Thursday, May 22, 2014

මෝඩිගේ දිවුරුම් දීමට මහින්ද එපා

නරේන්ද්‍ර මෝඩිගේ දිවුරුම්දීමේ උලෙළට සහභාගිවීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නිල ආරාධනයක් ලැබී ඇති බවට වාර්තා වේ. 

මෙම උලෙළ ලබන 26 වැනිදා පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයාට අමතරව, පකිස්ථාන අග‍්‍රාමාත්‍ය නවාෂ් ෂරිෆ් ඇතුලූ දකුණු ආසියානු කලාපයේ සෙසු රාජ්‍ය නායකයන්ට ආරාධනා කර ඇති බව වාර්තා වේ.

ඉන්දීය අගමැතිවරුන් සිය පදවියේ දිවුරුම් දීමේදී විදේශීය රාජ්‍ය නායකයන්ගේ සහභාගීත්වයක් මින් පෙර සිදුවී නොමැති වුවත් අසල්වැසි මෙවර ප‍්‍රථම වතාවට එලෙස කර ඇත. කෙසේ වුවත් මෙම ආරාධනාව සම්බන්ධයෙන් දකුණු ඉන්දීය දමිල පක්ෂ හා තමිල්නාඩු මහ ඇමැතිවරිය වන ජයලලිතා උරණ වී ඇති බවද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති එම්.ඞී.එම්.කේ පක්ෂයේ මහ ලේකම් වයිකෝ සදහන් කර ඇත්තේ මහින්ද රාජපක්ෂ ඉන්දීය අගමැතිවරයාගේ දිවුරුම් දීමට පැමිණෙන්නේ නම් එය දකුණු ඉන්දීය දෙමළ වැසියන්ගේ අප‍්‍රසාදයට මෙන්ම වේදනාවට හේතුවිය හැකි බවත් එසේ කිරීමට ඉඩ නොදිය යුතු බවත්ය. 
කෙසේ නමුත් ජනාධිපති ලේකම් කාර්යාලය පවසන්නේ ජනාධිපතිවරයා විසින් අදාළ ආරාධනාව පිළිගෙන ඇති බවත් ඒ සදහා සහභාගී වීමට නියමිත බවත්ය.

0 comments:

Post a Comment