Wednesday, June 1, 2016

පෙරටුගාමින්ට රටේ දේශපාලනය තහනම්ද?

ජනතා විමුක්ති පෙරමුණෙන් මතවාදමය වශයෙන් වෙන්ව් බිහි කරන ලද පෙරටුගාමි සමාජවාදි පක්ෂයට රාජපක්ෂ රෙජිමයට නොදෙවෙනි ලෙස මෛත්‍රි රනිල් පාලනය විසින්ද මර්ධනයට ලක් කරමින් සිටිනු දක්නට ලැබේ.

පෙ.ස.පෙ ආරම්භයේදීම එය කොටි සංවිධානය හා සම්බන්ධ බව පවසමින් අවලාදයක් ගොඩ නැගු අතර, උතුරේ ක්‍රීයාකාරිවු ලලිත් සහා කුගන් යන ජන අරගල විය්‍යපාරයේ සමාජකයින් දෙදෙනා රජයේ ආරක්ෂක අංශ මගින් පැහැර ගන්නා ලදි. ඉන්පසු පලවෙනි පක්ෂ සමුළුව ආසන්නයේ පෙ.ස.පෙ දෙශපාලන බල මන්ඩල සභික කුමාර් ගුණරත්නම් කිරිබත්ගොඩදිත්, දිමුතු ආටිගල ගොඩගම ආසන්නයෙත් පැහැරගෙන ඝාතනය කිරීමට දරන ලද ප්‍රයන්තය ජ.වි.පෙ හැර දෙස් විදෙශ් සංවිධාන හා පුද්ගල මැදිහත්විම් හා දෙශපාලන පක්ෂ 49කගෙ මැදිහත්විම නිසා අඩපණ කිරීමට හැකි විය.

පෙ.ස.පෙ මග පෙන්වීම යටතේ ක්‍රියාත්මක ශිෂ්‍ය විය්‍යපාරය මර්ධනය කිරීමට පසුගිය රජය ගන්නා ලද උත්සහය නිසා නිරත්තරයෙන් සිසු උද්ඝෝෂණ වලට පහර දීමේ සිට ජනක සහා සිසිත යන ශිෂ්‍ය ක්‍රියාකාරින් දෙදෙනා ඝාතනය කිරිම දක්වා විශාල මර්ධනකාරි වැඩ පිලිවලක් රජය විසින් දියත් කරන ලදි. ඉන්පසු එලඹි යහපාලන ආන්ඩුව විසින් එම මර්ධනය තවත් ත්‍රිව කරන ලද අතර පක්ෂයෙ ඉදිරිපෙල ක්‍රියාකාරිකයන් අත් අඩංගුවට ගැනීම් හා පහරදීම් නිරන්තරයෙන් සිදුවිය.

මේ වනවිටත් කුමාර් ගුණරත්නම් සහෝදරයාගේ පාරම්පරික පුරවැසි අයදුම්පත සලකා නොබලමින් ඔහුව සිර දඩුවමකට යටත් කොට රජයේ ඔහුගෙ මානව හිමිකම් උල්ලංඝනය කරමින් සිටියි. පෙ.ස.පෙ මර්ධනය කිරීම තම දෙශපාලන අනාගතයට සුවදායක බව රාජපක්ෂ රෙජිමය මෛත්‍රි රනිල් ආන්ඩුව මෙන්ම ජනතා විමුක්ති පෙරමුණද වටහාගෙන ඇති බැවින් ඔහුන් සියළු දෙනා පෙ.ස.පෙ.මර්ධනය සදහා අත්වැල් බැදගෙන ඇත.

