Tuesday, April 8, 2014

මහින්ද , අනුරට බය නොවී රනිල්ට බය වෙන්නේ ඇයි ?

"ආණ්ඩු පෙරළීම ගැන ඉගෙන ගැනීමට හාවඩ් යාමට අවශ්‍ය නැති බවත් මැදමුලනට ආවා නම් තමන්ට ඒ ගැන හොඳ හැටි කියා දිය හැකි බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

අරාබි වසන්තය වැනි නම් යොදා ගනිමින් ජනතාවට පාරට බහින්න කියා ඇතැමුන් කියන නමුත් බලහත්කාරයෙන් ආණ්ඩු පෙරළීමට තමන් කිසිසේත් ඉඩ නොදෙන බවද හෙතෙම අවධාරණය කරයි.

රටක ආණ්ඩු පෙරළිය යුතු බවත් එසේ කළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදීව බවත් පවසන ජනාධිපතිවරයා තමන්ද එසේ පාරට බැස හොඳ හැටි පදම් වූ පුද්ගලයෙකු යැයි කියා සිටියේ අද (08) 2013 මහ බැංකු වාර්තාව එළිදැක්වීම නිමිත්තෙන් කොළඹදී පැවැති උත්සවයකට සහභාගි වෙමිනි."

මහින්දගේ කටින් දැන් මරල‍තෝනි පිටවෙන්නට පටන් ගෙන තිබෙන්නේ තමන්ගේ අණ්ඩුව තව වැඩිකල් නොගොස් කොයි වේලේ හෝ පෙරළා දැමෙන බව ඔහු කොහොමෙන් හරි දැනගෙන තිබෙන නිසාය. රනිල් රට යෑමත් ඔහුට බියක් ගෙන දෙන්නට සමත්ව තිබීමෙන් පැහැදිලි වන්නේ එයයි.

එහෙන් ඇමැතිවරු තමුන්ට විරුද්ධව කැ‍රැල්ලකට සෙට් වේගෙන එන බවත් දැනගෙන තිබේ. චන්ද්‍රිකා ගැනත් ඔහු බියෙන් පසුවන බව පෙනෙන්නට තිබේ.

පළාත් සභා මැතිවරණයෙන් ලැබූ ඡන්ද ප්‍රමාණය ජනාධිපතිවරණය ජය ගන්නට තරම් මහ ලොකු නැති බවත් ගනන් සාස්තරය හරි හැටි නොදන්නා වුනත් ඒ ගැන කියැවෙන කතාවලින් ඔහුට පැහැදිලි ඇතිය.

කොහොම නමුත් ජනාධිපතිවරයා කියන්නේ තමන් දන්නා ප්‍රජාතන්ත්‍රවාදය අනුව මිසක් ආණ්ඩුව පෙරලන්නට ඉඩ නොදෙන බවය. ඒ කියන්නේ ජනතා නැගිටීමකට ඉඩක් නොදෙන බවය. මහින්දට අනුව ජනතා නැගිටීම් යනු ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවක් නොවිය හැකිය.

කොහොමටත් ජනතා නැගිටීම් කියන එවා වෙන්නට ඉඩක් නැත. ඒවා කරන්න හිටපු අය දැන් කුළුණු තුන ශක්තිමත් කරමින් සිටී. මහින්දට ඒ ගැන බිය විය යුතු නැත.

ඒ නිසා මහින්ද, (සැබෑ විපක්ෂනායකයා යැයි ටිරාන්ලා කිලී මහරාජලා විසින් නාමකරණය කරන) අනුර කුමාරට වැඩිය රනිල් වික්‍රමසිංහට බිය වන්නේ ඇයිද යන්න ජවිපෙ ෆේස්බුක් විප්ලවවාදී සහෝදරයකු ගෙන් පැහැදිලි කර ගත යුත්තකි.

මෙහි අපිට නොතේරෙන කෑල්ල එයය.

0 comments:

Post a Comment