානසික තරවටුවක් ලෙස ගන්නේ නම් ගැටලුවක් නොවන්නේ අපගේ සිහිනය දැකීමට තවමත් රැය දිගු බැවිනි. 

ජවිපෙ වශීකෘත වූ සහසක් හිතෛෂීන් මෙවර ඡන්දය භාවිතා කිරීම වැලැක්වීම මෙම සටහනෙහි අරමුණ නොවුනත් ගෝත්‍රගත දඩබල්ලන් නොයෙක් සමාජ ජාල පිටුමත වලිගය උස්සා සිදුකරමින් පවතින මල පහ කිරීම් තවත් ඉවසා නොසිටිය හැකි බැවින් සටහනක සේයා මාත්‍රාවක් පමණක් මෙලෙස සලකුණු කළබව පමණක් සටහන් කොට තබමි.

ඉතිං විමුක්තිකාමීත්වය ප්‍රහීනය කොටගත් කිලිටි වූ ධනේෂ්වර රෙදි පිළි සෝදා දෙන්නනි, ඔබට ජය !

තුසිත පතිරණ

රනිල්ගේ අාණ්ඩුවේ පොලිස්පති බලතල අනුර කුමාර දිසානායකට

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක දූෂණ විරෝධී ව්‍යාපාරයේ කස කාරයාය. ඔහු මහින්ද රාජපක්ෂගේ දූෂිත පාලනය දැඩි ලෙස විවේනයට ලක් කරන්නෙකි. මහින්ද රාජපක්ෂගේ අාණ්ඩුවේ අැමැති ජොන්ස්ටන්ගේ ඒතනෝල් ජාවාරමද දැඩි ලෙස විවේචනය කළේය.

ඒ වගේම හිටපු රාජ්‍ය අාරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඒල්.ටී.ටී.ඊ නායක කේ.පී.ව හුරතල් කිරීම ගැනද මුලින්ම කතා කළේ ඔහුය. අලි පැටව් ජාවාරම ගැනද අනුර කුමාර කතා කළේය. අැත්ත වශයෙන්ම අනුර කුමාර දිසානායක කතා නොකළ මාතෘකාවක් නැති තරම්ය. 

මේ නිසාම රටේ ජනතාව ඔහුව 'අැත්ත' දූෂණ විරෝධියෙක් ලෙස සලකන්නට පටන් ගත්තේය.

අනුර කුමාර අැත්ත දූෂණ විරෝධියෙක්ද?

රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා ලෙස වැඩ පටන් ගත්තේ "වංචා හා දූෂණ විමර්ශනය සදහා ඒකකයක් ස්ථාපිත" කිරීමෙන්ය.

2015 ජනවාරි මස 21 වැනිදා පැවැත්වුනු අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව "වංචා හා දූෂණ විමර්ශනය සදහා ඒකකයක් " නිල ලෙසම පිහිටු වීය. ඊට අදාළ ගැසට් පත‍්‍රයේ දිනය 2015 ජනවාරි 29 දාතමින්ය.

කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මත ස්ථාපිත කරනු ලැබූ දූෂණ විරෝධී කමිටුව කොටස් තුනකින් යුක්තය.මූලික කමිටුව, අනුකමිටුව සහ ක්ෂණික ප‍්‍රතිචාර කමිටුව වශයෙන්ය.

මූලික කමිටුව සහ අනුකමිටුව මගින් ලබා දෙන තොරතුරු මත දූෂිතයන් සහ ජාවාරම් කරුවන්ව වටලෑම, අත් අඩංගුවට ගැනීම, නඩු පැවැරීම සහ ඔවුන්ට රටින් පැනීම වැලැක්වීමේ වගකීම පැවැරී තිබුණේ අනුර කුමාර දිසානායකටය. 

මෙම ගැසට් පත‍්‍රයට අනුව අනුර කුමාර දිසානායක 2015 ජනවාරි 29දා සිට ආණ්ඩුවේ නිල හවුල් කරුවෙක් විය.

අගමැතිවරයා අනුර කුමාර දිසානායකට ලබාදුන් බලතල කීපයක්
දූෂිතයන් සහ ජාවාරම් කරුවන්ව වැටලීම්, අත්අඩංගුවට ගැනීම්, ප‍්‍රශ්න කිරීම්, අධිකරණයට ඉදිරිපත් කිරීමේ බලය
විමර්ශන අවසන් වන තෙක් සැක කරුවන් රටින් පිට වීම වලක්වා ගැනීමේ බලය
විදෙස්ගත සැක කරුවන් ගෙන්වා ගැනීමේ බලය
අනුරගේ මෙහෙයුම් කාර්යාලය, අරලියගහ මන්දිරයේ නිල් බලකාය මෙහෙයුම් ගොඩනැගිල්ල
තෝරාගත් රාජ්‍ය නිලධාරීන් කණ්ඩායමක්
තෝරාගත් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් (ඒ.එස්.පී. ශානි අබේසේකරගේ නායකත්වයෙන්)
නීතිඥවරුන් (නීතිපති යටතේ)
මූල්‍ය විගණන විශේෂඥයින්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකාරකවරුන් 
අැති තරම් වාහන
දුරකථන හා කාර්ය මණ්ඩලය 

අනුර කුමාර දිසානායකට රනිල් වික‍්‍රමසිංහ අාණ්ඩුවත් සමග තිබුණු මෙම නිල සම්බන්ධතාවය ගැන ජවිපෙ දේශපාලන මණ්ඩලය සහ මධ්‍යම කාරක සභාව දනිත්ද? ජවිපෙ සාමාජිකයන්ට ඒ පිළිබදව අවබෝධයක් තිබේද?

මේ කිසිවක් ගැන ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයාට අවබෝධයක් නැති බව නම් පැහැදිලිය. අනුර කුමාර දිසානායක පක්ෂයට හොරා දැනටමත් ඒක්සත් ජාතික පක්ෂය සමග දීගෙක ගොස් අවසන්ය.

