Wednesday, June 1, 2016

මාක්ස්ගේ ප්‍රාග්ධනය සදාචාර කෘතියක් ලෙස – ඩෙස්මන්ඩ්ගේ දේශනයක් කොළඹ දී

Desman Marks
සමාජ විද්‍යා කේන්ද්‍රය මගින් සංවිධානය කරන මාක්ස්වාදී න්‍යාය සම්බන්ධ අධ්‍යයන මාලාවේ මෙම ඉරිදා එනම්, 2016/07/05 දින පැවැත්වෙන්නේ මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චිගේ දේශනයකි. මධ්‍යහ්න 12.15ට ආරම්භ වන එය “මාක්ස්ගේ ප්‍රාග්ධනය සදාචාර කෘතියක් ලෙස” යනුවෙන් නම් කර ඇත. 65/04, ශ්‍රීමත් චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවතේ ගුරු මැදුරේ සෑම මසකම ඉරිදා කාල් මාක්ස්ගේ අග්‍රසර කෘතිය වන ප්‍රාග්ධනය කෘතිය මූලික කරගෙන අධ්‍යයන මාලාවක් පවත්වනු ලබයි. සම්පූර්ණයෙන් නොමිලේ පැවැත්වෙන මෙම අධ්‍යයන මාලාවේ මෙවර පැවැත්වෙන්නේ මෙකී දේශනය යි.

දේශපාලනය ගැන උනන්දුවක් දක්වන ඕනෑ ම අයෙකුට සහභාගි විය හැකි මෙම අධ්‍යයන කවය පිළිබඳ වැඩිදුර විස්තර පහත දුරකතන අංක වලින් විමසිය හැකි ය.

0712878652
0112333227
– සරත් රත්නායක

0 comments:

Post a Comment