Tuesday, April 8, 2014

අනුරව නායකයා කළේ කිලී මහරාජා

ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තර පක්ෂයක් පිළිබද සමාජය දැනුවත් වූයේ මීට පෙර ජවිපෙන් බිදීගිය පෙරටුගාමී කණ්ඩායමත් සමගය. ඒ අනුව ජවිපෙ විසින් හා පෙරටුගාමීන් විසින් මෙකී අභ්‍යන්තර පක්ෂයක් පවත්වාගෙන යමින් පවතී. 

ජවිපෙ මහ සමුළුවට පෙර එහි නායකයන් එක්වී අභ්‍යන්තර සමුළුවක් පැවැත්වූවා. මෙම සමුළුව රෝහණ විජේවීර කළ පැවති බෝල්ෂෙවික් කණ්ඩායමේ පටන් පැවතෙන සම්ප‍්‍රදායක් බදුයි. ජවිපෙ හදවත සේ සැලකෙන දිස්ති‍්‍රක් ලේකම්වරු සියලූ දෙනාම මේ සදහා අයත්.එය සාමාජිකයන් 161 දෙනෙකුගෙන් සමන්විත වූවක්

ජවිපෙන් පෙරටුගාමී කණ්ඩායම කැඞී යාමෙන් පසු අභ්‍යන්තර නිලධාරී මණ්ඩලය 64 ක් දක්වා අඩු වූවා. යළි එහි සාමාජිකයින් ගණන 161 ක් දක්වා වැඩි කර ගැනීමේ අපේක්ෂාවෙන් සහ නව සාමාජිකයින් එකතු කර ගැනීම සදහා අනුර කුමාර දිසානායක මහතා විශාල කාර්ය භාරයක් ඉටු කලේය. දැන් එහි සිටින්නේ සාමාජිකයන් 150 කට ආසන්න සංඛ්‍යාවක්.

පසු ගියදා කොළඹ ටවර් රෝඞ්හි පිහිටි 'ඞී‍්‍රම් වැලී' හෝටලයේ අලූතින් පත් කර ගත් අභ්‍යන්තර නායකයින්ගේ සුහද හමුවක් පැවැත්වුණි. මේ සදහා සියලූ වියදම් මහාරාජා ආයතනයේ කිලී රාජමහේන්ද්‍රන් විසින් දරන ලදී. අනුර කුමාර නායකත්වයට පත් කරන ලෙස බලපෑම් කර ඇත්තේ ද රාජමහේන්ද්‍රන්ය.

මේ වන විට පක්ෂයේ මෙම කි‍්‍රයාවට විරුද්ධව දිස්ති‍්‍රක් ලේකම්වරු 4 ක් පක්ෂය හැර ගොස් තිබේ. ඒ අතර ගම්පහ දිස්ති‍්‍රක් ලේකම් ප‍්‍රදීප්, කෑගල්ල දිස්ති‍්‍රක් ලේකම් ප‍්‍රසන්න, මෙන්ම යාපනය හා තී‍්‍රකුණාමල දිස්ති‍්‍රක් ලේකම්වරු හැර තවත් ලේකම්වරු කිහිපදෙනෙක්ම පක්ෂයෙන් ඉවත්වීමට නියමිතය.

පක්ෂ මහ සමුළුවේදී ජනතාවට පෙනෙන්නට අනුර කුමාර දිසානායකව පත් කර ගත්තාට, මෙම පෙරළියේ නවතම තත්වය වන්නේ අභ්‍යන්තරව පක්ෂයේ සභාපති සෝමවංශ අමරසිංහ වීමත්. ලේකම් බිමල් රත්නායක ,මුදල් ලේකම් ධම්මික, ප‍්‍රචාරක ලේකම් වන්නේ අනුර කුමාර වීමත්ය

0 comments:

Post a Comment