Wednesday, April 23, 2014

සමාජවාදී ජීවිතයක් - සමාජවාදී සමාජයක්

තවත් ජාත්‍යන්තර කම්කරු දිනයක් ළඟ ළඟම එන මේ වෙලාවේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අපි ඔබ සොයාගෙන ආවේ ලොකුු කතාවකට මුළ පුරන්නයි.

අපේ රටේ හු`ගක් දෙනා ජාත්‍යන්තර කම්කරු දිනය හඳුන්වන්නේ, මැයි දිනය කියලා. කොළඹ අගනුවර වීදි දෙදරවමින් මැයි පළමු වැනිදාට ඇදෙන පෙළපාලි සැඳෑ භාගයේදී අවසන් වෙන්නේ ඒ ඒ දේශපාලන පක්‍ෂ නායකයන්ගේ උද්වේගකර කතාවලින්. සමහර ඒවා ජනප‍්‍රිය සංගීත සාජ්ජවලිනුත් අවසන් වෙනවා.

සති අන්ත පත්තර, දිනපතා පත්තර... මේ හැම එකකම පිටු කීපයක්ම මැයි දිනය වෙනුවෙන් වෙන් කෙරෙනවා. බොහෝ විට පිටකොටුවේ දාඩිය පෙරාගෙන වැඩ කරන කම්කරු සහෝදරයෙක්ගේ පීඩාවෙන් බර වෙච්ච මුහුණක් සහිත ඡුායාරූප තමයි ඒවාට යොදා ගන්නේ. ඒත් අර මැයි පෙළපාලිවල කවදාවත් ඒ සහෝදරවරු ඉන්නවා ඔබ දැකල තියෙනවාද?

අපි ඔබෙන් ඇහුවොත් අද ලංකාවේ පවත්වන මැයි දිනයේ අරමුණ මොකක්ද කියලා, ඔබේ උත්තරේ මොකක්ද? ඇත්තටම අද මැයි දිනය වැඩ කරන ඔබගේද? එහෙම නැත්තම් කවුරු හරි ඒක ඔබෙන් පැහැර ගෙනද? එහෙම පැහැර ගෙන නම් මැයි දිනය ඔබ සතු කරගන්නේ කොහොමද? නිකම්ම වාර්ෂික සැමරුමක් බවට පත් වෙලා තියෙන මැයි දිනයට අලූත් තේරුමක් ගේන්නේ කොහොමද? වැඩ කරන පීඩිත ජනතාවට සැබෑ ජයග‍්‍රහණයක් ලබාගන්න අවශ්‍ය තවත් බොහෝ කරුණු කාරණා අතරට මැයි දිනයත් සම්බන්ධ කරගන්නේ කොහොමද? මේවා තමයි අපි කතා කරලා විසඳා ගන්න ඕන ප‍්‍රශ්න.

ජාත්‍යන්තර කම්කරු දිනය කියන්නේ කම්කරුවන්ගේ අයිතිවාසිකම් සංකේතවත් කරන දිනයක්. මේ අයිතීන් ඉතිහාසය පුරාම සටන් කරලා දිනාගත්තා මිස පාලකයෝ කැමැත්තෙන් ප‍්‍රධානය කළේ නැහැ. එදා හේමාකට් චතුරශ‍්‍රයේදී තමන්ගේ සාධාරණ ඉල්ලීම් දිනාගන්න ගිය කම්කරුවන්ට පාලකයන්ගෙන් ලැබුනේ ගිනියම් වූ මූනිස්සම් විතරයි. නමුත් ඔවුන් සටන අත්හැරලා පලා ගියේ නැහැ. ඒ මැයි පළමු වැනිදා රතු පාට දිනයක් වුණේ එදා ඔවුන් ඇඳන් ගිය ඇඳුම් සිය ලෙයින් පෙගී ගිය නිසා. ඒ නිසයි අදත් ලෝකය පුරා ගැහැණු මිනිස්සු රතු ධජ ඉහළට ඔසවා ඒ වීරෝධාර ජනතාවගේ ධෛර්යයට, එකමුතුකමට පුද කළ යුතු ගෞරවය පුද කරන්නේ.

