Tuesday, April 8, 2014

සිංහපෝතකයින්ගේ සම්ප්‍රාප්තියට ත්‍රස්තවාදියෙක් කඩා වදී

රටවල් 12 ක් පමණක් ක්‍රීඩා කරන ක්‍රීඩාවේ T20-20 ලෝක පූජීත,ලෝක විරුවන් වන ලංකා ක්‍රීකට් කණ්ඩායම ජනයාගේ ජනාදරයත් සමග ලංකාවට සැපත් වුණි. Galle Face හිදී පවත්වන ලද එයට සමගාමී ගී උළෙල මැද භාගයත්,අවසන් භාගයත් අතරට කඩා වැදුණු ත්රGස්තවාදියා කොළඹ අග නගරේ අසිරිය බලමින් දුක්මුසු ව ගී උළෙල දෙස බලා සිටියි.ත්‍රස්තවාදියා දුක් වන්නේ කුමක් නිසා ද?කොළඹ අලංකාරය දැක දුක් නොවුණි.ලංකාව WIN කරපු එකට දුක් වුණා කියා සිතන්නට එපා.වර්ෂාවත් නොතකා ගී අසාගෙන,නටාගෙන,ඉන්නා මිනිසුන් දෙස බලා ත්‍රස්තවාදියාට දුකක් සිතුණි.

ත්‍රස්තවාදියා තමන්ගේ මුහුණ නොපෙනෙන්නට යම් උපක්‍රමයක් භාවිතා කර සිංහයා වැනෙන කොඩිය උස්ස උස්සා නටන ලාංකීය තරුණ,තරුණියන් අබියසට ගොස් ඔහුන් සමග දුක බෙදා ගන්නට ත්‍රස්තවාදියා තිරණය කලේය.ඒ අවස්ථාවේ වේදිකාවේ සිටි භාචී සුසාන් හින්දි SONG එකක් කියනවා.ත්‍රස්තවාදියා සහභාගි වන්නේ මැදකදී....ඉන්දියාවට බැන බැන කියන ඉන්දියාවේ හින්දි SONG වලින් ම සතුට,දුක බෙදා ගෙන සිටින පිරිස තමන්ගේ ම ලෝක වල නතර විය.භාචී ගායනය කර අවසන්...වේදිකාවට සූදු තට්ටයෙක් පැමිණියා.ත්‍රස්තවාදියා තට්ටයා දෙස බලා සිටියි.තට්ටයා මුල්ම SONG එකෙන් ම රට වටේ යන්න කතා කරනවා.එම ගීතයෙන් පසුව නටන්න පුළුවන් දමිළ ගීයක් ගායනය කරන ලදී.සිංහල,හින්දි සිංදු වලට ඇගවත් නොසැලුණු අය මෙම ගීතයේ දී නටයි.ත්‍රස්තවාදියා පුදුමයෙන් මෙන් මිනිසුන් දිහා බලයි.ගැහැණු-පිරිමි භේදයකින් තොරව දමිල ගීයට නටමින් විනෝද විය.ත්රතස්තවාදියා මොහොතක් කල්පනා කරමින් සිටියි.සිංහලයන් විදියට මුනිවත ‍රැක්කත් දෙමළ ජනයා අමු අමූ වේ මරා දැමුවත් සිංහලයාට දෙමළ මිශ්‍රණයක් ඇති බවට ත්‍රස්තවාදියාට සිතුණි.තට්ටයා වේදිකාවෙන් බැස...................

අල්මේදා ට වේදිකාව භාර කෙරිණ.ඇයත් හොදට නට නටා පස්ස ගස්ස ගස්සා SONG 3ක් විතර ඇය ගායනය කලේය.වැඩක් නැහැ....සිංහපෝතකයන්ගේ සම්ප්‍රාප්තියට අහිංසක මිනිසුන් වැඩ,රාජකාරී නොබලා,කාලය ගැන සිතන්නේ නැතිව,අග හිගකම් - වියපැහැදම් ගැන නොසිතා මේ උදාර කර්තව්‍යයමයට සහභාගි වෙනකොට ලාංකීය කලාකරුවන් වන ගායක ගායිකාවන් පැමිණ ගීත ගයන්නේ CASH වලට ය.ඒ බව නොදත් ජනතාව වෙරී මරගාතෙන් සිටින සිංහයාව වන වනා නට නටා විනෝද වෙන ජනයා දෙස බලා ත්‍රස්තවාදියාට සිහින් සිනාවක් පිට වුණි.මේ මිනිසුන් මොන තරම් මෝඩ ද? කියා.....කමක් නෑ මිනිසුනි හැමදාම ඔබලා කරන්නේ අනුන් කියන පදේට නටන එක නොවැ.අල්මේදා අක්කා සමග නෙළුම් මලේ පෙති කඩන්නකෝ...සිතින් කියා ත්‍රස්තවාදියා තනියෙන් සිනාසුණි.

