Thursday, June 26, 2014

බුද්ධි අංශ නිලධාරීන්ගේ නම් ගම් හෙළිවීම බරපතලයි - ටිල්වින් සිල්වා

රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන්ගේ නම් රටට හෙලිකිරීම බරපතල කාරණාවක් සේම බුද්ධි අංශ නිලධාරීන්ගේ රාජකාරිය ඉක්මවා තම පෞද්ගලික දේශපාලන අරමුණු වෙනුවෙන් යොදවාගැනීමද බරපතල ක‍්‍රියාවක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

මේ නිසා මංගල සමරවීර මන්ත‍්‍රීවරයා සිදුකරන ප‍්‍රකාශයේ සත්‍යතාවක් තිබෙනවා නම් වහාම බුද්ධි අංශ නිලධාරීන් ඔවුන්ට රාජකාරියේ පමණක් යෙදවීමට අවශ්‍ය වැඩපිළිවෙලක් ආණ්ඩුව විසින් සකස් කළ යුතු බවද එම පක්ෂයේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කරයි. 

ආරක්ෂක අංශ සාමාජිකයන් ඔවුන්ගේ රාජකාරියෙන් මුදවාගනිමින් ආණ්ඩුව දේශපාලන අරමුණුවලට යොදාගත් ආකාරය පිළිබඳව අතීතයේ ඕනෑ තරම් සාක්ෂි තිබෙන බවද ඔහු පවසා සිටියේය. 

මේ නිසා රටේ ආරක්ෂාව ගැන සිතනවාන නම් ආරක්ෂක අංශ සාමාජිකයන් සහ බුද්ධි අංශ නිලධාරීන් දේශපාලන අරමුණුවලට යොදා නොගන්නා ලෙසත්, ඔවුන් ඔවුන්ගේ රාජකාරියට පමණක් සීමා කළ යුතු බවත් ප‍්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය. ආණ්ඩුව එවැනි තැනකට පැමිණෙනවා නම් බුද්ධි අංශ නිලධාරීන්ගේ සහ ආරක්ෂක අංශ නිලධාරීන්ගේ නම් ගම් අනවශ්‍ය තැන්වලදී නොකියවෙන බවත්, එවැනි තත්ත්වයක් තුළ බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ නම් ගම් හෙලිවේ යැයි බියක් ඇති නොවන බවත් ඔහු පවසා සිටියේය. 

‘අද’ පුවත්පත ඇසුරෙන්

0 comments:

Post a Comment