Sunday, May 25, 2014

ජනාධිපතිවරණයට එජාපයෙන් රනිල්, ජවිපෙන්... ?

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා  විපක්ෂයෙන් අපේක්ෂකයෝ වර්ග කිහිපයක් ඉදිරිපත් වනු ඇති බවට තොරතුරු හෙළිවේ

එහීදී 'විපක්ෂයේ පොදු අපේක්ෂකයා' ලෙස ඉදිරිපත්වීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වේ.

ඒ අනුව විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ, ආගමික සංවිධාන හා ආණ්ඩුවේ ඇතැම් පාර්ශව සමග වහාම සාකච්ජා කිරීමට තීරණය කර ඇති බවත් එජාප නායකයාට දැඩි ලෙස පහරදෙන මාධ්‍ය ආයතන හා ආගමික සංවිධාන සමග සුහදතාවයක් වර්ධනය කර ගැනීමටත්, වෙනත් මත දරන සිවිල් ක්‍රියාකාරිකයින් දිනා ගැනීමටත් මේ දිනවල සැලසුම් සකසමින් සිටියි.

එජාපය පහරදෙන පෞද්ගලික මාධ්‍ය ආයතනවලට ප්‍රතිප්‍රහාර නොදෙන ලෙස එජාප නායකත්වය එම පක්ෂයේ මාධ්‍ය ප්‍රධානීන්ට දැනටමත් දැනුම්දී ඇතැයි ද පැවසේ.

මේ අතර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නෙ හිටපු අගවිනිසුරුවරිය වන ශිරාණි බණ්ඩාර නායක මහත්මියව ජනතා විමුක්ති පෙරමුණ විසින් 'නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා' ලේබලයෙන් ඉදිරිපත් කිරීම සඳහා දැඩි උත්සාහයක නිරතවන බවය. මේ සඳහා විශ්ව විද්‍යාල ආචාර්‍යවරු පිරිසක් මැදිහත් වී ඇත. ජවිපෙ විසින් එජාප අපේක්ෂකයකු සඳහා සහයෝගය ලබා නොදෙන බව මේ වන විටත් ප්‍රකාශයට පත් කර ඇත.

මේ වනවිට වත්මන් ආණ්ඩුවේ කොටස්කාර පක්ෂයක් වන ජාතික හෙළ උරුමයේ සහයද ශිරාණි බණ්ඩරණායක වෙත ලබා ගත හැකිවනු ඇතැයි මත ඉදිරිපත්ව තිබුණද මේ සම්බන්ධයෙන් ප්‍රමුඛව කටයුතු කරන විශ්වවිද්‍යාල ආචාර්‍යවරයෙක් ඒ දැඩිව ප්‍රතික්ෂේප කර ඇත.

එමෙන්ම හෙළ උරුමය එජාප අපෙක්ෂකයකුට සහය දැක්වීමද ප්‍රතික්ෂේප කර ඇත.

මේ අනුව වඩාත් ජාතිකවාදී අපේක්ෂකයකු  ඉදිරිපත්කිරීම කෙරෙහි  ජාතිකවාදී පක්ෂ හා කණ්ඩායම් උත්සහ කරමින් සිටින බවටද තොරතුරු හෙළිවේ. ඒ අනුව සිංහල බෞද්ධ ඡන්ද ඉලක්ක කර ගත්  'දේශප්‍රේමී  අපේක්ෂකයකුද' ඉදිරිපත් වීමට ඉඩ තිබේ.  අද රාවය පුවත්පතේ ප්‍රධාන සිරස්තලය සැකසී ඇත්තේ විමල් වීරවංශ ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇති බව සඳහන් පුවතකිනි.

0 comments:

Post a Comment