Thursday, May 29, 2014

අද මාධ්‍ය මර්දනය කරන්න නීතිය හා අනීතිය භාවිතාවට ගනිමින් සිටිනවා - පුබුදු ජයගොඩ

ද ඉන්ඩිපෙන්ඩට් ඩොට් එකේ වෙබ් අඩවිය අවහිර කරමින් විදුලි සංදේශ නියමන කොමිසම විසින් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට බාධාකරමින් සිටින බවත් මීට පෙර පුවත්පත් හෝ වෙබ් අඩවි ආවරණය කිරීම සදහා අධිකරණ බලය පොලීසිය යන ආයතනයන් මගින් සිදු කළත් අද අධිකරණ නෑ චෝදනා නෑ පැමිණිලි නැතිව දේශපාලන බලය භාවිතා කරමින් විදුලි සංදේශ නියාමනය කොමිසම හරහා අදාළ අන්තර්ජාල සේවා සපයන සමාගම්වලට කතා කොට ඒ හරහා වෙබ් අඩවි නතර කිරීමට ක්‍රියා කරනු ලබන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ සදහන් කර සිටී.

අද වෙබ් අඩවි තහනමට එරෙහිව මානව හිමිකම් කොමිසම ඉදිරියේ පැමිණිලි කිරීම සදහා සහභාගී වෙමින් අදහස් දැක්වූ ප්‍රචාරක ලේකම්වරයා සදහන් කර සිටියේ 20 වෙනිදා ද ඉන්ඩිපෙන්ඩන්ට් වෙත පිවිසීම සමාගම් දෙකක් විසින් අවහිර කරන අතර 23 වන දා වන විට ඒ සදහා අනෙකුත් ආයතනයන්ද එකගව මෙම වාරණය ක්‍රියාත්මක කරනවා.

නමුත් ගැටලුව වන්නේ මෙවැනි වාරණයක් සිදුකිරීමට ආණ්ඩුව කටයුතු කළේ කුමක් පදනම්ව ද කියන කරුණ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් හෝ නොමැතිවයි මෙවා සිදුකරමින් පවතින්නේ. ඒ අනුව එක පැත්තකින් නීතියත් අනෙක් පැත්තෙන් අනීතියක් භාවිතා කරමින් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට බාධාකරමින් සිටින බවද සදහන් කර සිටියේය. 

එසේම මානව හිමිකම් කොමිසම හමුවට අපි මේ පැමිණිලි ඉදිරිපත් කළත් එවා ක්‍රියාත්මක වේද යන ගැටලුව පවතිනවා. මොකද මහජන දේපල කෝටි ගණනින් වියදම් කරමින් මෙවැනි ව්‍යුහයන් පවත්වාගෙන ගියත් එයින් ජනතාවට සේවයක් නොවන බව පැහැදිලියි. නිර්දේශ ඉදිරිපත් කිරීමේ බලයක් මිස ක්‍රියාමාර්ග ගැනීමේ බලයක් මානව හිමිකම් කොමිසමට නොමැති බව මේ ආයතන ප්‍රධානීන්ද ප්‍රකාශ කර සිටිනවා යැයි ද පුබුදු ජයගොඩ වැඩිදුරටත් සදහන් කර සිටියේය.

0 comments:

Post a Comment