නිල බල තල අනුව අනුර කුමාර දිසානායක කළ යුතු වැඩ සටහන්

1.කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී. අත්අඩංගුවට ගැනීම

2.එල්.ටී.ටී.ඊ. ය වෙතින් අත්පත් කරගන්නා ලද රත‍්‍රන් සොයා ගැනීමට වෙනම විමර්ශන ඒකකයක් පිහිටු වීම

3.ජොන්ස්ටන් ප‍්‍රනාන්දු විසින් මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදියෙකු කොළඹට ගෙන ඒම පිළිබඳ විමර්ශන ආරම්භ කිරීම

4.මාධ්‍යවේදීන් ඝාතනය කිරීම පිළිබඳව සොයා බැලීමේ වෙනම විමර්ශන ඒකකයක්

5.මහා පරිමාණ දූෂිතයන් හා ජාවාරම්කරුවන් අවම වශයෙන් 15 දෙනෙකු අත් අඩංගුවට ගැනීම

6.අලි පැටවුන් නීති විරෝධිව ගෙන යාම සහ හමුදා කදවුරු වලට ගෙනවිත් දැමීම පිළිබඳව සොයා බැලීම

7.ජනාධිපති මැතිවරණ සමයේ බෙදා හැරීම සඳහා ගෙනැවිත් දැනට ගබඩා කර ඇති භාණ්ඩ සොයා බලා ඒවා හෙළිදරව් කිරීම

8.ඉඩම්,චංචල හා නිශ්චල දේපල දූෂිත ලෙස අත්පත් කර ගැනීම පිළිබඳව සොයා බලා ඒවා හෙළිදරව් කිරීම

9.සේවක අර්ථ සාධක අරමුදල, කොටස් වෙළදපොල වංචා දූෂණ පිළිබඳව සොයා බලා හෙළිදරව් කිරීම

10.වාස් ගුණවර්ධන දන්නා තොරතුරු 129 ප‍්‍රකාශයක් ලෙස ලබා ගැනීම
සත්‍ය වශෙයන්ම ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක රනිල් වික‍්‍රමසිංහ අාණ්ඩුවේ පොලිස්පති වරයා විය. ඒ දූෂණ විරෝධී පොලීසියේය. මෙම බලතල යොදා ගෙන දින සීය අවසන් වීමට පෙර හෝ පසුව හෝ ඉහත සදහන් කාරණා අතරින් කීයක් අනුර කුමාර දිසානායක විසින් ඉටු කොට තිබේද?
ඉහත සදහන් කාරණා ඉටු නොවුණු බව රටම දනී. අනුර කුමාර දිසානායක දූෂිතයන්ට ඒරෙහිව රටට 'දැනෙන' යමක් නොකළ බවත් පැහැදිලිය. ඒ අැයි?

ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා කියා සිටින්නේ ජවිපෙ වත්මන් නායකයෝ ජාවාරම් කරුවන්ගේ පැටිකිරිය හෙළිදරව් කිරීම නතර කර අැති බවයි. ඒ ජාවාරම් කරුවන්ගේ සල්ලි කුට්ටි ජවිපෙ 'නායකයන්ගේ' කටේ හිර වී අැති නිසා බවත් අමරසිංහ මහතා කියා සිටී.

Friday, July 17, 2015

ජවිපෙ සමුළුව ස්වාධීන රුපවාහිණියෙන් සජීවීව

JVP Anura Kumara
ජනතා විමුක්ති පෙරමුණේ ලබන 22 දා පැවැත්වීමට නියමිත මහා සමුළුව ස්වාධීන රූපවාහිණිය ඔස්සේ සජීවීව විකාශනය වීමට නියමිතය. සැබවින්ම ජනවාරි අට වනදා සිදු වූ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය මෙයය. ජවිපෙම කීවත් කිසිවක් සිදු නොවූ බව එය වැරදි බව මින් සනාත වේ.

විප්ලවවාදී පක්ෂයක සමුළුවක් රාජ්‍ය මාධ්‍යක සජීවීව විකාශනය වීම සිඳු වන්නේ ලංකාවේ පළමු අවස්තාව මෙය වන්නේය. එය කිසි දිනක රෝහණ සහෝදරයාද බලාපොරොත්තු නොවනු ඇත.

ඔහු ජීවතුන් අතර සිටියානම් ඔහුටද අදහාගත නොහැකි තරමේ ජයග්‍රහණයක්ය මෙය.

එසේම නවීන සමාජවාදය ඔස්සේ යම් දේශපාලන මතයක් ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ජවිපෙ ලබා ගත් දේශපාලන උපක්‍රම වල ජයග්‍රහණය එය වන්නේය.

ඒ ගැන යහපාලන ආණ්ඩුවට එක්සත් ජාතික පක්ෂයට මධ්‍යස්ථ මාධ්‍ය භාවිතාවක නිරත මාධ්‍ය ඇමතිවරයාට අපේ උපහාරය මුලිකව ලබා දෙන අතර ජනතා විමුක්ති පෙරමුණේ සමුළුවට අපේ සුබ පැතුම් මෙලෙස ලබා දෙන්නෙමු.

පක්ෂයේ ලෙකම් ටිල්වින් සිල්වා සහෝදරයාගේ වචනයෙන්ම කියනවා නම් ධනපති පංතියේ ගැරහුම්, අවලාද ලබන්නේ නම් ඒ පක්ෂය නිර්ධන පංතියේ කාර්යය හරියට කර තිබේ..

බිමේ ප්‍රයෝගික දේශපාලනය කරන ඇතැම් මොහොතවල් වල එවැනි ප්‍රකාශ වෙනස් වන බව ටිල්වින් සහෝදරයා වුව තේරුම් ගත යුතුය.

සහෝදරවරුණි ජය. ජවිපෙ සමුළුව නිවසේ සිට ස්වාධීන රූපවාහිණිය ඔස්සේ සජීවීව නැරඹීමට අපි බලාපොරොත්තු සහගතව සිටිමු.

