Thursday, July 2, 2015

පෙරටුගාමී පක්ෂය කුළු ගෙඩියෙන් සියලු දිස්ත්‍රික්වලට

ඉදිරි මහ මැතිවරණය සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය කුළුගෙඩිය ලකුණෙන් සියලු දිස්ත්‍රික්ක සඳහා ඉදිරිපත් වන බව එම පක්ෂයේ ප්‍රචාරක ‍ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය.මන්ත්‍රී ධුර අපේක්ෂාවටත් වඩා සමාජයේ දේශපාලන සංවාදය ඉදිරියට ගෙන යාමට මෙවර මැතිවරණයෙන් අපේක්ෂා කරන බව ඒ මහතා සඳහන් කළේය. මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේ ඊයේ (1) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පුබුදු ජයගොඩ මහතා මේ අදහස් පළ කළේය. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ‍ලේකම් සේනාධීර ගුණතිලක දේශපාලන මණ්ඩල සභිකයන් වන චමීර කොස්වත්ත දුමින්ද නාගමුව ඇතුළු පිරිසක් මෙම මාධ්‍ය හමුවට සහභාගි වූහ.

පුබුදු ජයගොඩ මහතා මෙසේද කීය.

මේ දේශපාලනයේ ඇත්ත කාරණා මතු කරන්න ඔය කිසිම දේශපාලන පක්ෂයක් උත්සාහ කරන්නේ නැහැ. එවැනි කාරණා සංවාදයට අරගැනීමටත් ඉන් ජනතාව දැනුවත් කිරීමටත් අපි බලා‍පොරොත්තු වෙනවා. මේ දේශපාලනඥයන් කුලල් කා ගැනීම ජනතාව නොමග යැවීම හා ඔවුන්ගේ ප්‍රශ්න යටපත් කිරීම වැනි මේ පරාජීර්ණ ක්‍රමයට එරෙහිව ජනතාවගේ ප්‍රශ්න කතා කරන්න විකල්පයක් විදිහට අපි එකතු වෙනවා. ජනවාරි 08දා වෙනසක් වුණාද නැද්ද නැත්නම් අවශ්‍ය වෙනස මොකක්ද ඒක ගොඩනගන්නේ කොහොමද, අපි මේ තේමාවන් පුළුල්ව සාකච්ඡා කරන්නත් බලා‍පොරොත්තු වෙනවා. මේ වන විට අපි මැතිවරණ නාම යෝජනා මණ්ඩල සකස් කරලා ඉවරයි. ඊට පක්ෂයේ ප්‍රධාන ‍ලේකම් සේනාධීර ගුණතිලක, චමීර කොස්වත්ත, රවීන්ද්‍ර මුදලිගේ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර සහෝදරයන් ඇතුළත් යැයි හෙතෙම සඳහන් කළේය.

නිමල කොඩිතුවක්කු

0 comments:

Post a Comment