Sunday, April 27, 2014

මව්බිමෙන් ඉඟිකල " නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා" කාගේද?

මාදුළුවාවේ සෝභිත හිමි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ඇතුළු පිරිස ඊයේ (27) කෝට්ටේ නාග විහාරය තුළදී රහසිගත සාකච්ඡාවක් සිදුකර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ පිරිස ඊයේ (27) උදෑසන 7.30 ට පමණ මෙම රහසිගත සාකච්ඡාව සිදු කර ඇති අතර මෙහිදී සාකච්ඡා වී ඇත්තේ ‍පොදු සන්ධානයක් ගොඩ නැගීම පිළිබඳ බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි. මෙම රහසිගත සාකච්ඡාව සිදු කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතාත් එකතු කිරීමේ කපු කම සිදු කර ඇත්තේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරියකු විසින් බව අනාවරණය වේ. ඒ සඳහා මෙම ‍‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරියා ඊයේ උදෑසන අනුර කුමාර දිසානායක මහතා හමුවීම සඳහා ඔහුගේ කාර්යාලය වෙත ගොස් ඇත. එම සාකච්ඡාවෙන් අනතුරුව අනුර කුමාර මහතා කෝට්ටේ නාග විහාරයට පැමිණ ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. පැයකට අධික කාලයක් පැවැති මෙම සාකච්ඡාවෙන් පසුව මේ පිරිස රහසිගතව විසිර ගොස් ඇත. (rivira)

මේවා අපි කිව්වොත් ගොසිප්. දැන් දීපල්ලකො උත්තර..

ඊයේ මව්බිම පුවත්පත වර්තා කළේ ජවිපෙ " නිර්පාක්ෂික" පොදු අපේක්ෂකයකුට හැර වෙනත් පොදු අපේක්ෂකයකුට ජනාධිපතිවරණයේදී උදව් නොකරණ බවය. ඒත් මේ නිර්පාක්ෂිකයා දැන් ජවිපෙ ‍තෝරන්නේ රහසිගත සාකච්ඡා කුමණ්ත්‍රන මඟිනි. එතකොට මේ අපේක්ෂකයගේ නිර්පාක්ෂිකත්වය ඇත්තේ කොහේදැයි ජවිපෙ විසින් හෙළි කළ යුතුව තිබේ.

ජවිපෙ තවමත් කටයුතු කරන්නේ උගුරට හොරා බෙහෙත් බොන්නා සේය. තමන් ඇත්තටම පෙනී සිටින ලිබරල් ධනවාදය වෙනුවෙන් යැයි කියන්නට ජවිපෙට කොන්දක් නැත. රටේ ජීවනාලිය පෞද්ගලික ව්‍යාපාරික ප්‍රජාව යැයි කියමින් කැසිනෝ පනතට බොරුවට විරුද්ධ වීමත් මෙවැනිම සෙප්පඩ විජ්ජාවකි. ධම්මිකගෙන් කකා ජීවත් වූ ජවිපෙට ඔහුට විරුද්ධ වීමට හැකියාවක් ඇත්තේ නැති මුත් පාර්ලිමෙන්තුවේදී ඔහුට විරුද්ධ වුයේ කොහොමත් ඒ පනත සම්මත වන බව දන්නා නිසාය.

සමාජවාදී සළුපිළි ඇඳගෙන ධනේශ්වර පඩංගු පොරෝගත්තවුන් යැයි තමන් විසින්ම විවේචනය කරන වුන් සමඟ සහවාසේ යේදීම අනුරගේ නවීන සමාජවාදය විය හැකිය. අනුර දැන් හදන්නේ එජාපයේ රනිල්ට ඉඩ නොදී ඔහු මඟ හැර පොදු අපේක්ෂකයකු ගොඩනංවා ඒ වල්ගයේ එල්ලීමටය. ඒසේ නොමැති වුණොත් කිලී මහරාජාගේ කුට්ටිය ලැබෙන්නේ නැත.

ඒ පොදු අපේක්ෂකයාට රනිල්ගේ සහය පසුව ලැබුනාට අනුරට ප්‍රශ්නයක් නැත. මොකද එවිට රනිල් මගේ වල්ගයේ එල්ලුනා යයි අනුරට කියන්න පුලුවන් නිසාය.

2 comments:

  1. mewa me desapalana nodaruwange gon part, Oya wage mada walin regimayae kada wetima ayeth nawthwanna be.

    ReplyDelete