Monday, April 7, 2014

ජවිපෙ අභ්‍යන්තරය නැවතත් කචල්

JVP
මීළඟ ජනාධිපතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම සඳහා මේ වන විට එම පක්ෂය තුල සාකච්ඡාවක් ඇතිවී තිබෙන අතර මේ සඳහා සුදුසුම අපේක්ෂකයා දඹර අමිල හිමියන් බවට තීරණයක්ද ගෙන තිබේ.

මේ බව හෙළි වන්නේ පසුගියදා ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් පිරිසක් සමඟ ජවිපෙ දේශපාලන මණ්ඩල සභික බිමල් රත්නායක පැවැත්වූ සාකච්ඡාවකිනි.

සෝමවංශගේද ටිල්වින්ගේද අනුරගේද සුරතලෙකු වන බිමල් රත්නායක මේ වන විට ජවිපෙ අභ්‍යන්තර පක්ෂයේ(බොල්ෂෙවික්) නායකයා ලෙසද කටයුතු කරන බව දැන ගැනීමට ඇති අතර ඉංග්‍රීසී භාෂාවේ චතුරයකු වන ඔහු ඉංග්‍රීසි නොදත් අනුර කුමාර වෙනුවෙන් මේ සාකච්ඡාවට සහභාගී වී තිබේ.

මේ ව්‍යපාරික හමුව කිලී මහරාජාගේ මෙහෙයවීමෙන් සිදුව ඇත. මීළඟ ජනාධිපතිවරණය සඳහා විපක්ෂයේ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම සඳහා මේ වන විට කතිකාවක් මතුව ඇතත් එහිදී එජාපය ශක්තිමත් වී නායක රනිල් වික්‍රමසිංහගේ තනතුර තවදුරටත් තහවුරු වීම වැලැක්වීම මහරාජා ගේ අපේක්ෂාවය. සජිත් ප්‍රේමදාස යොදවා එජාපය අභ්‍යන්තරයේ අර්බූද ඇති කරවීමත් ( පසුගිය ඉරිදා මව්බිම පුවත්පතේ සිරස්තලය වූයේ ජනාධිපතිවරණයට සජිත් ඉදිරිපත්වන බවකි.) ඉන් පිටතදී ජවිපෙ ලවා විපක්ෂයේ පොදු අපේක්ෂකයකු ගොඩ නැගීම අවුල කරවීමත් මහරාජාගේ සැලැසුම වී ඇත.

මේ වන විට ජවිපෙ නායක අනුර මැතිදුන්, වසර දයක පමණ කාලයක සිට මිතුදම් පැවැත්වූ කිලී මහරාජාට සේවය කිරීමට බැඳී සිටින අතර මීළඟ මහ මැතිවරණය සඳහාද තනිවම ඉදිරිපත් වීමට සූදානම් වේ. පසුගිය පළාත් සභා මැතිවරණ ප්‍රතිපළය අනුව තනියම තරග කර අඩුම තරමින් මන්ත්‍රීවරු පහළොස් දෙනෙකු පත් කර ගැනීමට හැකි බවට මතයක් මේ වන විටත් පක්ෂයේ කාඩර්වරු වෙත මුදා හැර ඇත.

එහෙත් ඊට වඩාත්ම හේතුවී ඇත්තේ පක්ෂයේ මැතිවරණ කටයුතු සඳහා මුදලින් මෙන්ම සිය මාධ්‍ය ජාලය හා මව්බිම පුවත පරහා විශාල ප්‍රචාරයක් ජවිපෙට ලබා දිමේ පොරොන්දුවයි.

පසුගිය බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණයේ වියදම් මෙන්ම ප්‍රචාරක කටයුතු බලා කියා ගත්තේද ටිරාන් හා මහරාජා විසිනි. ආණ්ඩුවේ දැවැන්ත මැතිවරණ ප්‍රචාරය හා සමාන ප්‍රචාරක ව්‍යාපාරයක් ජවිපෙට සිදු කළ හැකි වූයේ මේ නිසාය.

කෙසේ නමුත් දඹර අමිල හිමිව ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම හරහා තවදුරටත් එජාපය ප්‍රමුඛ විපක්ෂය දුර්වල වන අතර ජවිපෙට එජාපයට විකල්පයක් ලෙස සිය පක්ෂය ශක්තිමත් කර ගැනීමේ අවස්ථාවක් හිමිවේ.

නමුත් මේ සම්බන්ධයෙන් පක්ෂ අභ්‍යන්තරයේ තවමත් විවාදයක් ඇති බවත් පැවැසේ.මේ අර්බූදය නිසා මේවන විටත් මධ්‍යම කාරක සභිකයන් හතර දෙනෙකු පක්ෂයෙන් ඉවත්ව ඇති අතර ගම්පහ ප්‍රදේශයේ කටයුතු කළ එක් අයකු විදේශ ගතව ඇත.

gossiplankaoriginal.com

1 comment: