Thursday, April 24, 2014

මැයි දිනයට කටුස්සොත් රතුපාටයි - Audio/Video

මැයි පලමු වැනිදා එළැඹෙන ලෝක කම්කරු දිනය නිමිත්තෙන් සංවාදශීලී සම්මන්ත‍්‍රණයක් වාමාංශික දේශපාලන පක්ෂ කිහිපයක සහභාගීත්වය සහිතව අද දින (අපේ‍්‍රල් 24) සවස 3.00 ට කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී පවත්වන ලදී. මෙම සම්මන්ත‍්‍රණය සංවිධානය කර තිබුණේ ‘ මැයි දිනයට කටුස්සොත් රතු පාටයි ’ යන තේමාව යටතේය. මේ සදහා කථිකයන් ලෙස නව සමසමාජ පක්ෂය නියෝජනය කරමින් ලීනස් ජයතිලක, නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී (මාක්ස් ලෙනින්වාදී) පක්ෂය නියෝජනය කරමින් වී. මහේන්ද්‍රන්, ශ‍්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය වෙනුවෙන් දීප්ති කුමාර ගුණරත්න සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙනුවෙන් චමීර කොස්වත්ත යන සහෝදරවරු සහභාගී වූහ. සම්මන්ත‍්‍රණය අවසානයේ ඊට සහභාගී වී සිටි පිරිස් සම්බන්ධ වූ සංවාදයක් ද පවත්වන ලදී. සම්මන්ත‍්‍රණයේ දී කථිකයන් පහත අදහස් දැක්වූහ.

වී මහේන්ද්‍රන් (නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ( මාක්ස් ලෙනින්වාදී ) පක්ෂය) 

අද වෙන කොට කම්කරු අයිතීන් සදහා වූ දිනය ධනපති පංතිය ජනතාව රැුවටීම සදහා භාවිතා කරමින් තිබෙන ආකාරය අපි දකිනවා. ලංකාවේ උතුරු පළාතේ මේ වනවිට හමුදා පාලනයක් බිහිවී තිබෙනවා. දෙමළ හා මුස්ලිම් ජනතාවට එරෙහි විවිධ හිරිහැර සිදුවෙමින් තිබෙනවා.


ලීනස් ජයතිලක (නව සමසමාජ පක්ෂය) 

වැඩකරන ජනතාව මේ රටේ ඉතිහාසයේ කරපු දියුණුම සටන 1953 හර්තාලය. ඒ සටනේදී වැඩපොල මට්ටමින් එහාට ගියපු සටනක් ජනතාව කළා. ඒ වගේම ලංකා ඉතිහාසයේ අපට අමතක කල නොහැකි තවත් නැගිටීම් දෙකක් කම්කරු පංතිය හරහා නොව තරුණයන් තුළින් පැන නැගුණා.




දීප්ති කුමාර ගුණරත්න (ශ‍්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය)

වම දකුණ ලංකාවේ කාටවත් තේරෙන් නැහැ. ඒ කාලයේ වාමාංශිකයො දක්ෂිණාංශිකයො වෙන් කරන්න පුලුවන්. අද ලාල් කාන්තයි උදය ගම්මන්පිලයි ටීවී එකේ දෙපැත්තේ ඉන්නවා. ටීවී බලන මැදි පංතිකයාට හිතෙන්නේ මේ අය ජාති ආලෙන් මත්වූ දේශපේ‍්‍රමීන් කියලා 




චමීර කොස්වත්ත ( පෙරටුගාමී සමාජවාදී පක්ෂය) 

ලංකාවේ සියයට හැටට එහා පැත්තේ ඉන්නේ අසංවිධිත කම්කරුවෝ. මේ අය සංවිධානය කරන්න උත්සාහයක් අරගෙන නැහැ. එක පැත්තකින් මේ අනුව සංවිධානය නොවිච්ච කම්කරුවන්ගේ ප‍්‍රශ්නේ. අනිත් පැත්තෙන් සංවිධානය වූ සීමාව ඇතුලෙ පවා කරන්නෙ මොකක්ද? වැටුප් වැඩි කරගන්න එක වගේ ප‍්‍රතිසංස්කරණ සීමාවේ ඒවා නතර වෙලා. එහෙනම් මේක ඉස්සරහ තියෙන උත්තරය මොකක්ද? සංවිධානය කරන්න ගියාම ධනවාදයට ඒක උරාගන්නවා.

0 comments:

Post a Comment