Monday, May 23, 2016

චන්දන ඇයි මේ?

University of Kalaniya
මේ දින වල ශිෂ්‍ය ව්‍යාපාරය ඉලක්ක කරගනිමින් බරපතල චෝදනාවක් එල්ල වෙමින් පවතී. ඒ නවකවදය සම්බන්දයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ සිදු වුව යැයි විශ්වවිද්‍යාල පරිපාලන මැදිහත් වී නිර්මාණය කර ඇති සිද්දියක් පදනම් කරගෙනය. මේ සම්බන්දයෙන් විවිද සාකච්චා සංවාද ඇති වූ අතර පසුගිය 19 දින ස්වාදීන රුපවාහිනියේ විකාශය වූ ගිරය සාකච්චාමය වැඩසටහනද ඉන් එකකි. මේ සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පිඨයේ හා සමාජ විද්‍යා පීඨ වල පිටධිපති වරුන් කැලණිය ආචාර්ය සංගමයේ සභාපති සහ කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය වරියක් සම්බන්ද විය. 

මෙහිදී විශේෂයෙන් මතු කරන ලද කරුණක් වන්නේ නවකවද සිද්දීන් සිදුවීම වැලක්වීමට නොහැකිවීමට හේතුව ශිෂ්‍ය ව්‍යාපාරයේ දේශපාලන නායකත්වයේ දුර්වලතාවයක් බවය. මෙම චෝදනාව පසුගිය කාලය පුරාවටම විවිද අවස්ථාවල එල්ල විය. ජනතා විමුක්ති පෙරමුණේ නියමුවා පුවත්පතට සාකච්චාවක් ලබා දෙමින් සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක සහෝදරයා ශිෂ්‍ය ව්‍යාපාරයේ දේශපාලන නායකත්වය දුර්වල බවත් එය වෙනස් විය යුතු බවත් සඳහන් කර තිබේ. සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ගිනිසිළුව පුවත්පතේද එම චෝදනාව එල්ල කර තිබිණි. එමෙන්ම විවිද නම් වලින් සදා ඇති ව්‍යාජ ෆේස් බුක් ගිණුම් හරහාද මෙය ප්‍රචාරය කිරීමට ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරුන් කටයුතු කරනු පෙනෙන්නට තිබුන. මෙම පියවරෙහි තවත් පියවරක් ලෙස කැලණිය විශ්වවිද්‍යාලය තුල නවකවද සිද්දියක් නිර්මාණය කරමින් එයට සෘජුවම විශ්වවිද්‍යාල පරිපාලනය මැදිහත් වෙමින් මෙම තත්වයට හේතුව ශිෂ්‍ය ව්‍යාපාරයේ දේශපාලන නායකත්වයේ දුර්වලතාවය බව ප්‍රකාශ කිරීම දක්වා සිදුවීම් පෙළ ඉතා සංවිධානාත්මකව සිදු වූ බව ඉතා පැහැදිලිව පෙනී යයි. 

කැලණිය විශ්වවිද්‍යාලය තුල නවකවද සිද්දියක් පිලිබඳ කතාවක් ඇතිකරන්නට සහ එයට එරෙහිව සිසුන්ට දඩුවම් කිරීමට කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පිඨයේ පිටාධිපති චන්දන අබේරත්න මහතා මැදිහත් වේ. මෙම කතාවෙහි ප්‍රධාන චරිත අතරින් එකක් ඔහුටද හිමිවේ. 2015 වසරේ ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික ශිෂ්‍ය වීර දිනයේ ප්‍රධාන දේශනය පවත්වන්නේද චන්දන අබේරත්නමය. ඒ අනුව කැලණිය නවක වැඩ සිද්දියක් ගොතා ඒ හරහා ශිෂ්‍ය ව්‍යාපාරයේ දේශපාලන නායකත්වය දුර්වල බව සමාජයට ඒත්තු ගැන්වීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ මැදිහත් වී සිදුකරන ව්‍යාපෘතියක් බව පැහැදිලි වේ.


0 comments:

Post a Comment