Monday, July 13, 2015

‘‘වම“ සහ පක්ෂය

අද "වම" කියන සංකල්පය වෙනුවට වම කියන දෙශපාලන විය්‍යපාරය ඉස්මතු වෙලා.ඒක හොද දෙයක් නෙමෙයි.වම කියන්නේ සංකල්පයක්.ඒක යථාර්තයක් කර ගන්න පුළුවන් තාත්වික සංකල්පයක්.නමුත් අපේ රටේ වම දෙශපාලන පක්ශයකට ලඝු කරලා.

"වම" හදනවා කියන්නේ ආයෙත්. පක්ශයක් ඒ නමින් පවත්වාගෙන යාම නොවෙයි.

ඒ නිසා සමාජවාදය වෙනුවෙන් පෙරටුගාමි කරන මැදිහත් විම පෙ.ස.පෙ ගොඩ වැඩි කර ගන්න හදන වැඩක් හැටියට සමහරු බාර අරන්, පෙ.ස.පෙ ගන්නා චන්ද ප්‍රමාණය එක්ක තමන් සංසන්දනය කර ගන්න සමහරු බලාගෙන ඉන්නවා.

නෑ වම කියන්නේ මේ අවකාශයේ තියන සත්‍යයක්.ඒ නිසා පෙරටුගාමින් යනු වම කියලා මැතිවරණයෙන් පසු සිගිති ආතල් ගන්න හිතන් ඉන්න අයට කියන්න තියෙන්නේ වම හරියට හදුනා ගන්න කියලා.

Saturday, July 4, 2015

අනුර පිලිගන්න එජාප සාමාජිකයන් ජපාන ගුවන් තොටේ

ජපානයේ සංචාරයක නිරත වීම සඳහා එහි ගිය ජවිපෙ නායක අනුර දිසානායක මහතා පිලිගැනීම සඳහා එරට ප‍්‍රබල එජාප සාමාජිකයන් පිරිසක් පැමිණි සිටීම නිසා ජපානයේ ජවිපෙ සාමාජිකයන් පුදුම වී සිටිති.

ඉන් අනරතුරුව ජවිපෙ නායකයා කෙලින්ම ගොස් ඇත්තේ එජාපය සමඟ සක‍්‍රිය දේශපාලනයේ නිරත වන බානගල උපතිස්ස හිමියන් බැහැදැකීමට සවර ලංකාජී විහාරය වෙතයි.

එහිමියන් ලවා පිරිත් නූල් බැඳ ආශිර්වාද කරගත් ජවිපෙ නායකයා අනතුරුව එජාප ක‍්‍රියාකාරීන් සමඟ ගත් පින්තූර මෙහි දැක්වෙයි.

– ජවිපෙ හිතවතෙක් ජපානයේ සිට




Friday, July 3, 2015

මිනීමරු සන්නස්ගල සෑර් සහ නිර්මාල් රංජිත් දේවසිරි

nirmal ranjith dewasiri
ගංගොඩවිල බෝඩිමක පදිංචිවෙලා හිටපු කොළඹ විශ්ව විද්‍යාලයේ පළමු වසරේ ඉගෙන ගත්ත කරුණා‍සේන නම් සිසුවා නැතිනං (කරුවා) මරාදැමුවේ අපේ සෑර් සන්නස්ගල සහ නිර්මාල් රංජිත් දේවසිරි කියන ස්වාධින ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් වී සිටි මිනීමරුවන් දෙදෙනාය. 1989 දෙසැම්බර් 31 රාත්‍රී සුදු වෑන් එකකින් පැමිණ රැගෙන ගොස් වෙඩිතබා මරා දැමුවේ දැං බුදුවෙන්න දඟලන මේ ප්‍රා කාරයෝ දෙන්නාය. (අද වැනි දවසකය.)

වමෝ බොරුයි කියපං බලන්න.

සනෝ උඹට මතක කවියක් ලියන්නම් මේ මිනීමැරුම මතක් වෙන්න


“සෑර් සන්නස්ගල

කොපිකර අහුවුනේ සිංහල

ඒකම කලේ ධම්මික

අනේ තොපි දෙන්නගේ පුක”

‘ජිම් එකේ ටොයිලට් එකේ ලියපු කවිය’

අංකල් දැං බුදුවෙයල්ලකෝ.


මේව බොරුනං ශිරාල් ලක්තිලකගෙන් සහ “ඩබා”ගෙන් අහපං කෝ

“ඩබා”ගේ සුදු වෑන් එක දැං නැද්ද අංකල්.


කැරි සනා සර් උඹගේ දරුවන්ටත් නිර්මාල් රංජිත් දේවසිරි කියන බල්ලාගේ දරුවන්ටත් සාප වෙනවා. තොපි තිරිසන්නු….












maruwaxx

Thursday, July 2, 2015

පෙරටුගාමී පක්ෂය කුළු ගෙඩියෙන් සියලු දිස්ත්‍රික්වලට

ඉදිරි මහ මැතිවරණය සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය කුළුගෙඩිය ලකුණෙන් සියලු දිස්ත්‍රික්ක සඳහා ඉදිරිපත් වන බව එම පක්ෂයේ ප්‍රචාරක ‍ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය.මන්ත්‍රී ධුර අපේක්ෂාවටත් වඩා සමාජයේ දේශපාලන සංවාදය ඉදිරියට ගෙන යාමට මෙවර මැතිවරණයෙන් අපේක්ෂා කරන බව ඒ මහතා සඳහන් කළේය. මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේ ඊයේ (1) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පුබුදු ජයගොඩ මහතා මේ අදහස් පළ කළේය. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ‍ලේකම් සේනාධීර ගුණතිලක දේශපාලන මණ්ඩල සභිකයන් වන චමීර කොස්වත්ත දුමින්ද නාගමුව ඇතුළු පිරිසක් මෙම මාධ්‍ය හමුවට සහභාගි වූහ.

පුබුදු ජයගොඩ මහතා මෙසේද කීය.

