Friday, January 9, 2015

අවසානයේ ගෝඨා දියත් කිරීමට ගිය මෙහෙයුම මෙන්න

ගෝඨාභය රාජපක්ෂ තම මිලිටරි යාන්ත්‍රණය දියත් කොට ක්‍රියාත්මක කිරීමට ගිය විශාල විනාශකාරී මෙහෙයුමක් පිළිබදව තොරතුරු වාර්තාවේ.

ඊයේ (08) මධ්‍යම රාත්‍රිය වන විට සියලු ඡන්ද මධ්‍යස්ථාන වටලා බල ඇණි ශක්තිමත් කොට දැවැන්ත ඡන්ද මංකොල්ලයක් සිදුකිරීමට උත්සාහ කළ ගෝඨාභය රාජක්ෂ ජනමතය ඉවතලා බලයෙන් රට මිලිටරී කරණයට තල්ලු කිරීමට තුච්ඡ උත්සාහයක නිරත වී ඇති බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කර සිටී.

මෙම මෙහෙයුම සදහා කොමාණ්ඩෝ බල ඇණි විශාල ප්‍රමාණයක් යොදාගැනීමට සැලසුම් කළ බවත් මැතිවරණ කොමසාරිස්වරයාගේ මැදිහත්වීමෙන් මේ බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහට දැනුම් දීමෙන් අනතුරුව ඔහු විසින් ජාත්‍යන්තරය දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබ ඇත.

එසේම මේ බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් වහා ජනමතයට හිස නමා ධුරයෙන් ඉවත් වන ලෙසට මහින්ද රාජපක්ෂට කළ දැනුම්දීමෙන් අනතුරුව අරලියගහ මන්දිරයෙන්ඉවත්ව යාමට කටයුතු කොට ඇති බවද අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර සිටියේය.

0 comments:

Post a Comment