Thursday, May 22, 2014

විමල්ගේ දෙකක් විමල් තනිකරයි

ඌව පළාත් සභාවේ ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී කපිතාන් මිහිමල් මුණසිංහ මහතා අද (22දා) ඌව පළාත් සභා මාසික රැස්වීමේදී ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වී එක්සත් ජාතික පක්ෂය සමග විපක්ෂයේ අසුන් ගත්තේය.

මේ අතර ජාතික නිදහස් පෙරමුණේ තවත් මන්ත්‍රීවරයෙකු වන ඩබ්ලිව්.ඒ. උදයකුමාර මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා සිටියේ තමාද ජාතික නිදහස් පෙරමුණෙන් ඉවත්වූ නමුත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාගත් බවයි.

2010 පළාත් සභා මැතිවරණයේදී ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් නිදහස් සන්ධානය යටතේ තරග කළ මුණසිංහ මහතා බදුල්ල දිස්ත්‍රික් ලැයිස්තුවේ හයවැනියා ලෙස ඌව පළාත් සභාවට තේරීපත් වූ අතර, පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට සහය ප්‍රකාශ කරමින් ඔහුගේ වේදීකාවටද ගොඩ විය.

මොණරාගල දිස්ත්‍රික්කයට ජාතික නිදහස් පෙරමුණ යටතේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කළ උදයකුමාර මහතා මනාප ලැයිස්තුවේ තෙවැනියා ලෙස පළාත් සභාවට තේරී පත්විය. උදය කුමාර මහතා මීට පෙර ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ අයෙකු වන අතර පසුව විනය කඩ කිරීමේන් ඇතිවූ ගැටුම් හේතුවෙන් පක්ෂයෙන් ඉවත්වන ලදී.

0 comments:

Post a Comment