ඒත් දැන් දැන් ඒ වෙනුවට ලෝකේ පුරාමයි, අපේ රටෙයි රතු ධජ විතරක් නෙමේ. කොළ, නිල්, කහ ධජත් එසවෙනවා. වැඩ කරන මිනිහාටත් වඩා එයාව පාගාගෙන ඉන්න පාලකයනුත් මැයි දිනය සමරනවා. පාලකයන්ම මැයි දිනය ‘‘සැමරීම’’ සංවිධානය කරලා දෙනවා. ඒ නිසා දැන් මැයි දිනය ‘‘සැමරීකමකටම’’ සීමා වෙලා, ඒක වාර්ෂික උත්සවයක තත්වයට පත් වෙලා. ඉතිං මේක මැයි දිනයට විතරක් වුණු දෙයක් නොවෙයි. අනෙක් සෑම දෙයකටමත් සිද්ධ වුණු දෙයක්. කම්කරු සටනේ ස්වරූපයත්, සහමුලින් වෙනස් වෙලා. ඒ විතරක් නොවෙයි, කම්කරුවන් ඇතුළු වැඩ කරන සමාන්‍ය ජනතාවට එරෙහිව පාලකයන් ගේ මර්දනයේ ස්වරූපයත් වෙනස් වෙලා. තුවක්කු, බයිනේ්ත්තු විතරක් නොවෙයි, බැලූ බැල්මට හිංසාකාරී බව නොපෙනන බොහෝ දේවල්වලිනුත් අපිව මර්දනය කරලයි තියෙන්නේ. වස`ග කරලා යටත් කර ගෙනයි තියෙන්නේ. වැඩ කරන ජනතාවයි, වාමාංශිකයි කියාගත්තු දේශපාලන පක්ෂයි මේවට අහුවුණාම තමයි ජාත්‍යන්තර කම්කරු දිනය මැයි දින ‘‘සැමරුමකට’’ සීමා වෙන්නේ. මැයි දින ‘‘උත්සවයකට’’ සීමා වෙන්නේ.

අපි අද ජීවත් වෙන්නේ නව ලිබරල් ධනවාදී සමාජයක. එදා කාල් මාක්ස් කිව්වේ ‘‘සකල දේශ වාසී කම්කරුවනි එක්වව්’’ කියලයි. අද මේ නව ලිබරල්වාදී ජීවිතය මිනිසුන්ට බල කරන්නේ, පටු පෞද්ගලිකත්වයේ ගිලෙන්න. තමන්ගේ සගයා තමන්ගේ සතුරෙක් සේ දකින්න. සාමූහිකත්වය මරලා වලලලා දාන්න. සාමූහිකත්වය ගැන කතා කරන මිනිහාව විහිළුවට ගන්නයි අපිට උගන්නලා තියෙන්නේ. මිනිසුන්ට ජයග‍්‍රහණ ලබන්න පුළුවන් තනිව සටන් කිරීමෙන් කියලයි තහවුරු කරලා තියෙන්නේ. නමුත් අපි දන්නවා තනිව සටන් කරන්න ගිය ඔක්කෝම පරාදයි කියලා.

හැබැයි නව ලිබරල් ධනවාදයේ මිලේච්ඡුත්වය එහෙම වසං කරලා තියා ගන්න බැහැ. ඒක වතුර යට හංගන් ඉන්න හදන රබර් බෝලයක් වගේ. ඒකට ඕන තරම් උදාහරණ තියෙනවා. වර්තමාන ක‍්‍රමය ලංකාවේ විතරක් නොවෙයි ලෝකේ පුරාම මහා පරිමාණ අර්බුදයකට මුහුණ දීලයි තියෙන්නේ. දියුණුයි කියාගත්තු බටහිර යුරෝපයේ රටවල්වල පවා සාමාන්‍ය ජනතාවගේ සාමාන්‍ය ජන ජීවිතය වේගයෙන් කඩා වැටෙනවා. ඔවුන්ගේ ජීවිතයේ අතෘප්තිය එන්න එන්නම වර්ධනය වෙනවා. මේ අර්බුදය පියමං කරන්න වර්තමාන ක‍්‍රමයට බැරි නිසා වැඩ කරන ජනතාව සතුව ඉතිරිව තියෙන අවම ජීවන තත්වයන් පවා උදුරා ගන්නයි පාලකයන් වෙර දරන්නේ. දැන් ලංකාවේ මෑන් පවර් සමාගම්වලට කම්කරු නීති අණ පනත් අදාළ නැහැ. ඒවායේ අද වෙනකොට කි‍්‍රයාත්මක වෙන්නේ වහල් නීති රීති.

