Sunday, April 6, 2014

නිමල් සිරිපාලටයි, තිස්ස අත්තනායකටයි පාට පෙනෙන්නෙ නැතිලු

එජාප මහ තිස්ස අත්තනායකට සහ වාර්මාර්ග ඇමති නිමල් සිරිපාලට වර්ණ අන්ධතාවය වැළදී ඇතැයි අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසයි.

පසුගිය මැතිවරණ ප‍්‍රථිඵල ආණ්ඩුවට රතු එළියක් යයි ඔවුන් දෙදෙනා විසින්ම කලප‍්‍රකාශ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහ් මෙසේ සඳහන් කරයි.

‘තිස්ස අත්තනායක මහත්තයා කියනවා රතු එළියක් ගැන. මේ ඡන්දේ ආණ්ඩුවට රතු එළියක්ලූ. අපේ නිමල් සිරිපාල ඇමතිතුමාත් කියනවා මේකේ රතු එළියක් තියනවාලූ.

මේ ප‍්‍රතිඵලය අනුව බලපුවාම කොහෙද රතු එළි තියෙන්නේ? ලෝකෙ වෙන රටවල තියනවා වගේම මෙහෙත් ඡන්දෙ තියලා අපි දිනුවා. දිනුවා නම් කොහෙද රතු එළි?

එහෙම තියෙද්දිත් මෙයාලට මේ පට පාට එළි පේනවානම් අර ලෙඩක් තියෙන්නේ වර්ණ අන්ධතාව කියලා. අන්න ඒක හැදිලා ඔය කියන අයට.

එජාපය කියනවා බල පෙරළියට කොළ එළියක්ලූ. මාතර ඡන්ද ටික වැඩි කරන්න මංගලට බැරි වුණා.

අනුර කුමාර කියනවා විපක්ෂ නායකකමට සුදුසු එයාලූ. එහෙම බැලූවම බල පෙරළියට කොළ එළිය නම් යූඑන්පී එකට පේනවා.

ඒ හැර ආණ්ඩුවට කවුරුහරි රතු එළි වැටිලා කියනවා නම් මම ලෑස්තියි මගේ මිත‍්‍ර වෛද්‍ය වාරියපොළට එයාලව යොමු කරලා බෙහෙත් අරන් දෙන්න’

0 comments:

Post a Comment