මේ දේශපාලනයේ ඇත්ත කාරණා මතු කරන්න ඔය කිසිම දේශපාලන පක්ෂයක් උත්සාහ කරන්නේ නැහැ. එවැනි කාරණා සංවාදයට අරගැනීමටත් ඉන් ජනතාව දැනුවත් කිරීමටත් අපි බලා‍පොරොත්තු වෙනවා. මේ දේශපාලනඥයන් කුලල් කා ගැනීම ජනතාව නොමග යැවීම හා ඔවුන්ගේ ප්‍රශ්න යටපත් කිරීම වැනි මේ පරාජීර්ණ ක්‍රමයට එරෙහිව ජනතාවගේ ප්‍රශ්න කතා කරන්න විකල්පයක් විදිහට අපි එකතු වෙනවා. ජනවාරි 08දා වෙනසක් වුණාද නැද්ද නැත්නම් අවශ්‍ය වෙනස මොකක්ද ඒක ගොඩනගන්නේ කොහොමද, අපි මේ තේමාවන් පුළුල්ව සාකච්ඡා කරන්නත් බලා‍පොරොත්තු වෙනවා. මේ වන විට අපි මැතිවරණ නාම යෝජනා මණ්ඩල සකස් කරලා ඉවරයි. ඊට පක්ෂයේ ප්‍රධාන ‍ලේකම් සේනාධීර ගුණතිලක, චමීර කොස්වත්ත, රවීන්ද්‍ර මුදලිගේ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර සහෝදරයන් ඇතුළත් යැයි හෙතෙම සඳහන් කළේය.

නිමල කොඩිතුවක්කු

Friday, April 3, 2015

ආණ්ඩුවේ රන් ණය සහනය නින්දිත ප්‍රෝඩාවකි

පසුගිය කාලයේ රන් භාණ්ඩ උගස් තබා බේරා ගත ‍නො හකි වූ අයට පොළී සහනයක් ලබා දෙන බව ආණ්ඩුව අයවැයෙන් නිවේදනය කළේ ය.

උගස් තැබූ රන් බේරා ගැනීමට නො හැකිව ළතවෙමින් සිටි අය සහනයක් බලාපො‍රොත්තුවෙන් බලා සිටි අතර දැන් අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ.

ඒ අනුව මෙම 2013 ඔක්තෝබර් 26දාට පෙර උගස් තබා 2014 ඔක්තෝබර් 26දා වන විට බේරා ගැනීමට නො හැකි වූ රන් භාණ්ඩ වෙනුවෙන් මෙම සහනය ලැබේ. සහනය අනුව එදා පොළී අනුපාතිකය වූ 20% හෝ 19% වෙනුවට 12.5%ක පොළී අනුපාතිකයක් ය‍ටතේ ගත් ණය ආපසු ගෙවී‍මේ හැකියාව දැන් ලැබේ.

එහෙත්, මේ වන විට එවැනි සහනයක් ලබා ගත හැකි රන් ණය නැත. හේතුව වසරක කාලය ඉකුත් වීමට පෙර ම බැංකු මේ පිළිබඳ ගනුදෙනුකරුවන්ට දන්වා ක්‍රියාමාර්ග ගැනීමයි. දැන් මේ ණය ලබාගෙන දින 400කට වඩා ගත වී හමාර ය. එක්කෝ මේ රන් ණය බේරා ඇත. නැතිනම්, පොළී ගෙවා ණය අලුත් කරගෙන තිබේ. නැතිනම්, උගස් තැබූ භාණ්ඩ මේ වන විට සින්න වී හමාර ය.

මේ සහනය ලබා ගත හැකි කිසිවෙක් සිටියි ද යන්න සැක සහිත ය. මෙය තනිකර ම ‍ප්‍රෝඩාවකි. ආණ්ඩුව මෙවැනි ප්‍රෝඩාකාරී ක්‍රියා කරන්නේ ජනතාව බබ්බු ය කියා සිතා ය.

Friday, March 6, 2015

ධනවාදය අපුල්ලන ජවිපෙ

ජනාධිපතිවරණය අවසන් විය. මහින්ද ගෙදර ගියේය. මෛත‍්‍රී ජනපති පුටුවට ගියේය. දැන් මෛත‍්‍රී යුගය ඇරඹී ඇත්තේය. යහපාලනය යහමින් කෙරෙන්නේය. දැහැමෙන් සෙමෙන් වැඬේ ඇරඹී ඇත්තේය.

මුලින්ම බලය තහවුරු කරගැනීම ඇරඹීය. හැබැයි එය දින සීයේ දින වකවානුවලටත් පෙරාතුවය. ඇමැතිකම් බෙදා දුන්නේය. එජාපයේ 49 න් 41 ක් ඇමැතිවරුය. සමහරුන්ට ලැබුණු ඒවා මදි යැයි කීවේය. නහයෙන් ඇඬුවේය. ඒත් හිත හදාගන්නා බව කීවේය. ඉහළ පුටුවලට නිලධාරීන් පත්කරන්නේය; කළේය. ඒ ගැන සමාජයේ විවේචනයක් එල්ල වුණේය. සෝමරත්නගේ පත්වීම ගැන කලාකරුවන් නහකුණු ගෑවේය. ජවිපෙ පෝස්ටර් ගැසුවේය. අදූෂිත නිලධාරීන් පත්කරන ලෙස දූෂිත ධනවාදයෙන් ඉල්ලා සිටියේය. දූෂිතයන්ට එරෙහිව පියවර නොගන්නේ නම් තමන් දින සියයට පෙරාතුවම ගෙදර යන බවට හෙළ උරුමයේ නායකයෝ අනතුරු ඇඟවූහ. තමන් මෛත‍්‍රී බලයට පත්කිරීමේ අරමුණ බොඳව ඇතැයි ආචාර්යවරු කියා සිටියේය.