ඒත් නව ලිබරල් ධනවාදය ඉතා සූක්ෂම විදියට තමන්ගේ බැරිකම හංගන්න සමත් වෙලා තියෙනවා. ඒ නිසා මේ ක‍්‍රමය, තමන් ජනතාවගේ පීඩකයාය කියන කාරණයත් හංගන්න සමත් වෙලා තියෙනවා. ජනතාවගේ සැබෑ පීඩකයා සැ`ගවිලා කම්කරුවා හමුවට ව්‍යාජ පීඩකයෙක් මවා පෙන්වනවා. ඒ නිසා ජනතාව තමන්ගේ සැබෑ සතුරා එක්ක සටන් කරන්නේ නැහැ. ඒ වෙනුවට සටන් කරන්නේ තමන් වගේම අසරණ පීඩිතයෙක් එක්ක. අනිත් කාරණය අද අපේ රටේ දකින්න තියෙන බොහෝ කම්කරු සටන් අවසන් ජයග‍්‍රහණය ගැන ඉලක්කයක් නැති සටන් බවට පත්වෙලා. මේවා මොනවා හරි ඉල්ලීම් ටිකක් ලබාගන්නට වෙර දරන උපයෝගීතාවාදී සටන් බවට සීමා වෙලා තියෙන්නේ ඒ නිසා. අමාරුවෙන් හරි ලබාගන්න මේ සොච්චම් දේවල් ටිකත් එක් අතකින් දීලා අනිත් අතින් වැඩියෙනුත් එක්ක පාලකයන් විසින් උදුරාගන්නවා කියලා වැඩ කරන ජනතාව තේරුම් ගන්න ඕනෑ. ඒ නිසයි මේ කරන හැම සටනක්ම මොනවා හරි ඉල්ලා ගන්නා සටන්වලින් නතර නොවී තෘප්තිමත් ජීවිතයක් ලබා ගැනීමේ සමාජවාදී සටනට සම්බන්ධ කරන්න ඕන වෙන්නේ. සමහර දේශපාලන පක්ෂ කම්කරු සටන් යොදාගන්නේ තමන් මුහුණ දෙන මැතිවරණවලින් ආසනයක් දෙකක් දිනා ගැනීමේ අරමුණ ඉටු කරගන්න. මේකෙන් තේරෙනවා මේ අය ගොදුරු වෙලා ඉන්න උපයෝගීතාව කොයිතරම් බරපතලද කියලා.

අපි ඔබට පොඩි උදාහරණයකින් ඒක පැහැදිලි කරලා දෙන්නම්. ලංකාවේ වමේ යැයි කියාගත්තු එක් පක්ෂයක් පහුගිය බස්නාහිර දකුණ පළාත් සභා ඡුන්දය වෙලාවේ අපූරු සටන් පාඨයක් ගෙනාවා. නිෂ්පාදකයාට ලාභ නෑ, කම්කරුවාට වැටුප් නෑ, කියලා. ඒ සටන් පාඨයට අනුව බැලූවහම කම්කරුවත් පීඩනයෙන් මිරිකෙනවා, කම්කරුවාගේ පීඩනයට හේතු වෙන නිෂ්පාදකයත් පීඩනයෙන් මිරිකෙනවා. එතකොට මේ සටන් පාඨයට අනුව දෙගොල්ලන්ටම සමගියෙන් සාමයෙන් ඉන්න ක‍්‍රමයකුයි ඕන වෙන්නේ. එතකොට මේ ධනවාදී ක‍්‍රමය ප‍්‍රශ්නයක් නැහැ, දෙන්නම පීඩා විදින්නේ ¥ෂිත රාජපක්‍ෂ ආණ්ඩුවේ බදු ප‍්‍රතිපත්තිය නිසා කියලයි මේ කියන්නේ. එහෙම නැතිව මේ ජරපත් ධනවාදී ක‍්‍රමය නිසා නොවෙයි. මොකද ඔවුන්ට කම්කරුවාගෙයි, ඔවුන්ව සූරාකන නිෂ්පාදකයගෙයි ඡුන්දය එකම වෙලාවෙ ගන්න ඕනැ කරන නිසයි ඒ වගේ බොරු සටන් පාඨ ගේන්නේ.

