Friday, May 23, 2014

ජවිපෙ ජනාධිපතිවරණය වර්ජනයකට සැරසේ.!

"නැවත වරත් ජනාධිපතිවරණයකදී අපේක්ෂකයෙක් ලෙස තරඟ වැදීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට කිසිඳු සදාචාරාත්මක අයිතියක් නැතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එහි නායක අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දෙන්නේ ඒ සඳහා ප‍්‍රතිපාදන ඇතුලත් දහ අට වැනි සංශෝධනය සම්මත කරගැනීම සදහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක පැහැදිලි ජනමතයක් නොතිබු බවයි.

2010 මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් නොතිබීම හේතුවෙන් 18 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට අවශ්‍ය වූ ඡන්ද සොයා ගත්තේ එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරුන්ට විවිධ වරදාන වරප‍්‍රසාද ලබාදීමෙන් බවද ඔහු සඳහන් කරයි.


පසුගිය පළාත් සභා ජන්දවලින් පවා පැහැදිළි වූයේ ආණ්ඩුවට සරළ බහුතරයක් නොතිබීම බවත් වත්මන් ආණ්ඩුව සැබෑ ජනතා කැමැත්ත නියෝජනය වන ආණ්ඩුවක් නොවන බවත් පැවසූ දිසානායක මහතා එවැනි ආණ්ඩුවක ජනාධිපතිවරයා වන මහින්ද රාජපක්ෂ මහතාට එළැබෙන ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු ලෙස තරග කිරීමේ අයිතියක් කිසිසේත්ම නොමැති බවද කියා සිටී." -srilankamirror

අපිට එහෙන් මෙහෙන් දැනගන්නට තිබෙන තොරතුරු අනුව නම් කියවෙන්නේ මහින්ද රජපක්ෂ ජවිපෙ අනුර මැතිඳානන්ගේ කතාව පිළිගෙන ජනාධිපතිවරණයකුත් නොකැඳවා ජනමත විචාරණයකින් ගොඩයන්න පිළිවෙලක් සකසාගනිමින් සිටින බවකි. එතකොට අනුර මේ කියන කතාව අනුව ජවිපෙත් ගොඩය. මහින්දත් ගොඩය. 

නමුත් ඇත්තම කතාව නම් ජවිපෙට ප්‍රශ්නයක් විය යුත්තේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වන්නේ මහින්දද වෙන මොකෙක් හරිද කියන එක නොවේ. මේ පවත්නා සමාජ ආර්ථික ක්‍රමය වෙනස් කරන විප්ලවාදී වැඩ පිළිවෙලක් ගැන හිතන එකය. එහෙත් ඒ එහෙම විය යුත්තේ ජවිපෙ තවමත් විප්ලවවාදී පක්ෂයක් වන්නේ නම් පමණි. ඒ කෙසේ වෙතත් මේ වන විට ජවිපෙ යනු විප්ලවාදී තබා සමාජවාදය යන වචනය පවා කතා කිරීමට අදි මදි කරන පක්ෂයක් වී හමාරය.

ජවිපෙ ෆෙස්බුක් න්‍යාචර්යවරුන් නිර්ධන පංතික විප්ලවයක් ගැන නන් දොඩවමින් සිටියද අනුර මැතිඳා ‍රැට ‍රැට සෙට් වෙන පාර්ටි වලදී කියන්නේ මන්ත්‍රී ආසන 10ක් 15ක් ගැනීම සිය පරම ඉලක්කය බවය. පාර්ලිමේන්තුවේදී කියන්නේ වෘත්තීය සමිතිවලට රාජය ප්‍රතිපත්තීන් වලට බලපෑම් කිරීමට ඉඩ දිය යුතු නැති බවත් මේ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය රකින් කුළුණු තුන අරක්ෂා කර ගත යුතු බවත්ය.

මේ තත්වයන් හමුවේ ජවිපෙ දැන් දඟලන්නේ මහින්දගේ පාලනය තවදුරත් මෙලෙසම තබා ගනිමින් තමන්ගේ පැවැත්ම කිලී මහරාජා ලවා ආරක්ෂා කර ගැනීමටය.