පෙ.ස.පෙ ක්‍රියාධරයින් ධනපති ආන්ඩු මර්ධන හස්තයට නතු කරදීමට ප්‍රමුඛ කාර්යය ඉටු කරමින් සිටින්නෙ ජ.වි.පෙ බව අද කවුරුත් දන්නා ප්‍රසිද්ධ කාරණයකි. කුමාර් ගුණරත්නම් අන්තොමතික ලෙස සිරකර ගෙන සිටීමේ සිට ආගමන විගමන දෙපාර්තුමේන්තුව අසල සිදුවු සිද්ධියට අත් අඩංගුවට ගන්නා පුද්ගලයන්ගෙ නම් ලැයිස්තු සැපයීම දක්වා කරන ලද පාවාදීම් සහා ඊට සම්බ්න්ධ නමට වාමාංශික නායකයන් කවුරුන්ද යන්න පෙ.ස.පෙ සමාජිකයාට නොව රටේ ජනතාවටද රහසක් නොවේ.
එදා සුදු වෑන් භාවිතාව වෙනුවට අද නීතිය පාවිච්චි කරමින් එම මර්ධනයම කිසිම වෙනසක් නොකර යහ පාලන ආන්ඩුව භාවිතාවේ යොදවන ආකාරය අපට හොදින් වටහා ගත හැක. කොලඹ නගරයේ සහා තදාසන්න ප්‍රදෙශ වල ඊනියා යහපාලන රජයේ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රශ්න කරමින් අත්සන් කරන බැනරයට පොලිස් බාධක එල්ලවු අතර , පසුගිය දිනක සුජිත් කුරුවිට සහා පුබුදු ජාගෝඩ අත් අඩංගුවට ගෙන ඇප මත නිදහස් කරන ලදි.

වාමාංශික දෙශපාලනය ධනවාදයට එරෙහිව ක්‍රියාත්මක සැබෑ මතවාදි පෙරමුණ පෙරටුගාමි පක්ශය නිසා කොන්දෙසි විරහිතව එය මර්ධනය කිරීමට රජය සුදානම් වන බව අපට වැටහේ. මේ වන විට ජ.වි.පෙ ආන්ඩුවේම හවුල් කාර පක්ශයක් විමත් විපක්ෂය ජාතිවාදය මත තම දෙශපාලනය තීරණය කිරීමත් නිසා රජයට ඇත්ත අභියෝගය එල්ල කරන පෙ.ස.පෙ මරධනය තමන්ට ලැබුනු බලය රැක ගැනීමේදි පාලකයාට අතවශ්‍ය කටයුත්තක් වනු ඇත.එම නිසා ඉතාමත්ම මර්ධනකාරි ලෙස පෙ.ස.පෙ ක්‍රියාකාරිත්වයට රජයෙන් මෙන්ම රජයෙ මිතුරු පාර්ශවය වන ජ.වි.පෙන්ද එල්ලවන පීඩනය සුළු පටු නොවේ. මර්ධනය අභියස දණ නොනවන ඉතිහාසයකට හිමිකම් ඇති පෙ.ස.පෙ දෙශපාලන ගමන බිය වැද්දිම් හරහා අඩපණ කිරීමට රජය ගන්නා නින්දිත උත්සහය වගෙම රජයට නොනිල සහාය දෙන වාමාංශික කන්ඩායම්ද එක පෙලට සිටගෙන ඇති අයුරු අපට මනාව දැක ගත හැක.
පෙ.ස.පෙ දෙශපාලනය යනු ජනතාව සමග එකට වැඩ කරන ජනතාවට රහස් නොසගවන ඇත්ත ජනතා ප්‍රශ්න කථා කරන දෙශපාලනයක් නිසා මේ මර්ධනය අනිවාර්‍යයක් බව අපි වටහාගෙන සිටින්නෙමු. ධනපති පාලකයාට සහ ඔහුන් සමග ලගින වම්මුන් යැයි තමන් හදුන්වා ගන්නා සුළු ධනෙශවර පක්ෂ වලටද ජාතිවාදින්ටද තම සිහින තුල සුව පහසු ලෙස ජිවත්විමට පෙ.ස.පෙ කිසි විටක ඉඩක් නොදෙනු ඇත. පෙ.ස.පෙ.මත මර්ධනය මුදා හරින අමන පාලකයන් දෙස අපි අනුකම්පාවෙන් බලා සිටින්නෙමු. ඔහුන්ට අනුකම්පා කරනවා හැර අපට කල හැකි අන් යමක් නැත. වානේ පන්නරය ලබන්නෙ ගින්නට දමා රත් කර තැලීමෙන් බව පමණක් පාලකයා මතක තබා ගැනීම ඔහුට සුභදායක වේ.

0 comments:

Post a Comment