Sunday, September 13, 2015

මම පරණ එව්ව පිහද ගත්ත.. දැන් රමනෙට එන්න

අරමුණු කෙතරම් පිවිතුරු වුවත් සාහසිකත්වය විනාශ කල මිනිස් සිත් නැවත යතාර්ථය සමඟ මුහු කිරීම ලෙහෙසි පහසු නොවන වගට කලාත්මක සහතිකයක් ප්‍රසන්න විතානගේ ඔබ නැතුව ඔබ එක්ක සිනමා කෘතියෙන් අපට ලබා දී ඇත. ජාතික ගැටලුව වනාහි මේ භුමිය තුල තීරණාත්මක දේශපාලන සාධකයක් බව අපි හොඳින් දනිමු.

සිංහල ජාතිවාදය විසින් වසර ගණනක් මුළුල්ලේ පීඩාවට පත් කල දමිල ජනතාවක් උතුරුකරයේ ජීවත් වන වග අපි දනිමු. තමන්ගේ ලඟම ජීවියාගේ සිට දුරම ජීවියා දක්වා සිංහල රණවිරුවන්ගේ ග්‍රහණයට නතු වූ බව අපි දනිමු.

තමන් දුෂණය වුවා පමණක් නොව නැගිණියද මල්ලිද සිංහල හමුදාවේ ග්‍රහණයට හසු වූ බව අපි හොදින් දනිමු.

එකල වම එකී සිංහල හමුදාවට බංකර් බැඳී බවත්, මානෙල් මල් පිදු බවත් ඉන් ඉක්බිති එකී වමෙන් ඉවත්ව අලුත් වමක් තනා අප අතින් වරදක් සිඳු වූ බව ස්වයං විවේචනය කරගනිමින් සම අයිතිය ගැනත් ක්‍රම වෙනසක් ගැනත් කතා කරමින් සිටි..

එය කල යුත්තකි..

එහෙත්... නැගිටගන්නට බැරි වෙන්නට පහර දී බිම වැටි ඇති යමෙක්ට මුලින්ම වතුර පොදක් දිය යුතුය.. වතුර දීල වැඩක් නැහැ, ඕක ප්‍රශ්නෙට උත්තරේ නෙවි.. වතුර දුන්නොත් දිගටම වතුර ඉල්ලනවා. බෙහෙත් ගන්නේ නැහැ... දෙන්න ඕනි බෙහෙත්.

ලෙඩේට බෙහෙත් දිය යුතුමය. එහෙත් නිටාවට සුව කිරීමට පෙර වතුර බිඳක් ලබා දිය යුතුමය.

තම ස්වාමියා සමඟ ජීවත් වීමට පසුව ඇයට වුවමනා ඇගේ ජීවත්වීමේ අරමුණු විනාශ කරන තරමට ඇගේ පීඩනය බලවත්ය. වේදනාකාරිය. එනිසා පැරණි බෙහෙත් ක්‍රම වලංගු වන්නෙම නැත. ඔව් මට වැරදුනා.. මම දුෂණය කරපු වුන්ව බේර ගත්ත. මට ඒ ගැන තියෙන්නේ මහා කම්පනයක්. එකයි ආමි එකෙන් අයින් වුනේ.. කකුල් දෙක අල්ලා බිම ලෙව කෑවත් නැවත අලුත් ජීවිතයක් ආරම්බ කිරීම එකී ජනතාවට ලෙහෙසි පහසු නැත.... එහෙත් එය විය යුතුමය.

උත්තරයක් දීම ප්‍රසන්නට අයිති නැත. උත්තර සෙවීම වමට භාර වනු ඇත.

අප පසුව ඔබ නැතුව ඔබ එක්ක පිලිබදව වෙනත් සංවාදයක් ආරම්බ කරන්නෙමු. ඊට පෙර සිනමා ශාලාවකට ගොස් චිත්‍රපටය නරඹන මෙන් ඔබෙන් ඉල්ලා සිටින්නෙමු.

0 comments:

Post a Comment