Friday, April 4, 2014

පොලිසිය උන්ගේ ලොකු ලොකු අය උන්ගේ නීතිය උන්ගේ හිරබත අපේ උන්ගේ

පුත්තලම සාලියවැව පොලිස්‌ වසමට අයත් කලාඔය රක්‌ෂිතයේ මහා පරිමාණයෙන් ක්‍රියාත්මක වූ කුඹුක්‌ දැව ජාවාරමක්‌ වැටලීමට ඊයේ (03 දා) ගිය පොලිස්‌ කණ්‌ඩායමක්‌ එම ස්‌ථානයේ ඇමැතිවරයෙකුගේ පෞද්ගලික ලේකම්වරයකු සිටිනු දැක බියට පත්ව පලා ගිය පුවතක්‌ වාර්තා වේ.

සාලියවැව කලාඔය රක්‌ෂිතයේ තිබූ වසර සිය ගණනක්‌ පැරණි කුඹුක්‌ගස්‌ ඇමැති ලේකම්වරයා ද මැදිහත්වී කපා දමා ඇතැයි ප්‍රදේශවාසීහු පැවැසූහ. දින කිහිපයක්‌ තිස්‌සේ ක්‍රියාත්මකවූ මෙම දැව ජාවාරම සාලියවැව පොලිසියේ උසස්‌ නිලධාරීන්ගේද සහාය මත ක්‍රියාත්මක වන බව ඔවුහු වැඩිදුරටත් පැවැසූහ. 

රටේ නීතිය වල් වැදී උසාවිය කොඳු නාරටි කඩා ගත් විනිසුරන්ට බාර දී, පොලිසියේ තිබු ස්වාධීන කොමිෂන් සභා අහෝසි කරමින් , පොලිසිය " චින්තන පොලිසියක් " කර ඇතී සමයක මෙවැනි විලම්භීත පුවත් තව තවත් ඇසෙනු ඇත. පොලිසිය අවි ඔසවන්නේද , එල්ලා පහර දෙන්නේද , සිරගෙවල් පුරවන්නේද මෙරට බහුතරය වූ පීඩිත ජනතාව බව අපි දන්නෙමු. ඔවුන්ගේ බහුතරයකගේ කතිරයෙන් බලයට පත් වන දේශපාලුවන් හා ඔවුන්ගේ හෙන්ච්චයින් අතින් මේ විනාශ වන්නේ අපේ මව්බිම බව තේරුම් ගන්නා විට තම දුවා දරුවන්ට අනාගතයක් ඉතිරි වී නැත.

0 comments:

Post a Comment