Wednesday, April 9, 2014

ලෝක ශූරයෝ අද පාර්ලිමේන්තුවට

ඉන්දියාව පරදවා විස්‌සයි විස්‌ස ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගයෙන් ශ්‍රී ලංකාවට ජය අත්කර දුන් ක්‍රිකට්‌ ශූරයෝ පක්‍ෂ විපක්‍ෂ මැති ඇමැතිවරුන්ගේ සුභශිංසනය පිළිගැනීම සඳහා අද (09 දා) පාර්ලිමේන්තුවට පැමිණෙති.

පාර්ලිමේන්තු සංකීර්ණයට අද සවස පැමිණෙන ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායම රතු පලස මතින් කථානායකවරයාගේ අමුත්තන්ට අසුන් ගැනීමට වෙන්කර තිබෙන ගැලරිය වෙත කැඳවාගෙන යැමට නියමිතය.

කථානායක චමල් රාජපක්‍ෂ, සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රීවරුන් විසින් ශ්‍රී ලංකා ජයග්‍රාහී ක්‍රිකට්‌ කණ්‌ඩායමට පාර්ලිමේන්තුවට ආරාධනා කර ඇත.

ක්‍රිකට්‌ කණ්‌ඩායම කථානායක ගැලරියේ අසුන් ගැනීමෙන් අනතුරුව සවස 5.00 සිට රාත්‍රී 7.00 දක්‌වා ඔවුන්ට සුබපැතීමේ යෝජනාවක්‌ ඉදිරිපත් කිරීමට නියමිතය. සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් මෙම සුබපැතීමේ යෝජනාව ඉදිරිපත් කළ පසුව වැඩබලන විපක්‍ෂ නායක ජෝන් අමරතුංග මහතා විසින් එය ස්‌ථිර කිරීමට නියමිතය. අනතුරුව රාත්‍රී 7.00 දක්‌වා පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පිලට සුබ පතමින් අදහස්‌ ප්‍රකාශ කරනු ඇත.

මීට පෙර 1996 දී ක්‍රිකට්‌ ලෝක කුසලානය ශ්‍රී ලංකාවට අත්කර දීම වෙනුවෙන්ද එවක ක්‍රිකට්‌ පිලට පාර්ලිමේන්තුවට ආරාධනා කර සුබ පැතුම් එක්‌කර ඇත.

0 comments:

Post a Comment