ජවිපෙ ආණ්ඩුව ඇතුළට නොයන බව කීවේය. දින සීයේ ඇමැතිකම් තමන්ට වැඩක් නැතැයි කීවේය. ඒ දින සීයක් නිසාය. එක කන්නයක්වත් එක පාසැල් වාරයක්වත් නැති නිසාය. ඒවා කිහිපවාරයක් උනා නම් බඩු ෂුවර්ය. ඇමැතිකම් ගන්නවා නිසැකය. එහෙම කියා ඒ උදවිය මේ ආණ්ඩුවේ නැතිද? මොකද නැත්තෙ? ඒ උදවියත් මේ ආණ්ඩුවේ කොටස්කාරයන්ය. ඒ කොහොමද? ඒක වෙන්නේ මෙන්න මෙහෙමය. ආණ්ඩුවට අණ දෙන්නේ, මෙහෙයවන්නේ, වැඩ හදන්නේ, යෝජනා ගන්නේ ජාතික විධායක සභාවය. එය කියන විදියට අනුරගේ යෝජනාවක්ය. ජාතික විධායක සභාව පමණක් නොවේ, එහි වැඩපිළිවෙළ ද ඔහුගේ සහ සුමන්තිරන්ගේ යෝජනාවන්ය. ජවිපෙ ආණ්ඩුව කරන්නේ අන්න එහෙමය. මහින්ද රජකමට ගෙනත් පසුව කැබිනට්ටුවට නොගියේය. මෙදා මෛත‍්‍රී පුටුවට ගෙනත් කැබිනට්ටුවට නොගොස් ජාතික විධායක සභාවට ගියේය. ඒ නිසා ජවිපෙට වගකීමෙන් මිදෙන්නට බැරිය.

දැන් ජවිපෙ කරන්නේ කුමක්ද? හොරු අල්ලන එකය. වංචාකාරයන් දූෂිතයන් සොයා යන එකය. ඔවුන්ගේ ෆයිල් එළියට අදින එකය. වරෙක උසාවියටත් වරෙක අල්ලස් දූෂණ කොමිසමටත් ප‍්‍රවෘත්ති සාකච්ඡුාවටත් දුවන වැඬේය. මේවා දකින විදියට මෙහෙමත් දකිනවාය. ඒ කොහොමද? ඒ බෞද්ධයාට බුදුන්, දහම්, සඟුන්ය, තෙරුවනය. ජවිපෙ තෙරුවන කුමක්ද? පාර්ලිමේන්තුව, උසාවිය හා දූෂණ කොමිසමය. දැන් ඒ ගැන වන්දනා කරන එකට වඩා වැඩක් නැත. දැන් විප්ලවය නැත. සමාජවාදය නැත. ඒවා ගැන හීනෙන්වත් හඬක් ඇසෙන්නේ නැත. ඇසුනත් එය ඡුන්ද හඬ අස්සේ මැකී යන්නේය.

මහජන මුදල්, මහජන දේපළ කොල්ලකෑම හෙළිදරව් කරන එක හොඳය. හොරු අල්ලන එක හොඳය. නරක දේ ඒක නොවේ. ලෝකයේ තවත් ප‍්‍රධාන හොරකමක් ද තිබෙන බව අමතක කිරීමය. ඒ දහඩිය කොල්ලයය. නිර්ධනයාගේ සූරාකෑමය. දේශපාලන ආර්ථික විiාවෙන් කියනවා නම් අතිරික්ත වටිනාකම් සොරකමය. සූරාකෑමය. ඒක ධනවාදයේ ප‍්‍රධානම යාන්ත‍්‍රණයය. මෙය දුප්පත්කමේ හේතුවය. මූල්‍ය පෝසතාගේ පෝසත්කමේ උල්පතය. අතිරික්ත වටිනාකම හැටියට ධනපතියා සොරාගන්නේ නොගෙවූ ශ‍්‍රමයය. විජේවීර සහෝදරයා මේ පාඩම හොඳින් දැන සිටියේය. ඒ නිසා එය නැති කිරීම සඳහා ජවිපෙ ගොඩනැඟුවේය. ඒ කියන්නේ සමාජවාදය ගොඩනැඟීම සඳහා ජවිපෙ ගොඩනැඟුවේය. එහෙත් දැන් ජවිපෙට සිය නායකයත් ඔහුගේ ක‍්‍රියාවත් යන දෙකම අමතකව ඇති සැටියකි. ඉතින් මේ සොරකමයි මේ සොරකමෙන් උපයා සපයා ගත් පෞද්ගලික සූරාකන දේපළයි දෙකම අහෝසි කරන්නේ නැතිව පීඩිතයාට අත්වෙන සුගතියක් ඇත්තේ නැත.

ජවිපෙ දැන් දින සීයේ වැඩවල හොරු අල්ලන එකට වඩා දෙයක් කරන බවක් නොපෙනේ. ඒ කියන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, විධායකය අහෝසි කිරීම, ඡුන්ද ක‍්‍රමය වෙනස් කිරීම වැනි දේවල්. කොහොමටත් එවැනි දේවල් ගැන වැඩසටහනේ දක්වා තිබූ පරිදි එක කමිටුවක්, යෝජනාවක්, අණපනතක් ඉදිරිපත් වුණේ නැත. එහෙත් එහි නොතිබූ බොහෝ දෑ දැනට සිදුවෙමින් තියෙන අයුරු දකින්ටත් අපූරුය. විධායකය අහෝසි කිරීමක් නොකරන බව දැන් ඒ පාර්ශ්වවලින්ම කියවෙන්නට පටන් ගෙන ඇත්තේය.

ඡුන්ද ක‍්‍රමය දින සියයෙන් වෙනස් කළ නොහැකි බව කියවෙමින් ඇත්තේය. ඊළඟ මහ ඡුන්දයත් පැරණි ක‍්‍රමයටම යැයි කියවෙමින් ඇත්තේය. බලාපුවාම අදත් දෙයක් නැත. වෙනසක් නැත. මුහුණු ද වෙනස් වී නැත. තිබුණු පරණ මුහුණුමය. ජරාම ජරා මුහුණුය. ඒක එහෙම නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අනෙක් දේවල් ගැන කවර කතාද?

