Friday, April 25, 2014

කැසිනෝ ඡන්දයට නාමල් නැතිලු

පාර්ලිමේන්තුව හමුවේ ඊයේ (24) විවාදයට ගැණුන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතට ඡන්ද විමසන අවස්ථාවේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව මඟ හැර ඇති බව වාර්තාවේ.

වාර්තා වන අන්දමට නාමල් හා නාමල් වල්ගේ එල්ලී සමඟ අනාගත දේශපාලනයේ නිරත වීමට බලාපොරොත්තු වන තරුණ මන්ත්‍රීවරුන් පිරිසක්ද අදාළ විවාදය මඟ හැර ඇති බවට පාර්ලිමේන්තු අභ්‍යන්තර තොරතුරු වාර්තා කරයි. ඒ අනුව සචින් වාස් ගුණවර්ධන, උදිත ලොකු බණ්ඩාර, එරික් ප්‍රනාන්දු, කනක හේරත්, වි.කේ.ඉන්දික, රමේෂ් පතිරණ, රෝෂාන් රණසිංහ, චාමික බුද්ධදාස, රුවන් රණතුංග හා ලොහාන් රත්වත්තේ යන තරුණ මන්ත්‍රීවරුද කැසිනෝ පනත අවස්ථාවේ පාර්ලිමේන්තුව මඟ හැර ඇතැයි වාර්තාවේ.

නාමල් රාජපක්ෂව ඔ‍ටුන්න හිමි කුමාරයා ලෙස අභිෂේක කිරීමට නම් ඔහු පිරිසිදු සිංහල බෞද්ධ පතිරූපයක් සහිත වියයුතු වීම මේ රටේ ඡන්දදායකයා හමුවේ අනිවාර්ය සාධකයක් වේ.කැසිනෝ පනතට මහනායක හිමියන්ගෙන් මෙන්ම බෞද්ධ සමාජයෙන් විශාල විරෝධයක් මතුව තිබුණද ඒ උපක්‍රමශීලීව මඟ හැර පනත සම්මත කර ගැනීමට රාජපක්ෂවරු මේ වන විට සමත්ව ඇත.

ඊයේ ඉදිරිපත් කළ ක්‍රමෝපායික සංවර්ධන පනත පාර්ලිමේන්තුව හමුවට යොමු කිරීම සදහා අත්සන් තබා ඇත්තේ ලක්ෂන් යාපා අබේවර්ධන ඇමැතිවරයා විසින් වීම මහින්ද රාජපක්ෂ පරපුර නාමය ආරක්ෂා කිරීමට ගත් තවත් පියවරක් වේ.

මීට පෙර කැසිනෝ පනත පාර්ලිමේනතුව හමුවේ ඉදිරිපත් කරද්දී ඒ සදහා අත්සන් කරනු ලැබූවේ ජනාධිපතිවරයා විසින්. ඒ අනුව කැසිනෝව ගෙන ඒමේ පවින් රාජපක්ෂවරු මුදවා ගෙන ඇති අතර ඒ පව් වෙනත් ඇමතිවරුන්ගේ පිටින් යැවීමට කටයුතු කොට ඇත. අනාගතයේ කැසිනෝ ගෙන ඒම පිළිබද රාජපක්ෂ නාමය ඒ අනුව නොකියවීම සදහා ජනාධිපතිවරයා විසින් වැඩකටයුතු යොදා ඇත.

මෙහිදි දැකිය හැකි වූ විශේෂ කරුණක් වනුයේ නාමල් රාජපක්ෂ විසින් මෙවැනි විශේෂ මතභේදාත්මක අවස්ථාවන් හිදී පාර්ලිමේන්තුව මග හැර ඇත. ඔහුගේ දේශපාලන අනාගතයට බලපෑම් විය හැකි සෑම විවාදයකිදී ඡන්ද විමසීමකදී පාර්ලිමේන්තුව මඟ හැර සිටීමය. ඒ සදහා තවත් උදාහරණ වන්නේ මීට පෙර ශිරාණි බණ්ඩාරනායක දෝෂාභියෝගය සදහා ඡන්ද විමසන අවස්ථාවේද පාර්ලිමේන්තුව මඟ හැර සිටීමය.

මීට අමතර ජනාධිපතිවරයා විසින් අදාළ පනත පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන අවස්ථාවේ හා ඊට ඡන්ද විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුව මඟ නොහැර අනිවාර්යයයෙන්ම ඊට සහභාගීවියයුතු බවට දැනුම් දී සිටියත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙකු මෙන්ම කැබිනට් මණ්ඩලයේ වෙනත් පක්ෂවල ඇමතිවරුන්ද පාර්ලිමේන්තුව මඟ හැරියේය. ඔවුන් අතර සුසිල් ප්‍රේම් ජයන්ත්, සුමේධා ජී ජයරත්නත, රාජිත සේනාරත්න, රිෂාඩ් බදියුර්දීන්, පී දයාරත්න, මේධානන්ද හිමි, විදුර වික්‍රමනායක, හා නේරංජන් විජේරත්න යන මන්ත්‍රීවරුන්ද වන බව වාර්තාවේ. මීට අමතරව නිදහස් පරෙමුණේ නායක විමල් වීරවංශ හා හෙළඋරුමයේ පාඨලී චම්පික රණවක යන ඇමැතිවරුන් ද ඡන්දය විමසන අවස්ථාව මඟ හැරීයේය.

තුසිත පතිරණ

0 comments:

Post a Comment