Thursday, January 8, 2015

නිදහස් පක්ෂ නායකත්වයේ දිගටම ඉන්නවා - ජනපති

කිසිදු ගැටුමක් ඇති කර නොගෙන සාමකාමීව ක්‍රියාකරන මෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ගෙන් ඉල්ලීමක් කළේ ය.

කොළඹ ජනාධිපති කාර්යාලයේ දී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් අමතමින් ජනාධිපතිවරයා අද පෙරවරුවේ මෙම ඉල්ලීම සිදු කර සිටියේ ය.

නව ජනාධිපතිවරයාගේ සියළු යහපත් ක්‍රියාවන්ට සහයෝගය දක්වන බව සඳහන් කළ ඔහු පදවියෙන් ඉවත්ව යන ජනාධිපතිවරයා, තමන් එකඟ නොවන වැඩසටහන් පමණක් විවේචනය කරන බවත් සඳහන් ප්‍රකාශ කළේ ය.

ජනපති පදවියෙන් ඉවත්වුවත් තමන් දිගටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයේ රැඳී සිටින බවයි ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසන්නේ.

ජනාධිපතිවරයා රැස්වීම අමතද්දී, බොහෝ ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් කඳුළු සැලූ බවද වාර්තා වේ.

මන්ත්‍රීවරුන්ගේ රැස්වීමෙන් අනතුරුව ඔහු ජනපති මන්දිරයේ කාර්ය මණ්ඩලයද ඇමතීය.

0 comments:

Post a Comment