Thursday, June 19, 2014

නාමල්, ජපුරෙන් ආචාර්‍ය උපාධිය ගන්නේ මොන සුදුසුකම් මතද?

ජනාධිපති මහින්ද රාජපක්ෂගෙ වැඩිමහල් පුත්‍රයා වන නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ දිනවල ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිය ආචාර්‍ය උපාධිය සඳහා වැඩ කටයුතු සිදුකරගෙන යනු ලබන බවට වාර්තා වේ.

එනමුත් වාර්තාවන අන්දමට නාමල් රාජපක්සහ මන්ත්‍රීවරයා ජපුර සරසවියේ ආචාර්‍ය උපාධියක් හැදෑරීම සඳහා අවශ්‍යකරන මූලික සුදුසුකම් හෝ සම්පූර්ණ කර නොමැත.

ඔහු සිය ආචාර්‍ය උපාධිය දේශපාලන විද්‍යාව හා අපරාධ විද්‍යාව යන විශය ආශ්‍රිතව සිදුකිරීමට නියමිත බවට විශ්ව විද්‍යාල ආරංචි මාර්ග පවසා සිටී.

මෙහිදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඔහු සඳහා විශේෂයෙන් ම සූදානම් කරන ලද MAQ විභාගයක් සඳහා මූලිකව පෙනී සිට ඇති අතර එය අචාර්ය උපාධිය සඳා අවශ්‍ය වන මූලික සුදුසු කමකි.

මීට පෙර ද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විභාග වලට පෙනී සිටීමේ දී නාමල් රාජපක්ස මන්ත්‍රීවරයාට වෙනමම කාමරයක් හා අන්තර්ජාල පහසුකම් සහිත පරිඝනකයක් ලබාදී තිබූ බවට ඔහු සමග නීති විද්‍යාලයේ උගත් තුෂාර ජයරත්න මහතා ප්‍රසිද්ධියේ චෝදනා කර තිබිණි.

නාමල් රාජපක්ෂ මංත්‍රීවරයාගේ ආචාර්ය නිබන්ධනයේ එක් අධීක්ෂකවරයකු වන්නේ ජපුර සරසවියේ උපකුලපතිවරයා යි. වාර්තාවන අන්දමට ඔහුද මේ දිනවලදී සේවා දිගුවක් බලාපොරොත්තුව සිටින්නෙකි. නිබන්ධනයේ අනෙක් අධීක්ෂකයා වන අපරාධ වි‍යා අංශයේ ප්‍රධානියා ද විශ්ව විද්‍යාල පද්ධතියේ උසස් තනතුරු අපේක්ෂාවෙන් පසුවන්නකු බවට වාර්තා වී ඇත.

එමෙන්ම රාජපක්ෂ මහතාගේ මූලික උපාධිය මෙම ආචාර්ය උපාධිය හැදෑරීම සඳහා ප්‍රමාණවත් නොවන බව ද වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.

නාමල් රාජපක්ෂ මහතා ගල්කිස්ස ශා.තෝමස් විද්‍යාලයෙන් සිය පාසල් අධ්‍යාපනය ලබා පසුව එංගලන්තයේ City University London. විශ්ව විද්‍යාලයෙන් 2009 වසරේ දී නීතිය පිලිබඳ තෙවන පංතියේ උපාධියක් ලබා ගත් අයෙකි.

- කොලොම්බෝ ටෙලිග්‍රාෆ් ඇසුරින්

0 comments:

Post a Comment