ජවිපෙට ආණ්ඩු බලය තිබෙන නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදය වටින්නේ නැත. පීඩිතයාගේ ඕනෑ එපාකම් ගැන කතා බහක් නැත. පසුගිය කාලයේ නිකරුණේ නිරපරාදේ මරා දැමූවන් ගැන කටේ පිට්ටුය. උතුරේ පීඩිතයාගේ පීඩනය ගැන ඒත් එහෙමමය. හිරගෙවල්වල දී මරා දැමූවන් ගැන වගේ වගක් නැත. යටත් පිරිසයෙන් මරා දැමූ තමන්ගේ නායකයාගේ ඝාතනය ගැනවත් සොයා බලාගැනීමට උවමනාවක් නැත. ලොකුව ඇත්තේ හොරකමය, දූෂණයය.

දූෂණය නැත්තේ කොහේද? ධනවාදයේ අනිවාර්ය අංගයක් වන එය, ධනවාදයේ අන්ත සුපිරි රාජ්‍යයන් හීදී එකසේ විහිදී පැතිරී ඔඩුදුවා ඇති බව දිනපතා වාර්තා නොකියන්නේද? එය අමෙරිකාවේ නැතිද? මහ බි‍්‍රතාන්‍යයේ නැතිද? ප‍්‍රංශයේ? ඕස්ටේ‍්‍රලියාවේ? නැත්තේ කොහේද? එය ධනවාදයේ නිසග ලකුණය. උපන් ලපයය. තමන්ගේ ගජ මිතුරු යැයි කියන කොමියුනිස්ට් පාලනයක් තිබෙනවා යැයි කියන චීනයේ දූෂණය නැතිද? මැති ඇමැතිවරු, නගරාධිපතිවරු වෙඩි තබා මරා දමන්නේ නැතිද? මෙයට තිත තැබිය හැක්කේ අන් මඟකින් නොවේ. ඒ ධනවාදය පෙරළා දැමීමෙන් පමණක්මය. ඒ නිසා ප‍්‍රධාන දිසාව, අවධානය එයට යෙදවිය යුතු නොවේද? ජවිපෙ මේ කරන්නේ ධනවාදය පිරිපහදු කරන වැඩය. සේවය කරන්නේ කාටද? ධනවාදයටය. එය රැුක ගැනීමටය.

මන්ද වැඩ කරන ජනතාවට කියන්නේ හොරුන්, මංකොල්ලකාරයන්, දූෂිතයන් නැති ධනවාදය සුන්දර එකක් වනු ඇති බවය. ධනවාදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරපුරක් මවනු ඇති බවය. ධනවාදය එය කරවටක් ගිලී ඇති තැවරී ඇති කුණු දහජරාවන්ගෙන් සෝදාගත් කළ ඉන් වැඩක් ගත හැකිය යන මතය ජනතාව තුළට කාවැද්දීම බරපතළ අපරාධයක් නොවන්නේද? ලෙනින් කීවේ කුමක්ද? ධනවාදය ගැන, එහි ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන විශ්වාසය ඇතිකරලීම අපරාධයක් වන බවය. ධනවාදය සෝදා පිරිසිදු කරගෙන එය ජනතා අවශ්‍යතා සඳහා පාවිච්චි කළ නොහැකි සමාජ ක‍්‍රමයකි.

දැන් ජවිපෙ තවදුරටත් කියන්නේ මොකක්ද? හොරු, මංකොල්ලකාරයෝ, ¥ෂිතයෝ නැති ඊළඟ පාර්ලිමේන්තුවක් ගැනය. එයට ජවිපෙ බහුතරයක් යැවීම ගැනය. ඊළඟට 2020 පාර්ලිමේන්තුව තමන්ට බලය ලබා දී සමාජ ක‍්‍රමය වෙනස් කරන ලෙසය. අපූරුයි! කදිමයි! නියමයි! පුළුවන් නම් ඔන්න වැඬේ.

මේ වෙන මොකවත් නොවේ. ජනතාව නොමඟ ඇරීමය. ජනතාවට ධනවාදය ගැන විශ්වාසය ඇති කිරීමය. සමාජය වෙනස් කිරීම විස්සයි විස්ස තරගයක් නොවේ. එසේම විස්සයි විස්සේ දී එය කළ හැකි යැයි දින තීන්දු කළේ කවුද? සුමනදාසද? චන්ද්‍රසිරි බණ්ඩාරද? විප්ලවවාදී යැයි කියාගන්නා පක්ෂයකට ගිය කලක්?

පී.බී.දසනායක

Friday, February 20, 2015

ඩීල් මේජර් අනුරගේ ජහාපාලක ආයුධ සන්නද්ධ කල්ලිය!

ඊයේ 19 රාත‍්‍රී පන්නිපිටිය, දෙපානම, පිහිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ, ජී.එච්. අජිත් කුමාර නිල කාර්යාලයට ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් යැයි පවසාගත් තිදෙනෙකු හා පොලිස් නිල ඇඳුමින් සැරසුණු පස්දෙනෙකු බලහත්කාරයෙන් ඇතුළු වී කුමාර් ගුණරත්නම් සොයා ප්‍රශ්ණ කල නිළධාරින් සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප‍්‍රකාශයක් නිකුත් කර ඇති පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසා ඇත්තේ අදාල සිදුවීමට පොලිසියේ කිසිදු පොලිස් නිලධාරියෙකුගේ සම්බන්ධයක් නොමැති බවයි.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයාගේ මෙම ප‍්‍රකාශය සිදු කරන්නේ වගකීම් සහගතව නම් එයින් අදහස් වන්නේ පොලිස් නිල ඇඳුමින් සැරසුණු ආයුධ සන්නද්ධ කල්ලියක් ක‍්‍රියාත්මක වන බවයි.ඒ අනුව තව නොබෝ දිනකින් නාදුනන තුවක්කුකරුවන්ද රට පුරා ඝාතනයන් සදහා සුදානම් වන බව දැන් ඉතා පැහැදිලිය.පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයාගේ ප‍්‍රකාශය සත්‍යයක් නම් එය ඉතා බරපතල කරුණක් වන අතර, වහාම ඔවුන් කවුරුන්ද යන්න පිළිබඳව පරීක්ෂණයක් බවත්වා හෙළිදරවු කර ගත යුතුය. එසේ නොවුනහොත් පසුගිය ජනාධිපතිවරණ කාලයේ සහ මේ මොහොතේ වර්තමාන පාලකයන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ යහපාලනයක් වෙනුවෙන් පෙනී සිටින බවට ප‍්‍රකාශ කරමින් සිටින තත්වයක් තුළ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු වන මා හට මෙවැනි තත්වයකට මුහුණ දීමට සිදු වන්නේ නම් පසුගිය ආණ්ඩු සමයේදී මෙන්ම වර්තමාන පාලකයන්ගේ බලය යටතේ ද රටේ සාමාන්‍ය ජනතාවට අත්වන ඉරණම පිළිබඳ ඉතා පැහැදිළිය.

