Wednesday, April 23, 2014

මැයි දිනය වෙනුවෙන් පෙසපෙන් වැඩසටහන් මාලාවක්

මෙවර මැයි දිනය ඉලක්ක කරගෙන මැයි දිනයේ දේශපාලනය සහ එයට වැඩකරන ජනතාවගේ ශක්තිය ඒකාබද්ධ කිරීම ගැන ජනතාව දැනුවත් කරන හා සමාජය සමඟ සංවාදශීලී වන වැඩසටහන් ගණනාවක් පෙරටුගාමී සමාජවාදී පක්ෂය දියත් කර තිබේ. 

එහි එක් පියවරක් ලෙස දේශපාලන පක්ෂ ගණනාවක සහභාගීත්වයෙන් අපේ‍්‍රල් 24 වනදා සවස 3.00 ට කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී සංවාදශීලී සම්මන්ත‍්‍රණයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. 

‘මැයි දිනයට කටුස්සොත් රතු පාටයි’ යන මාතෘකාව යටතේ පැවැත්වෙන මෙම සම්මන්ත‍්‍රණයේදී නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී (මාක්ස් ලෙනින්වාදී* පක්ෂයේ වී. මහේන්ද්‍රන්, නව සමසමාජ පක්ෂයේ වික‍්‍රමබාහු කරුණාරත්න, ශ‍්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ දීප්ති කුමාර ගුණරත්න හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ චමීර කොස්වත්ත යන සහෝදරවාරුන් අදහස් දැක්වීමට නියමිතය. 

එම සම්මන්ත‍්‍රණ මාලාවේ තවත් සම්මන්ත‍්‍රණයක් අපේ‍්‍රල් 28 වෙනිදා හවස 3.00ට මහනුවර ජනමැදුර ශාලාවේදී පැවැත්වෙන අතර එක්සත් සමාජවාදී පක්ෂය, නව සමසමාජ පක්ෂය, සමාජවාදී පක්ෂය, ෆැක්සිස් සාමූහිකය හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය මෙහිදී අදහස් පලකරනු ඇත.

0 comments:

Post a Comment