Sunday, April 6, 2014

එජාපය එක්ක අපේ කිසිම දීගයක් නැහැ - JVP

JVP Logo"එක්සත් ජාතික පක්ෂය හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානය අතර කිසිදු හේතුවක් මත ඉදිරියට කිසිදු සන්ධාන ගතවීමකට තම පක්ෂයට බලාපොරොත්තුවක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

මේ රටේ මුළුමහත් ජනතාව වූ එක්සත් ජාතික පාක්ෂිකයන්, ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්, වාමාංශික පාක්ෂිකයන් ඇතුළු සියලු දෙනා සමඟ ජනතා විමුක්ති පෙරමුණ සන්ධානයක් නිර්මාණය කර ඇති බව පැවැසූ එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කෙළේ පුද්ගලයන් හා පක්ෂ කේන්ද්‍ර කර ගනිමින් සන්ධාන ගසා වෙනත් පිරිස් රජ කරවීමට තම පක්ෂයට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවයි.

වර්තමාන ආණ්ඩුව හා ආණ්ඩුවේ ආර්ථික දේශපාලන ක්‍රමය වෙනස් කිරීම සඳහා රටේ සියලුම පක්ෂ නියෝජනය කරනු ලබන ජනතාව සමඟ පමණක් ජනතා විමුක්ති පෙරමුණ සන්ධාන ගසා ඇති බවද ඔහු වැඩිදුරටත් කීය."

ටිරාන්ගේ මව්බිම පුවත් පතට මේ කතාව හඳුන් කියා ඇත. මේ සැබෑවකි. අපි පසුගිය දින කිහිපයේ පෙන්වා දුන්නේ ජවිපෙ ටිරාන්ලගේ මහරාජලාගේ සල්ලි වලට යටවී ඇති බවය.

කොටින්ම මේ වන විට මහරාජා රනිල්ට දුන් ලණුවම අනුර කුමාර විසින් ගිලිමින් සිටී.
(සෙස්ස පස්සට..දිගහරිමු)
gossiplankaoriginal.com

0 comments:

Post a Comment