මේ අතර ඊයේ කුමාර් ගුණරත්නම් සොයා අජිත් කුමාරගේ නිල කාර්යාලයට ගිය පිරිස අරලියගහ මන්දිරයේ සිට රනිල්ගේ ඔනෑ එපාකම් වෙනුවෙන් පෙනිසිටින ජනතා විමුක්ති පෙරමුණේ ඩීල් කුමාර හේවත් අනුර කුමාර දිසානායකගේ මෙහෙයුමක් බව LNW ඔත්තු සේවා අනාවරණය කරගෙන තිබේ. ඒ සම්බන්ධයෙන් තොරතුරු ලැබුනු වහාම ඔබට ඉදිරිපත් කිරිමට අප සුදානම්!

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Wednesday, February 18, 2015

TNA ජාතිවාදීයි – කවුරුත්ම නොදන්න දෙයක් ජවිපෙ ඊයේ සොයාගනී

දෙමල ජාතික සන්ධානය ජාතිවාදය අවුස්මින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. අන්තර්ජාතික යුධ අපරාධ පරීක්‍ෂණයක් අවශ්‍ය බවට වූ යෝජනාවක් උතුරු පළාත් සභාවේ සම්මත කිරීම ගැන තම ස්ථාවරය පැහැදිලි කරමින් එම පක්‍ෂය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

උතුරු පළාත් සභාවේ යෝජනාව නැවත ජාතිවාදී අඳුරු ගුහා තුළට කැඳවීමකි

පසුගියදා උතුරු පළාත් සභාව විසින් දේශීය යාන්ත‍්‍රණයක් වෙනුවට ජාත්‍යන්තර යුද අපරාධ පරීක්ෂණයක් ඉල්ලා සිටීමේ යෝජනාවක් සම්මත කරන ලදී. එම ජාත්‍යන්තර පරීක්ෂණ වාර්තාව එළඹෙන මාර්තු මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය වෙත ඉදිරිපත් කරන ලෙසද එය යෝජනාව ඉල්ලා සිටී. මෙම යෝජනා සම්මතය විසින් කිසිදු නෛතික බැඳීමක් ඇති නොකරන නමුදු එම ඉදිරිපත් කිරීම විසින් පෙන්වා දෙන්නා වූ දේශපාලන කරුණු කිහිපයක් වෙත ජනතා විමුක්ති පෙරමුණේ අවධානය යොමු වී තිබේ.

පසුගිය ජනවාරි 08වැනි දින පැවති ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපතිවරයාගේ වසර 09ක ඒකාධිපති පවුල් පාලනය අවසන් විය. එය මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් සමස්ත ජනතාවගේ ජයග‍්‍රහණයකි. එම වෙනස වෙනුවෙන් සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර මතභේදයක් පැවතියේ නැත. මෙතෙක් මැතිවරණවලදී වෙන්වී කටයුතු කිරීමේ මානසිකත්වයෙන් ඡන්දය පාවිච්චි කළ ජනතාවද ලාංකීය ජාතිය ලෙස එක්ව කටයුතු කිරීමේ අභිලාෂය වෙනුවෙන් ඡන්දය පාව්ච්චිකර ඇත. මෙවැනි යෝජනා මගින් ජනතාව විසින් දක්වා ඇති එම අභිලාෂය පවා ඈත් කරන වෑයමක් පෙන්නුම් කරන අතර සිදුවිය යුත්තේ වෙන්ව සිතන මානසිකත්වය වෙනුවට එක්ව කටයුතු කරන මානසිකත්වයට ජනතාව මෙන්ම සියලු දේශපාලනඥයන්ද කි‍්‍රයා කිරීමයි.

ජනාධිපතිවරණයෙන් පසු උතුරේ යුද හමුදා කඳවුරුවලට ගල් ගසන්නට පටන් ගෙන ඇතැයි කටකතා පැතිරවීමෙන් දකුණේ ජාතිවාදය පැතිරවීමට උත්සාහ ගෙන තිබිණි. දැන් උතුරු පළාත් සභාවද ඉන් මාසයක් ගතවෙද්දී හදිසියේම ජාත්‍යන්තර පරීක්ෂණ ඉල්ලීමේ යෝජනාවක් සම්මත කරයි. මෙම යෝජනාවද ජාතික සමගියට එරෙහි ජාතිවාදයේම තවත් දිගුවක් පමණි. ජනතාව ජාතික සමගියේ දිශාවට අත දිගු කරද්දී ජාතිවාදීහු රට තුළ නිර්මාණය වී ඇති අලුත් දේශපාලන තත්වය තේරුම් නොගෙන හෝ හිතාමතාම නැවතත් ජාතිවාදී අඳුරු ගුහා තුළට ඇදෙති. ජනතාව ඒ වෙත කැඳවති.

මේ සියලූ තත්වයන් සලකා බලමින් ජනතා විමුක්ති පෙරමුණ උතුරු පළාත් සභාව විසින් සම්මත කරන ලද යෝජනාව දැඩිව හෙළා දකියි. එසේම විවිධ මුහුණවරින් මතුවෙමින් ඇති ජාතිවාදී ප‍්‍රවණතා නිවැරදිව හඳුනා ගන්නා ලෙසත් ජාතික සමගියේ දිශාවට අත්වැල් බැද ගන්නා ලෙසත් ලාංකේය සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ ජාතිකත්වයන්ට අයත් ජනතාවගෙන් අපි දැඩි සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමු.