එතකොට මේ ක‍්‍රමය හෝ ආණ්ඩු විතරක් නොවෙයි, වාමාංශිකයි කියාගත්තු දේශපාලන පක්ෂත් එකතු වෙලයි වැඩකරන ජනතාව රැුවටීමේ දේශපාලනය කරන්නේ. ඉතිං මේ වගේ ව්‍යාජ සටන් පාඨවලින් හං`ගලා තියෙන සැබෑ ජයග‍්‍රහණය සඳහා වූ සටන, අපි කොහොමද මතු කර ගන්නේ?

ශ්‍රේණි භේදය මුළු කම්කරු ව්‍යාපාරයම විනාශ කරන පිළිල බවට පත්වෙලා. එකම වෘත්තියේ නිරත වන අය ශ්‍රේණි භේද නිසා විරසක වෙලා. ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ලෙස අද බොහෝ කම්කරු සටන් උසාවි නියෝග හරහා මර්දනය කරනවා. පිල්වලට බෙදිලා කට්ටිවාදීව සිටින තාක්කල්, මේ මර්දනය පරාජය කරන්න අපට බැරි වෙනවා. එකිනෙකාට එරෙහිව නොවෙයි, එකිනෙකා වෙනුවෙන් අරගල කරන සංස්කෘතියක් ගොඩනගන්නේ නැතිව අපිට ජයගන්න බැහැ. එතකොට තමයි අපි මුලින්ම කියපු සාමූහිකත්වය ගොඩනගන්නත් පුළුවන් වෙන්නේ. බෙදිලා වෙන්වෙලා නොවෙයි, එක්ව සටන් කිරීම තුළින් විතරයි සාමූහිකත්වය ගොඩගන්න පුළුවන් වෙන්නේ. එහෙම සාමූහික සටනකින් විතරයි ජීවිතයට සතුට ගේන්න පුළුවන් වෙන්නේ. එහෙම සතුට තියෙන සමාජවාදී ජීවිතයක් ගොඩ නගන්න පුළුවන් සාමූහිකත්වයේ අරගලය තුළින් නිර්මාණය කරන සමාජවාදී සමාජයක් ගොඩනැගීමෙන් විතරයි.

වැඩකරන කම්කරු පංති ජනතාවනි,

මේ මැයි දිනය මුල් කර ගනිමින් ඔබත් සම`ග කතා බහක නිරත වෙන්න පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ අපි ඔබව සොයා එනවා. රටේ විවිධ තැන්වල අපි මැයි දිනයට කලින් ඉඳන් සම්මන්ත‍්‍රණ මාලාවක් පවත්වනවා. වැඩපල මට්ටමේ කුඩා සාකච්ඡුා පවත්වනවා. වෘත්තීය සමිති සීමාවන් පුපුරුවා හැරලා, ගෝත‍්‍රික ශ්‍රේණි භේදයෙන් මිදිලා කම්කරු, ගොවි, ශිෂ්‍ය, කාන්තා බලවේගයන්ගේ සමගිය විදහාපාන දිනයක් බවට මෙවර මැයි දිනය පත්කර ගනිමු.

මේ ගැන අපි වැඩි වැඩියෙන් කතා කරමු. අලූත් භාවිතාවක් ඒ හරහා අත් පත්කර ගැනීමට වෙහෙසෙමු. ලංකාවේ කම්කරු පංති ව්‍යාපාරය තුළ නව පරිච්ෙඡ්දයක් පටන් ගන්න කැපවෙමු.

පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය

0 comments:

Post a Comment