Monday, April 14, 2014

අලුත් අවුරැද්දේ එකම වෙලාවක පිංතූර දෙකක්

මේ පිංතූරය රාජපක්ෂ ජනාධිපතිවරයා සිය පවුලේ සාමාජිකයන් සමග කාල්ටන් නිවසේ අවුරැද්ද සමරන ආකාරයයි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ෆේස්බුක් පිටුවේ මෙම ඡායාරෑප ප්‍රසිද්ධ කරමින් මෙසේ ද සටහන් කර තිබිණි. ‘බත බුලතින් පිරි නිල්ල පිරුණු ස්වයංපෝෂිත රටක් ගොඩනැගෙන අවධියක සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අපි මහත් සතුටින් පිළිගනිමු. සැමට සෞභාග්‍යමත් සුබ අලුත් අවුරුද්දක් වේවායි අපි ප්‍රර්ථනා කරන්නෙමු..‘

පහත පිංතුරය, එම රාජපක්ෂ ජනාධිපතිවරයා ජනාධිපතිව වැඩවසන ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවල උපාධි කප්පාදුව වහා හකුලා සියලු සමසෞඛ්‍ය සිසුන්ට සිවු අවුරුදු උපාධිය ලබා දෙන ලෙස පාලකයින්ට බලකරමින් පේරාදෙණිය, ගාල්ල සහ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට පවත්වන අඛණ්ඩ සත්‍යග්‍රහයේ අදද නිරතවන අයුරැයි.

(පිංතූරය, කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිට-14.04.2014)
vikalpa.org

0 comments:

Post a Comment