Sunday, April 6, 2014

මර්වින් ....!! දැන් ඔබේ නුතන දුටුගැමුණු චරිතය රඟනු

Mervyn Silva
මෙවර පළාත් සභා මැතිවරණයේදී කැලණිය ආසනයේ සංවිධායක මර්වින් සිල්වා ආධාර කළේ මහා කුඩු ව්‍යාපාරිකයෙකු වන නිමල් ලාන්සාටය. ඔහු කියා සිටියේ කැලණියේ ජනතාව වැඩිම මනාප ලබා දෙන්නේ නිමල් ලාන්සාට බවය. ඔහුගේ ජම්මාන්තර වෛරක්‌කාරයා වන ප්‍රසන්න රණවීර ආධාර කළේ ප්‍රසන්න රණතුංගට නිසා ඔහු මර්වින්ට අභියෝගයක්‌ ඉදිරිපත් කළේය.මර්වියා වේදිකා දෙදරන්නට පුරසාරම් දොඩමින් කිවේ කැලණියෙන් නිමල් ලන්සා ප්‍රසන්න රණතුංගට වඩා මනාප ගත්තොත් මම දේශපාලනයෙන් සමු ගන්නවා. ලාන්සාට වඩා ප්‍රසන්න ගත්තොත් ඔය කියන අය දේශපාලනයෙන් ඉවත් වන්න ඕන...ඔන්න අභියෝගය එල්ල කල අයුරු .ආසන මට්‌ටමින් ප්‍රතිඵල නිකුත් වෙද්දී ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ හුඟ දෙනෙක්‌ මහත් නොඉවසිල්ලෙන් බලා සිටියේ කැලණිය ආසනයේ ප්‍රතිඵල නිකුත් වනතුරුය. ප්‍රතිපලය ටක්කෙටම හරිගියේය.

කැලණිය ප්‍රතිඵල නිකුත් විය. ආසනයෙන්ම ලාන්සාට ලැබී තිබුණේ මනාප ඡන්ද දෙදහස්‌ පනහකි. නමුත් ප්‍රසන්නට දහඅට දහසකට වැඩි ගණනක්‌ ලැබී තිබිණි..... ජනතාව මර්වින් හෙලුවැල්ලෙන් තබා ඇත. දේශපාලනයේ අසුචි කප්පරක් කාපු මෙවන් මිනිසුන්ගෙන් ගඳ යනු කුමක්දැයි අපි නොඅසමු. මහා මැතිවරණය හා ජනපතිවරණය එනතුරු සත්‍ය අවබෝධ වී කුල්මත් වූ මිනිසුන් බලා සිටින බව පමණක් දනිමු. එතෙක් දුටුගැමුණු චරිතෙට පංචායුධ කුමරුන් සමග රතිකෙලියේ යෙදෙන්න ..!

0 comments:

Post a Comment