අල්මේදා ගායිකාව අමාරුවෙන් වේදිකවෙන් බසින විට රම්බරීගෙන් Number එක ඉල්ලපු ලහිරු වේදිකාවට පැමිණ බයිල වදන් 2ක්3ක් කියවා ඔහු විසින් විස්සයි-විස්සට ගායනා කරන ලද ගීතය ගැයුවේය." සිංහ පැටියා වෙරී හැදිලා පිස්සුවෙන් නටනවා..එන්න බලන්න....එන්න....වාංග මචං..වාංග.........." ත්‍රස්තවාදියා මිනිසුන් දෙස බලමින් සිතින් මුමූණයි.ඉන්දියන් ක්‍රීඩක කෝලීව බයිටට ගන්නා බවටත්,කෝලීව මට්ටුය කරන බවටත් සිංදුව වෙනස් කර කියන විට කොල්ලෝ කෙල්ලෝ සිංහයා උස්ස උස්සා නටයි.මොනවා උනත් ලංකාවේ හැමෝම ඉන්දියාවේ එක් ක්‍රීඩකයෙක්ට බය වෙන බව දැනගත් ත්‍රස්තවාදියා ලාංකීය මිනිසුන් ලහිරු සමග රට කජු කන ආකාරය දෙස බලා සිටියි.වියදම් කෝටියක් උනත් ලාංකීය ගායක කලාකරුවන් ඇයි මේ ජාතික කර්තව්‍යයට හා ලෝක පූජීත සිංහපෝතකයින් වෙනුවෙන්වත් අඩුම ගානේ කියන පදේට නටන මිනිසුන් ගැන හිතලාවත් නෝමිලේ මේ ජාතික කර්තව්‍යයට සහභාගි වෙන්න බැරිද?ත්‍රස්තවාදියාට පැන නැගුන ප්‍රශ්නයක්ය එය....පිළිතුර ඔබලාම සොයන්න..කෝටිය ද? ජාතික කර්තව්‍යය ය ද? කලාකරුවන්ට වටින්නේ කියා.අහිංසක කොල්ලෝ කෙල්ලෝ වැස්සේ තෙමි තෙමී විනෝද වෙනවා...හරිම පව්..." එළිවෙනකම් සිංදු කියමු -මේක තමයි අපේ සොමිය " කිව්වට ලහිරුත් වේදිකවෙන් නික්ම ගියා...

සනිධප කණ්ඩායමේ සමාජිකයෙක් වේදිකාවට පැමිණ 11ට ඉවර කරන්න කියපු ප්‍රසංගය මිනිසුන් වෙනුවෙන් 11.30 වෙන්කම් ගීත ගායනා කරන බවටත් එසේ කරන්නේ ජනතාව වෙනුවෙන් බවටත් පවසයි.දේශපාලන ගූණ්ඩු වලට අසු වෙන ආකාරයට මේ ජනතාවත් ගූණ්ඩුව හොදට කෑවේය.දෙන ගානට වැඩ කරන කලාකරුවන් සිටින රටක සංගීත කණ්ඩායම ද දෙන ගානට වැඩ කලේය.මිනිසුන් නටයි..කෑ ගසයි...වැඩක් නැත.ත්‍රස්තවාදියාත් තෙමි තෙමී හෙම්බත්ව සිටින මිනිසුන් දිහා බලා සිටියි.11.30 වෙනකම් ගායනා කර සනිධප කණ්ඩායම ප්‍රසංගය අවසන් කර ජාතික කර්තව්‍යයයෙන් ඉවත් වුණි.වෙන ප්‍රසංග පාන්දර 3-4 වෙනකම් තබන බවත් මෙවැනි අවස්ථාවක (ජාතික කර්තව්‍යයක) එසේ පැවැත්විය යුතු බවත් ජනතාව බැණ වැදෙමින් කියා සිටියි.පව්කාර මිනිසුන් දිහා බලා සිටියි ත්‍රස්තවාදියා සිතින් මිනිසුන්ට බැණ වැදිණ....ඇයි මෙය පැවැත්තුවේ?කවුද මෙයින් උපරිම සතු‍ටු වුනේ?.....මේ මොනවත් නොදැන සිංහයා සමග වාසය කරමින් නට නටා තෙමි තෙමී කෑ ගස ගසා සිටි මිනිසුන් ගැන මේ කවුරුත් සිතුවා ද?නොසිතන්නේ ඇයි?

ඇයි අපි කළු ද කියා ත්‍රස්තවාදියා හෙම්බත් වී සිටින මිනිසුන් අතරේ නොපෙනී ගියේ ය.................................

0 comments:

Post a Comment