කොටින්ම ඉහත කී ආකාරයට ජනමත විචාරණයක් පවත්වා ගැනීමට නොහැකිව ඉදිරි ජනාධිපතිවරණයකට මහින්ද නැවත ඉදිරිපත් වුව හොත් නියත වශයෙන්ම ජවිපෙ ජනාධිපතිවරණය වර්ජනය කිරීමකට පෙළඹේ. ඒ ස්තිරය. එය මේ වන විට ජවිපෙ (අනුර +කිලී) ගෙන තිබෙන තීන්දුවකි. ඊට අවශ්‍ය වටපිටාව සැකසීම මේ වන විට සිදු කරමින් පවතී.( ඉහත සඳහන් කළ අනුරගේ ප්‍රකාශය ඊට සූදානම් වීමකි). එවිට ජනාධිපතිවරණය නීති විරෝධී බවද කියනු ඇත.

ජවිපේ කිලී ටිරාන් සමඟ ජනාධිපතිවරණය වර්ජනය කරන අතරම රනිල්ගේ එජාපයට පහර පිට පහර ගසනු ඇත. එමඟින් මහින්දගේ ජයග්‍රහණය ස්ථිර වනු ඇත. රනිල්ගේ එජාපය තවදුරටත් දුර්වල වනු ඇත. ඉන් පසුව මීළඟ මහ මැතිවරණයට ජවිපෙ ඉදිරිපත් වන්නේ ප්‍රධාන විපක්ෂය, ජවිපෙ නාමයෙන් ගොඩ නැඟීම වෙනුවෙනි.

එහෙත් ඒ සිදුවිය හැක්කේ ජවිපෙ එජාප මොඩලයේ පක්ෂයක් වීමෙන් පමණි. එනම් කොම්පොදෝරු ධනපති පංතියට වාල් කම් කරන පක්ෂයක් ලෙසය. ජවිපෙ අලුත් දැක්ම සැකසෙන්නේ මේ වෙනුවෙනි.


* සැලකිය යුතුයි. 

අප විසින් ජවිපෙ අභ්‍යන්තර තොරතුරු ‍රැසක් හෙළි කිරීම නිසා මේ වන විට ජවිපෙ බරපතල ප්‍රශ්න කිහිපයකට මුහුණ දී ඇති බව අපට දැන ගැනීමට ලැබී තිබේ. ප්‍රධාන වශයෙන් ඔවුන්ගේ තක්කඩි දේශපාලන සැලසුම් අවුල් වීමය.මේ නිසා ඇතැම් දේ ක්‍රියාත්මක කිරීමටත් පෙර අකුළා ගැනීමට ජවිපෙට සිදුව තිබේ. ඒ අනුව දඹර අමිලව අත් හැරියා සේ නිර්පාක්ෂික පොදු අපේක්ෂකයාවද තව ටික කලක් මතුර මතුර සිට ඒ අත් හරිනු ඇත.

අනෙක් ප්‍රශ්නය, මේ තොරතුරු වල සත්‍ය තාවයන් තහවුරු වීම නිසා පූර්ණකාලීනයන් පක්ෂයෙන් ඉවත්ව යෑම වැඩි වශයෙන් සිදුවීමය.

දෙවරක් ලෙයින් යකඩින් ගින්දරින් මර්දනය කළ නොහැකිවූ අභිමානවත් පක්ෂයක් අනුර මැතිඳාගේ පූර්ණ දායකත්වයෙන් කිසි කරදරයකින් තොරව විනාශ වී යන කල, මේවාට අපිට කරන්න දෙයක් නැත. තක්කඩිකම් කරන විට ඊට ලැබෙන ප්‍රතිචාරයන්ද ඒ මට්ටමෙන්ම ලැබේ.

අප විසින් කරනු ලබු හෙළි කිරීම දරා ගත නොහැකිව සිටින ජවිපෙ ෆෙස්බුක් න්‍යාචාර්යවරු මේ කුරු‍ටුගාමීන්ගේ මඩ යැයි ප්‍රචාරය කරමින් සිටිනුද අපි දු‍ටුවෙමු.

අපේ අභියෝගය මෙයයි, හැකිනම් අපි කිව් දෙයක් වැ‍රැදියි යැයි ඔප්පු කර පෙන්වන්න.....නමුත් ඒ කිසිවිටක කළ නොහැකි බව අපි දනිමු. එවැන්නකට උත්සහ ගන්නත් එපා, එයින් වෙන්නේ තව තවත් කුණු ගොඩවල් ගොඩ ඇද ගැනීමක් විතරය.

Original source - gossiplankaoriginal.com

0 comments:

Post a Comment