Saturday, May 24, 2014

සහෝදරවරුනි, මතකයිද කොයිතරම් සුන්දරද අතීතය...

'ස්වාධීනයි' පුවත්
මිනී ගැන ගැන පෙන්වන
කොච්චර 'අපක්ෂපාතිද'
යුද විරෝධී ද්‍රෝහින්ව
පතුරු ඇරි කලට මාධ්‍ය

විධායක බලය
දෙයියෙක් වගේ නොවුණිද
දෙමළුන්ට කෙළින විට
බීප්... බීප්... ලේකම් තැන
මතක් වෙනකොටත්
ඉතිරුවෙ නැද්ද සොයුරු පෙම

හමුදාව පොලීසිය
මානෙල් මල් පැළඳි
ජාතියේ මුර වැට
කොච්චර මානුශික උනිද
ක්ෂණික මරණය දෙනකොට
ඇත්තමයි බොල
එස්ලෝං බට කටුකම්බි
තිබ්බෙ නෑ උං ගාව

රැස්වීම් සම්මන්ත්‍රණ
පෙළපාලි උද්ඝෝෂණ
පොලිස් රැකවල් සහිතව
දේශප්‍රේමි ව්‍යාපාරික
හිත මිතුරු මුදල් උතුරන
මතක් වෙනකොටත්
ඇසේ කඳුළැලි නලියන

කොයි තරම් සාධාරණද
ලොජ් වලින් දෙමළු පටවන්
වව්නියාවෙන් බානකොට
ඔත්තුකරුවන් පත්‍ර කරුවන්
කවලමේ එලොව යනකොට
කොයිතරම් සනීපද
මාධ්‍ය නිදහස
ඕනෙ නං අහගන්න
සිවරාම් කියයි තරම

පළමු පෙළ බලකාය
ස්වේච්ඡා
ලුතිනන් ජනරාල්
අමරසිංහ එස්.
බ්‍රිගේඩියර් දිසානායක
ඒ.කේ.
හීනෙනුත් තරු පටි ඇන්ද
රහසිගත එවුන් රහසින්ම
වචන මැගසින් පුරවන
ඒ සොඳුරු මානුශික මෙහෙයුමට
ආයෙ කවදා පණ දෙම්ද

සහෝදර වරුනි
රතු පාට
අපිට විතරක් අයිති
රතු පාට
යාපනේ රතු මිරිස් අඹරන්න
රතු ලූණු එක්ක එකටම
'බල්ලා නාවන්න ගිය' විටදි
අපි හෙළූ දහඩියෙන් අඹරන්න
වේළුණු ලේ පාට
රතු සහල් කිරිබත
ආඩම්බරෙන් ඒත් හොරෙන් !
මතක සමඟම වළඳන්න

රතු ලූණු ඇහැට පොඩිකර
පාරට ඇවිත් වැළපෙන්න

"මේ කුමන සැණකෙළියක්ද?
දෙමළුන්ට මොකුත් නෑ නේද?"
කිරිබතේ බුදිමතේ
කඳුළු අතරින් මොරදෙන්න
හිත යටින් අනේ හිනැහෙන්න

0 comments:

Post a Comment