
‘සිරි අයියා‘ නමින්, ජවිපෙ දේශපාලනය කළ අය අතර ආදරයට, ගෞරවයට බඳුන් වූ සෝමවංශ අමරසිංහ සහෝදරයා නික්ම ගොසිනි. පසුගිය 15 වැනිදා ඔහු නෙත් පියා ගන්නා මොහොත වන තුරුම ලංකාවේ දේශපාලනය සම්බන්ධව අවදියෙන් සිටියේය.
උපන් ගම කළුතර වූ සෝමවංශ අමරසිංහ සහෝදරයා ජවිපෙ දේශපාලනය සමග සම්බන්ධ වූයේ 1969 වසරේදීය. ඒ ජවිපෙ ආරම්භ වූ මුල් අවුරුදු කිහිපයයි.
1971 අපේ‍්‍රල් අරගලයට ක‍්‍රියාකාරී ලෙස දායක වූ ඔහු එහිදී ප‍්‍රචලිත වූයේ ‘රොස්මිඞ් අමරේ‘ නමිනි. 71 නඩුවෙන් වසර දෙකක...