Thursday, April 17, 2014

කැළණියේ නේවාසිකාගාර දිනාගත්තේ සටන් වැදීමෙන් - අ.වි.ශි.බ.ම

වසර 03ක් පුරා පැවැති කැළණිය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර ගැටළුවට විසදුම් ඉල්ලා පසුගිය මාස 03 ඇතුලත සරසවි සිසුන් හා සිසුවියන් ගෙන ගිය අරගලය ජයග්‍රහණයෙන් කෙළවර කළ බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු නජිත් ඉන්දික පවසයි.

ද ඉන්ඩිපෙන්ඩට් වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු පවසා සිටියේ, " කැළණිය විශ්වවිද්‍යාලයෙහි සිසුන්ට හා සිසුවියන්ට නේවාසිකාගාර නැතිව අවුරුදු තුනත් තිස්සේ නොයෙක් ස්ථානයන්හි නැවතී සිටිමට සිදුවුනා.

ඔවුන්ට විශ්වවිද්‍යාල පරිපාලනය විසින් නේවාසිකාගාර වෙනුවට ලබාදුන් නිවාස කිසිදු පහසුකමක් නොමැති සොර සතුරන්ගෙන් යුත් ස්ථානයක්. විශේෂයෙන් සිසුවියන් සදහා ලබාදුන් බොහෝ නිවාස කිසිසේත්ම ඔවුන්ට පැය කිහිපයක් හෝ නැවතී සිටීමට පවා නොහැකි ස්ථානයන් වුනා.

මේ හේතුව නිසා මීට මාස 03කට පෙර කැළණියේ සිසුවියන් පොදු ආපන ශාලාවේ ලැගුම් ගෙන ‍නේවාසිකාගාර ලබාදෙන ලෙස බලකර සිටියා. මේ සටන තීව්‍ර වූ නිසා විශ්වවිද්‍යාල පරිපාලනයට සිදුවුනා විශ්වවිද්‍යාල අභ්‍යන්තරයේ නේවාසිකාගාර පහසුකම් ලබාදෙන්න. එහි සිසුවියන් 130කට පමණ නේවාසික පහසුකම් ඇති තැනක්. ඒ අනුව අප අපගේ නේවාසිකාගාර සටන නතර කරනු ලැබූවේ ජයග්‍රහණයකින්. යනුවෙනි.

එසේම ඔහු සදහන් කර සිටියේ, මේ දිනවල ශ්‍රී ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේ බලය ඩැහැ ගැනීමට හොර ගල් අහුලමින් සිටින අවස්ථාවාදී දේශපාලන කණ්ඩායමක් විසින් ප්‍රචාරයක් ගෙන යමින් පවතිනවා අපි විසින් නේවාසිකාගාර සටන පාවාදුන් බවට, එහෙත් අපි ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස පවසනවා මෙතෙක් ඉතිහාසයේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය විසින් නායකත්වය දුන් එකදු සටනක් හෝ පාවා දි නොමැති බවත් ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකත්වයට කැස කවා එය සාර්ථක නොවුනු විට මෙවැනි දේ පැවසීම හැර වෙනත් යමක් ඔවුන්ට ඉතිරිව නොමැති බව පමණක් අපි පැවසීමට කැමති බවත්ය.

0 comments:

Post a Comment