මැතිවරණ කොමිසමක් පිහිටුවීම සම්බන්ධයෙන් තමා තුළ විරෝධයක් නැතැයි ද, මැතිවරණ කොමිසමක් පවතින්නේ නම් සිය කාර්යය වඩාත් පහසුවෙන් ඉටු කළ හැකි බව ද මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි. දේශප%ිය මහතා මේ බව පවසා ඇත්තේ අද (02) උදෑසන මැතිවරණ දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදීය.
වැඩිදුරටත් කරැණු දක්වා ඇති මැතිවරණ කොමසාරිස්වයා “සාමාජිකයකයන් එක් අයකුට වඩා වැඩි කොමිසමක් නම් වඩාත් හොඳයි. මැතිවරණ කොමිසමක් ඇත්නම් සමහර කරුණු වලට තනිවම මුහුණ දෙන්න වෙන්නේ නැහැ.”යනුවෙන් පවසා ඇත.
කෙසේ වෙතත් පැවැති බස්නාහිර මැතිවරණ පූර්ව ප්රචාරක සමයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක උදය ගම්මන්පිල මහතාගේ දේශපාලන වේදිකාවක රාජ්‍ය නිලධාරියෙකු වූ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අදහස් දැක්වීම සම්බන්ධයෙන් විපක්ෂය විසින් මැතිවරණ කොමසාරිස්වරයාට සිය විරෝධය දැක්වූ අවස්ථාවේදී එය සිදු නොවිය යුතු ක්‍රියාවක් බවට මැතිවරණ කොමසාරිස්වරයා විසින් ප්‍රකාශ කෙරිණි. මෙම ප්‍රකාශය සමග දේශපාලන බලවතුන්ගේ දැඩි උදහසට ලක්ව ඇති මැතිවරණ කොමසාරිස්වරයා අදාල තනතුරින් ඉවත් කිරීමේ උත්සහයක් බවතින බවත්, එම ක්‍රියාවලියට විරෝධය දැක්වීමේ අවස්ථාක් ලෙස ඉහත ප්‍රකාශය ඔහු විසින් සිදු කළ බවත් මැතිවරණ කාර්යාල අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
0 comments:
Post a Comment