Sunday, April 13, 2014

පෙ.ස.ප න් පූර්ව මැයි දින සම්මන්ත‍්‍රණ මාලාවක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂය පූර්ව මැයි දින සම්මන්ත‍්‍රණ මාලාවක් පැවැත්වීමට සැලැසුම් කර තිබේ. අපේ‍්‍රල් මස 20 වැනිදා සිට 30 වැනිදා දක්වා දිවයිනේ සියලූම ප‍්‍රදේශ ආවරණය වන පරිදි සම්මන්ත‍්‍රණ පැවැත්වේ.

සංදර්ශනවාදී හා ප‍්‍රචාරකවාදී කටයුත්තක් බවට පත්ව ඇති මැයි දිනය නැවත කම්කරුවන්ගේ දේශපාලන අරගලය ශක්තිමත් කිරීමේ වේදිකාවක් බවට පත් කිරීම වෙනුවෙන් මෙම ක‍්‍රියාමාර්ගය ගන්නා බව ද එම පක්ෂය පවසයි. මීට සමගාමීව වැඩබිම්, වෙළෙඳ කලාප, රජයේ ආයතන, ධීවර වරායන් ඇතුළු ස්ථාන ගණනාවක ජනසහභාගිත්ව, සංවාදාත්මක ක‍්‍රියාකාරකම් පැවැත්වීමට ද සැලැසුම් කර තිබේ. මැයි දිනයෙන් පසුව ද මැයි මස මුල් සති දෙක තුළ දී මෙම සම්මන්ත‍්‍රණ මාලාවේ තවත් අදිරයක් ක‍්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද එම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මාධ්‍ය ඒකකය පැවසීය. මෙම සම්මන්ත‍්‍රණ සඳහා සෙසු වාමාංශික විපක්ෂ හා සංවිධානවල නියෝජිතයන් ද සහභාගි කර ගැනීමට නියමිතය.

0 comments:

Post a Comment