දේශපාලන මණ්ඩලය
ජනතා විමුක්ති පෙරමුණ

Tuesday, February 10, 2015

අනුර දිසානායක කැබිනට් මණ්ඩලයේ…

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයටත් ඉහලින් ඇති ජාතික විධායක සභාව නියෝජනය කිරීම සෘජු ආණ්ඩු නියෝජනයක් බැවින් තව දුරටත් එම පක්‍ෂය විපක්‍ෂයේ පක්‍ෂයක් නොවන බව පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය පවසයි.

එම පක්‍ෂ ප‍්‍රචාරක ලේකම් පුබුදු ජාගොඩ මහතා පවසන්නේ වත්මන් පාලනයේ තීන්දු ගන්නා ප‍්‍රධාන බල ඒකකය වන්නේ එම ජාතික විධායක සභාව බවත් චන්ද්‍රිකා පලන සමයේ එය කුස්සි කැබිනට්ටුව ලෙසත්, මහින්ද පාලනයේදී එය සහෝදර සමාගම ලෙසත් ක‍්‍රියාත්මක වූ බවයි.

ඒ අනුව දිසානායක මහතා ජනතාව ඉදිරියේදී විපක්‍ෂයේ බව පෙන්වීමට උත්සාහ කලද ඔහු දැන් ආණ්ඩුවේ සෘජු පාර්ශ්ව කරුවෙක් යයිද කියා සිටියේය.

Monday, February 9, 2015

ලාල්කාන්ත සීනුව අතහරි!

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී මෙන්ම රටේ වෘත්තීය සමිති රැසකට නායකත්වය දෙන කේ.ඞී. ලාල්කාන්ත ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්විමට තිරණයි කර තිබෙන බව LNW විශේෂ වාර්තාකරු සදහන් කළා.පසුගිය කාලසීමාව තුල පක්ෂය ගත් ඇතැම් තින්දු තිරණ මෙන්ම පක්ෂ නායකත්වය විවිධ පුද්ගලයන්ගේ ඩීල් මත තිරණ ගැනිම සම්බනධයෙන් තමන් කලකිරිමට පත්ව සිටින බවද ලාල්කාන්ත පවසා තිබේ. 

මෛත්‍රීපාල සිරිසේනට සහය දැක්විමට තින්දු කිරිමෙන් පසුව පොදුවේ වෘත්තීය සමිති සහ වැඩකරන ජනතාව මුහුණ දෙන ප්‍රශ්ණ වලට විසදුම් සේවිම සදහා යම් එකඟතාවයන් ඇති කර ගැනිමට තමන් යෝජනා කළද පැවැත්විමට නියමිත මහා මැතිවරණයේදි ජනතා විමුක්ති පෙරමුණට අවාසිදායකවිය හැකි බැවින් එයද නතර කල බව ලාල්කාන්ත පවසා තිබේ.

ඉදිරි මහා මැතිවරණයේදි තම්න්ට ජාතික් ලැයිස්තුවෙන් ඉදිරිපත්වි රටේ වෘත්තීය සමිති සදහා නායකත්වය දිමට කටයුතු කරන ලෙසට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලිමක් ලැබි තිබෙන බැවින් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා සිදුවන බවයි කේ.ඞී. ලාල්කාන්ත LNW විශේෂ වාර්තාකරුට පවසා ඇත්තේ.

Friday, February 6, 2015

උනුත් එකයි - මුනුත් එකයි - එහෙම කියපු උනුත් එකයි

JVP politics
ජනතා විමුක්ති පෙරමුණ මේ දිනවල වැඩිපුරම කතාබහට ලක්වන දේශපාලන ව්‍යාපාරයක්(මැතිවරණ වලදි ඡන්දය නම් නැත) ඒ මෛත්‍රී ආණ්ඩුවේ පැවැත්ම වෙනුවෙන් රාජපක්ෂ ආණ්ඩුවේ දුෂණ- වංචා පමණක් සොයමින් සිටිමයි.ජනතා විමුක්ති පෙරෙමුණේ නායක අංක එකේ ඩිල් කාරයෙකු වන අනුර කුමාර දිසානයක මේ දිනවල පක්ෂයේ තමන්ගේ බැටැලියන් එකට පවසමින් සිටින්නේ දින සියයට පස්සේ තියෙන මැතිවරණයෙන් තමන් ආසන 15ක් පක්ෂයට ලබාදෙන බවය.

දැන් මේ පහත තිබෙන ඡායාරූපය දෙස හොදින් බලන්න මේ අනුර කුමර දිසානායක සහ සුනිල් හදුන්නේත්ති රාජපක්ෂලා සමග ලගින් ගනුදෙනු කල අංක එකේ දුෂිතයෙකු වන වසන්ත පෙරේරා නොහොත් කැරෝකේ වසන්තලා සමග එකට සිටින් අයුරුයි.

නදී කුමාරී අමුණුගම නමැති තැනැත්තියකට කොල්ලුපිටියේ "ස්ටාර් ඩස්ට්" සමාජ ශාලාව තුලදී ලිංගික අතවර කිරිම,ඔරුගොඩවත්ත ප්‍රදේශයේ රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස්‌ නිලධාරියකු ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයක්‌ හා හැමර් වර්ගයේ ජීප් රථයක්‌ නවතා පරීක්‍ෂා කිරීමට යැමේදී එයට ඉඩනොදී තමා ඇමැතිවරයකුගේ සොහොයුරකු බව පවසා තර්ජනය කර පලායැම,ඇතුලු සමාජ විරෝධි ක්‍රියාකාරකම් රැසකට කැරෝකේ වසන්ත හිමිකම් කියා තිබේ.

මේ ටිකත් බලලාම යන්න

JVP politics

JVP politics

JVP politics

JVP politics

JVP politics


යහපාලක ගොලයන් "කැරෝකේ වසන්ත" සමග මේ කරන්නේ මොනවාද?.....තවත් ඡායාරූප සමග බලාපොරොත්තුවන්න........