Tuesday, April 8, 2014

ශ්‍රී ලංකාව දැන් හරි දියුණුයි, ඒක පුද්ගල ආදායම ඩොලර් 3280 යි

ශ‍්‍රී ලංකා මහබැංකුවේ 2013 වාර්ෂික වාර්තාව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත අද (08) පිළිගන්වනු ලැබීය. මෙරට ආර්ථිකයේ පසුගිය වසරේ ප‍්‍රවණතාවන් සහ දත්ත ඇතුළත් මෙම වාර්ෂික වාර්තාව මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් විසින් ජනාධිපතිවරයා වෙත පිරිනමනු ලැබූයේ මහබැංකු ශ‍්‍රවණාගාරයේදිය.

මෙහි 2013 වසරේ දී ශ‍්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනය සියයට 7.3ක් සහ ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 3280ක් (රුපියල් 4,32,000 ක් පමණ) ලෙස සඳහන් කර තිබේ.

එහිදී අදහස් දැක්වූ මහබැංකු අධිපතිවරයා කියා සිටියේ පසුගිය වසර තුළ මෙරට ආනයන, අපනයන වෙළඳ කටයුතු මෙන්ම ඒකපුද්ගල ආදායම ද කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇති බවයි.

0 comments:

Post a Comment