Sunday, April 27, 2014

රගර් ක‍්‍රීඩකයන්ටත් ගිනි අවි පුහුණුවක්

විශ්වවිද්‍යාල සිසුන්ට විදුහල්පතිවරුන්ට පාසල් ගුරුවරුන්ට හා රජයේ සේවකයන්ට හමුදා පුහුණුව දීමෙන් වාර්තා පිහිටු වූ වත්මන් ආණ්ඩුව ක‍්‍රීඩකයන් සඳහා ද හමුදා පුහුණුවක් ලබා දී තිබේ.

මෙතෙක් කල් ඉලක්කයට වෙඩි තැබීමේ ක‍්‍රීඩා ඉසව්වේ හැර වෙනත් කිසිදු ක‍්‍රීඩා ඉසව්වක ක‍්‍රීඩකයන්ට ගිනි අවි පුහුණුවක් ලබා දුන්නේ නැත. නමුත් පසුගියදා ශ‍්‍රී ලංකා රගර් සංචිතයේ ක‍්‍රීඩකයන්ට ත‍්‍රිකුණාමල නාවුක හමුදා කඳවුරේ දී හමුදා පුහුණුවක් ලබා දී ඇති අතර එහිදී විශේෂ ගිනි අවි පුහුණුවක්ද ලබා දී ඇති බව වාර්තා වේ.

රටවල් පහක් සහභාගි වන ආසියානු චැම්පියන් රගර් ශූරතාවලිය ලබන සතියේ ආරම්භ වන අතර ක‍්‍රීඩකයන්ට අවි පුහුණුව ලබා දී ඇත්තේ එම ශූරතා තරගාවලියට කෙටි කලක් ඉතිරිව තිබියදීය.

0 comments:

Post a Comment