Thursday, May 8, 2014

ආණ්ඩුව , සිසුන්ගේ ඇත්ත ප්‍රශ්න විසදනවා වෙනුවට බලු පොර නිර්මාණය කරනවා - පෙසප

ආණ්ඩුව හැම විටම උත්සාහ කරමින් ඉන්නේ ඇත්ත ප්‍රතිවිරෝධතා යටපත් කොට බොරු ප්‍රතිවිරෝධතා උත්සන්න කිරීමටයි, ඔවුන් හෙද ගැටලුවේදීත් ඒක කළා. ආණ්ඩුව සම සෞඛ්‍ය ගැටලුවේදීත් ඒකමයි කරමින් ඉන්නේ, ඒ නිසා මේ මොහොතේ ආණ්ඩුව සිසුන්ගේ ඇත්ත ගැටලු විසදනවා වෙනුවට බලුපොර නිර්මාණය කිරීමට උත්සාහ කරමින් ඉන්නවා යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ ද ඉන්ඩිපෙන්ඩන්ට් වෙත අදහස් දක්වමින් පැවසීය.

වැඩිදුරටත් කරුණු දැක්වූ ඔහු සදහන් කර සිටියේ ඊයේ (07) විශ්වවිද්‍යාල සිසුන් විශ්වවිද්‍යාල කොමිසම ඉදිරිපිට සිට අරලියගහ මන්දිරය දක්වා පා ගමනින් ගොස් අදාළ ගැටලුවට විසදුම් ඉල්ලා සිටි අවස්ථාවේ ජනාධිපතිවරයා පවසා සිටියේ සිසුන් පස් දෙනෙක් අරලිය ගහ මන්දිරයේ පස්සා දොරෙන් ඇවිත් රහසිගතව සාකච්ඡා කිරීමටයි. නමුත් එය සිසුන් විසින් ප්‍රතික්ෂේප කර සිටියා.

ඒක ජනාධිපතිවරයාගේ විදිය වෙන්න ඇති ඔහු කැමැතියි අර ආණ්ඩුව ඇතුළේ ඉන්න විමල් වීරවංශ හා ඊනියා වමේ පක්ෂ වගේ හොර රහසේ සාකච්ඡා කරන්න. ඔහු කල්පනා කරනවා ඇති ආණ්ඩුවේ එවැනි පක්ෂ වගේම ලංකාවේ ධීවරයින්, ගොවීන්, සිසුන්ගේ ප්‍රශ්නත් එසේ විසදන්න පුළුවන්වේවි කියලා. 
ඒ වගේම සම සෞඛ්‍ය ගැටලුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ සිදුවූ සාකච්ඡාවේදී ද ආණ්ඩුවේ උවමනාව ඉටුවන අන්දමින් කරුණු සාකච්ඡා වූ බවයි.

ප්‍රචාරක ලේකම්වරයා මෙහිදී දක්වා සිටියේ එක්සත් ජාතික පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ මේ ගැටලුව දැක්කේ වෛද්‍යවරුන් හා සිසුන් අතර ඇති ගැටලුවක් ලෙසයි.ඒ සදහා ඔවුන් ආණ්ඩුවත් එකතු කරගෙන සර්ව පාක්ෂික කමිටුවක් පත්කිරීමට යෝජනා වූවා මෙය ආණ්ඩුවේ උවමනාව සපිරීමක් විදියටයි අපි දකින්නේ.

ඇත්ත ගැටලුව ඇත්තේ ආණ්ඩුව හා අධ්‍යාපන ප්‍රතිපත්තිත් එක්කයි. ඒ නිසා ඇත්ත ප්‍රතිවිරෝධතා වෙනුවට බොරු ප්‍රතිවිරෝධතා නිර්මාණය කිරීමටත් සිසුන් හා වෛද්‍යවරුන් අතර ගැටලුවක් බවට පත්කොට බලු පොර නිර්මාණය කිරීමට අපි විරෝධය දක්වන අතර ජනතාවට අපි ආරාධනා කර සිටින්නේ බොරු සටන් වෙනුවට ඇත්ත සටනවන මේ ආණ්ඩුව හා ආණ්ඩුව ගෙනයන ඊනියා නවලිබරල් ආර්ථිකයට එරෙහි සටනට එක්වන ලෙසයි.

ඒවගේම සිසුන්ගේ ගැටලු සාකච්ඡා කර විසදුම් දෙනවා වෙනුවට පස්සා දොරෙන් ඇවිත් කරනු ලබන නිවට නියාලු සාකච්ඡාවන්ට ආරාධනා කිරීම නවත්වන ලෙසත් ආණ‍්ඩුවෙන් ඉල්ලා සිටින බවත් පැවසීය.


(පෙසප ප්‍රචාරක ලෙකම්වරයා දැක්වූ අදහසට මෙතනින් සවන් දෙන්න)

0 comments:

Post a Comment